(මනෝප්රිය ගුණසේකර)
ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන්ට එරෙහි නඩුව ජුනි 26 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (19) නියම කළේය.
පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට කටයුතු සලසාදීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් පිරිනැමීම හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පනතේ දුෂණය නමැති වරද සිදු කළැයි ඔවුන්ට එරෙහිව ඇති චෝදනාව වේ.
මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විත්තිකරුවන්ට විදේශ ගතවීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නඩුව විභාග කරන දිනවල අධිකරණයේ පෙනී සිටිය යුතු බවට කොන්දේසියක් ද පැනවීය.
මෙම නඩුවේ පළමු විත්තිකාර විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට මළල කී‍්‍රඩා සංගමයේ කටයුතු වලටත් මෙම නඩුවේ දෙවැනි විත්තිකාර ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහාත් විදේශගත වීමට අවසර දෙන්නැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන් ඇප මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරමින් කොන්දේසියක්ද පනවනු ලැබ තිබු අතර එම ඇප කොන්දේසිය ලිහිල් කරමින් විනිසුරුවරයා නියෝගයක් ද පැනවීය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියහ.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්යක්ෂ තුෂාරී දයාරත්න මහත්මිය සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ නවීන් මාරපන සහ නීතීඥ අජිත් පතිරණ යන මහත්වරුන් ඇතුළු නීතීඥ මඩුල්ලක් සමඟ ජනාධිපති නීතීඥ ගාමීණි මාරපන මහතා ද පෙනී සිටියේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇවන්ට්ගාඩ් නඩුව ජුනි 26 වැනි දා සිට විභාගයට
sirimal Monday, 19 March 2018 11:35 AM
තව මාස තුනක්..."ලෝකය පෙරලෙයි.. කාලේ ගෙවීයයි මරුවා ලඟා වෙනවා.." කෝ එතකොට අර දවස් පතා නඩු අහන උසාවි? ඒ පොරොන්දු පැත්තක තියලා කන්න දුන්න අත හපා කන්නමයි උත්සාහය... !!!
BANDARA Monday, 19 March 2018 12:35 PM
පුද්ගලික හා රජයේ ඒකාබද්ධ ව්‍යාපාර නූතන සංකල්පයක්... එයට දූෂණයක් කියනවා නම් රට ඉදිරියටත් අනාථයි.