ඩයනා උදයංගනී
වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ හරහා ඉදිරියේදී රට තුළ විශාල මූල්‍ය අර්බුදයක් හා ජනතා කැළඹීමක් ඇතිවිය හැකි බවත්, ආණ්ඩුවට එය වැළැක්විය නොහැකි නම් කළ හැකි කෙනෙකුට භාර දී ගෙදර යන්නැයි බලකිරීම 5 වැනිදා පවත්වන උද්ඝෝෂණයේ අරමුණ බවත් හිටපු අමාත්‍ය, කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සුසිල් ප්‍රෙමජයන්ත මහතා පැවසීය.
මැතිවරණ කල් දමමින් බලය ආරක්ෂා කරගැනීමට උත්සාහ ගන්නා වත්මන් රජයට එරෙහි ජනතා විරෝධතාව දැක්වීමේ වෙනත් ක්‍රමයක් නැතැයි ද ප්‍රේමජයන්ත මහතා කීවේය.
මෙරටට ඇනවුම් කර තිබූ ගුවන් යානා හතරක ඇනවුම් අවලංගු කිරීමෙන්, බැඳුම්කර වංචාවෙන් ආදී වශයෙන් රටට විශාල පාඩුවක් කර ඇති රජය වසර තුන හමාරක් තුළ වංචාව හා දූෂණය නැවැත්වූ බව කීම විහිළුවක් බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
ඒ සියල්ල සලකා බලා විරෝධතාවට සාර්ථක කරගැනීමට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ද සහය ලබාදෙන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි ඇන්. ඇම් පෙරේරා කේන්ද්‍රයේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී.ල.නි.ප කණ්ඩායම නියෝජනය කරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරු හා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්රීවරියද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
ඡායාරූප - ගයාන් අමරසේකර
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉදිරියේ ජන කැළඹීමක් ඇතිවිය හැකි බව මන්ත්‍රී සුසිල් කියයි
Bamunuarachchi Monday, 03 September 2018 01:47 PM
කාටද ආඩම්බර . අර 62 ට නේද?
Bamunuarachchi Monday, 03 September 2018 01:47 PM
කාටද ආඩම්බර.... අර 62ට නේද?
K PereraMonday, 03 September 2018 05:34 PM
ආඩම්බර! 62 ට නෙවේ, දැන් මේ රජයේ ක්‍රියාත්මක වන හොද වැඩ ගැන ඉවසලා ඉන්න බැරුව හූ කියන අයට.
බහුතර ජනතවMonday, 03 September 2018 08:35 PM
බමුණ කරුණාකර පළකර ඇති පින්තුරය හොදින් බලන්න. ඒ මුනුටික දැක්කම බමුණන්ට නොතේරුනාට රටේ බහුතර ජනතවට ත්රෙනවා "TEAM 16 " සත්‍ය වශයෙන්ම නන්නත්තාරවෙලා යන එනමන් නැතිව ගියබව.
kapTuesday, 04 September 2018 04:41 AM
ඔයාට තියෙන ප්‍රශ්න අපිට නම් නැහැනේ.
athuraTuesday, 04 September 2018 05:30 AM
ලක්ෂ 58 ඊට වඩා ආඩම්බර වෙන්න ඕන මේවගේ කිසි ප්‍රතිපත්තියක් නැති අය පස්සේ යන එක ගැන.
sirimal Monday, 03 September 2018 01:59 PM
නැගිටින්න බැලුවා, හුළඟක් අාවා, පයින් ඇවිද්දා, ජන බල හැදුවා. එ්ත් වැඩේ හරි ගියේ නැහැ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ රට ගිණි තියන එක විතරයි. ඔය දේවල් කරන්නේ රටට ආදරේටද? නැත්නම් එක පවුලක් බේරා ගන්න තියෙන වුවමනාවටද? අපට ආරංචි රුසියාවේ කට්ටියකුත් උදව්වට ඇවිල්ල කියලා.
BamunuarachchiMonday, 03 September 2018 02:45 PM
රටට හා බදුවලින් පෙලෙන අපිවගේ ජනතාව බේරා ගන්න. මොකක්ද ඔබේ ප්රශ්නය? අරමැට්ටෝ 62 කරපු දේ තමයි මේ අපි විඳවන්නේ...
sirimalMonday, 03 September 2018 04:37 PM
ප්රශ්නය මහින්ද වාදී මාධ්‍ය වලින් ජනතාවගේ හිස මොලය සුද්ධ පවිත්‍ර කර තිබීමයි. ආණ්ඩුව කරන කිසිදෙයක් පිළිබඳව ජනතාව දැනුවත් නැත. වර්තමානයේ ඇත්තේ ජාතික ආණ්ඩුවක් යැයි පැවසුව ද සැබවින් ම ඇත්තේ ද්විත්ව ආණ්ඩුවකි. එජාපය ගම්පෙරළිය හා එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා නමින් මූලික යටිතල පහසුකම් නඟා සිටුවීම හා මූල්‍ය ණය සහන පොලියට ලබා දීම වැනි ව්‍යාපෘති ක්‍රියාවට නංවන අතර ආණ්ඩුවේ අනෙක් පාර්ශ්වය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිම් මට්ටමේ සංවර්ධනය ඉලක්ක කොට ග්‍රාම ශක්ති නම් ව්‍යාපෘතිය දියත් කරයි. පක්ෂ දෙක මූලික වශයෙන් තරඟයට මෙන් එම ව්‍යාපෘති දියත් කරත් ඒවා පිළිබඳව මාධ්‍ය දක්වන්නේ ඇල්මැරුණ ආකල්පයකි. දෙන්නා දෙපොලේ සිට කරන ව්‍යාපෘති මඟින් පොදු මහජනතාවට සෙතක් වුවත් කතාබහක් කෙරෙන්නේ නැත.
sinhalaTuesday, 04 September 2018 05:23 AM
ඉගෙනීමේ, සෞඛ්‍ය සේවාවේ සිට හෑම රජ්‍ය සේවාවක්ම නිකන් ඉල්ලන ඔබලා වගේ උදවිය හිතන්න ඕනෙ රජයට වියදම් කරන්න මුදල් ලබා ගන්නෙ කොහෙන්ද කියල. එක්කො ඉම්පොර්ට් ටෑක්ස් වැඩි කරලා බඩුවලට බදු ගහන්න ඕනෙ. නැත්නම් ජනතාවට බදු ගහන්නෙ ඕනෙ හම්බ කිරීම් වලට. ඔබතුමා බදු එක සතයක්වත් ගෙවල තියෙනවද? අඩුම ගානේ නගර සභාවටවත්? හැම දේම ඔයාගෙ දේශපාලන ගැති බාවයෙන් බලන්න එපා. ඔයා මේ ආණ්ඩුවේ කිසිම හොද දෙයක් දකින්නෙ නෑ වගේ.
athuraTuesday, 04 September 2018 05:25 AM
ඔය ඔබතුමාට තියන අහේනිය අපිට නැහැනේ මහත්මයෝ.
BamunuarachchiWednesday, 05 September 2018 01:16 AM
හලෝ මෙරට ස්කැන්ඩිනෙවියානු රටවලට සම්මනකරන්න එපා. රටේ පුද්ගලික ඉස්පිරිතාවලට දොස් බලන්න කොපම ජනතාවක් මුදල් ගෙවා බෙහෙත් ගන්න එනවාද කියා. ෆාර්මසි එකකට ගොස් බලන්න ජීවිත කාලයටම එකම බෙහෙත ගන්න ඕනේ මිනිස්සු බෙහෙත් අරන් යන්නේ දවස් 4-5 ට ඒ මාසයකට වත් අවශ්‍ය බෙහෙත් ගන්න බැරිනිසා. අන්න ඒ ජනතාවයි නිකන් ඉල්ලන්නේ සුව සේවාව. නිකන් දුන්න පලියට මිනිස්සු බෙහෙත් ගන්න රජයේ රෝහලට යන්නේ නැත. මැට්ටෙක් වගේ අදහස් පලකරන්න එපා මුන් නිකන් ඉල්ලන්නේ කෝටි ගණන්වල කාර්නේ. 8 පාස් නැති කෙනා පර්ර්ලිමෙන්තුවට පැමිණ ලබන්නේ විනිසුරුවන්ගේ වැටුප්. හේතුව අපි තමයි රටේ නීති හදන්නේලු.
BamunuarachchiThursday, 06 September 2018 12:57 AM
ඉගනීම ගැන කියන්න තිබෙන්නේත් අරටිකම තමා අද පෞද්ගලික පාසල්වල කොපමන ඉගෙනගන්නවාද? මගේ මුනුබුරා යන පෞද්ගලික පාසලටම මිනිබිරිය ඇතුල් කර ගැනීමට රු ලක්ෂ5 දුන්නා. හිතන්නෙපා අධ්‍යාපනයත් මිනිස්සු පිනට ගන්න බලාගෙන ඉන්නවා කියලා. මිනිසුන් හොයන්නේ ගුණාත්මක සේවාවක් ඒක පිනට දෙන තැන්වල නැත.
sena Monday, 03 September 2018 02:24 PM
කණ්ඩායම අනාථ වෙලා වැලේ වැල් නැතුව ඉන්න වෙලාවේ මේකට සහයෝගය දීලා ලොක්කා ශේප් කරගන්න වගෙයි බලන්නේ...
saliya Monday, 03 September 2018 02:25 PM
ඒ කාලේ වගේ සල්ලි ලැබෙන්නේ නැතිව ඔබට මූල්‍ය අර්බුදයක් බව ලඟදි කරන කියන දේවල් වලින් පෙනෙනවා.
සතයපාල Monday, 03 September 2018 02:25 PM
වැලේ වැල් නැති දහසය දෙනාගේ කල්ලියේ දේශපාලන තර්ක දැක්කම මොන්ටිසෝරි යන දරුවකුට වුණත් හිනා යනවා. රටට වැඩක් නැති ලෝකයට ණයවෙලා කොමිස් කුට්ටි ගිලලා ගෙනෙන්න හැදුවා එයාර් බස් ගැනිල්ල නැවැත්වීම නිසා රටේ ආර්ථික අර්බුදයක් ඇති වෙනවලු. මෙයාට මතක නැතුව ඇති.. මෙයා ඛනිජ තෙල් ඇමැතිවරයා වෙලා ඉන්න කාලේ රටට බාල පෙට්‍රල් ගෙනාවා! රටට විශාල මූල්‍යමය වශයෙන් අලාභ කළ හෙජින් හොර ගිවිසුම ගැහුවා... ග්‍රීක බැඳුම්කරය හරහා තවත් බිලියන ගණනක් වංචා කළා. එවැනි අපරාධකාරයින් පාරට බැහැලා උද්ඝෝෂණ කරන විට නම් මහජන කැළඹීමක් අපේක්ෂා කළ හැකිවේවි.
Nishantha Monday, 03 September 2018 02:34 PM
ඔබතුමා ජනතාව වෙනුවෙන්ද කතා කරන්නේ? නැත්නම් ඔබතුමාගේ ඡන්ද පදනම වෙනුවෙන්ද?
AppuhaamyTuesday, 04 September 2018 12:19 AM
හෙජින් ගිවිසුම ගැනවත් කතාකරමුද.?
BamunuarachchiThursday, 06 September 2018 01:04 AM
ඔව් කතා කරමු. හෙජින් ගිවිසුම ගැන දන්නවාද? එහෙනම් තෙල් මිල දැන් වැඩිවෙන්න පටන් අරගෙන තිබෙනවා හෙජින් ගිවිසුමේ තිබෙන ගන්නට වඩා තෙල් මිල වැඩි උනොත් කාටද වාසි?
සමන්ත Monday, 03 September 2018 03:26 PM
දෙසැරයක් පැරදිලා, තුන්වෙනි සැරේ ලක්ෂ 39 ක් ඡන්දෙ අරන් ආණ්ඩුව හොල්ලන්න හිතන අයට කියන්න තියෙන්නේ කනගාටුයි කියලා විතරමයි. දේශපාලනය කියන දේ වටෙන් ගොඩෙන් රිංගලා , හොර ඡන්ද දාලා දිනලා , හොරකම් කරලා, අනිත් අයත් හොරු කියලා චෝදනා කර කර රටේ ඉදිරි ගමන අඩාළ කරන එක නෙමෙයි. හොරුන්ට දැන් යන එනමන් නැතුව , රටේ සිදුවෙන ගම්පෙරලිය, එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වගේ ඒවා දැකලා ඉන්න බැරුව දඟලන අයට කඩේ යනවා හැරෙන්න වෙන විකල්පයක් නෑ. ඒත් මතක තියාගන්න ඕනේ මේ රටේ ලක්ෂ හැට දෙකක් ජනතාව තවම මැරිලා නැහැ කියන එක. තව අවුරුදු දහයක් යනකොට මේ රට සිංගප්පූරුවක් වෙන එක කාටවත් නවත්තන්න් බැහැ. එක තමයි රටේ ජනතාවගේ සිහිනය.
RNG Tuesday, 04 September 2018 08:57 AM
සමන්ත ඔච්චර කලබල වෙන්න එපා.ඔය ලක්ෂ 62 ට පුළුවන් නම් ඊළඟ ජන්දෙ දිනලා පෙන්නන්න.ගම් පෙරළිය කෙසේ වෙතත් ගම් පෙරළෙනවා නම් බලාගන්න පුළුවන් ඊළඟ ඡන්දෙදිත්..
සමන්ත Tuesday, 04 September 2018 12:48 PM
ඔව්, පෙන්නනවා තමයි. බලාගෙන ඉන්න හොඳට. යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ මහත්තයෝ. මෙච්චර කාලයක් කලේ බොරුව සමාජ ගත කරලා, ගමේ මිනිස්සුන්ට බොරු දේශප්‍රේමයක් පෙන්නලා රටේ සාරය උරාබීපු එක. ඒකනේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය බංකොලොත් වුනේ, ලංකාවේ ක්‍රිකට් විනාස වුනේ, ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපොළවල් , නැව් හදලා රට බංකොලොත් කලේ, ඒ වගේ පාලනයක් ආයෙත් ගෙන්න දෙන්න මේ රටේ මිනිස්සුන්ට පිස්සුද? ඒ නිසා දවල් හීන දකින්න එපා. මේ දැනගෙන කියන්නේ. විහිලුවට නෙමෙයි. ආයෙත් එන්න දෙන්නේ නැහැ.
RNG Tuesday, 04 September 2018 02:21 PM
අනේ ඉතින් මුන්දැලා හරියට සිල් රැකගෙන බොරුවෙන් වංචාවෙන් තොරවම රට පාලනය කරනවනේ. ඒකනේ ගිය පාර ඡන්දෙදි මිනිස්සු හොඳට සැලකුවේ. ඊළඟ ඡන්දෙත් තියන්න කියන්නකො බලන්න. "වෙනස" පෙන්නන්න කියලා ඇවිත් තිබුණටත් වඩා රට අගාධයට තල්ලු කර එක විතරයි කරේ..
Mahinda Monday, 03 September 2018 03:30 PM
මේ යක්කුද රට හදන්නේ?
ranjith Monday, 03 September 2018 04:48 PM
වැට උඩ ඉදන් හිටියා. කාලය ලංවෙනකොට දැන් මේ පැත්තේ. මේ අයට ඡන්දෙ දෙන අය ඉන්නවනේ.
Saman Monday, 03 September 2018 05:02 PM
ඉස්සර සුමනදාස කරපු අනාවැකි කියන එක දැන් මෙයාද කරන්නෙ.?
Saman Monday, 03 September 2018 05:02 PM
"මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න.." ලස්සන සින්දුව
රවින් Monday, 03 September 2018 10:27 PM
ගෙදර ගියොත් අඹු නසී, මඟ හිටියොත් තෝ නසී කිවගේ එකම දෙයකින් තමා බේරෙන්න පුළුවන්. කට්ටියම එක්කහු වෙලා ඒදේ කරන්න.
chithrananda Monday, 03 September 2018 11:45 PM
ඔය පින්තුරේ ඉන්න සෙට් එකම කිසිම ප්‍රතිපත්තියක් නැති අය. පවරපු කිසිම අමාත්‍යාංශයක්, ආයතනයක් ගොඩ ගත්තු උදවිය නෙවෙයි.
dhamneth Tuesday, 04 September 2018 02:47 AM
ඔබතුමාට මතක නැද්ද රට විශාල ආර්ථික අර්බුදයකට මුහණ පාල කියා විමල් වීරවංස මහතා කැබිනෙට් රැස්විම් වර්ජනය කරමින් මහා බැංකුවේ හා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් දෙදෙනෙකුත් ආර්ථික ඝාතකයින් ලෙස හංවඩු ගසා ඔවුන්ව වහාම අස්කරන්න කියා උද්ඝෝසණය කරමින් සිටියා. ජනාධිපතිවරණය 2015දි කැද වූ නිසා මේවා යටගියා. විමල් කියපු විදිහට මේ මුල්‍ය අර්බුද මේ වැඩබැරි ආණ්ඩුව බලයට එන්න පෙර ඇතිවූ ඒවා. විමල් කැබිනට් රැස්විම් වර්ජනය කලේ 2014දි.
Jeevan Perera Tuesday, 04 September 2018 04:06 AM
ආණ්ඩුවෙන් ගිහිල්ල දැන් වැලේ වැල් නැතුව ඉන්න මේ කණ්ඩායම කරන කියන විහිළු...
Chandrasiri Tuesday, 04 September 2018 04:11 AM
ඔබ අසාර්ථක ඇමතිවරයෙක් - මහා ඇමති, අධ්‍යාපන, ඛනිජ තෙල්. මොනවද කලේ? හෙජින් ගිවිසුම, ශ්‍රී ලන්කන් ආයතනය විනාශ කරනකම් නින්දේද හිටියේ.
Saththaya Tuesday, 04 September 2018 04:19 AM
ඉදිරියේදී ජන කැළඹීමක් සංවිධාත්මකව ඇති කරවිය හැකි බව බුද්ධිමත් ජනතාව දන්නවා . ඔය පිල්ලි ගහල සඟවගත්ත සල්ලිවලින් කරන්න යන වැඩේ තමයි රට විනාශ වුවත්, දුෂිතයන් කරන වැඩ .
Deeapal Nirosh Tuesday, 04 September 2018 04:39 AM
මොන කැළඹීම් විරෝධතා ඇතිවුණත් ඒ රට ඇතුළෙ විතරයි. ඉන්දියාව ඇතුළු මුළු ලෝකයාම ආණ්ඩුව සමඟයි. බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙයිද? මෙයාල තාම දූපත් මානසිකත්වයෙ ඉන්නෙ. 2015 දිවත් පාඩමක් ඉගෙනගෙන නැති හැටි.
Parakrama Abeygunawardane Tuesday, 04 September 2018 04:44 AM
බුරුවො, රජ කරන විට බල්ලෝ උදුබුරයි ! (ගෑනිට රාජකීය මොනර කොලත් අහිමිඋනා කියනවනේ )
Sugath Tuesday, 04 September 2018 05:35 AM
ජනබලය පාවිච්චි කරන්න හදන්නේ රටම ගිනි තියන්න. මුන්ගේ පෞද්ගලික වාසි ලබාගන්න උදව් කරන හරකුන් තවත් ඉන්නවනේ. ඉස්සර වගේද දැන්, කොච්චර නිදහස තියෙනවද? සුදු වන සංස්කෘතිය අයෙත් පටන් ගන්න බලන්නේ. අනේ අපේ රටේ හරක් මුන් කියන කතාවලටත් අහුවෙනවනේ . .
RNG Tuesday, 04 September 2018 09:00 AM
ඔය හරක් අහු උනේම නැද්ද අර 2015 දි කියපු කතා වලට..ඒ හරක් නිසා තමයි අපිටත් මේ පව් කර ගහන්න වෙලා තියෙන්නෙ..
Ruwan Tuesday, 04 September 2018 06:16 AM
වතුර ටිකක් මුනේ උලාගෙන නැගිටින්න මහත්තයෝ. උඩහමුල්ලේ පැත්තේ ඉන්න පිරිසට ඔය වගේ අසනීප කොහොමත් තියෙනවා.