IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආගමික නායකයන් හමුවන්න ජනපති නුවර යයි

චමිල් රූපසිංහ සහ ඩයනා උදයංගනී

මතුව ඇති තත්ත්වය සමනය කරමින් ජන කොටස් අතර සාමය හා සංහිඳියාව ඇති කිරීම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මහනුවරදී ආගමික නායකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවසීය.
 
මෙම සාකච්ඡාව පැවැතියේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ය. 
 
මෙම සාකච්ඡාවට මල්වතු සහ  අස්ගිරි  පාර්ශ්ව නියෝජනය කරමින් අනුනායක ස්වාමින් වහන්සේලා  ප්‍රමුඛ මහා සංඝරත්නය ද,   ස්ලාම් මව්ලවිතුමාලා ඇතුළු අන්‍යාගමික නායකයෝ ද, ඇමැතිවරු කිහිප දෙනෙක් ද, ජනාධිපති ලේකම්වරයා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය ද සහභාගී වූහ.
 
ජනතාව අතර පවතින අනවබෝධයෙන් දුරලමින් සාමය ස්ථාපිත කිරීම සඳහා ආගමික නායකයින්ට ඉටුකළ හැකි කාර්යභාරය ගැනත්,  ඉතා සුළු සිදුවීම් විවිධ මාධ්‍ය ජාල ඔස්සේ අනවශ්‍ය ආකාරයට ප‍්‍රචාරය කරමින් සමාජයට වැරදි තොරතුරු ලබාදීම මෙම නොසන්සුන් තත්ත්වයන් වර්ධනය වූ ආකාරය ගැනත් මෙහිදී සාකච්ඡා විය.
 
රටේ සියලූ ජන කොටස් අතර සාමය සහ සංහිඳියාව ගොඩනඟමින් මෙවන් සිදුවීම් ඉදිරියේදී සිදු නොවීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමට ආගමික නායකයින් සියලූදෙනා එක්ව ගතහැකි පිය වර ගැන ද සාකච්ඡා කළහ.  ප‍්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශවලින් ගෙනයන වැඩපිළිවෙළට අමතරව තම තමන්ගේ කොට්ඨාසවල ජනතාවගේ ආරක්ෂාව සහතික කරමින්, ඔවුන් අතර සාමය ස්ථාපිත කිරීමට නායකත්වය ගන්නා ලෙස   ජනාධිපතිවරයා   ආගමික නායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
 
ආචාර්ය  නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශ්වයේ   අනුනාහිමි,  දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි,  වෙඬරුවේ උපාලි අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමියෝ ද,   ඇල්ලේ ගුණවංශ, ආචාර්ය මැදගොඩ අභයතිස්ස, මහාචාර්ය ඉදුරාගාරේ ධම්මානන්ද යන හිමිවරු ද,  ෆස්ලර් රහ්මන් මහනුවර ප‍්‍රධාන මවුලවිතුමා ඇතුළු මවුලවිවරු පිරිසක් ද,    මහනුවර ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ අයිවන් ජයසුන්දර පියතුමා, මහනුවර ශ‍්‍රී විනයාර්ග දේවස්ථානයේ ප‍්‍රධාන භාරකාර කි‍්‍රෂ්ණ මූර්ති ගොවින්දා ස්වාමිවරයා ඇතුළු   ආගමික නායකයෝ පිරිසක් මෙම සාකච්ඡාවට එක්වූහ.

ඡායාරූප- ජනාධිපති මාධ්‍ය අංශය



අදහස් (6)

ආගමික නායකයන් හමුවන්න ජනපති නුවර යයි

Perakum Wednesday, 07 March 2018 03:33 PM

"අන්‍යාගමික" යන වචනය භාවිතා කිරීමෙන් පෙනීයන්නේ කුමක්දැයි ඔබම සිතා බලන්න. එසේ නම් කවර සංහිඳියාවක්ද...!?

:       552       538

Saman k Wednesday, 07 March 2018 03:52 PM

මඩුවලිගෙ ඇරගෙනද ගියේ?

:       0       0

gayan hettiarachchi Wednesday, 07 March 2018 11:47 PM

අන්‍ය්ගමික කියන්නේ අනික් ආගම කියන එක... බෞද්ධ නොවන අනික් ආගම් කියන එක... තේරුනාද.... එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාව බෞද්ධ රටක් කියන එක .....

:       100       164

Senarath Thursday, 08 March 2018 03:28 AM

දැන් ආගමික නායකයෝ හමුවෙලා පලක් තියෙනවද ? මනුස්සයෙකුට පහරදීලා මැරුණම රටේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් , මිනිස්සු කුපිත වෙනවා. බලා ඉන්න මිනිස්සුන්ට කියන්න පුළුවන් කලබලවෙන්න එපා, බුද්ධිමත්ම සිතන්න සහ තව කොතෙකුත් දේ. මැරුණු පුද්ගලයාගේ පවුලේඋදවියගේ, හිතවතුන්ගේ වේදනාව සමග තවත් බලවේග ක්‍රියාත්මක වෙලා ජාතිවාදී කෝලාහලයක් දක්වා වර්දනය වෙන්න පුළුවන්. පොලිසිය හරියට නිතිය ක්‍රියාත්මක කලානම් මෙහෙම වෙන්නේ නැහැ. මේකට සම්බන්ද සියලුම දේශපාලුවන්ට පක්ෂ පාට නොබලා දඩුවම් දෙන්න ඕනේ.

:       5       285

Ishan Ahamed Thursday, 08 March 2018 04:40 AM

මම නම් ඉපදුනු දා සිට හැදුනෙ වැඩුනෙ සිංහල මිනිස්සු එක්ක. අදටත් වැඩ කරන්නෙ ආශ‍්‍රය කරන්නෙ සිංහල මිනිස්සු. ඒත් මට කවදාවත් කවුරුවත් වචනෙකින්වත් වෙනස්කමක් කරල නෑ. අන්න ඒ මිනිස්සුන්ට විරුද්ධ වෙන්න බැරි හින්ද තමයි. අදටත් අපි ඉවසන්නෙ. නැත්තම් මුන් ටික එක පාරටම නැති කරල දාන්න බැරිකමකුත් නෑ. අපි කන්නෙ බොන්නෙ එකට ගමන් යන්නෙ පිස්සු කෙළියෙ එකට. මේ කොහෙවත් යන ජාතිවාදී මන්ද මානසිකයින් හින්ද වෙන්නෙ අපේ රට දවසින් දවස වැටෙන එක. සංවර්ධනයක් ගැන හිතන්නවත් බෑ.

:       1       391

RNG Thursday, 08 March 2018 10:56 AM

"අන්‍යාගමික" යනු අනෙක් ආගම් කියන එකයි ..මොකක්ද මේකෙ තියෙන වැරැද්ද..? මුකුත්ම නැත්නම් මේ මිනිස්සු වචනයක් හරි අල්ල ගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 224 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2383 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 544 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1128 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 149 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 98 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1509 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site