IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඉන්දියා රජයට ශ්‍රී ලංකාව පිළිබඳ අවබෝධයක් නෑ

වත්මන් ඉන්දීය රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන බවත් , මේ හේතුවෙන් අගමැති මෝදි මහතාගේ  රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වෙනස් ආකාරයකින් කටයුතු කරන්නේ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත. 
 
ඉන්දියාවේ  “ද ඉන්දියන් එක්ස්ප්‍රස්” පුවත් ආයතනය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත.
 
ඉන්දීය කොංග්‍රස් රජය පැවති සමයේ සිය රජය සමඟ හොඳ අවබෝධයකින් කටයුතු කළ බව පවසන ගෝඨාභය රාජපක්ෂ මහතා එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීම සඳහා ද එම රජයේ සම්පූර්ණ සහය හිමිවූ බව ද ප්‍රකාශ කර තිබේ. 

ශ්‍රී ලංකාව චීනයට සමීප වීම සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී  ලංකාව  ඉන්දියාවට එරෙහිව කටයුතු කිරීම සඳහා යොදා ගැනීමට පැවති රජය කිසිඳු අවස්ථාවක ඉඩ ලබානොදුන් බවයි. 
 
යුද සමයේ සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව ද එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසා තිබේ. 
ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ සිය හෘද සාක්ෂියට අනුව තමන් කිසිඳු වැරදි දෙයක් සිදුනොකළ බවයි. 
 
කුමන රටක ඇති වූවද යුද්ධය යනු හොඳ දෙයක් නොවන බව පවසන හිටපු ආරක්ෂක ලේකම්වරයා තමන් යුද්ධය ඇති කිරීමට නොව යුද්ධය අවසන් කිරීමට ක්‍රියා කළ බව ප්‍රකාශ කර ඇත. 
 
යුද්ධයක් අවසන් කිරීම පහසු කටයුත්තක් නොවන අතර ත්‍රස්තවාදය හේතුවෙන් හමුදා සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන්ද මියයන බව සඳහන් කර තිබේ.

(125)



අදහස් (17)

ඉන්දියා රජයට ශ්‍රී ලංකාව පිළිබඳ අවබෝධයක් නෑ

erdi Sunday, 25 March 2018 12:39 PM

හෘද සාක්ෂියට අනුවම වැඩ කරන්න තමා අයෙත් දත කන්නේ. මෙයාද දැන් ලංකාවේ ඉන්න විශ්ලේෂකයා. මෙයා මොකටද පත්තර වලින් අපට බණ කියන්නේ. යුද්දෙ කරන්න බයට ඇමරිකාවට පැනලා එහෙ පුරවැසියෙක් වෙලා අයියා ජනපති වුනාට වීරයෙක් වුණු අනුකම්පාවන් විරහිතව අහිංසකයින් ඝාතනය කරන්න අණ දුන්නෙක්.

:       4193       2418

GihanSunday, 25 March 2018 04:16 PM

අනේ අහිංසක පින්වත් කොටි මහත්වරු මියගියාට දුකයිද එර්දි අම්බරුවානනි?

:       39       12

Chanak Los angelesMonday, 26 March 2018 07:10 AM

හෙන්දාවිතාරණ දන්නවා වැඩිපුරම එලොව යැව්වේ මොන පුද්ගලයන්ද කියා?

:       0       1

ShanMonday, 26 March 2018 06:17 AM

හරියට හරි. මේ මොන මිනිහෙක්ද කයිවාරු ගහන්න? සරත් ෆොන්සේකා ඇතුළු පිරිසයි යුද්ධය කළේ... මෙයයි අයියයි ලකුණු දා ගත්තා මැදට පැනලා...

:       31       2

naradha Sunday, 25 March 2018 01:01 PM

ලංකාව අද චීනයට ලං වී තිබෙන්නේ, ට්‍රිලියන 11ක්වූ දැවැන්ත ආර්ථිකයක් වන චීනයෙන් ණය ලබා ගැනීමටයි. එවැනි දෙයක් හැර, ලංකාව වැනි කුඩා රටකට ඉන්දියාව, චීනය හෝ වෙනත් රටකට "එරෙහිව" ක්‍රියා කිරීමේ ශක්තියක් නොමැත.

:       7       72

sirimal Sunday, 25 March 2018 01:01 PM

අපොයි ඔව්. මෝදිට උපදෙස් දෙන්න මෙහෙන් කට්ටියක් යවන්න තමා තියෙන්නේ. ඇඟපත තිබුණාට එහෙ ඉන්නේ හරි මැට්ටෝ. ඒ ගොල්ලන් අපි ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. කරන්න තියෙන්නේ මේකයි අායිබෝවන්. මෝදි යටතේ අපි හැදුවා වගේ ‘සන්නද්ධ බුද්ධි ඒකකයක්‘ එහෙම හදලා රාජ්‍ය ආරක්ෂාව කියා බුද්ධි මණ්ඩලයක් නැතුව තනි අතේ දේශපාලන දඩයම් කරන ආකාරය, එවැනි කටයුතු ගැන ලියපු කට්ටිය ඇඟට නොදැනී අන්තර්ධාන කරන ආකාරය තමන්ගේ කල්කිරියාව සම්බන්ධ අවුලක් නොව ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් කියා ඔප්පු කරපු විශිෂ්ඨ ආකාරය, එතකොට තමන්ගේ පව් බිම් මට්ටමේ සාමාජිකයන්ගේ කර පිටින් යවන ආකාරය සී.අයි.ඒ., මොසාඩ්, රෝ, එම්.අයි. 6 වගේ අන්තර් ජාතික බුද්ධිඅංශ වලවත් නැති උපායශීලි ක්‍රමවේද ඉන්දියාවේ මැට්ටන්ටත් කියල දෙන්නයි තියෙන්නේ. එතකොට ඒ ගොල්ලෝ ආයේ ගමනක් ගුවනෙන් ඇවිත් පරිප්පු මලු දාන එකක් නැහැ.

:       444       332

laksman Sunday, 25 March 2018 01:04 PM

සහතික ඇත්ත.. ලංකාව වගේ 60 ගුණයක් තරම් විශාල ඉන්දියාවේ පළාත් සභා තිබෙන නිසා මෙහෙත් පළාත් සභා පිහිටුවන්න බලකලේ ඔවුන්ට අපේ රට ගැන අවබෝධයක් නැති නිසා තමයි.

:       21       446

සතයපාල Sunday, 25 March 2018 01:28 PM

ඉන්දියාව වගේ රටවල් තමන්ගේ ජාතික ප්‍රතිපත්ති බලයට පත්වන දේශපාලකයින්ට අනුව වෙනස් නොවන බවට හා නොකරන බවවත් මෙයා දන්නේ නැද්ද? ලංකාව සම්බන්ධයෙන් මෝදි අනුගමනය කරන්නේ තමන්ගේ කැමැත්ත හෝ අකමැත්ත නොවේ. ඉන්දියාවේ ආරක්ෂක හා විදේශිය ප්‍රතිපත්ති අනුව සැකසුණු ක්‍රියාමාර්ග බවට අනිවාර්ය කරුණක් වේ.

:       78       121

Rohitha Sunday, 25 March 2018 01:33 PM

දුමින්ද සිල්වා ආරක්ෂක අමාත්‍යාංශයේ තනතුරක් දරන්න සුදුසුකම් නැතිව දරද්දී ඔබතුමාට අවබෝධයක් තිබුණද? යුද්ධය තියන කාලේ යුද්දෙට බයෙන් ඇමරිකාවේ ගිහින් පාස්පෝර්ට් ගද්දී තිබ්බද ඔය අවබෝධය? අපේ මිනිසුන්ට තවම තේරෙන්නේ නැහැ මෙහෙ හැමෝම බල ලොභියෝ කියලා. ඔය ඉන්න කවුරුත් ෆීල්ඩ් එකේ යුද්ධ කළේ නැහැ. තනියම දුන්නත් යුද්ධ කරන්නෙත් නැහැ. එ්ත් යුද්ධය විකුණගෙන කන්න නම් හොඳට දන්නවා. හැමදාම අපි එකම තැන.. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. බුදුසරණයි.

:       893       1118

ranavi Sunday, 25 March 2018 02:09 PM

ඉස්සර අයියට රටේ බලය තියෙද්දී මිනිහෙකුට කතා කරන්නවත් නිදහසක් මේ අය පාරේ යද්දී අපව කණුවට වැටුණු යුගය අමතක නෑ. වතුර, තෙල් වෙනුවට උණ්ඩය සලකපු එක මිනිස්සුන්ට අමතක නෑ. මේ අයද අද රට ගැන කතා කරන්නේ?

:       877       672

NIRESH Sunday, 25 March 2018 04:21 PM

අමෙ මහත්තය කොහේ ඉදලද ආවේ. මෙටිකේ ඇමෙරිකාවේ රස්නේද මෙහෙට ආවේ.

:       0       9

Saman Sunday, 25 March 2018 05:01 PM

ඇත්ත, ඇත්ත..'රෝ' එකට කියල දෙන්න තමන්ට විරුද්ධ වෙන අයට ලසන්තට වගේ ගහල දාන හැටි... මහ ලොකු ටෝක් දෙනව පිටරට පත්තරවලට, මෙහේ බය ගුල්ල වගේ උසාවි යනව අත් අඩංගුවට ගන්න එක වලක්වන්න තහනම් නියෝග ගන්න.

:       0       9

deshamamaka Sunday, 25 March 2018 05:12 PM

අනේ මට මතක් වෙන්නේ ඇවිදලා ගෙදර එන්න ෂුවර් නැති කාලේ!!.අම්ම තාත්ත වෙන වෙනම පාරේ ගිය කාලේ!! එමොකද මළොත් ළමයි අනත වෙනවා. දැන් මොකුත් මතක නැහැ.ඒ වුනාට රට්ටුන්ට මතකයි.පහුගිය චන්දෙ ප්‍රති පල බලුවහහම පේනවා.

:       43       3

Kumar Sunday, 25 March 2018 07:45 PM

ඇමෙරිකාවේ විශ්ව විදියාලයක පරිගණක අංශය පාලනය කරලා කොහොමද විදේශ සුම්බදතා ගැන මොළ කාරයෙක් වෙන්නේ.

:       0       15

වික්‍රම Sunday, 25 March 2018 09:37 PM

මේ මනුස්සයට ගරහමින් මෙතන අදහස් පල කරන අය දැක්කම , කොයිතරම් ගුණමකු මිනිස්සු ඉන්න ජාතියක්ද කියල හිතෙනවා.යුද්දයේදී මෙතුමාගේ කාර්යබාරය ටිකක් අමතක කරමු.කුණු ටික ඇදගන්න බැරි , පාතාලේ මර්දනය කරගන්න බැරි , මෙලෝ වැඩක් හරියට කර ගන්න බැරි මේ ආණ්ඩුව එක්ක බලන කොට මෙතුමා කරපු වැඩවලට කිට්ටු කරන්නවත් පුලුවන්ද. ඔය මෙතුමා අතුරුදහන් කෙරුවයි කියන මිනිස්සුන්ගේ නම් කීපයක් දෙන්නකෝ (පාතාලේ එවුන් හැර). 88-89 ඔය අත්රුදන් කිරීම් ගැන වැඩිම චෝදනා ලබපු අය රටේ නායකත්වයටම පත් කරගෙන තියෙන්නේ.

:       331       69

Rohana Sunday, 25 March 2018 10:59 PM

ඉන්දියාවට ලංකාව පිළිබද හොද අවබෝදයක් තිබෙනවා. මෝදී රාජ්‍ය ත්‍රාන්තරික නායකයෙක් බව අමතක කරන්න එපා.

:       18       33

සමන්ත Monday, 26 March 2018 02:15 PM

මෝඩ වැඩක්. ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික විශිෂ්ටත්වය ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවටත් වඩා විශිෂ්ටයි. අපි ගැන අපිට වඩා හැරෙනකොට ඉන්දියාව දන්නවා. මොනවද මේ කියන්නේ..?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 257 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 413 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1170 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2617 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1743 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1020 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site