IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමැති පාඨලී තෙල් මාෆියාව ගැන හෙළි කරයි

ඛණිජ තෙල්  සහ විදුලිබල ක්ෂේත්‍රවල දිගින් දිගටම මාෆියාවක් ක්‍රියාත්මක වන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
 
තෙල් පිරිපහදුව නතර වන්නේ , තෙල් නැව පරක්කු වෙන්නේ, රටේ තෙල් අර්බුදයක් ඇතිවෙන්නේ ස්භාවිකවම ද යන්න හිතා බැලිය යුතු යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
 
ඔහු මේ බව කීවේ අද පැවැති මාධ්‍ය හමුවකදී ය.
 
‘ඛණිජතෙල් ක්ෂේත්‍රෙය් සහ විදුලිබල ක්ෂේත්‍රයේ හැමදාම හිඟයක් ඇති කරලා වැඩි මිලට මිලදී ගන්නවා. මේක රට දැනගතයුතුයි. මෙය රට වෙලා ගත්තු ලොකු ගැටළුවක්. මගේ කාලෙත් ඒ වගේම තෙල් හිඟයක් ඇති කරන්න කටයුතු කළා. අපි ඒක පාලනය කළා. ඒ පාලනය කළේ කොහොමද කියලා මම ප්‍රසිද්ධියේ කියන්න කැමති නැහැ. නමුත් පාලනය කළා. ඊට පස්සේ කිසිම කෙනෙක් මගේ කාලයේදී නම් තෙල් අර්බුද  ඇති කරන්න ආවේ නැහැ. යහපාලනය හොඳයි හැබැයි මුලින් පාලනය කියනදේ තියෙන්න ඕනෑ.‘  



අදහස් (11)

ඇමැති පාඨලී තෙල් මාෆියාව ගැන හෙළි කරයි

daham Monday, 06 November 2017 12:32 PM

ඔහේගේ කෙරුවාව, කැරැට්ටුව හැමෝම දන්නවා. මේ අයි.ඕ.සී මාෆියාවට සුදු හුණු ගාන්න එපා.

:       421       785

Sujeewa Monday, 06 November 2017 01:27 PM

ඇමැතිතුමාත් ඇත්ත කියන්න බයයි. කියන්නකෝ ඇත්ත සහ සම්බන්ධ අයගේ ක්‍රියාවන් සහ නම් ගම්. නැත්නම් "යහ පාලනය" අනුව, ඒවා අකැප ද?

:       25       320

Sisura Monday, 06 November 2017 03:17 PM

සම්පූර්ණ ඇත්ත. මේ රටේ මාෆියා නිසා මේ සියළු ප්‍රශ්න. වත්මන් යුගයේ මේ සියළු දේ අවබෝධ කරගත් නැණවත් සහ උගත් ඇමැතිතුමනි, ඔබතුමා දිහා මා බලා සිටින්නේ ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය ආරම්භ කළ සමයේ සිටයි. අප රටේ දියුණුවට ඔබතුමා ඉතාමත් අවශ්‍යයි. ළඟ සිටින සතුරාගෙන් ප්‍රවේශම් වන්න.

:       462       414

sunil Monday, 06 November 2017 03:27 PM

ඉතින් ඔය මසුරන් වටිනා උපදෙස තමුන්ගේ සහෝදර එකම කැබිනෙට්ටුවේ ඉන්න ඇමතිවරයෙකුට දුන්නා නම් ජනතාවට සේවයක් වෙනවානේද ඇමතිතුමා? මොකටද ඕක රහසක් හැටියට තියාගන්නේ?

:       0       0

ධම්ම Monday, 06 November 2017 03:53 PM

වේදිකා දෙවනත් කරලා වැඩක් නැහැ. ෂෙඩ්වල පැට්‍රෝල් ගෙනල්ලා දාන්න. එය ඔබලාගේ වගකීම.

:       1       214

sumudu Tuesday, 07 November 2017 02:39 AM

මේවා ඔක්කොම ජනතා පැතුම් . අවුරුදු 70ක් තිස්සේ ජනතාව ඉල්ලපු දේවල් වල හොඳම ප්‍රතිඵල දැන් ලැබෙන්න පටන් ගෙන . තව ටික කලයයි ලංකාව විනාශ වෙන්න යන්න . මේවා ජනතා කැමැත්ත ඇතිවනේ සිද්ද වෙන්නේ . පහුගිය ආණ්ඩුවෙන් බලතෙල් ගහල වාහන ටික විනාස කරගත්ත . දැන් තෙල් නෑ.... අනේ මෙහෙම මෝඩ ජාතියක්....

:       0       0

Senarath Tuesday, 07 November 2017 03:30 AM

තෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුවේ ප්‍රමාදවීම් පාලනය කිරීම සඳහා දඩ මුදල් අය කිරීමක් තිබිය යුතුයි. එහෙම නැතුව සැපයුම්කරුවන්ට ඕන වෙලාවට තෙල් ගෙනත්ත දෙන්න රටක් බැදිලා නෑ. ඒ අනුව දඩ මුදල් අය කරනවා නම් මේවා පාලනය කරන්න පුලුවන්. ඔබ තුමා කොහොමත් කතාවට දක්ෂ බව සියලු දෙනා දන්නවා....කෝ බිලියන 50,000 මහ කොළඹ සැලැස්ම ක්‍රියාත්මකද? 2020 දී කියයිද දන්නේ නෑ ඒකේ ඉතිරි සැලසුම් ටික ඉවරකර ගන්න තව අවුරුදු 5 කට ඡන්දය දෙන්න කියලා...

:       0       36

sunil Tuesday, 07 November 2017 05:21 AM

හැමෝගෙම කතාව නම් සුපිරි දෝලාවෙන්, නමුත් පයින්වත් යාගන්න බැරිවෙලා බවනම් අපිට දැන් පෙනෙනවා හොඳින්ම.

:       1       17

Thilaka Tuesday, 07 November 2017 06:12 AM

දැන් ආණ්ඩුව පෙරලුවේ ඕව නැති කරන්න නේද???

:       0       2

සිංහවංශ Tuesday, 07 November 2017 08:21 AM

අපේ නිදහසෙන් පස්සේ ඉන්දියාව සිංහලයාගේ අයිතිය මේ ලංකාවෙන් උදුරගන්න කරපු දේවල් වලින් තවත් එකක් තමයි LIOC කොම්පැනිය. 20% බෙදා හැරීමේ බලය තියාගෙන කොහොමද මුළු රටේම තෙල් නැති කරන්නේ? සිපෙට්කෝ එකට තෙල් ගෙන්නන්න සිපෙට්කෝ එකට බැරිද? ඇයි සිපෙට්කෝ එකට තෙල් ගෙන්වන නැව් කොහෙද? සිපෙට්කෝ එකටයි LIOC එකටයි තෙල් ගෙන්නනේ එක නැවේද? ඒ නැව ඕඩර් කරන්නේ සිපෙට්කෝ එකද LIOC එකද? මම නම් බොහෝ කාලයක ඉඳන් LIOC එකෙන් පෙට්‍රල් වර්ජනය කරලා තියෙන්නේ බොහෝ ඉන්දියන් භාණ්ඩ වගේම.

:       0       2

prakaash Tuesday, 07 November 2017 11:54 AM

මේ වාචාල ඇමතිය ජනතාව රැවටීමට හොඳට දන්නවා, ඩොලර්වලට ඕනෑම පාවා දීමක් ,පහත වැඩක් කරනවා.හොඳ කුමන්ත්‍රණ කාරයෙක් බව සිතට ගන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 145 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 149 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 95 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 182 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2016 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 555 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site