IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමැති රංගේ බණ්ඩාරගේ පුත් කැබ් අනතුරකින් රෝහලේ


 
ජුඩ් සමන්ත
 
හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙණිය - කෝට්ටපිටිය මංසන්ධියේ  දී සිදුවී ඇති අනතුරකින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුතා තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.


අද (6) වැනි දා අලුයම 12.50 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.


අනතුරින් තුවාල ලබා ඇත්තේ යශෝධ රංගේබණ්ඩාර (අවු:25) නම් අයෙකි.


අනතුරට පත්ව ඇත්තේ වාරි මාර්ග අමාත්‍යාංශයට අයත් කැබ් රථයක් බව පොලීසිය කියයි.


අතුරු මාර්ගයක සිට පැමිණ ඇති කැබ් රථය පාලනය කර ගැනීමට නොහැකිව කොට්ටපිටිය මංසන්ධියේ ඇති නිවසක් තුළට කඩා වැදීම හේතුවෙන් අනතුර සිදුවී ඇත. අනතුරින් කැබ් රථයට සහ නිවසටද හානි සිදුවී ඇත.


ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



අදහස් (15)

ඇමැති රංගේ බණ්ඩාරගේ පුත් කැබ් අනතුරකින් රෝහලේ

rama Wednesday, 06 June 2018 04:41 AM

පුතාගේ බලපත්‍රය අවලංගු කරන්න ඕන මේ වැරදි වැඩේට

:       1       147

Pradeep Wednesday, 06 June 2018 04:47 AM

රාජ්‍ය දේපල අවභාවිතය. බලමු නිතිය ක්‍රියාත්මක වෙන හැටි..

:       2       342

thushara Wednesday, 06 June 2018 05:18 AM

රජයේ වාහන අවබාවිතය කියන්නේ මොකද්ද ?

:       2       45

රවින් Wednesday, 06 June 2018 05:32 AM

ඔන්න ඔය හින්ද තමා සියලුම රජයේ වාහන ඇමති / මන්ත්‍රී පරිහරණය සඳහා ලබා ගන්නවානම් බදු අයකළ යුත්තේ. මොකක් හෝ එක වාහනයකට පමණක් බදු නිදහස් කල යුතුය. මේක රාජ්‍ය දේපල අවභාවිතය. රාජ්‍ය වාහන සඳහා රාජ්‍ය රියදුරුවරයකු යෙදිය යුතුය. ගෙදර ඉන්න සියලු දේනාම රාජ්‍ය දේපල පරිහරණය නොකලයුතුවේ.

:       6       165

himalWednesday, 06 June 2018 06:09 AM

කළ යුතු හොඳම දේ නම්, ඇමතිවරුන්ට, නිලධාරීන්ට, අමාත්‍යංශයට කියලා සින්නක්කර වාහන නොගෙන මෙහෙයුම් කල්බදු ක්‍රමයට වාහන කුලියට ගන්න එක. වාහනේ ඇතුළට කැමරා සවි කරනවා. යන එන තැන් හොයන්න ජීපීඑස් ක්‍රමයට ඒකාබද්ධ කරනවා. එතකොට මාසිකව ගෙවන කුලී වාරිකය තමයි වියදම. අලුත්වැඩියාවට හොරට බිල්දාන ඒවා, තෙල් වංචා කරන ඒවා, හොරට අතිකාල ගන්න ඒවා නිකන්ම නවතිනවා.

:       2       20

KANDEPOLAWednesday, 06 June 2018 08:00 AM

ඔය ශ්‍රී ලංකාව කියන රටේ කල හැකි දේවල්ද..? හීනෙන් තමයි. ඉහළ සිට පහළට අවභාවිතය.

:       9       0

lalithsjm Wednesday, 06 June 2018 05:55 AM

රාජ්‍ය දේපල විනාශ කරනවා වගේ මාර්ග නීතිත් උල්ලංගනය කරනවා.

:       2       151

Senarath Wednesday, 06 June 2018 06:35 AM

මේ අනතුර වෙන වෙලාවේ, ගෙදර මිනිස්සු මෙතන හිටියනම් අද ජිවතුන් අතරේ නැහැ. එහම වුනානම් මොකද නැවත පණ දෙන්නද.

:       2       63

තේජාන්විත Wednesday, 06 June 2018 06:45 AM

ගෙදර අයට දෙයියන්ගේම පිහිටයි. ඇමති පුතෙක් නිසා වැරැද්ද වෙන්නේ කැබ් එක යනකොට නිවාස එතන තිබුන එක. දඩේකුත් ගෙවලා ගේත් හදාගන්න වෙයි .

:       2       91

Thilina Wednesday, 06 June 2018 06:57 AM

විපක්ෂයේ බහුතරයකට චෝදනා ගොනු කරලා නඩු දාලා තියෙන්නේ වාහන අවභාවිතා කලා කියලනම් යහපාලනය අනුව ඇමැති පුතා එෆ් සී අයි ඩී එක පැත්තේ යනවා බලන්න අපිට පුලුවන් වෙයි

:       1       48

rama Wednesday, 06 June 2018 08:17 AM

අද (6) වැනි දා අලුයම 12.50 ට පමණ මෙම අනතුර සිදුවී ඇත. කොහේ ගිහිල්ලද ඇමති පුතා ඒ වෙලාවට

:       0       0

Cyril Wednesday, 06 June 2018 08:39 AM

මීට පෙරත් පාපැදි කරුවෙක් යට කරලා බරපතල තුවාල කලා. මිනිස් ජ්වීත තුට්ටුවකට මායිම් කරන්නේ නෑ.

:       0       8

කසුන් Wednesday, 06 June 2018 12:17 PM

මීට කලිනුත් අසරණ මනුස්සයෙක්ව යටකර පලාගියා. එහෙත් මේ වෙනකම් එයට සාධාරණයක් ඉෂ්ට වුනේ නැහැ. මෙය පැහැදිලි රජයේ වාහන අවභාවිතාවක්. අපි බලාගෙන ඉඳිමු. කොහොමද මොහුට නීතිය ක්‍රියාත්මක වන ආකාරය දෙස...

:       0       0

Hafeel Wednesday, 06 June 2018 03:33 PM

රාජපක්ෂ පුතුන්ට සමානයි රංගෙ බණ්ඩාර පුතුන්. මීට කළිනුත් බණ්ඩාර පුතුන්ගෙන් රජයේ වාහනයක් අනතුරකට ලක්වුණා.

:       0       0

Samathasena A . Aluthgama Wednesday, 06 June 2018 04:31 PM

මේ දඩබ්බර ඇමති පුත්‍රයාට තරාතිරම ගැන නොබලා නීතිය ක්‍රියාත්මක විය යුතුයි.වරද කව්රු කරත් වරදමයි.මත්පැන් බී රිය පැදවීමටත්,රජයේ වාහනයකට අලාබ හානි සිදුකිරීමත්,නිවෙස් හිමියන්ට සිදුවූ පාඩුවත් අයකර ගත යුතුයි.

:       0       107

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 245 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 637 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 555 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1374 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2835 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1844 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site