IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉන්දියා විදේශ ඇමැතිගෙන් තමිල්නාඩු ධීවරයන්ට දොස්

තිළිණි ද සිල්වා

ශ්‍රී ලංකා  ආරක්ෂක අංශ විසින් දේශසීමාව පසුකරන ඉන්දීය ධීවරයින් නිකරුණේ අත්අඩංගුවට නොගන්නා බව ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය සඳහන් කර ඇතැයි ඉන්දියාවේ පළවන ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අද (16) වාර්තා කළේය.

ඉන්දීය ලෝක් සභාවේ හිටපු මන්ත්‍රී එම්.රාම්දාස් මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීම සදහා මැදිහත් වන ලෙසට යොමුකර තිබූ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර ඇතැයි එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී අන්දමින් මසුන් මැරීම සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ ධීවර යාත්‍රා 2ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව යාපනයේ පිහිටි ඉන්දීය කොන්සියුලර් කාර්යාලය තහවුරු කළ බවද සුෂ්මා ස්වරාජ් මහත්මිය පෙන්වා දේ.

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී අන්දමින් මසුන් මැරීම සම්බන්ධයෙන් තමා කණගාටු වන බවත් , දිගින් දිගටම මෙලෙස ඉන්දීය ධීවරයින් ශ්‍රී ලාංකික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වුවහොත්, රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග හරහා ඔවුන් නිදහස් කර ගැනීම දුෂ්කර කාර්යයක් වනු ඇති බවත් ඇය සදහන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.



අදහස් (8)

ඉන්දියා විදේශ ඇමැතිගෙන් තමිල්නාඩු ධීවරයන්ට දොස්

palitha Sunday, 16 July 2017 04:58 PM

අන්න ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ඇත්තටම කරන දේ ගැන ඉන්දීය විදේශ ඇමතිනිය කරන ලද නිර්භීත ප්‍රකාශයක්. ඇත්ත කීම හා සිදුවන දේ පිලිගැනිම ගැන ඔබතුමියට ස්තූතියි

:       0       232

අනුර ශ්‍රී වික්‍රමසිංහ Sunday, 16 July 2017 05:51 PM

මෙය ශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ට ජයක්. නිවැරදි සාධාරණ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ඉන්දීය රජයත් අපට පක්ෂව කතා කරනවා. අගමැති රනිල් සහ හිටපු විදේශ ඇමති මංගල වැනි අයට මගේ ගෞරවය. චන්ඩි කතා, දේශප්‍රේමී කතා වේදිකාවල කිය කියා මෝඩ මිනිසුන් මෝඩයා කරපු හිටපු පාලකයන් තවම හිටියා නම් කච්චතිව් දූපතත් මේ වෙනකොට ඉන්දියාව අපෙන් අරගෙන ඉවරයි.

:       910       657

naveen Monday, 17 July 2017 03:33 AM

ඉන්දියාවේත් කොන්ද කෙලින් තියෙන අය ඉන්නවා වගෙඉ...

:       0       61

Madushanka C Monday, 17 July 2017 03:40 AM

ඉන්දියාවේත් යමක් තේරුම් ගන්න පුළුවන් නායකයොත් එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවා එහෙනං...

:       0       66

asanga Monday, 17 July 2017 05:12 AM

අවසානයට තේරුම් ගත්තෙක ලොකුදෙයක්.

:       0       44

Senarath Monday, 17 July 2017 07:38 AM

මෙතුමියට මගේ ප්‍රණාමය ඇත්ත කතාකිරීම ගැන. අද තාක්ෂණයෙන් මේ අත්අඩංගුවට ගැනීම් වැරදිද? නිවැරදිද? කියලා ලෙහෙසියෙන් දැනගන්න පුළුවන්. රනිල් හිතන විදියට කලින් පාලකයා හිටියා නම් කච්චතිව් දූපතත් අපිට නැතිවෙලා. එත් අපිට දැනෙන විදියට නම් කලින් පාලකයා නොහිටියා නම් අපිට ලංකාවම නැතිවෙලා මේ වෙනකොට....

:       86       594

prabash Monday, 17 July 2017 08:45 AM

ලංකාවේත් මේ වගේ නායකයෝ බිහි වෙන්න ඕනෑ...

:       0       13

Nandalal DE SILVA - France Tuesday, 18 July 2017 08:11 AM

හිටපු තමිල්නාඩු මහා ඇමතිනි ජයලලිතාට වගේ මසුන් මරණ බෝට්ටු ඉන්දියා විදේශ ඇමැතිට නැති බව මින් පේනවා. ජයලලිතා මහත්මිය සිය ධීවර බෝට්ටු නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු කලාපයට එවා, ඒ අයගේ ධීවරයන් අපේ නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත්විට කෑ ගහන්න ගත්තා. ඉන්දීය මහරජයට පැමිණිලි කළා ශ්‍රී ලංකාවට එරෙහිව යුද්ධ කිරීම සඳහා! දැන් තිබෙන තත්වය අනුව, ඉන්දීය මසුන් මරන්නන් අපේ මුහුදු සීමා "ආක්‍රමණය" කිරීමට එවන්නේ නැත්නම් මොකද්ද තියෙන ප්‍රශ්නය? ශ්‍රී ලංකා මුහුදු තීරය රැක ගැනීමට අපේ නාවික හමුදාව ඇප කැපවී සිටින බව ඉන්දීය විදේශ ඇමතිණිය තේරුම් ගෙන තිබෙනවා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 29 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 50 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 192 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 146 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 583 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 458 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site