IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගනිස්තාන ප්‍රහාරයේ ඉලක්කය මාධ්‍යවේදීන්ලු

ඇෆ්ගනිස්තානයේ ස්ථාන කිහිපයකට ඊයේ ( 30 ) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාධ්‍යවේදීන් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාර යැයි ද එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අද (1)  ප්‍රකාශ කළේය.

මහලේකම්වරයා එලෙස ප්‍රකාශ කළේ එම ප්‍රහාරවලට විරෝධය පළ කරමින් නිවේදනයක් නිකුත් කරමිනි. 

මෙම ප්‍රහාරවලින් මාධ්‍යවේදීහු 10 දෙනෙක් මිය ගියහ.   ඊයේ දිනයේදී කාබුල් නුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වූ අතර ඉන් එක් ප්‍රහාරයකින් ප්‍රංශ පුවත් සේවයේ ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන ඡායාරූප ශිල්පී ෂාහ් මරායී ජීවිතක්ෂයට පත්විය. නැගෙනහිර කෝස්ට් ප්‍රදේශය ස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් බී.බී.සී පුවත් සේවයේ වාර්තාකරුවකු වන අහ්මද් ෂාහ් ජීවිතක්ෂයට පත්විය.

මෙම ප්‍රහාර විශේෂයෙන්ම කාබුල් නුවරට එල්ල වූ දෙවැනි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාර යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කළේය. වුවමනාවෙන්ම මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සඳහන් කළේය. 

එම ප්‍රහාරය තලේබාන් සංවිධානයේ බිඳ වැටීමෙන් පසු මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් එක් දිනක-දී එල්ල වූ දැවැන්තම ප්‍රහාරය මෙය යැයි සීමා නැති මාධ්‍යවේදීහු කීහ. 

එමෙන්ම ඊයේ දිනයේදී ඇෆ්ගනිස්තානයේ කන්දහාර් ප්‍රදේශයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් කුඩා දරුවෝ 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 

ෂාහ් මරායිගේ අවසන් කටයුතු අද, මැයි 1 වැනිදා ඔහු උපන් ගම්මානයේදී සිදු කෙරුණි. 

055



අදහස් (1)

ඇෆ්ගනිස්තාන ප්‍රහාරයේ ඉලක්කය මාධ්‍යවේදීන්ලු

හිරාන් Wednesday, 02 May 2018 07:22 AM

මාධ්‍ය වේදින් මේ ආකාරයට ඉලක්ක කර ගැනිම නින්දිතයි. සැබවින්ම සිදුවිමක් වාර්ථා කිරිම මාධ්‍ය සතු වගකිමක්. නමුත් ත්‍රස්තයින් මේ ආකාරයට මිලේච ලෙස හැසිරිම හෙළා දකිනවා. මරණයට පත්වු මාධ්‍ය වේදින් ට නිවන් සුව අත් වේවා යැයි ප්‍රර්ථනා කරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 208 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 559 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1425 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1671 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 528 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 247 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site