IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආනන්ද සමරසේකර ගැන 10 දෙනෙක්ගෙන් ප්‍රකාශ

(නිමන්ති රණසිංහ)

හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා සම්බන්ධයෙන් එවකට අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කළ නිලධාරින් 10 දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ ප්‍රකාශ කළේය.
 
රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන්ගේ අස්ථි කොටස් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සමරසේකර මහතා ගැන නීතිපති උපදෙස් අනුව මෙලෙස ප්‍රකාශ සටහන් කරගත් බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

ඒ අනුව ඉකුත් අගෝස්තු මස 21 වැනිදා නිතිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවයේ නියතුව සිටි වෛද්‍යවරුන් හය දෙනෙකු, ඡායාරූප ශීල්පීන් දෙදෙනකු සහ රියැදුරන් දෙදෙනකු තම දෙපාර්මේන්තුව වෙත කැදවා ප‍්‍රකාශ සටහන් කරගනු ලැබූ  බවත් එම ප‍්‍රකාශ සම්බන්ධ සම්පින්ඩන වාර්තා ඉකුත් 13 වැනිදා නැවත නිතිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ බවත් රහස් පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වූ අතර, ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි වසන්කර කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඉකුත් මැයි මස 05 වැනිදා ඇප මත මුදාහැරුණු බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී. එම්. අනුර සේනානායක මහතා සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු පොලිස් පරීක්ෂක අංගොඩගේ සුමිත් චම්පික පෙරේරා මහතා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත‍්‍රාත් පරික්ෂණය ලබන නොවැම්බර් මස 08 වැනිදා තෙක් කල් තැබීය.

 



අදහස් (2)

ආනන්ද සමරසේකර ගැන 10 දෙනෙක්ගෙන් ප්‍රකාශ

sanat Thursday, 28 September 2017 05:43 PM

ආනන්ද සමරසේකර පේරාදෙණියේ වෛද්‍ය සිසුවෙක් ව සිටි කාලයේ ඉතාමත් අහිංසක නිහතමානී පුද්ගලයෙක් බව ඒ කාලයේ විශ්වවිද්‍යාලයේ සිටි අපි සැවොම දනිමු. නමුත් වෝහාර වෛද්‍ය විශේෂඥයෙකු වූ පසු ඔහු මෙසේ වූ බව රටටම නොරහසකි.

:       0       0

Chanak Los angeles Thursday, 28 September 2017 11:44 PM

අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් පාලකයන්ගේ වුවමනාවන්ට අවනතව දූෂණයන්ට හවුල් වෙනවා කියන්නේ ඉතාම නින්දා සහගත ක්‍රියාවක්.. මරණකරුගේ අස්ථි කොටස් මොහුගේ භාරයෙන් අතුරුදන් වුණා කියනකොට මොහු කර තිබෙන දේ හිතාගන්න නීති විභාග සමත් වෙන්න ඕනේ නැහැ. මේ මිලේච්ඡ ඝාතනය සඟවන්න නොසෑහෙන්න මහන්සි ගත්තා .. බණ්ඩාරනායක ඝාතනයට හැර අද දක්වා රටේ සිදුවුණු කිසිම දේශපාලන ඝාතනයක මිනීමරුවෙක් හෝ ඒවා සැලසුම් කල පුද්ගලයෙක් හෝ කිසිම නීතියකින් කිසිම අධිකරණයකින් රට හමුවේ ඔප්පු කර දඬුවම් ලබා දීමට අපොහොසත් වී තිබෙනවා . විශේෂයෙන් අපි අධිකරණයේ ස්වාධීනත්වය මැනගන්නේ මේ තාජුදීන්ගේ ඝාතනයට ලැබෙන තීන්දුව මගිනි.. මන්ද මේ ඝාතනයට සම්බන්ධව පදනම් වී ඇති සියලුම සාක්ෂි, විද්‍යාත්මක කරුණු අනුව මෙම ඝාතනය අනෙක් සියලුම දේශපාලන ඝාතන වලට වුණා වගේ අවිනිශ්චිත ගිණුමට බැර වෙන්න කොහොමත් බෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 335 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 137 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 203 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 250 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 377 1

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 860 5

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site