(ශාන්ත රත්නායක)
ලෝක දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා ආර්ථිකය ඊට ගැලපෙන අයුරින් සකස් කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(18) අරලියගහ මන්දිරයේ දී පැවසීය.
ලෝකය දරුණු නියගයකට මුහුණදෙමින් සිටින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා අනතුරු අඟවා ඇති අතර එම තත්ත්වය හමුවේ ඊළඟ මාස කිහිපයේ දී ශ්‍රී ලංකාවට බලපෑ හැකි නියං තත්ත්වය දෙස අවධානය යොමු කොට ඇතැම් තීරණ ගන්නට සිදුවන බව ද
අග්‍රමාත්‍යවරයා කීවේය.
අග්‍රමාත්‍යවරයා මේ බව පැවසුයේ නියගයෙන් පිඩාවට පත් ජනතාවට පානිය ජලය සැපයීම සදහා ජල බවුසර් ලබාදීමේ විශේෂ වැඩසටහනේ ප්‍රධන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉදිරියේ එන නියඟයට අගමැති සූදානම් වෙයි
Bandara (කැකිරාව) Tuesday, 18 July 2017 10:39 AM
ගරු අගමැතිතුමණි ,ඉදිරියේ සිදුවිය හැකි ආපදා ,විපත් ගැන කලින් හඳුනාගෙන ඒවාට නිවැරදිව මුහුණ දීමට ක්‍රමවේදයන් සැකසීමට, අාපදා කලමනාකරණ දෙපාර්තමේන්තුව නිසි දැනුමක් ඇති උපාධිධාරීන් බඳවා ගන්න.
පිටිගල මිලානෝ Tuesday, 18 July 2017 11:29 AM
ඔබතුමා කියන දෙයක් කොහොම විශ්වාස කරන්නද මන්දා?
Lakvidu Tuesday, 18 July 2017 11:44 AM
ලීටර දෙකේ වතුර බෝතලයක් අරන් තිබ්බද?
do Tuesday, 18 July 2017 12:22 PM
ආර්ථික සංවර්ධන නිලධාරි බඳවාගත්තා වගේද? ගෙවල් ලඟින් පත්වීම දුන්නා නම් නිදාගෙන ඉඳලා පඩිය ගන්න පුළුවන් නේද?
kasun Tuesday, 18 July 2017 12:25 PM
සද්දෙ විතරයිනේ.. කිසිම වැඩක් කරලා පෙන්නපු කෙනෙක් නෙවෙයිනේ...
සංජීව Tuesday, 18 July 2017 01:26 PM
ලංකාවේ මෙච්චර කාලෙකට අවුරුදු දෙකක් පිට පිට නියඟයක් ඇවිත් නැති බව අපේ සීයලා පවා කියනවා. ඉන්දියාවටත් හොඳට වහිනවා දැන්... අපිට නම් මෙහෙම වෙන්නේ පාලකයින්ගේ තියෙන වැරදි නිසා තමයි. බැමිණිතියා සායට අන්තයි වගේ...
චාමර Tuesday, 18 July 2017 02:05 PM
දේශගුණික විපර්යාස ඇති වෙන්නේ පාරිසරික දූෂණයන් නිසා. නියඟයකට මුහුණ දීමට සුදානම් වෙනවා වගේම පරිසරය, වාතය දුෂණය වීම වැළැක්විමට කටයුතු කළයුතුයි.
Pradeep Liyanage Wednesday, 19 July 2017 03:06 AM
නියගයට පිළියම ජල බව්සර් බෙදා හැරීම නම් ඔබතුමාගේ දැනුම අති විශ්ෂ්ටයි. තවත් බව්සර් ටිකක් රට පුරා බෙදා හැරලා ඉතුරුවෙලා තියන ගස්කොලන් ටිකත් බදුර්දින්ට කපාගන්න කියමු. කෘෂිකර්මාන්තයට ජලය අවශ්‍ය නෑ, අසල්වැසි ඉන්දියාවෙන්, බන්ගලිදේශයෙන් හාල් ගෙන්නවගන්න පුළුවන්නේ. ඇමරිකන් පිටි තියනවා තවත් මොනවද. බව්සර් වලට පුරවන්න වතුර ටිකත් පිට රටකින්ම ගෙනෙමු. මොනතරම් ආඩම්බරයක්ද??
Jagath Wednesday, 19 July 2017 03:55 AM
රටේ තියෙන ගස් ටික කපන්න දීල හිතවතුන්ට මිනිස්සුන්ට කියනවා නියගයට ලෑස්ති වෙන්න කියල . මේවට කොහෙන්ද හිනා වෙන්න ඕනේ .
vipula Wednesday, 19 July 2017 04:01 AM
ඉදිරිය ගැන කතා කලාට මොකද ස්වභාවික විපතට පත් වෙච්ච මිනිසුම් තවම කුඩාරම් වලනේ ඉන්නේ. ඒ අය අවුරුදු දෙකක් පමණ එහි ඉන්නවා. ගෙවල් හදල දෙන්න එතරම් කල් යනවද ? උදාගම් ව්‍යාපෘති එම ජනතාව ඉන්න පැති වලට යොදල නැවත පදිංචි කරන්න පුළුවන් නේ .