IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘ඉන්ධන දීමනාවත් අරන් දෙපාර්තමේන්තුවේ වාහන වලින් ගමන් යනවාලු‘

(බිඟුන් මේනක ගමගේ )
 

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රැසක් රජයෙන් ලබාදෙන ඉන්ධන දීමනාවද ලබාගෙන දෙපාර්තමේන්තුව සතු වාහන යොදා ගනිමින් රාජකාරී මෙන්ම පෞද්ගලික ගමන් බිමන් පහසුකම් සලසා ගන්නේ යැයි ද ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලමින් දුම්රිය වෘත්තිය සමිති සන්ධානය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අද (17) පැමිණිල්ලක් කර ඇත.

රාජකාරී කටයුතු සඳහා වාහනයක් ලබාදිය නොහැකි අවස්ථාවල දී තමන්ගේ පෞද්ගලික වාහනය පාවිචිචි කිරීම සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2009 අනුව ඉන්ධන දීමනාවක් ගෙවන නමුත් එසේ ඉන්ධන දීමනාව ලබාගත් මෙම නිලධාරීන් පිරිස වසරකට එක් දිනයක් හෝ රාජකාරී කටයුතු සඳහා සේවා ස්ථානයට පැමිණ නැතැයි ඔවුන් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ඉන්ධන දීමනාව ලබාගෙන, දෙපාර්තමේන්තු වාහන වලින් ප්‍රවාහන පහසුකම් ලබාගන්නා නිලධාරීන් අතර,  පරිපාලන අධ්‍යක්ෂවරයා සිටින්නේ යැයි ද  WP-CAG    -3228 දරණ මෝටර් රථය වෙනුවෙන් මසකට රුපියල් 61000.00 ක මුදලක් 2017 ජූනි මාසයේ සිට  මේ දක්වා ලබාගෙන ඇතැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානය චෝදනා කර ඇත. 

දුම්රිය සාමාන්‍යාධිකාරී (පරිපාලන)  KG     - 3328 මෝටර් රථය වෙනුවෙන් මසකට රුපියල් 61000.00 ක මුදලක් 2017 වසරේ සිටද, අංක 250-0578 දරණ වාහනය සඳහා 2013 ජූනි මාසයේ සිට රුපියල් 61000.00 විගණන අංශ ප්‍රධාන විසින් ද 2019 අවසාන භාගයේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන ඇති අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි (පරිපාලන) ලෙස කටයුතු කළ නිලධාරිනිය  K H -7202 අංක දරණ වාහනය වෙනුවෙන් 2017 වර්ෂයේ සිට මාසිකව 61000.00 ක මුදලක් ද මෙසේ ලබාගෙන ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වේ. 

මේ ආකාරයට විනය පාලන බලතල ක්‍රියාත්මක කරන නිලධාරීන් රැසක් මහජන මුදල් වංචා කිරීම්වල නිරත වන්නේ යැයි ද දුම්රිය සේවකයෙකුගෙන් සිදුවන සුළු වරදක් වුවද පලමු උපලේඛණ ගත වරදක් ලෙස සලකා චෝදනා පත්‍ර නිකුත් කරන මෙම නිලධාරින් සම්බන්ධයෙන් ද නීතිය එක සේ ක්‍රියාවේ යොදන ලෙස ඉල්ලාසිටින්නේ යැයි ද එහි සඳහන් වේ. 

ආයතන සංග්‍රහයේ  XLVIII     පරිච්ජේදයේ 31:1:7 අනුව රජයේ මුදල් සාවද්‍ය ලෙස හෝ අයථා ලෙස හෝ පරිහරණය කිරීම හෝ වෙනත් අයෙකුට එසේ කිරීමට ඉඩ සැලසීම බරපතල විෂමාචාරයක් යැයි ද රජයේ මුදල් වංචා සහගතව පරිහරණය කිරීම මත ආයතන සංග්‍රහයේ  XLVIII     පරිච්ජේදයේ 31:5 අනුව විනයානුකූල කටයුතු කළ හැකි යැයි ද දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.
 
එහෙත් දුම්රිය ඉහල නිලධාරීන් එවැනි විනය විරෝධී කටයුතු වල යෙදුණු විට සේවය පවත්වාගෙන යාමට බාධාවේ යැයි පෙන්වා වැඩ තහනම් නොකර අමාත්‍ය මණ්ඩල තීන්දු අනුව සේවයේ යෙදෙන අවස්ථා ඇතැයි ද එය ඉතාමත් නරක පූර්වාදර්ශයක් යැයි ද එහි සඳහන් වේ. 

එනිසා මෙම සිදුවීම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකොට වහාම පරීක්ෂණයක් පවත්වා අදාල නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා ලෙස රාජ්‍ය සේවා කොමිසමෙන් ඉල්ලා සිටින්නේ යැයි වැඩිදුරටත් එහි සඳහන් වේ. 
 



අදහස් (7)

‘ඉන්ධන දීමනාවත් අරන් දෙපාර්තමේන්තුවේ වාහන වලින් ගමන් යනවාලු‘

saradiyel Monday, 17 February 2020 01:25 PM

මේ මොන ලෝක අපරාදයක්ද? නිකරුණේ ලක්ෂ ගනන් පඩි ගන්නව මදිවට කරනන දේවල්. මිනිස්සු බිල්ලට දීල වත ස්ට්‍රියික් කරනවා පඩි මදිකියල. කුඩු කාරයන්ට කලින් මේ හොරු එල්ලන්න ඕනේ.

:       0       33

sachith Monday, 17 February 2020 02:39 PM

හවසට නිලනිවසට යන්න නුවර ඉදල කෝච්චි අරන් ගියපු නිලධාරීන් ඉන්න දෙපාර්තමේන්තුවක මේවා එච්චර ලොකු දේවල් නෙවෙයි. උඩ ඉදල යටටම කිසිම වැඩක් කරන්නේ නැතුව පින් පඩි ගන්න කට්ටිය ඉන්නෙ,‍ෙ

:       0       2

ධම්ම Monday, 17 February 2020 02:59 PM

අද මා දැක්කා මගේ ගෙදර ඉදිරිපිට ඇති ඉංගිරිසි පන්තියට දරුවෙක් ගෙනත් ඇරලුවේ රාජ්‍ය ලාංජනය සහිත කාරයකින්. දරුවාගේ පන්තිය ඉවරවෙනතුරු කාරය ඒසී දමාගෙන පණගන්වා තිබුනේ.

:       0       2

SL Monday, 17 February 2020 03:01 PM

ඇමතිලත්/ එහෙමනේ කාර් පර්මිට් එකක් ලැබිලත් අමාත්‍යංශයට ඇමතිට කියල වෙනම වාහනයක් ගන්නවා...ඒකට කෝටිගානක් වියදම් කරා කියල ගිය සතිවල කතා වුනෙත්. මුන් ඔක්කොම හොරු වුනහම රටක් හැදෙයි ද ?

:       0       5

wikcy Monday, 17 February 2020 04:42 PM

ඇයි දන්නේ නැහැ වෙලාවට යන දුම්රියේම මෙයලටත් යන්න. ලොකු පුටු වලට වෙලා කොමිස් කුට්ටි දිහා බලනවා හැරෙන්න වෙන වැඩක් නම් කරනවා කියලා හිතන්න අමාරුයි. කාර්යාල වෙලාවල් වල වෙලාවට ගිය එක දුම්රියක් තියෙනවනම් මෙයාලට මේ දීමනා දුන්නට ප්‍රශ්නයක් නැහැ තමන්ගේ රාජකාරි නොකර ඇමතියට ලොකු කම පෙන්වන්න වැඩ කරලා මගීන්ව අමාරුවේ දාන මෙයාලට ඉතින්දෙයියන්ගේම පිහිටයි.

:       0       1

Magiya Tuesday, 18 February 2020 03:19 AM

ඔය එක්කෙනෙක්ට සවස වැඩ නිමවී ගෙදර යන්න සවස 5.10 ට මහනුවරට සීග්‍රගාමී දුම්රියක් දමාගෙන ඇති බව දන්නෝ දනිති. එසේම පසුදින උදැසන එම දුම්රිය අනිකුත් කාර්යාල දුම්රියන් මග නවතා හෝ 7.05 -7.20 අතර මරදානට ලගාවෙති. මෙවැනි අය පලවා හැරීමට මගීන් වන අප 100% එකගය.

:       0       25

andaree Tuesday, 18 February 2020 05:19 AM

එතකොට ඇමති / මන්ත්‍රි බිරිද දරුවන් යන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 141 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 302 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1306 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 181 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 393 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 352 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site