IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘ඇමැති නිල රිය භාවිත කළේ දින 8 යි‘: සරත් ෆොන්සේකා

(ඉන්දිකා රාමනායක) 

අමාත්‍යවරයකු  ලෙස තමාට ලබාදුන්  මෝටර් රථය   ධාවනයට යොදවා  ඇත්තේ  දවස් 7 හෝ 8 ක් පමණක් බව තිරසාර සංවර්ධන වනජීවි හා  ප‍්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාෂල් සරත් ෆෝන්සේකා මහතා අද  (3) පැවසීය.

එයට හේතුව වී ඇත්තේ එය  වැඩි වශයෙන් ඇත්තේ  ගරාජයේ බවත් දවසක් ධාවනයට යොදා ගතහොත්  මාස 2 ක් එය ගරාජයේ බවත් තමන් රාජකාරි කළේ එක  වාහනයෙන්  පමණක් බවද අමත්‍යවරයා කියා සිටියේය.

ඇමැතිවරයෙක් වශයෙන් පත්වීම් ලැබ තමන්ට  වාහනයක් ලැබුණේ  පත්වීම් ලැබ මාස 10 ක් ගත වු පසුව බවත්   එතෙක් කාලයක් තමා භාවිතා කළේ තමන්ගේ  පෞද්ගලික වාහනයෙන් බවද හෙතෙම සඳහන් කළේය.

එම වාහනයට ඉන්ධන ලබාගත්තේ තමාගේ පෞද්ගලික මුදල් වලින් බවද අමාත්‍යවරයා වැඩිදුරයත් කියා සිටියේය.

අමාත්‍යය සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ  අද (03)  සිය නව අමාත්‍යධුරය් වැඩ බාර ගැනීමේ උත්සවය අමතමිනි.  
 

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (19)

‘ඇමැති නිල රිය භාවිත කළේ දින 8 යි‘: සරත් ෆොන්සේකා

ලහිරු Thursday, 03 May 2018 11:03 AM

මෙතුමා තදින් හිටියොත් කැලේ සත්තු ටික, වන සම්පත බේරෙයි කියලා මට හිතෙනවා.

:       134       144

අතුල Thursday, 03 May 2018 12:00 PM

රුපියල් කෝටි 7 ක් වැය කරලා ගනිපු වාහනය "දවසක් ධාවනයට යොදා ගතහොත් මාස 2 ක් එය ගරාජයේ" නම්, ඔය ගැන "බෙන්ස්" සමාගමට කියන්න ඕන. මොකද ඔය වාහනයට තවම අවුරුදු 3 යි. අනික ඔය වාහනය හදන "ගරාජ්" එක මොකක්ද කියල බලන්නත් ඕන වගෙයි. බෙන්ස් කියන්නේ ලෝකයේ රාජ්‍ය නායකයන් වැඩි ගණනක් පාවිච්චි කරන උසස්ම ගනයේ සුඛෝපභෝගී වාහනයක්.

:       0       1354

Sapumal. Thursday, 03 May 2018 12:35 PM

අහිංසක වනසතුන් මරණ මස් වැද්දන්ටත්, ගස් කපන්නන්ටත් නිසි දඬුවම් දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

:       16       261

shan saudi Thursday, 03 May 2018 01:07 PM

ඔබතුමාට ජය වේවා ! රට බේරා ගත් ඔබට රටේ සම්පත් බේරා ගැනීමට ශක්තිය ලැබේවා !

:       1295       1069

Shanaka Thursday, 03 May 2018 04:01 PM

සුදුස්සාට සුදුසු තැන දෙනවා කියන්නේ මේකට තමා.

:       157       116

V.warnakulasuriya Thursday, 03 May 2018 05:35 PM

සැබෑ දේශපාලකයෙක් වන මෙතුමාට මේ මොහොතේ අපි සුබ පතමු.

:       562       315

suvandaMonday, 07 May 2018 12:52 AM

සැබෑ දේශපාලකයෝ ඡන්දය දිනලයි පාර්ලිමේන්තු එන්නේ.

:       50       0

de silva Thursday, 03 May 2018 07:42 PM

මෙතුමාට ඔය වගේ වැඩක් භාර දුන්නොත් අනිවාර්යයෙන්ම හරියටම කරාවී

:       356       380

Raveendra Friday, 04 May 2018 03:16 AM

අතුල මයා වෙත ඔබගේ අදහස් සමග ආපදෙකග වන්නෙමු. බෙන්ස් වාහනය ඉහල ප්‍රමිතියකින් නිෂ්පාදනය කරන රථයකි.මිල අදිකවන අතර එහි ගුණාත්මකබාවය ද ඉතා ඉහල මට්ටමාක පවතින බව අප සිල්ලලෝම දන්නා කරුණකි.සාමාන්‍ය පුරවැසියන් වන අපට නැගෙන ප්‍රශ්න වන්නේ මෙහි සදහන් ගරාජයේ සිටින කාර්මිකයන් එක්කෝ වඩු ,සිමෙන්ති, පල්දෝරු , ,දන්ත ,කෘෂි වැනි විෂයන්ට අදාළ කාර්මිකයන් විය යුතුමය.අනේ කරුණ ඔබ සදනකල පරිදි මේ පිලිබදව ජර්මන් බෙන්ස් අයාතනයට දැන්විය යුතුයි "තත්වයෙන් බාල තුට්ටුදෙකේ" වාහනයක් ( අදික මිලකට ) අප රටට විකිණීම පිලිබදව. එසේත් නැත්නම් මෙම වාහනය අපරටට ගෙන්වීමේදී "මොකෙකේ හරි බුරුවෙක්" මෙමගින් ගසා කා ඇතිබවට (තුට්ටු දෙකේ වහනයක් අදික මිලගණන් පෙන්වා ගසාකෑම වැනි දෙයක් සිදුවී ඇති බව ) . මෙය හොද පාඩමක් මින් මතුවට අපේ රටේ අම්බරුවන් 225 ගෙන් එකෙක්වත් "තුට්ටු දෙකේ බෙන්ස්" වාහන මිලදී නොගන්නා බව. මොකද මේ සිල්ලම ඒ ඒ අම්බරුවන් ගෙදරින් ගෙනත් වියදම් කරන මුදල් නොවැ.

:       0       232

perera Friday, 04 May 2018 04:47 AM

රජයට මිලදී ගන්නේ අලුත් වාහන පමණයි. රීකන්ඩිෂන් වාහන මිලදී ගන්නේ නැත. මැති ඇමතිවරුන්ගේ වාහන අයත් වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතයට. බොහෝ විට සරත් ෆොන්සේකාට දීපු වාහනය පැරණි එකක් විය හැක. අනික ඔය බෙන්ස්, බී එම් ඩබලිව්, වොල්වෝ ඔය ඔක්කොම වාහන අබලන් වෙනවා හරි ඉක්මනට. එකම වාසිය ඕව ඔක්කොම හයි ප්ර්ෆොර්මන්ස් සහ උපාංග සහිත වාහන. පිටරටවල ඔය හැම වාහනයක්ම ජපන්, යුරෝපීය වෙනසක් නෑ, අවුරුදු හයක්, හතක් ගියාට පස්සේ එකම ගාන තමයි වටින්නේ.

:       6       2

dhamneth Friday, 04 May 2018 03:19 AM

වන අලි මැරීම වෙනුවට ගම් වදින අලි අල්ලා හෝ කොටුකර දීමට ගම්මුන්ව දිරිගන්වා එසේ අලි අල්ලා දෙන අයට දීමනාවක් දෙන්න .කණ්ඩායම් වසයෙන් එකතුවී මෙය කරන්න පුළුවන් .බොරුවළවල් කපා අලි එම වළවල්වලට වැටෙන්න සැලැස්වීම මදුගසිම ආදී ක්‍රමවලින්.සහභාගී වූ ගම්මුන්ට දිරි දීමනාවක් දෙන අතර වන ජීවි නිලධාරීන්ට පුළුවන් මෙසේ අල්ලන අලි රක්ෂිතවලට ගිහින්දාන්න.

:       1       0

tikiri Friday, 04 May 2018 03:32 AM

ගරාජ් එකේ තියන්න නම් මොකටද මිලියන ගණනක් මහජන මුදල් වියදම් කරලා ඔය වගේ වහනයක් ගත්තේ . කට පිහද ගන්න , පොඩි කලේ බීපු කුක්කු තවම කට වටේ .

:       0       82

sirimal Friday, 04 May 2018 03:34 AM

අර පොක්සොගන් කම්හලේ හදපු එකක් වෙන්න ඕනේ .

:       0       9

kalani Friday, 04 May 2018 04:09 AM

වාහන ඇතත් නැතත් අපේ වනජීවී සම්පතවත් ආරක්ෂා කරදීමට ඔබතුමාට හැකියාව ඇති බව අපි විශ්වාශ කරමු.විරුද්ධ දේශපාලකයින් උපහාසයට ලක්නොකර වැඩ කරන්න.

:       0       0

කුමාර Friday, 04 May 2018 04:21 AM

වාහනේට කෝටි 7 යි.. මෙච්චර අබලන් වෙන්නේ කොහොමද? එච්චර වටින වාහනයක් මාස ගනන් ගරාජ් වල තියෙන්නේ කොහොමද..? සම්පූර්ණ බොඩි පේන්ට් කරලා අලුත්වැඩියා කරන්නත් මාසයක් යයි... අනික මේ වාහනේට වගකීම් නැද්ද.. බොරු බයිලානේ.. මේවට රැවටෙන මී හරක් ඉන්නවා.. මේ මනුස්සයා ඇමති කෙනෙක් වෙලා කරපු එක වැඩක් තියනවද කියල හොයලා බලන්න... අපෙ රට කවදාවත් ගොඩ යන්නේ නෑ..

:       10       47

දුල්ම් Friday, 04 May 2018 04:56 AM

ඇමතිතුමා පේනව නේද මේකේ තියන අදහස්. අපි දැං බේගල් අහලම මට්ටුවෙලා ඉන්නේ. ආයේවතාවක් බොරුවක් කියනකොට ටිකක් හිතල බලලා කියන්න. හිතාගෙන හිටියට අපි අමිබරුවො නෙමේ.

:       22       113

rohana kumara mendis Monday, 07 May 2018 06:54 AM

අතුල මහත්තයාට ගොඩක් රිදිලා වගේ... සරත් ෆොන්සේකා කියපු දේවල් වලට... අනික කොහොමද දන්නේ? එක අලුත් වාහනයක්ද, පරණ එකක්ද කියලා? අනික බෙන්ස් වාහනයක් කියලා? අනික මේ මනුස්සයා බොරු කාරයෙක් නම් ලංකාවේ යුද්දේ නිමා කරන්න වෙන්නේ නැහැ... හොඳේ.

:       0       1

rohana kumara mendis Monday, 07 May 2018 06:54 AM

අතුල මහත්තයාට ගොඩක් රිදිලා වගේ සරත් ෆොන්සේකා කියපු දේවල් වලට. අනික කොමද දන්නේ ඒක අලුත් වාහනයක්ද පරණ එකක්ද කියලා? අනික බෙන්ස් වාහනයක් කියලා? අනික ෆොන්සේකා මහත්තයා බොරු කාරයෙක් නම් ලංකාවේ යුද්ධේ නිමා කරන්න වෙන්නේ නෑ හොදේ.

:       1       0

Asanka Monday, 07 May 2018 12:04 PM

මිස්ට අතුල , සරත් ෆොන්සේකා මහත්මය වගේ අයට අලුත්ම බෙන්ස් එකක් දුන්නට කමක් නැහැ වැදු මවටත් රටටත් ණය ගෙවූ අයෙක් , ඔය කට වාචාලයෝ බොරු දේශප්‍රේමී වගේ නෙමේ තාමත් ඇඟ ඇතුලේ බෝම්බ කෑලි.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 88 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 507 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 929 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 663 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1515 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 3028 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site