IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඇමෝනියම් සිලින්ඩරය පිපිරීමෙන් රෝහල්ගත කළ අයෙක් මරුට

   (කේ බුද්ධික කුමාරසිරි )


පෝරුවදණ්ඩ වගවත්ත ප‍්‍රදේශයේ පිහිටි රබර් කිරි පිරිසිදු කර බෙදා හොරණ හැරීමේ ආයතනයකට ලොරි රථයකින් රැගෙන ආ ඇමෝනියම් අඩංගු සිලින්ඩර තොගයක් බෑමට යාමේදී සිදු වූ පිපිරීමක් සමගින් ඇති වූ ඇමෝනියා කාන්දුවක් නිසාවෙන් දැඩි ලෙස රෝගාතුරුව හොරණ මූලික රෝහලෙහි දැඩි සත්කාර ඒකකයෙහි ප‍්‍රතිකාර ලබමින් සිටි එක් අයෙකු අද (18)  දින මියගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය පවසයි
 
මෙලෙස මිය ගොස් ඇත්තේ අදාල කර්මාන්ත ශාලාවේ කම්කරුවෙකු ලෙස රැකියාව කළ බංගලා කොටස ඔට්ටාන් බදුල්ල යන ලිපිනයේ පදිංචිකරුවකු වන සෙල්වරාජ් රුෂන්තන් නමැති පුද්ගලයෙකි
 
මෙම පිපිරීම සිදු වූ අදාල ආයතනයකට ලොරි රථයකින් රැගෙන ආ ඇමෝනියම් අඩංගු සිලින්ඩර තොගයක් බෑමට යාමේදී ඉකුත් 14 වන දින සිදු වූ පිපිරීම එක් ඇමෝනියා අජංගු සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදු වූවක් බවට සිදු කල විමර්ශණවලදී කරුනු රැසක් අනාවරණය වී ඇති බවත් අදාල සිද්ධිය සම්න්දයෙන් මේ වන විට රස පරීක්ෂක නිළදාරීන් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බවත් සිද්ධිය වූ ස්ථානය අසල වහලයේ තිබී හමු වූ වර්ෂ 1989 දී නිශ්පාදනය කරන ලද එක් ඇමෝනියා අඩංගුව පැවැති සිලින්ඩරයක එය පාස්සා තිබූ ස්තානයෙන් අඩියක පමණ පැල්මක් තිබූ බැවින් මෙම පිපිරීම එම සිලින්ඩරයෙන් සිදු වූවක් ද යන්න වැඩි දුරටත් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි.
 
අදාල කර්මාන්තශාලාවේ සිදු වූ  සිද්ධියත් සමග හොරණ මූලික රෝහලට  පුද්ගලයින් පස් දෙනෙකු ඇතුලත් කළ අතර පසුව බරපතල තත්වයේ පසු වූ දෙදෙනෙකු පානදුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයටත් තවත් අයෙකු හොරණ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයටත් ඇතුලත් කර ප‍්‍රතිකාර ලබා දීම සිදු කර තිබූ බවද පොලිසිය පවසයි.
 



අදහස් (0)

ඇමෝනියම් සිලින්ඩරය පිපිරීමෙන් රෝහල්ගත කළ අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 387 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 998 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 577 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 119 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 475 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 303 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site