IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ආණ්ඩුවට සහය දෙන සියල්ල එක්ව අලුත් ගමනක් යනවා’ – අගමැති


 
(අංජුල මහික වීරරත්න,ඡායාරූප - ගයාන් ලසන්ත)

ආණ්ඩුවට සහය දෙන සියලු දෙනා එකතු කරගෙන අලුත් ගමනක් යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්‍ෂ මුලස්ථානයේදී අද (5) පැවැසීය.

විශ්වාස භංගය පරාජය කිරීමට සහය දුන් සැමට ස්තූතිය පළ කරන බව කී අග්‍රාමාත්‍ය වරයා 2020 මැතිවරණ වලට සුදානම් වීම සඳහා අලුත් මුහුණු ඉදිරියට ගෙන පක්ෂය ප්‍රති සංවිධානය කරන බවද සඳහන් කළේය.

ඉදිරියට යාමට නැවුම් විශ්වාසයක් ගොඩනැගී තිබෙන හෙයින් අලුත් ගමන පහසුවෙන් යාමට හැකි වෙන බවද අග්‍රාමාත්‍යවරයා කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීම සඳහා සිරිකොත පක්‍ෂ මුලස්ථානයට මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් වෙනුවෙන් කැවුම් කිරිබත් සංග්‍රහයක්ද සුදානම් කර තිබිණි.



අදහස් (10)

‘ආණ්ඩුවට සහය දෙන සියල්ල එක්ව අලුත් ගමනක් යනවා’ – අගමැති

saththaya Thursday, 05 April 2018 06:24 AM

ඔබතුමා ඉස්සෙල්ලත් එකතු වෙලා රට වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තේ, සහයෝගය දුන්නේ විශ්වාසය මත නේද ? ඊට පස්සේ විශ්වාසය කෙසේ වෙතත් ආණ්ඩු දෙකක් පටන් ගත්තා. පක්ෂ පාට බලලා. තවත් ඔබතුමාට කාලයක් ඉතුරු වෙලා තියෙනවද තව කෙනෙකුගේ විශ්වාසය බල බලා ඉන්න. ඒක දැන් මහජනයාට අප්පිරිය වැඩක්. කාටවත් දැන් බුදුදහමේ ' සත් සතිය ' මතක නැහැ. බලයට මුදලට හැමදේම යටයි. හොරුන්ව නීතිය ඉදිරියට ගේන ගමන් නොබියව ව්‍යාපෘති වලින් කොල්ල කන දේවල් වලක්වන්න. ජය !

:       1       78

Shan Thursday, 05 April 2018 06:28 AM

කරුණාකරලා දැන්වත් ඔය ගමන යන්න

:       5       14

mahinda Thursday, 05 April 2018 06:36 AM

හැමදාම ඊළඟ ඡන්දෙ ගැන කියල වැඩක් නෑ. කරුණාකරලා දැන්වත් දුන්න පොරොන්දු ඉටු කරලා රට හදන්න. ජනතාව පිඩාවෙන් නිදහස් කරන්න. අර හොරු ටික අල්ලන්න. එතකොට 2020 නිකම්ම දිනන්න පුළුවන්.

:       6       132

රජින්ද Thursday, 05 April 2018 06:38 AM

අවුරුදු තුනට ආණ්ඩු මාරු 4~5යි. මරු මේ වගේ පිස්සු ආණ්ඩුවක් මුළු ලංකා ඉතිහාසේවත් නැතුව ඇති.

:       55       82

ROHAN dayadara paris Thursday, 05 April 2018 07:16 AM

අපේ නායක ගරු අගමැති තුමාට ජයවේවා ....!!!

:       76       106

sena Thursday, 05 April 2018 07:25 AM

මෙච්චර කල් ඇතුලේ ඉදන් කකුලෙන් ඇදපු කට්ටියට මොකද කරන්නේ ??

:       0       56

pathirana Thursday, 05 April 2018 07:34 AM

ඇමතිකම් වලට තණ්හාවේ, ඔය ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගේන ගියොත් එජාපෙට අබසරණයි.

:       45       18

Sakwithi Thursday, 05 April 2018 08:22 AM

අවුරුදු හතරත් ගෙවෙන්න යනවා තවම පලිගැනීම්, පුද්ගලික අමනාපකම්, එකතුවීම්, හැර යාම් විතරයි, ජනතාවට මොනවද කලේ?

:       0       19

ඩී. ජයදේව Thursday, 05 April 2018 10:34 AM

කොහොමත් දැන් අවුරුදු තුනක් තිස්සේ මාසෙට අළුත් ගමන් 2-3 පටන් ගත්තනේ. තාම ගිය ගමනක් නම් නෑ

:       0       16

Bamunuarachchi Thursday, 05 April 2018 08:01 PM

අලුත් ගමන යන්න පටන් ගන්න කලින් යන්න ඕනේ කොහාටද කියා තීරණය කරගන්න. හැබැයි අවුරුදු 3 ගියා ගමනක් යන්න ඕනේ කියලා තීරණය කරන්න. කාගේ අවාසනාවද? අපේද ඔබලාගේද? රටේ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 475 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 491 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 669 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 354 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 3439 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1069 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1464 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site