IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘ආණ්ඩුව ගැන විශ්වාසයක් නැතිනම් තනතුර තබා ගෙදර යන්න - ඇමැති හර්ෂ ද සිල්වා


 (අංජුල මහික වීරරත්න,ඡායාරූප හා වීඩියෝ- ශාන්ත රත්නායක)

ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති අය විශ්වාසභංගය පරාජය කරන තුරු නොසිට තනතුරු බිම තබා ගෙදර යන්නැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා මාධ්‍ය හමුවකදී අද (3) පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය තමන් සිටින ආණ්ඩුව විශ්වාස නැතැයිද අප ගෙදර යවපන් කියන ජාතියේ හරක් සෙට් එකක් නොවන බවද අමාත්‍යවරයා කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මුලස්ථානයේදී අද (3) මාධ්‍ය හමුව පැවැත්විණි.

අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීම සඳහා ජනවාරි 8 වැනි දා බලවේගය ඒ අයුරින්ම ඒකරාශී වී සිටින බවද ආචාර්ය හර්ෂද සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසුයේ හෙට දවස වන විට අගමැති පාර්ලිමේන්තුවේ බහුතරය පිළිගන්න අග්‍රාමාත්‍යවරයා බවට පත්වන බවයි.

 



අදහස් (11)

‘ආණ්ඩුව ගැන විශ්වාසයක් නැතිනම් තනතුර තබා ගෙදර යන්න - ඇමැති හර්ෂ ද සිල්වා

Raveendra Tuesday, 03 April 2018 08:38 AM

සහතික ඇත්ත. නිකං මිනිස්සුන්නේ බදු මුදල් තව තවත් නැති නාස්ති නොකොට ඒ "කියමන අනුවම" ක්‍රියා කලොත් කාට කටත් හොදා....

:       88       211

sena Tuesday, 03 April 2018 08:42 AM

ඔතන ප්‍රස්නේ වෙලා තියෙන්නේ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වෙන්න දෙපැත්තම කැමති නැහැ ඇමති කම් අඩුවෙනවාට බයේ - මේ කැද ආණ්ඩුවම දෙපැත්තට අදි ඇදී තව අවරුදු දෙකක් යනවා වගේ පෙන්නේ.

:       6       50

Harsha Tuesday, 03 April 2018 09:01 AM

එකනෙ ඔයාලට මෙච්චර කියන්නෙ. ඔයා අචාර්ය උනාට සාමාන්‍ය දැනුම 0 නෙ. ඔයගොල්ලො දැන් ගෙදර යන්න විශ්වාස භන්ගය පැරදිලා.

:       1770       1864

ratne Tuesday, 03 April 2018 09:37 AM

පහුගිය මැතිවරණෙන් ඔප්පු උනා ආණ්ඩුව ගැන ජනතාව ගේ විශ්වාසයක් නැති බව.

:       28       128

Senarath Tuesday, 03 April 2018 10:02 AM

ආණ්ඩුව ගැන ජනතාවට විශ්වාසයක් නැහැ කියල පසුගිය ඡන්ද ප්‍රතිපල පැහැදිලිවම පෙන්නුවනේ. ඒ නිසා යා යුත්තේ ඔබලා. දැන් ඒක වෙන කෙනෙකුට කියල ඇග බේරගන්න හදන්න එපා .

:       0       1

sirimal Tuesday, 03 April 2018 10:03 AM

2020 වෙනකල්ම මේ විදි හට තමයි ආණ්ඩු කරන්න වෙන්නේ. නියපොත්තෙන් කඩන්න තිබුන දෙයක් බුල්ඩෝසර් දාලවත් කඩාගන්න බැරිවෙන තරමට ලොකුවෙන්න ඉඩ හැර අද දඬුවම් කරනවා හෙට දඬුවම් කරනවා කිය කියා පම්පෝරි ගසමින් බකන් නිලාගෙන ඉඳීම තමා මේ සේරටම හේතුව.

:       0       0

ජගත් ලියනගේ Tuesday, 03 April 2018 10:57 AM

ඔය කතාව කියන්නේ එජාප අය නේ. අනිත් කට්ටිය කියයි "අපිට ඔය ගොල්ලෝ කරන වීදිය හරි නැහැ , ඒක නිසා තනතුරු අත හරින්න , අපි ඒ තනතුරු අර ගෙන, ආණ්ඩුව හොඳටම කර ගෙන යන්නන්" කියල . ඒකට මොකෝ කියන්නේ ?

:       0       0

Dasuni Tuesday, 03 April 2018 11:16 AM

ඔබතුමා නිවැරදි බව අපි දන්නවා. කවදා හෝ මේ පක්ෂය භාර ගන්න. අනිත් ය ගැන අපට විශ්වාසයක් නැහැ.

:       0       1

janahitha Tuesday, 03 April 2018 12:51 PM

ඔයාල එහෙම කීවම කලින්ම යන්න වෙන්නේ ඔයාලටනේ .

:       0       0

සමන්ත Tuesday, 03 April 2018 01:34 PM

ඔය පැරදිලා යයි කියලා හිතන අයට විනාඩියක් නිශ්ශබ්දතාවය. මොකද දැනටත් පැරදිලා ඉන්නේ කවුද කියලා ජනතාව දන්නවා. දැනටමත් පැරදිලා ඉන්නේ හොරු. ඒ නිසානේ බයට රට අවුල් කරන්නේ. ඉක්මනට හිරේ යන එක බලාගෙන ඉන්න එක තමයි හොඳ.

:       0       0

Bamunuarachchi Tuesday, 03 April 2018 05:40 PM

රටේ ජනතාවටයි ආණ්ඩුව කෙරෙහි විශ්වාසය නැත්තේ. එම නිසා ඔබලා තනතුරු තබා ගෙදර බැරිනම් ඕනේ ලෝකෙක යන්න. අපෙන් කිසිම බාධාවක් නැත

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 70 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 44 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


වීරසේන දිවුරුම් දෙයි
2024 අප්‍රේල් මස 24 90 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ වියෝවෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු


යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 87 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 414 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 1320 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1649 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site