IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ආණ්ඩුව කරන දේවල් ජනතාවට පේන්නේ නැහැ‘- අගමැති

(සිරංගිකා ලොකුකරවිට)

"ආණ්ඩුවට කරන දේවල් ජනතාවට පේන්නේ නෑ. අපි ගොඩක් වැඩ කළත් ඒවා පේන්න ඒවායේ ප්‍රතිලාභ දකින්න ටික කාලයක් ගත වෙනවා. කරන දේවල් පේන්න විතරක් කළා නම් බෙර ගහලා පටන් ගන්න තිබුණා. බෙර සද්දෙට කට්ටිය කියාවි අන්න වැඩ කරනවා කියලා. ‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (4) පැවසීය.

කළුතර මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කරමින්  අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

‘රටේ සංවර්ධනය කියන්නේ බෙර ගහන එක නෙවෙයි. නිවැරදි කළමනාකරණයකින් ගමේ සිට නගරය දක්වාම සංවර්ධනය  වීමයි. අපි ඒ දේ කරනවා යනුවෙන්ද අග්‍රාමාත්‍යවරයා  සඳහන් කළේය.



අදහස් (46)

‘ආණ්ඩුව කරන දේවල් ජනතාවට පේන්නේ නැහැ‘- අගමැති

sachith Friday, 04 May 2018 11:14 AM

රටේ අතිමහත් බහුතරයක් මිනිස්සු පක්ෂ පාට වලට බෙදිලා නිසා මේ රටේ ඇත්තටම වෙන දේ, රටට වෙන්න යන දේ , මේ රට දියුණු කරන්න කරන්න ඕනි දේ පෙන්නේ නෑ.

:       126       154

sirimal Friday, 04 May 2018 11:31 AM

ඒකට ඉතින් ජනතාව පළිද? එක්සත් ජාතික පක්ෂය අප්‍රසාදයට පත් කිරීම සඳහා කටයුතු කරන්නේ එකට දීග කන කණ්ඩායම නිසා වෙනත් කෙනෙකුට දෙස් දෙවොල් තැබීමෙන් පලක් වෙන්නේ නැත. ඒ මිනිසුන්ට තමාගේ පොල් පරාල පිරි ඇස්වලින් දකින්නේම අනෙකාගේ ඇස්වල රැඳි පොල්කෙඳිය. 33% ක් ලබාගත් පක්ෂයේ නායකත්වයේ සිට ප්‍රතිසංවිධානයක් කිරීමට වලිකන්නේ 3% ක් 4% ක් ලබාගත් පක‍්ෂ නායකයන් සහ එහි ආවතේවකාරයින්ය. විනෝද සමය පවතින්නේ එතැන ය. අද රාජකීය හෝ ශාන්ත තෝමස් හෝ ධනවතුන්ගේ නිජබිම් නොවේ. ඈතගම්වල ඉතා දක්ෂ සිසුන් තරඟ විභාගවලින් ගොඩවී ජය කෙහෙළි පවත්වන සාමාන්‍ය පාසල්ය. මේ පාර්ලිමේන්තුවේ පවා රෝයල් ගියද වැඩ බැරි, රතු කමිසයට පමණක් වාමාංශික, තනි පුද්ගල පක්ෂ නායකයන් නැතුවා නොවේ. ජොනීලා, මහින්දානන්දලා වැනි රෝයල් ගිය අයද නැතිවා නොවේ. රෝයල් හතක ගියද උපාධි කරත්තයක් ලැබුවද අනතුරකට ලක් නොවී කහ ඉර මාරුවන්නට බැරි දේශපාලකයෝද එමටයි. අට පාස් නැති, හිරිපොද වැස්සකටවත් පාසැලකට ගොඩ නොවුණු අයගේ අඳෝනා ඉවසිය හැකිය. නමුදු උගත් බුද්ධිමතුන් ලෙස සීතාම්බරපට පැළඳ සිටින අයගේ මුසා බස් ඉවසිය හැකිද? මේ ඇනෙන්නේ කොහිල කටුය. කිඹුල්ලු කන්නේ ඉස්සරහටයි.

:       273       406

RaveendraFriday, 04 May 2018 11:49 AM

සිරිමල් මයා වෙත, ඔබගේ කාලෝචිත සහ අවංක අදහස් සමග අපද එකඟවන්නෙමු. මේ අයට ඕනේ රටේ දියුණුවද, සුඛවිහරණයද යන්න ඔබ මෙන්ම අපද හොඳින් හැඳිනගෙන ඇති බැවින් මේ කියනා බේගල්වලට අවංක පුරවැසියන් රැවටෙන්නේද, නැද්ද යන්න අනාගතය තීරණය කරනු නියතය.

:       3       127

සේනක Friday, 04 May 2018 11:52 AM

ඇත්ත තමයි අගමැතිතුමා, රටේ ජනතාවට දැනෙන්න පේන්න කරපු දෙයක් කියන්න. හොඳටම පේන්න කරපුදේ තමයි හොරුටික මහා දවල් මහා බැංකුව මංකොල්ල කාපු එක. තව ඉස්සරහටත් මේවගේ දේවල් තමයි පේන්න තියෙන්නේ. තවත් රටේ සංවර්ධනය අඩ පණ කරන්නේ නැතුව ගියොත් හොඳනැද්ද?

:       4       533

රොෂා Friday, 04 May 2018 11:53 AM

ඇත්තටම මේ ආණ්ඩුවත් කරන දේ අපි දැක්කා. දැන් පගාව ගන්නේ කෝටි ගණනින්. ඔය එකක්. තව කොච්චර ඇද්ද?

:       215       608

hira Friday, 04 May 2018 12:05 PM

කොහොමත් ඔයාලා හැමදේම හීන් නුලට කරන්නේ ජනතාවට පේන්න නැතිවෙන්නනේ...

:       3       614

පිටිගල මිලානෝ Friday, 04 May 2018 12:07 PM

බැඳුම්කරේ නම් ගණන් හිලව් ඇතිව පෙනුණා. හොරු පැනපු එකත් දැක්කා.

:       2       617

Mahee Friday, 04 May 2018 12:09 PM

ඕක ටිකක් සරලව මෙහෙම කියන්න පුළුවන්. ප්‍රයිවට් බස් කාරයෝ ලව්වා ටිකට්පතක් නිකුත් කරවා ගන්න බැරි ආණ්ඩුවට, ත්‍රී වීල් කාරයෝ ලව්වා මීටරයක් හයි කරවා ගන්න බැරි ආණ්ඩුවට ඊට වඩා දෙයක් කරගන්න හැකියාවක් තියෙයිද කියල අපට හිතෙනවා...

:       3       463

Senarath Friday, 04 May 2018 12:11 PM

කරපු වැඩවල ප්‍රතිඵල හොඳට පෙනෙන්න තියෙනවා. ඩොලරය රුපියල් 132 සිට 158 දක්වා වැඩිකිරීම, රටේ සංවර්ධනය 7.5 සිට 3.1 ට අඩුකිරීම, මහබැංකුව කොල්ලකෑම, වී ගොවිතැන 33% අඩුකොට රටින් හාල් ගෙන්වීම, ඉතිහාසයේ පළමුවරට රටින් පොල් ගෙන්වීම, නැවත වරක් රටේ බුද්ධි අංශ අඩපණ කිරීම සහ තවත් බොහෝ දේ.

:       51       1121

Bamunuarachchi Friday, 04 May 2018 12:52 PM

පෙනෙන්න ඕනේ නැහැ හොඳට දැනෙනවා. වැටුප් අරගෙන දවසකින් දැනෙනවා. වී ටික විකුණාගත්ත ගමන් දැනෙනවා.

:       0       360

Bamunuarachchi Friday, 04 May 2018 12:57 PM

ඔබ ඔය බණ කාටද කියන්නේ? නිවැරදි කළමනාකරණයකින් කරන්නේ කොහොමද? රටේ ආර්ථිකයට වැදුණු පළමු අතුල් පහර තමයි බැංකු කොල්ලය... මහබැංකුව කළමනාකරණය කරගන්න බැරි වූ ඔබලාගෙන් අපි මොකක් බලාපොරොත්තු වෙන්නද?

:       1       345

Pohottu Bamunaa.Friday, 04 May 2018 03:31 PM

ඔය කියන බැංකු කොල්ලයේ පාඩුවට වැඩියෙනුත් එක්ක මුදල් රජයේ තහනමට යටත්කර තියාගෙන තිබෙන බව දන්නේ නැත්තේ ඇයි? ඇයි කලින් රජය කරපු හොරකං එකකවත් මුදල් එහෙම තහනම් කර තිබේද? පාර දෙපස අසූරියන් බෝඩ් කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් ගිලිමින් අහස උසට ගියා මතකද? පුතාගේ නිල් බලකායට ගිය මුදල්වල නාස්තිය එහෙම කොහොමද ? ආර්යාව එන විට දෙපසින් වාහන සීයක් විතර යනවිට වියදම කීයද? කොටින්ගේ රත්රන් ටොන් ගාණට වුනේ මොකක්ද? කේපීව අත් අඩංගුවේ තියාගෙන කොටි සල්ලි කන්දරාවට විද්දා මතකද? සචින්ට හෙලිකොප්ටර් කීයක් අරන් දුන්නාද? තමන්ට විකුණාදෙන ලෙස ආර්යාව රත්රන් දුන්නා කියා සචින් බිරිඳ කිව්වා මතකද? තමන්ගේ ලොක්කා කාපු අසූචි කප්පරක් තියෙද්දී, වෙන කෙනෙකුගේ දෙයක් ගැන හොයනවා. හැබෑටම මේ අයගේ මොලේ තියෙන්නේ උදර කුහරයේ පහලම කොටසේ වගෙයි. නැත්ද මං අහන්නේ?

:       253       327

savanth Saturday, 05 May 2018 04:41 AM

පොහොට්ටු බමුණාටත් කව්රුහරි මුලින් කුලියටත් පස්සේ සල්ලිවලටත් ගෙයක් අරන් දීලද හරියට මහා බැංකු කොල්ලය වුනේ නැහැ වගේ නටන්නේ..? නැතිනම් ළඟදී මොකක් හරි තනතුරක් ලැබුණා හරිවත්ද?

:       6       143

Pohottu Bamunaa.Saturday, 05 May 2018 06:13 AM

පොහොට්ටු බමුණා ඔය අල්ලසට යට නොවෙන, සල්ලි වලට ගන්නට බැරි, ගෙවල් දීලා තියෙන කෙනෙකු නොවන බව දන්නා ඇත්තන් දන්නවා. මහබැංකු වංචාව නිවැරැදි යයි මා කියන්නේ නැත. ඒත් මා කීවේ එයට වැඩියෙනුත් සමග මුදල් තහනම් තියෙන බවයි. එය හෝ පෙර වැරදි හෝ නොපෙනෙන මේ මල්ලීට නම් මොනවා හරි ලැබිල තියෙනවා වගෙයි පේන්නේ. සරීර කූඩුව සහ පණ කෙන්ද ආරක්ෂා කරගන්න තමයි මෙහෙම නමක් දා ගත්තේ. ඉතින් ඒ මල්ලිත් හොරුන්ගේ වැසිකිලි හෝදන්නේ නැතිව රට වෙනුවෙන් ඒවා ගැන පුළුවන් දෙයක් කරන්නකෝ...

:       15       47

Pohottu Bamunaa.Saturday, 05 May 2018 07:38 AM

සවන්තුවා මල්ලිට එහෙම හිතෙනවාද? බාල බොළඳ මොලයට එහෙම හිතුණට ඒක අත්තක් නොවෙයි මල්ලියේ. මේ කරන්නේ ජාතික යුතුකම. එහෙම සැකයක් තිබේ නම් ඒ ගැන පොලිසියට පැමිණිල්ලක් කරන්න. එතකොට මගේ වත්කම් බැරකම් සොයා නිසි පියවර ගනීවිනේ. ඇත්ත ඇති විදිහට දකින්න පුරුදු වෙන්න. මා සියලු හොරුන්ටම විරුද්ධයි. නිල් පාට හොරුන්ගේ හොරකම් වැසීම ගැනයි මා කතා කළේ..

:       15       29

Sapumal.Saturday, 05 May 2018 08:25 AM

පොහොට්ටු බමුණාගේ තර්කය හරි. සියලු හොරකම් වලට දඬුවම් කල යුතුයි. පෙර හොරකම් වලින් රටට නැතිවුනේ මේ රටේ මුදල් නොවේද? තමන්ගේ කට්ටිය කරපු හොරකම් ගැන කතා කළාම ඒක වැරදියි කියනවා. ඒවා කියන අයට අභූත චෝදනා ගේනවා.

:       6       0

BamunuarachchiSaturday, 05 May 2018 05:20 PM

පොහොට්ටු බමුණෝ මුදල් වැඩියෙන් තහනමට ලක් වුණාට ජනතාව ගෙවූ පොළී මුදල්, අර්ථ සාධකයට වුණුපාඩුව, රුපියල බාල්දුවීම අපිට ආපසු ලැබෙන්නේ නැතිබව ඔය මොලේට දැනෙන්නේ නැහැනේද? අපි මෙතන කතා කරන්නේ කලින් රජයේ හොරකම් නොවෙයි. මේ රජයේ ලොක්කාගේ පම්පෝරිය ගැනයි. පොයින්ට් එකට කතා කරන්න ඉගෙන ගන්න.

:       0       0

Wasantha Friday, 04 May 2018 01:21 PM

මොකෝ නැත්තේ.. මහබැංකු හොරකම, දේපළ විකිණීම හොඳට පේනවා..

:       0       388

Bamunuarachchi Friday, 04 May 2018 01:24 PM

අපිත් කරන දේ 2020 දී ලෝකෙට පෙනේවි !!! ඔබලාට දැනේවි !!! එතකොට ඔබලා ප්‍රමාද වැඩියි. මේ සැරේ වැටුණාම ඔබලා මේ කල්පේ අයෙත් නැගිටින්නේ නැත.

:       0       424

Pohottu Bamunaa.Friday, 04 May 2018 03:55 PM

වැටෙයි, වැටෙයි ...... 2020 දී මෙන්න කියලා වැටෙයි. හෙලවි හෙලවී තියෙන සමහර දේවල් එහෙම හිතන ත‍රම් ලේසියෙන් වැටෙන්නේ නැත. හොර මැරකන්, මිනීමැරුම් අල්ලලා කට්ටියට බෝඩිමේ තපින්න වුනොත්, කාගේ කාගේ ඒවත් වැටෙයි. නැද්ද මං අහන්නේ?

:       132       148

සේනක Saturday, 05 May 2018 05:58 AM

යහපාලනයේ මෙයාට කීයක් හරි දීලා වගේ. එහෙම නැත්නම් හොරු ටික ගහන ගැහිලි වලින් කීයක් හරි කොමිස් එකක් ලැබෙනවද? මේ වගේ මත දරන අය ඉන්නකම් රටට සහ ජනතාවට සාපයක්. මීළඟ මැතිවරණයේදීද බලා ගත හැකියි ජනතාවගේ මතය කොහොමද කියලා. හැබැයි මහත්තයෝ දැන් ඉන්න ජනතාව බුද්ධිමත් කියලා මතක තියා ගත්තොත් හොඳයි.

:       0       108

Pohottu BamunaaSaturday, 05 May 2018 08:04 AM

සේනක මහතාට මා හොරෙක් වගේ පේනවා නම්, පොලීසියට පැමිණිලි කරන්න. මං ඒකට කැමතියි. එතකොට මගේ නිර්දෝෂී බව ඔප්පු වේවි. මා කලේ අතීතයේ හොරකං වහලා අලුත් ඒවා ගැන විතරක් කතා කරන එකට විරුද්ධවයි. මා සියලු හොරකම්වලට විරුද්ධයි. ඔයා වගේ වැරදි වහලා කතා කර රට නොමග යවන අය තමයි රටට මහා ශාපයක් වෙන්නේ. සියලු හොරකම්වලට විරුද්ධ වන්න. පෙර හොරකම් පෙන්වා දුන්නාම ඔයාලා කේන්ති ගන්නවා. ඒක හරිද කියන්නකෝ?

:       21       42

BamunuarachchiSunday, 06 May 2018 04:49 AM

පොහොට්ටු බමුණෝ, මාස ගණනකට ඉස්සෙල්ලා තිබුණු ඡන්දෙන් දැක්කනේද යහපාලනයට ජනතාවගේ කැමැත්ත? ඉතින් තව මොනවද කතා...? රටට ආර්ථික අතීසාරය මේ ගොල්ලෝ පිටපට ගහනවා. ඔබ ඉන්නේ පිටරක නම් මෙරට කාබාසිනියා වෙලා කියලා කොහොමටවත් හිතන්නේ නැහැ. මොකද ගෙදරට ලැබෙන සල්ලි ප්‍රමාණය 2014 වඩා දැන් බොහොම වැඩි නිසා. මේ ගොල්ලොත් එක්ක මොන කතාද?

:       0       28

BamunuarachchiSunday, 06 May 2018 04:54 AM

පෙර හොරකම් පෙන්වා දුන්නාම ඔයාලා කේන්ති ගන්නවා. ඒක හරිද කියන්නකෝලු... මිනිස්සු යහපාලනය පත් කලේ හොරකම් නැති කරන්න... අන්තිමට මහා බැංකුවටම කෙලියා. දැන් කාට කියන්නද? හොර යාලුවා රටෙත් නැහැ. තව මොනවාද හලෝ කතා...? පරණ හොරකම් ගැන අපි දන්නවා ඒ හොරකම් නිසා අපේ පොලී අනුපාතය වැඩි වුනෙත් නැහැ. අර්ථසාධකයට පාඩු වුනෙත් නැහැ.

:       0       75

Sunil Friday, 04 May 2018 01:24 PM

පේනවා. පේනවා. හොඳට පේනවා අගමැතිතුමා. වරදවා හිතන්න එපා ජනතාව අන්ධයි කියලා. 2015 ඉඳලා සිදු වූ දේවල් හොඳට දැක්කා. බොන්ඩ් ගේම් දැක්කා. හොරු අල්ලපු හැටි දැක්කා. දුන්නු පොරොන්දු ඉටුකරපු හැටි දැක්කා. රාජගිරියේ මිලියන 800 ක් ගෙවපු හිස් බිල්ඩිම දැක්කා. තව බොහෝ දේවල් දැක්කා. 2020 ත් ජනතාව දකීවි. ජනතාව ආණ්ඩුව හිතනවාට වඩා බුද්ධිමත් අගමැතිතුමා...

:       0       534

lashan Friday, 04 May 2018 01:26 PM

නැහැ නැහැ පේනවා කියලා දන්නවා. මොකද දේශපාලකයෝ කතාවල් පටන් ගන්නේ මේක කරන්න ප්ලෑන් කරනවා. අරක එනවා, මේක එනවා, වොක්ස්වැගන් ෆැක්ටරි එනවා කියලනේ...

:       0       303

Swarna malkanthi Friday, 04 May 2018 01:58 PM

හරියට හරි අගමැතිතුමා.. රැකියා ලක්ෂ 5ක් බිහිකළ එක, ආර්ථිකය දියුණු කළ එක, දූෂණය නැතිකළ එක, සහජීවනය ඇති කරපු එක සමහරුන්ට පේන්නේ නැහැ.

:       785       906

SLFriday, 04 May 2018 02:33 PM

රැකියා ලක්ෂ 5ක් වොක්ස්වැගන් කොම්පැනියෙන් වෙන්න ඇති.. තමුන්ටයි, ඇමැති මණ්ඩලයටයි කාර් අරගෙන, මහා බැංකුව මංකොල්ල කාලා, මහින්දගේ වැඩවලට බෝඩ් ගහගත්තු එක ඇරෙන්න වෙන මොනවද කළේ?

:       0       486

HafeelFriday, 04 May 2018 03:31 PM

කොහේද දූෂණය නැති කළේ? මහ බැංකුවද?

:       0       211

සේනක Saturday, 05 May 2018 04:19 AM

එහෙනම් මෙයත් කඩේ යන එක්කෙනෙක් වෙන්න ඕනෑ...

:       0       46

Thilina Friday, 04 May 2018 02:25 PM

අපේ රටේ මිනිස්සු හරිම කුහකයි.. මෙච්චර වැඩ කන්දරාවක් කරලත් හොඳක් කියන්නේ නැහැනේ.. වොක්ස්වගැන් එක ගෙනාවා.. රැකියා ලක්ෂ 10 දුන්නා .. මුලුරටම වයි-ෆයි වලින් අද වැඩ.. බලන්න අද රටේ හොරෙක්, පාතාලයෙක්, ආසාවටවත් හොයාගන්න ඉන්නවද කියලා.. මේ තරම් දේවල් කරලත් අගයක් නැහැ.

:       0       303

dasunSaturday, 05 May 2018 03:46 AM

ඇයි අර ගූගල් බැලුමද මොකක්ද එක? ඒකත් තාම පාවෙනවා නේද? එතකොට මගේ අතේ බැන්ද බ්‍රේස්ලට් එකයි කරේ තියෙන චේන් එක ගැනත් කියන්න ඕනනේ. ආ මත්තල ගබඩාවේ වී පිරිලා... එ්කෙන් හදපු දේවලුත් දෝරේ ගලනවා.

:       0       106

ධනුෂ්ක Friday, 04 May 2018 02:41 PM

අැත්තටම ව්‍යවස්ථාමය අතින් යම් දෙයක් කෙරුණේ නෑ කියන්නෑ. හැබැයි කරනවා කියපුවා 20% ක් කෙරුණේ නෑ. මම ඔබලාගෙන් භෞතිකමය සංවර්ධනයක් බලාපොරොත්තු වුනේ නෑ. එ්ක වෙන්නෑ කියලා දන්නවා. හැබැයි ඔබලා කරනවා කියපු ව්‍යවස්ථාමය සංවර්ධනය කළා නම් දැන්ම නෙමේ අවුරුදු පනහක් විතර ගිය තැන. රාජපක්ෂ මහතා යුද්ධය ඉවර කළා වගේ. ඔබලා කළ දේ ගැනත් අනාගත පරම්පරාව කථා කරාවි. වැනසෙමින් පැවති සමාජය ගොඩගත්තේ ඔබලා කියලා. ව්‍යවස්ථානුකූලවාදය ගැන දන්නෝ එ්ක දන්නවා. එ්ත් ඔබතුමන්ලාත් එ්ක පැත්තක තියලා පුරුදු වැඩවලට අත ගැහුවනේ...

:       214       265

සඳුන් Friday, 04 May 2018 03:16 PM

ඩොලර් එක එන්න එන්නම වැඩිවෙනවා. ඒක පෙනෙනවා වගේම දැනෙනවා. ජීවන වියදම එන්න එන්න වැඩිවෙනවා. කිසිම වැදගත් ආයෝජනයක් වර්තමානයේ සිදුවුනේනෑ.

:       0       82

Hafeel Friday, 04 May 2018 03:26 PM

හොඳටම පේනවා. මහබැංකු වංචාව, රටේ බුද්ධිමතුන් ඉඳිද්දී, පිටරටින් හිතවතුන් ආනයනය කරලා, මහබැංකු ඇතුළු ශ්‍රී ලංකා ගුවන් සමාගම පාඩු කළා. ආර්ථිකය දියුණු කරනවා කියමින් විශාල පොල් වත්තක් විනාශ කරමින්.., වොක්ස්වැගන් ගරාජයක් හැදුවා. හානි තමයි කරලම තියෙන්නේ. ඕවා ජනතාව දන්නවා.

:       10       231

Dan Rosh Friday, 04 May 2018 03:46 PM

සිදම්බරම් සළුවත් එහෙමනේ. අන්දාට පෙන්නේ නෑ. නිර්වස්තරයෙන් වගේ තමයි.

:       0       60

vidya Friday, 04 May 2018 08:11 PM

දැන් කියව කියවා ඉන්නේ නැතිව මහින්දත් එක්කම විශ්‍රාම ගිහින් භාවනානුයෝගීව හිටියොත් හොඳයි නේද?

:       0       1

Ranjith Silva Saturday, 05 May 2018 02:31 AM

දැක්කා දැක්කා. එක බැංකුවක් කොල්ල කාපු හැටි. අනිත් ඒවා කන හැටි නම් පෙනුනේ නැහැ. කෑවද දන්නෙත් නැහැ... තව නම් කන්න දෙන්නේ නැහැ මචෝ. එලවනවා කොස්සෙන් ගහලා. නමුත් අර කලින් යවපු ලෝක හොරාට නම් එන්න දෙන්නෙත් නැහැ.

:       63       88

Lal Saturday, 05 May 2018 04:31 AM

නැතුව නැතුව, ආණ්ඩුව බෙරනොගහ මහබැංකුව සුද්ධකරලා කිහිපදෙනෙක් සංවර්ධනය වූ හැටි... එහෙම නේද?

:       0       105

sanath Saturday, 05 May 2018 06:05 AM

අර ජනකතාවක හොර සන්නාලියන් දෙන්නෙකුට අහුවෙලා අලුත් ඇඳුමක් ඇඳගෙන කියලා නිර්වස්ත්‍රව හිටිය රජ්ජුරුවෝ වගේ තමයි මේ ආණ්ඩුවේ වැඩත්...

:       0       51

Ruwan Saturday, 05 May 2018 06:50 AM

පේන්නේ කොහෙද? නිදාගෙන ඇහැරෙද්දි ගෑස් නැගලා හොරෙන්ම...

:       0       81

bond Sunday, 06 May 2018 04:54 AM

බිරිගෙන් අහල බැලුවනම් 2015 ට කලින් ගෑස් ගත්තු මිල ඔය මොලේට තේරෙයි.

:       0       0

Nimal Saturday, 05 May 2018 12:05 PM

අගමැතිතුමාට බනින කාටවත් මතක නැහැ නේද? 2015 ජනවාරි 09 වෙනකොට මල්ලිට ටෙලිකොම් සභාපතිකම දීලා වැඩ ඇල්ලුවේ කවුද කියලා. මඩුවලිගෙන් තලන්න ඕන කාටද කියලා ඉස්සෙල්ලම හිතලා බලන්න අගමැතිතුමාට බනින්නේ නැතුව...

:       7       11

BamunuarachchiSaturday, 05 May 2018 05:26 PM

සිරිසේන මල්ලිට ටෙලිකොම් සභාපතිකම දුන්නා කියලා රනිල් මහේන්ද්‍රන්ට බැංකුව කොල්ල කන්න දීම හරි නැහැනේද? අපිට නම් දෙන්නාගේම වැඩක් නැත.

:       0       0

RukmaSunday, 06 May 2018 02:55 AM

කතාව ඇත්තයි. අදත් අපේ ජනාධිපතිතුමා අනුන්ට බැන්නට තමුන්ගේ පවුලේ අයට තමුන් ජනාධිපති වුන දවසේ ඉඳලා ලැබුණු තනතුරු ගැන කතා නැහැ. මොකද ඒවා හොඳද? අගමැතිතුමා මහබැංකුවට මහේන්ද්‍රන් පත්කරේ ඊට පස්සේ... යහපාලනේ කන්න පටන්ගත්තේ කවුද කියලා හොඳට බලන්න. එජාපයටම බනින්නේ නැතුව....

:       0       1

Vajira Sunday, 06 May 2018 04:31 AM

මේක හරියට අර නොපෙනෙන ඇදුම් ඇඟලා ගෙන නිරුවතින් විදී සංචාර කළ රජාගේ කතාව වගේ! පේන්න කරපු දෙයක් තියෙන්න එපැයි !

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 588 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 597 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 758 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 366 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 3740 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1120 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1465 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site