IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමති විජයදාස සහ එජා නියෝජිතයා උණුසුම් විවාදයක

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අතර උණුසුම් විවාදාත්මත තත්ත්වයක් හටගෙන තිබේ.

එම විශේෂ නියෝජිතවරයා සහ ඔහුගේ කණ්ඩායම කොළඹ අධිකරණ අමාත්‍යංශයට ගොස් විජයදාස මහතා හමුවූ අවස්ථාවේ මෙම වාදය හටගෙන ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට පැමිණ පවතින සැබෑ තත්ත්වය වටහා නොගෙන අසත්‍ය තොරතුරු ඇතුළත් වාර්තා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් කටයුතු කරන බවටත් එවැනි දේ හේතුවෙන් ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක් සිදුවන බවටත් චෝදනා කරමින් රාජපක්ෂ මහතා එමර්සන් මහතාට දෝෂාරෝපණය කර තිබේ.

ඒ සමගම එමර්සන් මහතා විවිධ සංඛ්‍යාලේඛණ හා චෝදනා ඉදිරිපත් කරමින් ඊට උණුසුම් ලෙස ප්‍රතිචාර දක්වා ඇතැයි ද පැවසේ.



අදහස් (38)

ඇමති විජයදාස සහ එජා නියෝජිතයා උණුසුම් විවාදයක

sahan Friday, 14 July 2017 01:29 PM

අගමැතිතුමනි, ඔන්න මහරජාගේ කුලී වහල්ලු එළිවෙනවා රටත් රජයත් රැකගන්න. ඩීල් කාරයෝ ටික ඉවත් කරන්න.

:       22281       12358

deshapriyaFriday, 14 July 2017 03:23 PM

ජනතාවනි, අපේ රට වෙනුවෙන් හඬ නගන විජේදාස ඇමතිතුමාට සුබ පතමු. කැනඩාවේ ඉන්න මම දන්නවා රටට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අය ස්කාබෝරෝ පළාතට ගෙනත් පාටි දෙන හැටි.

:       7226       8747

KamalSaturday, 15 July 2017 01:46 AM

කැනඩාව වැනි පහසුකම් සහිත රටවල ජීවත් වන දෙමළ, සිංහල මිනිස්සුන්ගේ ජාතිප්‍රේමය උතුරනවා හැබැයි කවදාවත් ලංකාවට ආපහු එන්න හිතකවත් නෑ.

:       685       504

uddikaSaturday, 15 July 2017 03:17 AM

එතකොට රට වෙනුවෙන් කතා කරන එක මහරජතුමාගේ කුලී වැඩක්ද? ලැජ්ජයිනේ මහත්තයෝ....රට වෙනුවෙන් කතා කරන එක පක්ෂයකට ලගු කරන්න එපා.

:       149       1500

sahanSaturday, 15 July 2017 03:00 PM

කොන්දක් තියෙන ඇමතිතුමා නෙමෙයි. සල්ලි වලට කොන්ද නැවෙන එකයි වැඩේ... හෙට සම්බන්දන් මහත්තයා සල්ලි කුට්ටියක් දුන්නොත් ඒ පැත්තටත් කතා කරයි.

:       114       0

රත්නායකSaturday, 15 July 2017 03:33 PM

සහන් ..ඔබ නියම දේශප්‍රේයෙක්. මට මතක්වුනේ 1818 උඩරට සටන පාවා දීපු මොල්ලිගොඩ. ඔහොම යං ...

:       350       622

lalith Friday, 14 July 2017 01:41 PM

ඉවරවෙලා තිබුණු ප්‍රශ්නේ අායෙත් ඇදලා අරගෙන, මීළඟ ඡන්දේදි වෙනත් පිරිසක් බලයට අාවොත් එකට වල කපන්න හිතාගෙන මේ කට්ටිය ගෙන්නාගෙන, දැන් අපට නිකං සංදර්ශන පෙන්නනවා.

:       535       489

lal Friday, 14 July 2017 02:08 PM

කොන්ද පණ තියෙන කවුරුහරි ඉන්නවනේ..

:       663       1170

aravinda Friday, 14 July 2017 02:18 PM

එමර්සන් මහතා ඉදිරිපත් කල විවිධ සංඛ්‍යා ලේඛන ඔහු ලබාගත් දත්ත ප්‍රභවය ගැන සොයා බැලිය යුතුයි. සමහරවිට ඒවා ලංකාවේ ජීවත් නොවී, බටහිර රටවල පදිංචි වී සිටන දෙමළ ඩයස්පෝරාවෙන් විය හැකියි.

:       172       1122

Danushka Friday, 14 July 2017 02:26 PM

බටහිරට කඩේ යන අය අතරේ කොන්ද පණ ඇති පුද්ගලයෙක් සිටීම ගැන සතුටුයි.

:       708       2598

arschfikaa Friday, 14 July 2017 02:41 PM

අනේ ඔබතුමා ඔය ඇමතිකමෙන් අයින් වෙලා ඉන්න..

:       658       228

Gihan Friday, 14 July 2017 03:37 PM

මේ මනුස්සයාට අගමැතිකම දෙන්න.

:       786       1280

sunil Friday, 14 July 2017 04:00 PM

එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ බලවත් රටවල් කීපයක්.. විශේෂයෙන් යුරෝපා සංගමයේ බළල් අතක් මිසක් ලොකු වටිනාකමක් ඇති සංවිධානයක් නොවේ. ඇමතිතුමා කොන්ද පණ ඇතිව දුන්නු ප්‍රතිචාරයට අපේ ප්‍රණාමය!

:       1113       1401

JayanthaFriday, 14 July 2017 11:58 PM

සමහර රට ඉන්න සිංහල අය මෙතන අදහස් දාලා බැනලා මේවා ඔක්කොම ඩයස්පෝරා එකේ වැඩ කියලා. ඒගොල්ලෝ එතකොට පිටරට ඉඳන් ලියන්නේ ශ්‍රී ලාංකිකයෙක් හැටියට හිතාගෙනද? තමා පිටරටක පදිංචි වී ඉන්නවා නම් තමාත් ඩයස්පෝරාවේ සාමාජිකයෙක් බව දැන ගැනීමට දැනුම් නැති මේ අයට මඩු වලිග වලින් තලා යථාර්තය පැහැදිලි කර දිය යුතුය.

:       613       251

siri Friday, 14 July 2017 09:08 PM

විජේදාස මැතිතුමනි, ඔබගේ එඩිතර ප්‍රකාශයට මගේ ප්‍රණාමය පුද කරමි.!!! කවුරු ඔබට දොස් කිව්වත් ජනතාව ඔබ සමග බව විශ්වාසයි.

:       260       420

chris Friday, 14 July 2017 11:27 PM

විජේදාස රාජපක්ෂ කියන්නේ මුල ඉඳලම මහින්ද මහත්තයා පස්සෙන් ගිය කෙනෙක්නේ.. ඔය කට්ටිය සේරම කරන්නේ අහිංසක ජනතාව රවට්ටන එකනේ. රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් පරම්පරා ගාණකට අරගෙනයි තියෙන්නේ...

:       561       324

dilaniliyanage Friday, 14 July 2017 11:49 PM

ඇමතිතුමනි, මගෙන් මල්මිටක් !!!

:       321       618

ලුම්බිණි Saturday, 15 July 2017 12:04 AM

මේක හරියි කියලා කියන්න බැහැ. තමන්ගේ ලඟට ආපු නියෝජිතයෙක් එක්ක 'උණුසුම් විවාද' නොව එම කියන කරුණු වලට තමන් එකඟ නොවෙන බව කියන එකයි කිව යුත්තේ.

:       336       159

Bharana Saturday, 15 July 2017 03:21 AM

රට ගැන ආගම ගැන හිතන එකම එක ඇමති කෙනෙක් මේ ආණ්ඩුව තුල ඉන්නවනම් ඒ මේ ඇමතිතුමා විතරයි. ඒත් ඔක්කොම ටික එකතු වෙලා එතුමාටම බනිනවා.

:       181       751

sara Saturday, 15 July 2017 04:10 AM

මොන පක්ෂය නියෝජනය කළත් කොන්ද පණ තියෙන නායකයෙක් හරි ඉන්නවා කියලා දැන් පුංචි සතුටක් තියෙනවා නම් ජයවේවා... !!!

:       220       367

Raveendra Saturday, 15 July 2017 04:33 AM

කවුරු වුණත් රටට හානියක් වෙනදේට විරුද්ධ වෙන එක කිසිම වරදක් නැත . එහෙම විරුද්ධවෙන කෙනා අපට කොහෙත්ම අදාල නැත. පළමුව රට, දෙවනුව ජාතිය, තුන්වෙනුව ආගම. ඉන්පසු ඕනේ කෙනෙක් කඩේ නෙවෙයි අඟහරු ලෝකෙට ගියත් අපට කොහෙත්ම අදාල නැත. තවද තම මව්බිම වෙනුවෙන් නැගිසිටින්නට එහි පුරවැසියන් වන අපට සම්පුර්ණ අයිතිය ඇත.

:       175       280

බණ්ඩාර (කැකිරාව) Saturday, 15 July 2017 06:15 AM

"අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට කොඳු නාරටියක් තියෙන හොද සිංහලක් පරගැතියෙක් නෙමයි." තමන්ගේ රට,ජාතිය සහ ආගම ගැන හැඟීමක් තියෙන ඔබතුමා වැනි නායකින් අපේ රටට මහත් අභිමානයක්. ඔබට ජය වේවා !!!

:       360       528

shantha Samarasinghe Saturday, 15 July 2017 06:24 AM

රාජපක්ෂවරු කොහොමත් රටට ආදරේ මිනිස්සු ... තමයි.

:       747       1432

chandana Saturday, 15 July 2017 07:35 AM

තවත් රාජපක්ෂ කෙනෙක් කෙලින් කතා කරයි. නියම ශ්‍රී ලාංකීකයෙක්. අපේ නායකයන්ට මුල්ම හේතුව කොන්ද පණ නැති එකයි. අපි සුද්දන්ට යටත් නොවුනු ජාතියක්...

:       604       786

AsankaSaturday, 15 July 2017 08:29 AM

1815 යටත් වුනේ කාටද චන්දන, බොරු ඕනෙ නැහැ සුද්දන්ගෙන් යුද්ධ කරලා රට බේරගත්තා නොවේ නේ, පෙරදිග ඉන්දීය වෙළඳ සමගම ඉන්දියාව නැවත ඔවුන්ට පවරනකොට ලංකාව ඇතුළු තව යටත් විජිත ගණනාවක්ම නැවත පවරලා ගියේ, දැන් මට බනින්න නමුත් සත්‍ය වාර්තා බොරු වෙන්නේ නැහැ. ජාත්‍යාලය හොඳයි නමුත් එයින් අන්ධ වෙන්න එපා. ඔබ හිතන විදියට අපි එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයෙන් අයින් වුනානම් හරි..

:       608       517

රංබන්ඩා Saturday, 15 July 2017 09:24 AM

හෙට ඔබතුමාට ඇමැතිකමින් යන්න වේවි.. එ්ත් මුළු ජාතියේම ප්‍රණාමය ඔබට. කොන්දක් ඇති එකම ඇමතිතුමා ඔබයි..

:       156       323

Manika Saturday, 15 July 2017 12:09 PM

අපේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඔය කොයි කවුරුත් අනවශ්‍ය ලෙස අපේ රටේ අභ්‍යන්තර කරුණු වලට මැදිහත් වෙන එකක් නෑ. ඒ නිසා කලින් රජය කලා වගේ බොරු වීරකම් ලෝකෙට පෙන්වුවාට වැඩක් නෑ. චෝදනාවක් තියෙනවා නම් ඒවා නඩු විභාග කර ඒ චෝදනා බොරුනම් බොරු කියල ලෝකෙට පෙන්වන්න. ඇත්ත නම් වැරදි කරුවන්ට දඬුවම් දෙන්න.

:       142       166

sisira Saturday, 15 July 2017 01:20 PM

රටට ආදරයක් ඇති කොන්ද පන තියෙන ජනාධිපති පදවියෙන් පිදුම් ලැබිය යුතු උසස් පුද්ගලයෙක්. ඔබගේ මේ ක්‍රියා කලාපයට මගේ හදපිරි ප්‍රණාමය.

:       1       206

sisira Saturday, 15 July 2017 01:22 PM

ඔය යහපාලනයෙන් ඉවත් වී ජනාධිපති අපේක්ෂකයෙකු වන්න. මගේ ඡන්දය ඔබටයි.

:       69       162

De silva berlin Saturday, 15 July 2017 01:31 PM

අමැතිතුමා අන්න එහෙම රට වෙනුවෙන් කෙලින් කතාකරන කොට අපේ හිත වලටත් විශාල සන්තෝසයක් දැනෙනවා. අර යටත් වෙච්ච පොලිස් නිලධාරීන් 600 ට වෙච්ච දේ ගැනත් මතක් කරන්න , දැන් යුරෝපයටත් විවිධ ත්‍රස්තවධි කණ්ඩායම් සහ සරණාගතයෝ විශාල හිසරදයක් බවට පත්වෙලා තිබෙන්නේ... මේ අවස්ථාවේ අපි ඔය එක එක්කෙනා කියන යෝජනා වලට ඔළුව පාන්න අවශ්‍ය නැහැ... අපිත් නියම විදිහට සුදානම් වෙලා ජිනිවා වලට ගිහින්, ත්‍රස්තවාදීන්ට විරුද්ධව තානාපති මට්ටමෙන් අවසාන යුද්ධය පටන් ගන්න ඕනේ... දැන් හිලරිලා ගේ බලපෑම් නැහැ. චීනේ, රුසියාව කොහොමත් අපට පක්ෂයි. ත්‍රස්තවාදයෙන් සහ සරණාගත ප්‍රශ්නෙන් බැට කන යුරෝපයෙනුත් එතරම් බලපෑමක් වෙන එකක් නැහැ. ඔබතුමා කෙලින්ම මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න. උගත් බුද්ධිමත් ඔබතුමාට මේක කරන්න පුළුවන්... ජනතාව ඔබ සමගයි.

:       126       248

සමන්තSaturday, 15 July 2017 09:08 PM

යථාර්තය සහ ගැලරිය එකක් නෙමේ දෙකක්. වැඩ අවුල් කිරීමේ අය අායෙත් වැඩට බැහලා... අප ප්‍රවේශම් විය යුත්තේ අඟේ ඉඳන් කණ කන අයගෙනි.

:       23       10

Kithsiri Saturday, 15 July 2017 01:37 PM

හරිම සතුටුයි ඇමතිතුමනි...,

:       71       180

Hiran Saturday, 15 July 2017 05:32 PM

සහන් සහ ක්‍රිස්.., ඔබ සැබෑ ශ්‍රී ලාංකිකයෝද? මට විශ්වාස කරන්නත් බැහැ.

:       0       2

athula Saturday, 15 July 2017 08:53 PM

ඔය මොන ලෝකෙට කතා කළත් ඕක නොවේ අද අපි ඉන්න ප්‍රධානම ප්‍රශ්නය.... අපිව රටක් විදිහට උකස් කල අය නිසා අද අපි ලෝකේ හැම එකටම ඔළුව පහත් කරන්න වෙලා. අද අපට පොළියට ණය නොදුන්නොත් හෙට ඉදන් රටට කන්න බදු එන්නේ නැහැ. අද අපි හරියට මාළුවා බිලේ කොක්කට අහුවෙලා වගේ ඔය සේරම ජාතික වීරයෝ අපිව විතරක් නොවේ. හෙට උපදින දරුවා පවා ලෝකෙට ලක්ෂ ගණන් ණයයි.

:       2       26

Lelwala Sunday, 16 July 2017 03:33 AM

රට වෙනුවෙන් කතා කරන්න නායකයෙක් සිටීම ගැන ආඩම්බරයක්....

:       0       2

Chandimal Rangana Perera Sunday, 16 July 2017 05:14 AM

කොන්දක් තියෙන ඇමතිවරයෙක් හැටියට ඉන්නේ විජේදාස ඇමැතිතුමා විතරයි. අනිත් අයගේ කතා මිස වැඩ නැහැ.

:       0       73

tony-maharagama Sunday, 16 July 2017 07:01 AM

එදා අැවන්ගාඩ් සම්බන්ධව ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරුද්ධව පාර්ලිමේන්තුවේදී කතා කළා. මේ ආණ්ඩුව බලයට එන්න ජනතාවට දුන්නු පොරොන්දු අතර දූෂිතයින්ට දඬුවම් දීමත් එක පොරොන්දුවක්. අද රජය ගෙනියන සංහිඳියා වැඩපිළිවෙලට අකුල් හෙළනවා. මේක වීරකමක් නෙමෙයි. අඟේ ඉඳන් කණ කෑමක්. උකුණත් ඔය වගේම ඔලුවේ ඉඳගෙන ඔළුවම කනවා. එ.ජා.පෙ. ජාතිවාදී පක්ෂයක් නොවන නිසා, මෙතුමාට වටින්නේ හෙළ උරුමය හෝ බොදු බලේ වගේ අන්තවාදී පක්ෂ තමයි.

:       70       226

uk Monday, 17 July 2017 03:51 AM

ජය වේවා ඔබට. ජනතාව ඔබ සමග.

:       0       1

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 1712 10

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3350 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2114 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5650 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4066 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4677 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site