IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආනන්ද සමරසේකරගෙන් පෙත්සමක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම එම සභාව විසින් මාස 6කට අත්හිටුවමින් තමන්ට එරෙහිව නිකුත් කර ඇති නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර අභියාචනාධිකරණය හමුවේ අද (9) රිට් පෙත්සමක් ගොනු කළේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ,එහි සභාපතිවරයාව සිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකා , ශ්‍රී ලංකා වෛද්‍ය සභා වෘත්තිකයින්ගේ හැසිරීම් සොයා බැලීම සඳහා වන කමිටුවේ සාමාජිකයින් නම දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.

එම වෛද්‍ය සභාව විසින් ඉකුත් ජුනි 30 වැනිදා තමන් සම්බන්ධයෙන්  නිකුත් කරනු ලැබ තිබෙන නියෝගය ක‍්‍රියාත්මක වීම සහ එම නියෝගය මත පදනම් ඉදිරි පියවර ගැනීමෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ එහි සාමාජිකයින් වළක්වන ප්‍රෙහිබිෂන් රිට් ආඥාවක්ද නිකුත් කරන්නැයි පෙත්සම්කරු ඉල්ලා ඇත.

හිටපු රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ගේ ශරීර කොටස් අස්ථානගත වීම ඇතුළු චෝදනා පහක් ඇතුළත් චෝදනා පත‍්‍රයක් ශ්‍රී ලංකාව වෛද්‍ය සභාව ඉකුත් දා තමන්ට එරෙහිව ලබා දුන් බවත් පෙත්සම්කරු කියා සිටී. ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් 9 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා වෛද්‍ය සභා වෘත්තිකයින්ගේ හැසිරීම් සොයා බැලීම සඳහා වන කමිටුවේ සාමාජිකයින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ බවද පෙත්සම්කරු කියා සිටී.

එකී චෝදනා වලින් චෝදනා තුනකට පමණක් තමන් වැරදිකරු කොට හිටපු රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ගේ ශරීර කොටස් අස්ථානගත වීම ඇතුළු වෙනත් චෝදනා දෙකකට තමා නිවැරදිකරු බවට අදාළ කමිටුව ඉකුත් ජුනි 30 වැනිදා තීරණය කර ඇති බව සිය පෙත්සම මඟින් පෙත්සම්කරු පෙන්වා දේ.

කෙසේ වුවද එම චෝදනා වලට වැරදිකරු බවට තීරණය කර ඇත්තේ ඒකමතික තීරණයකින් නොවන බවත් ,තමා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලැබු කමිටුවේ ඇතැම් සාමාජිකයින්ට ඒ සඳහා සුදුසුකම් නොමැති බවද පෙත්සම්කාර ආනන්ද සමරසේකර මහතා කියා සිටී.



අදහස් (4)

ආනන්ද සමරසේකරගෙන් පෙත්සමක්

Chanak Los angeles Wednesday, 09 August 2017 05:20 PM

තව අවුරුදු 10 කට තහනම බලපවත්වන්න.

:       0       0

sanath Wednesday, 09 August 2017 06:31 PM

ආනන්ද සමරසේකර විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ නිශ්ශබ්ද පුද්ගලයෙක් නමුත් ජී.එම්.ඕ.ඒ. එකේ බොස් වුණාට පස්සේ අං දෙකක් ආවා දැන් බොස්ගේ වගේම. අධිකරණ වෛද්‍ය නිලධාරීන් පොලිසිය එක්ක ලඟින්ම ගණුදෙනු කරන නිසා මෙයත් හිතාගෙන හිටියේ අයි.ජී.පී. කෙනෙක් කියලලු.

:       0       0

ravin Thursday, 10 August 2017 12:22 AM

මොකෝ !! තව ශරීර කොටස් උස්සන්න හිතිලද? නැතිනම් තමුන්ගේ ශරීර කොටස් අස්ථාන ගත කරන්න හිතිලද?

:       0       0

sachith Thursday, 10 August 2017 03:14 AM

මේ කොහොමට රාවයක් තියන හිටපු පුද්ගලයෙක්ද? බල්ලෝ එක්ක නිදාගත්තම බලු මැක්කෝ එක්ක නැගිටින්න වෙනවා කියලා අපේ පරණ පඬිවරු කියලා තියෙන්නේ මේවගේ දේවල් වලට තමයි. අධිකරණ වෛද්‍යවරයකු සැකකටයුතු මරණයක සාක්ෂි සැඟවෙනවා කියන්නේ වෛද්‍ය විද්‍යාව හිතුමතේ යොදවනවා වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 96 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 227 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 980 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 122 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 309 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 285 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site