IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රට ගිහින්

තරිඳු ජයවර්ධන 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවනු ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද උදේ විදේශ ගතවී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.

කප්පම් ගැනීමට තරුණයන් 11දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුවක වරෙන්තුකරුවකුට රැකවරණය දීම සම්බන්ධයෙන් ඔහු අද රහස් පොලිසියට කැඳවා තිබිණි.

අද ඔහු රහස් පොලිසියට පැමිණියේ නම් අත්අඩංගුවට ගැනීමට සිටි බව එහි ආරංචි මාර්ග කියයි.   



අදහස් (11)

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රට ගිහින්

බුද්ධික Monday, 10 September 2018 05:45 AM

බයේ පැනලා ගිහින් වගේ... පස්සේ ඇවිත් ඉස්පිරිතාලෙ යයි

:       132       64

සතයපාල Monday, 10 September 2018 05:56 AM

වැඩිය හොදයි ආපසු ලංකාවට ආවොත් කටුණායකදීම අත් අඩංගුවට ගන්න හැකි වේවි. එහෙම නෑත්නම් සදාකාලිකවම රටෙන් පිටුවහල් වෙලා ඉන්න වේවි.

:       109       33

Nandalal DE SILVA - France Monday, 10 September 2018 06:33 AM

හොඳ සූත්තරයක් දාල රටෙන් පැන ගිහින් වගෙයි ! ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙකුට මෙහෙම රට යන්න පුලුවන්ද, සිය වග කිව යුත්තන්ගේ අවසරයක් නැතුව ? රට ගියේ මොකද ? ආයෙමත් මෙයා ගෙන්න ගන්න ලෝකේ පුරාම රතු නිවේදන යවන්න වේවිද ?

:       223       175

Ashan Monday, 10 September 2018 06:45 AM

ඒකෙන්ම පේනවානෙ මෙයාලා වැරදිවලට සම්බන්ධ බව.

:       106       94

sam Monday, 10 September 2018 07:15 AM

උසාවියක විභාග වන නඩුවක චුදිතයෙකු, වරදකරුවෙකු ලෙස සැලකීමට අප ඉක්මන් නොවිය යුතුයි. නමුත් චෝදනා වලට මුහුණ නොදී මෙහෙම මාරු වෙන්නේ තමන් කල වැරදි වලින් ගැලවීමක් නොලැබෙන බව තේරුම් ගිය නිසා බව කාටත් තේරෙනවා .

:       34       57

maheshikaMonday, 10 September 2018 08:42 AM

වැරදි නොකර වරදකරුවකු වීමට අකමැති නිසා වෙන්න ඇති...

:       91       2

Hafeel Monday, 10 September 2018 07:35 AM

මේවගේ අයටද රටේ වගකිවයුතු තනතුරු බාර දෙන්නේ? මේ ගමන ඉතා සැලසුම් සහගත වෙන්න පුළුවන්. ඉහලින් නොදන්වා මෙහම යන්න පුලුවන්ද? මෙහම තමයි අර්ජුන් මහේන්ද්‍රනුත් රටින් පලා ගියේ. දුර්වල පාලනයේ ප්‍රතිපල තමයි මේ ගමන.

:       106       21

Chanak Los angeles Monday, 10 September 2018 07:39 AM

මේ ක්‍රියාවෙන් මිනීමරුවන් කෙලින්ම ඔප්පු වෙනවා .. මේවාට අණදුන් ප්‍රධානියා නීතියට වෙට්ටු දමමින් රටේ මහපුටුවට කුරුමාණන් අල්ලනවා .

:       283       310

sirimal Monday, 10 September 2018 08:26 AM

මේකත් හරියට අර ආණ්ඩුවේ කන්තෝරුවල හොර අල්ලන්න තියෙන කඩා පනින හමුදාවල් එන්න කලින් දවසේ යන තැනට කඩා පැනලා "අපි හෙට එනවා" කියලා කියනවා වගේ වැඩක්... මෙතුමා අත්අඩංගුවට ගන්නවා කියලා සුමාන ගණනක් තිස්සේ ප්‍රසිද්ධ කළාට පස්සේ කවුද ඉතින් බකන් නිලාගෙන ඉන්නේ?

:       0       14

sumith Monday, 10 September 2018 08:57 AM

රජයේ සේවකයෙකුට ඔහොම හිටි ගමන් රට යන්න පුළුවන්ද? අවසර නැතුව, මට හිතන්නේ මිනිහට බඩ යනවා ඇති බයවෙච්ච තරමට...

:       137       26

desilva Monday, 10 September 2018 11:44 AM

අත්අඩංගුවට ගන්න එනවා කියල ප්‍රසිද්ධ කරලා දැම්මට පස්සේ ඔහු ගෙදරට වෙලා නිකන් ඉඳීද ? කරුණාකර පොලිසිය මීට වැඩිය රහසිගතව කටයුතු කරන්න පුරුදු වෙන්න.

:       118       24

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 260 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 748 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1941 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2172 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 648 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 282 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site