IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමරිකාවේ විරෝධතා ප්‍රාන්ත 15 කට පැතිරෙයි

සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව මියගිය කළු ජාතිකයකු වන ජෝර්ජ් ෆොයිඩ්ගේ මරණයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විරෝධතා අද (1) වනවිට එරට ප්‍රාන්ත 15කට ප්‍රමාණයකට ව්‍යාප්ත වී ඇත. 

ජෝර්ජ් ෆොයිඩ්ගේ මරණයට එරෙහිව ආරම්භ වූ මෙම විරෝධතා මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපද පොලිසියේ කෲරත්වයටත් විශේෂයෙන්ම කළු ජාතිකයන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රචණ්ඩත්වයටත් විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතා බවට පත්ව තිබේ.
 
සාමකාමී අයුරින් ආරම්භ වූ මෙම විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇති අතර ලොව වඩාත් ආරක්ෂිත ස්ථානය යැයි සැලකෙන ධවල මන්දිරය ඉදිරිපසට ද පැමිණ ඇත. 
 
විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි බියෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරය පහළ ආරක්ෂිත බංකරයේ සැඟවිණි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස විශේෂ බංකරයේ සැඟවී ඇත්තේ පසුගිය සිකුරාදා වන අතර විරෝධතා ආරම්භ වී මේ වනවිට සතියකට ආසන්න කාලයක් ගත වී තිබේ.

 ඇමරිකානු ජනාධිපති මෙතෙක් ජාතිය අමතා නොමැති අතර වරින් වර ජනතාව කුපිත කරවන ට්විටර් පණිවුඩ නිකුත් කරමින් සිටියි. ඇමෙරිකානු ජනාධිපතිවරයා පැයකට ආසන්න කාලයක් එම විශේෂිත බංකරයේ සිට ඇතැයි වාර්තා වේ.
 
ඇමෙරිකානු ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක් සිය සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කිරීමට ද ට්විටර් සමාජ මාධ්‍ය ජාලය පියවර ගත්තේය. එම ට්ව්ටිර පණිවුඩය ජනතාව කුපිත කරවන බවත් ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දෙන බවත් සඳහන් කරමින් ට්ටිවර් සමාජ ජාලය එම පියවර ගෙන තිබිණි.
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ නගර රැසකට මේ වනවිට ඇඳිරි නීතිය පනවා තිබුණ ද විරෝධතාකරුවෝ කිසිසේත් එය මායිම් නොකර විරෝධතාවල නිරත වෙති. ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනගරය වන වොෂින්ටන් නුවර ඇතුළුව ප්‍රාන්ත 15කට මේ වනවිට ජාතික ආරක්ෂක බළකාය කැඳවා ඇත.
 
 ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනගරය වන වොෂින්ටන් නගරය කිසිදු ප්‍රාන්තයකට අයත් නොවන අතර එය අයත් වන්නේ කොලොම්බියා දිස්ත්‍රික්කයටයි.

ත්‍රස්තවාදී ප්‍රහාර හෝ හදිසි ආපදා අවස්ථාවලදී එම අවස්ථාවේ බලයේ සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව උදෙසා ධවල මන්දිරය තුළ මෙම විශේෂිත බංකරය ඉදිකර ඇත. 
 
ඇමෙරිකා එක්සත් ජනපදයට 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ අයුරින් ධවල මන්දිරයේ ආරක්ෂාව තර කළ පළමු අවස්ථාව මෙය යැයි ද ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබිණි.
 
රොයිටර්
 
055
 

 



අදහස් (4)

ඇමරිකාවේ විරෝධතා ප්‍රාන්ත 15 කට පැතිරෙයි

Prabha Monday, 01 June 2020 12:23 PM

මුදල් බලයෙන් මතුවූ උඬගු මිනිහෙක් ජනාධිපති කරගෙන ඇමෙරිකාව නැත්තටම නැතිවුණා..

:       73       124

Asanga Monday, 01 June 2020 12:45 PM

දැන් බමුණු ආරච්චිලා මොකද කියන්නේ? සුද්දට කඩේ යනවානේ...

:       62       151

sugath Monday, 01 June 2020 01:35 PM

මේ කළු මිනිසාගේ මරණය පිළිබඳව වැඩියෙන්ම විරෝධය දක්වන්නේ ඇමෙරිකානු සුදු මිනිසුන්ය. පොලිස්ථාන සහ පොලිස් වාහන වලට ගිනි තැබීම් වැනි දේ විරෝධතාකරුවන් සිදු කරයි. මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේ මංකොල්ලකෑම් සිදු නොකරන ලෙසයි.

:       0       0

vishaka Monday, 01 June 2020 02:34 PM

ඇමරිකානු ජනපතිව පහළට දාන්න ලංකාවේ මාධ්‍ය උත්සාහ කරන්නේ මොකද කියලා තේරෙනවා. මිනිස්සු රවට්ටන දේවල් විතරයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 101 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 47 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 446 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 540 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1008 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 946 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site