IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ඇමරිකාවේදී අතුරුදන්

(ඉන්දිකා රාමනායක)

ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි  ශි‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ  ආරක්ෂක උපදේශකවරයකු වශයෙන් කටයුතු කර සේවා කාලය අවසන් වුවද මෙරටට යළි නොපැමිණ සැඟව සිටින හමුදා බි‍්‍රගේඩියර්වරයකු  අත්අඩංගුවට ගැනීමට තානාපති කර්යාලය මගින්  ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී ඇති බව යුද හමුදාව කියයි.

මෙලෙස අත්අඩංගුවට ගැනීමට දැනුම් දී ඇත්තේ ගජබා රෙජිමේන්තුවේ  සේවය කරමින් සිටි ජයන්ත රත්නායක නැමැති බි‍්‍රගේඩියර්වරයා බව  හමුදාව පවසයි.

බි‍්‍රගේඩියර් ජයන්ත රත්නායක මහතා ඉකුත් රජය සමයේ 2014  දෙසැම්බර්  මස ඇමැරිකාවේ වොෂින්ටන් හි පිහිටි ශි‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකු වශයෙන් පත්කර යවා තිබුණි.

2016 වසරේ ඔහුගේ නිල කාලය අවසන් වී නැවැත  ලංකාවට පැමිණීමට  නියමිතව තිබුණ ද මෙතෙක් ඔහු ශි‍්‍ර ලංකාවට පැමිණ නොමැති  බවද හමුදා  ආරංචි සඳහන් කරයි.

මෙම  බි‍්‍රගේඩියර්වරයාගේ එම තනතුරට දැනට  නාවික හමුදා නිලධාරියකු පත් කර ඇති බවත් මින් ඉදිරියට එම තනතුර  ශි‍්‍ර ලංකා නාවික හමුදාවට  ලබා දී ඇති බවද හමුදාව කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ බි‍්‍රගේඩියර් ජයන්ත රත්නායක මහතා මෙතෙක් හමුදා සේවට වාර්තා කර නොමැති හෙයින් ඔහු හමුදාව හැරගිය පුද්ගලයකු වශයෙන් නම්කර  ඔහුට එරෙහිව පියවර ගෙන ඇති බවයි.

මොහු රාජත්‍යාන්තික විදෙස් ගමන් බලපත‍්‍රයක් භාවිතා කරමින් මෙලෙස සැගවී සිටින හෙයින් මොහු අත්අඩංගුවට ගැනීමට ඇමැරිකානු තානාපති කාර්යාල මගින් ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී ඇති බවද  හමුදා ප‍්‍රකාශවරයා කීය.

 මෙම නිලධාරියා කර ඇති යම් යම් කි‍්‍රයා හේතුවෙන් වසර කිහිපයක් පුරා යුද හමුදාවට හිමිව තිබු එම ආරක්ෂක උපදේශක තනතුර හමුදාවට අහිමි ව ඇති බවද හමුදා ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (10)

ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ඇමරිකාවේදී අතුරුදන්

mangala welarathna Monday, 10 July 2017 05:12 PM

මෙන්න රණවිරුවෝ වැරදි කරන සැමට නීතියට අනුව කටයුතු කිරීම වරදීද රණවිරුවෝ නමට නොව සැබැ ලෙස වැඩ කරනවානම් හොදයි

:       3       167

සෙනෙවිරත්න Monday, 10 July 2017 11:42 PM

මෙන්න නියම රණවිරුවෙක් කෝ මේ ගම්මන්පිල , වීරවංශ , බෙංගමුවේ නාලක , මහත්තයෝ , හාමුදුරුවනේ ! රණවිරුව උනත් වැරදි කරනව නම් දඩුවම් කරන්න ඉඩ‍ දෙන්න . රට නොමග යවන්නේ නැතිව

:       4       84

ලුම්බිණි Tuesday, 11 July 2017 12:25 AM

අපේ රටට හොඳ නම්බු නාමයක්.

:       0       43

samira Tuesday, 11 July 2017 01:20 AM

හරි හරි මංගලා ඒක ආමි එක බලාගනියි. ඔයා නිකන් මේකට රණවිරුවෝ අදාල කරගන්න එපා

:       406       181

dumindaTuesday, 11 July 2017 06:22 AM

ආමි එක බලගත්තට හරියන්නේ නැහැ මේ අපේ රණවිරුවෝ , අර හිටපු එක්කෙනා රට හෙම තැනම කියාගෙන යන්නේ රණවිරුවන්ව පෝරකේට දක්කනවා කියල , මෙයාව ගෙන්නලා වීර විභූෂණ සම්මානය දෙන්න ඕනි ,

:       0       1

Chanak Los angeles Tuesday, 11 July 2017 01:58 AM

රාජපක්ෂලා රට වනසලා

:       279       424

Saman Tuesday, 11 July 2017 03:31 AM

දැන් ලෝයර් කෙනෙල් අල්ලල දේශපාලන රැකවරණ ඉල්ලයි, ආණ්ඩුව මැදිහත්වෙලා විස්තර දීල ගේන්න තියෙන්නෙ මෙහාට, එතකොට ගොඩක් දේවල් කියයි, ලසන්ත, තාජුඩීන් ගැන එහෙම.

:       3       222

Chanak Los angeles Tuesday, 11 July 2017 03:40 AM

ඇත්තක් කියනකොට සමීරට ඩෝන් යනවා වගේ?

:       76       118

sam Tuesday, 11 July 2017 05:36 AM

චානක, රණවිරුවන්ට අගව්රව කරනවට ඔයා හරි කැමතියි නේද.

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 11 July 2017 07:23 AM

අර සමහරු කළා වගේ හමුදාව අතහැර රටෙත් ඉන්නේ නැතුව යුද්දෙට බයේ ඇමරිකාවට යන්න තිබ්බේ යුද්ධය උපරිම වුන කාලේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 541 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 340 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1089 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 63 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2337 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 430 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site