IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආවා කල්ලියේ තිදෙනෙක් අත්අඩංගුවට

එෆ්.අස්ලම්
 
 
පුද්ගල පහරදීමක් සිදුකර තියුණු ආයුධ වලින් කපා කොටා දැමීමට පැමිණි ආවා කල්ලියේ සාමාජිකයින් තිදෙනෙකු යාපනය කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට  ගනු ලැබීය.
 
මෙම සාමාජිකයින් තිදෙනා සන්තකයේ තිබූ කඩුවක් සහ රැම්බෝ වර්ගයේ පිහියක් ඔවුන් පැමිණි යතුරුපැදිය ද සමගින් පොලිසිය බාරයට ගෙන ඇත.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආවා කල්ලියේ ප්‍රබල සාමාජිකයින් වන සදාරත්නම් තහිදරන් සහ කුමාරස්වාමි ජරුෂන්, ඥානලිංගම් ජානුෂන් නැමති තිදෙනෙකු බව පොලිසිය සඳහන් කරයි.
 
කෝපායි ප්‍රදේශයේ ගජලක්ෂන් නැමති තරුණයකුට පහරදීම සඳහා ආවා සාමාජිකයින් හය දෙනෙකු කෝපායි ප්‍රදේශයට පැමිණ ඇති අතර මොවුන්ව දැක  එම තරුණයා පලා යාමට තැත් කර ඇත.
 
මෙහිදී තාප්පයක් යැයි සිතමින් පැනීමේදී ළිඳකට වැටී ඇති එම තරුණයා ළිදෙහි යකඩ ආධාරකයක් අල්වාගෙන දිවි බේරාගෙන සිටියෙදී ආවා සාමාජිකයින් විසින් ඔහුට ගල්වලින් පහර දී තිබිණි.
 
මෙම අපරාධය දුටු ගම්වාසීන් කඩිනමින් ඒ බව පොලිසියට දැනුම් දීමත් සමඟ කෝපායි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.එම්.කහදවල මහතා ප්‍රමුඛ නිලධාරීන්  කඩිනමින් ක්‍රියාත්මක වී ළිදෙහි වැටී සිටි තරුණයා මුදාගනිමින් පහර දීම සිදුකළ ආවා සාමජිකයින් අතරින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

 



අදහස් (0)

ආවා කල්ලියේ තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 78 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 680 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 559 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 517 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 264 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 711 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site