IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඉන්දියාවෙන් ගෙනා මත්පෙති මන්නාරමෙන් කොළඹට ගෙන ආ දෙන්නෙක් අත්අඩංගුවට

(වන්නි රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මන්නාරමට රැගෙනවිත් දකුණට බෙදාහැරීම සඳහා රැගෙන යමින් තිබු ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති 70,000 ක් ප්‍රවාහනය කළ තරුණයෙකු හා තරුණියක අද (11) සෙට්ටිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සෙට්ටිකුලම පොලීසිය පවසයි.


යාපනය දිසා විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකයට ලද තොරතුරක් මත සෙට්ටිකුලම පොලිසිය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදී අදාළ තරුණිය හා තරුණයා සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයද සමග අත්අඩංගුවට ගත් බව  සෙට්ටිකුලම පොලීසිය පැවසුවේය.


මෝටර් රථය අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදු කරන ලද පරික්ෂා කිරීම් වලදී මෝටර් රථයේ පිටුපස සගවා තිබූ අදාල මත්පෙති තොගය පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.


මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 18 ක තරුණියක් හා වයස අවුරුදු 24 තරුණයෙකු වන අතර ඔවුන් මාතලේ සහ කැලණිය ප්‍රදේශයන්හි පදිංචි කරුවන් දෙදෙනෙකි.


අදාළ තරුණිය හා තරුණයා ඉන්දියාවේ සිට රැගෙන විත් සඟවාගෙන සිටි මන්නාරම ප්‍රදේශයේ ජාවාරම්කරුවන්ගෙන් මත්පෙති ලබාගෙන කොළඹ ඇතුළු ප්‍රදේශ වෙත බෙදා හැරීමට රැගෙනයමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවද සෙට්ටිකුලම පොලීසිය පැවසීය.


අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වව්නියාව සෙට්ටිකුලම පොලිසිය හා යාපනය දිසා විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකය විසින්  වැඩිදුර පරීක්ෂණයක් ආරම්භකර ඇත.



අදහස් (8)

ඉන්දියාවෙන් ගෙනා මත්පෙති මන්නාරමෙන් කොළඹට ගෙන ආ දෙන්නෙක් අත්අඩංගුවට

sena Saturday, 11 August 2018 09:17 AM

ඔය මිනිස්සු එල්ලන්නේ නැති නිසා තමයි ඔය ඔක්කොම ප්‍රශ්න...

:       0       121

කෝලිත Saturday, 11 August 2018 09:37 AM

පොලිසියේ මහත්වරුනි, වාහනේ ගැන හරියට දැනගෙනත් තබුණා නම්. අන්තිමට බඩුත් එක්කම මාට්ටුත් නම්.. අහුවුනාට පස්සේ යන්න ඇරලා අණ නොතකා ගියා කියලා කුඩුවෙන්න වෙඩි නොතිබ්බේ ඇයි? පිං පඩි අරගන්න එපා.. රටට යහපතක් කරන්න..

:       2       124

KuddaSaturday, 11 August 2018 11:47 AM

එතකොට කුඩු කාරයින්ගෙන් යැපෙන මානව හිමිකම් එන්.ජී.ඕ. කාරයින් විරුද්ධ වෙනවනේ...

:       1       107

upali Saturday, 11 August 2018 09:57 AM

මේ මොන සුඛෝපභෝගි වාහනයක්ද? සාමාන්‍ය වාහනයක්...

:       8       121

ලියනගේ Sunday, 12 August 2018 07:57 AM

ලංකාවේ අයට ඇල්ටෝ සුපිරි වාහන තමයි ආයුබොවන් ගානේ හැටියට...

:       0       7

prabha Saturday, 11 August 2018 02:24 PM

කෝලිත ඊට පස්සේ ඔය යනවද වෙඩි තියපු රාළහාමිලට උසාවියෙන් ඇප අරන් දෙන්න?

:       0       0

Sanjeewa Sunday, 12 August 2018 04:27 AM

කට්ටිය මහලොකුවට කෑගහනවා මරණ දඬුවම එපා කියලා... අපේ තරුණ පරම්පරාව මේ ජරාව බීලා නිරපරාදේ විනාශ වෙනවා.

:       0       0

Sakwithi Sunday, 12 August 2018 06:37 AM

හැබැයි විජයකලා කියන්නේ නම් දකුණෙන් මේ ද්‍රව්‍ය යනවා කියලයි. උතුරෙන් හමුදාව ඉවත් කරන්න. පොලිස් බලතල ඉල්ලන්න ප්‍රධාන හේතුව ඉන්දියාවෙන් ඕවා ගෙන්නන්න තමයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 17 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 28 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 361 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 462 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 978 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 902 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1422 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site