නිමන්ති රණසිංහ
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් දෙදෙනාට අද (19) උදෑසන 6 සිට පැය 8 පමණ කාලයක් කෑම හෝ වතුර ලබා දී නැතැයි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට කරුණූ වාර්තා කළේය.
මෙම සිද්ධියට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද කැදවු අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය විය.
එම නඩුව ආරම්භ වන මොහොතේ එනම් දහවල් 1.30ට බන්ධනාගාර රැඳවියන් වෙත දහවල් ආහාරය සැපයු බව බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළේය.
එහෙත් සැකකරුවන් දෙදෙනා මෙතෙක් නිරාහාරව සිටීම සම්බන්ධයෙන් මීට වඩා සැළකිල්ලක් යොමු කළ යුතු බවත් මින් ඉන් ඉදිරියට එවැන්නක් සිදුනොවන ආකාරයට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාරයට අවවාද කළාය.
එසේම සැකකරුවන් තවදුරටත් ලබන 2 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇලෝසියස්ට - පලිසේනට බන්ධනාගාරයෙන් කන්න දීලා නෑ
Chaminda Thursday, 19 July 2018 10:27 AM
මොනවා උනත් මෙව්වා කැත වැඩ සිංහල අපි හතුරෙක් උනත් කන්න දීලා යවන ජාතියක්.
wedage Thursday, 19 July 2018 10:31 AM
රටම කාපු නිසා බඩවල් පිරිලා ඇති.?
පිටිගල මිලානෝ Thursday, 19 July 2018 10:43 AM
කාපු සල්ලි ටිකම මදැයි, ආයේ තවත් මොනවා කන්නද?
sam Thursday, 19 July 2018 10:53 AM
කාපු ජරාව මදිද?
pissa Thursday, 19 July 2018 11:25 AM
අපි නොකා නොබී මහන්සියෙන් හම්බ කරපු සල්ලි ගිලිනකොට මොනවද දන්නේ නැහැ හිතුනේ.
රවින් Thursday, 19 July 2018 11:39 AM
ටික ටික එලියට එන්නේ. අනිකුත් බන්ධනාගාර ගතවුවන්ට දුන්නු කෑම දීලා නොකැවද? නැතිනම් නොකා හිටියද? කියල හරියට හොයල බැලුවනම්? අනිකුත් දවස් වලට හම්බවෙන විශේෂ ආහාර වේල අද ගෙනත් දෙන්න බැරිවෙලා, ඇයි ඉතින් උසාවිය ඇතුලෙනේ. ඉන්නෙත් විශේෂ මැදිරියක. එතකොට සාමාන්‍ය කෑම දෙන්නේ නැතිව ඇති.
d.upul Thursday, 19 July 2018 11:56 AM
ඔයාලා මහා බැංකුව හොරකම් කරපු රඟ කොච්චරද කියනවනම් අද මිනිස්සු වේල් කීයක් බඩගින්නේ ඉන්නවද කියලා දන්නවද?
maalaka Thursday, 19 July 2018 01:00 PM
පුදුම පිරිසක් අදහස් දාලා තියෙන්නේ..
Bamunuarachchi Thursday, 19 July 2018 01:21 PM
බන්ධනාගාරයේ සේවය කරන මිනිස්සු අන්තිමයි.
Bamunuarachchi Thursday, 19 July 2018 01:57 PM
චමින්ද ඔබ හරි.
naradha Thursday, 19 July 2018 03:18 PM
මේක මහා අමනුෂ්‍ය ක්‍රියාවක්.
Raveendra Thursday, 19 July 2018 03:48 PM
චමින්ද මයා සමග අපද 100% එකග වෙනවා. එහි කිසිදු තර්කයක් නැහැ.
Lal Thursday, 19 July 2018 05:13 PM
කන්න හෝ බොන්න නොදීම වරදක්. ඒකේ දෙකක් නෑ. හැබැයි අපි ඇලෝසියස් හෝ ඔහුගේ නීතිඥයා කියන දේ පිළිගත යුතුද? එසේ පිළිගතයුතු තරම් යහපත් කල්ක්රියාවක් මෙතුමන්ලා සතුව තියෙනවද? සොයා බැලීමකින් තොරව වචනය පමණක් පිළිගැනීම බුද්ධිමත් ඔබට කෙතරම් දුරට ගැළපේද? ඔබ ඔබෙන් විමසන්න.
RaveendraFriday, 20 July 2018 04:43 AM
ලාල් මයා වෙත , ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු.
Dasuni Thursday, 19 July 2018 05:21 PM
මෙයාලා බන්ධනාගාර කෑමමද කන්නේ? පුදුමයි.
nuwan Thursday, 19 July 2018 05:26 PM
කොහොමත් ඔය බන්ධනාගාර නිලධාරීන්ව හොද පුහුණුවක් දෙන්න ඕනේ. ගොඩක් අයව පුනුරුත්ථාපනය කරන්න ඕනේ. කොහොම උනත් මේ දෙන්නටනම් එක වේලක් කෑවේ නැති උනාට මුකුත් වෙන්නේ නැ. ලංකාවම කාලනේ ඉන්නේ. අර්ජුන් මගේන්ද්‍රන් එක්ක එකතුවෙලා කරපු හොරකම නිසා අද ලංකාවේ කොච්චර අහිංසක මිනිස්සු එක වේලක් කන්න නැතුව ඉන්නවද? හැමදේම ගිනි ගණන් ගිහින්. කොහොමත් කර්මය පලදෙනවමයි. එකෙන් ගැලවුමක් නැ. අර්ජුන් මහේන්ද්‍රන්ටත් ඒ ටිකම වෙනවා.