IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇවන්ගාඩ් පෙත්සම් විභාගයෙන් විනිසුරු මුරුදු ප්‍රනාන්දු ඉවත්වෙයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවේ පවත්වාගෙන යන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති හෙයින් එය වළක්වාලන්නැයි ඉල්ලමින් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුරුදු ප‍්‍රනාන්දු මහත්මිය ඉවත් වුවාය.

මෙම පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බව දැනුම් දෙමින් විනිසුරු මුරුදු ප‍්‍රනාන්දු මහත්මිය පෙත්සම් විභාගයෙන් ඉවත් වුවාය.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත ජයවර්ධන සහ මුරුදු ප‍්‍රනාන්දු මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති විසින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශ්‍යයෙන්  පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා  සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කොට ඇත.

ගාලු වරාය ආසන්නයේ දකුණු මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ පවත්වන්නේ අත්තනෝමතිකව හා නීතිය ඉක්මවා යන ආකාරයට බව සඳහන් කරන පෙත්සම්කාර නිශ්ශංක සේනාධිපති මහතා මෙම සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද සඳහන් කර ඇත.

තමන් කිසි`දු නීතීවිරෝධී කටයුත්තක් සිදුකොට නැතැයි ද මෙම තත්වය මත පොලිසිය තමන් අත්අඩංගුවට ගනු ලැබුවහොත් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩවිය හැකි යැයිද පවසන පෙත්සම්කාර නිශ්ශංක සේනාධිපති මහතා තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් කර ඇත.

මෙම පෙත්සම වභාග කොට අදාළ නියෝගය නිකුත් කිරීමට මත්තෙන් මෙම පෙත්සම් විභාගය අවසන් වනතුරු තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක ද කර  ඇත.
මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන මස 08 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකාර පාර්ශවයට නියම කෙරිණි.
 



අදහස් (2)

ඇවන්ගාඩ් පෙත්සම් විභාගයෙන් විනිසුරු මුරුදු ප්‍රනාන්දු ඉවත්වෙයි

සතයපාල Wednesday, 23 May 2018 01:42 PM

ලොකු ලොක්කන්ගේ නඩු අහනවිට නඩුව බාර ගත්තාට පස්සේ නඩු අහන අවස්ථාවේ... විනිසුරුවන්ට ඇතිවන පෞද්ගලික හේතුන් මොනවද කියලා උසාවිය පැහැදිලි කල යුතුයි. නැත්නම් අන්තිමට නඩු අහන්න උසාවියේ නඩුකාරයෝ නැතිවේවි!!!

:       13       30

Don Wednesday, 23 May 2018 03:56 PM

නීතියටත් උඩින් ලංකාවේ තියෙන්නේ සල්ලි තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 310 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 875 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2283 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2548 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 745 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 310 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site