IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ආගමික නායකයින් සඳහා රක්ෂණාවරණ ක්‍රමයක්

(නිමල කොඩිතුවක්කු)
 
භික්ෂුන් වහන්සේ ඇතුලූ සර්ව ආගමික නායකයන් සඳහා රක්ෂණාවරණයක් ක‍්‍රියාත්මක කරන ලෙසට  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.
 එයට අවශ්‍ය කැබිනට් පත‍්‍රිකාව කඩිනමින් ඉදිරිපත් කරන ලෙසට බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතාට උපදෙස් ලබා දි ඇත.
 කැබිනට් මණ්ඩළ රැස්විමට පෙර අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡුාවකදී  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම උපදෙස් ලබා දී තිබේ.
 
භික්ෂුන් වහන්සේ සඳහා රක්ෂණාවරණයක් හඳුන්වා දිය යුතු බවට ගාමිණී ජයවික‍්‍රම මහතා කරන ලද යෝජනාවක් සළකා බැලීමෙන් අනතුරුව සියලූම ආගමික නායකයන්ට රක්ෂණ ප‍්‍රතිලාභ හිමි වන ලෙසට මෙම වැඩපිලිවෙළ ක‍්‍රියාත්මක කරන ලෙසට අග‍්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.
 
ඒ අනුව කඩිනම්න් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලෙසද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස් වල සඳහන්



අදහස් (19)

ආගමික නායකයින් සඳහා රක්ෂණාවරණ ක්‍රමයක්

CYRIL WIMALASENA Wednesday, 03 April 2019 01:12 PM

ගරු අගමැතිතුමනි, බුදුහාමුදුරුවන්ට, ජේසුස්වහන්සේට අල්ලා දෙවියන් වහන්සේට රක්ෂණ තිබුනෙත් නැහැ. බැංකු තිබුනෙත් නැහැ. ඒ නිසා කරුණාකර ඔබතුමා මන් වගේ ක්‍රිස්තියානි බෞද්ධ මික්ස් එකක්... ඒ නිසා ඔය බොරු වැඩ කරන්න එපා.

:       89       190

liyanageWednesday, 03 April 2019 08:45 PM

සිරිල් එදා රක්ෂණ නොතිබුනාට අද රක්ෂණ තිබේ, ලංකාවේ තිබෙන පන්සල් බොහොමයක් ඉතාම දුප්පත්ය. සමහර දුර පළාත්වල පන්සල් වලට දනය පවා නිසි අයුරින් නොලැබේ. එම පන්සල් වල වැඩවසන ස්වාමින්වහන්සේලට අදායමක් නොමැත. හදිසියේ අසනීපයක් සිදුවුවහොත් ඉතාම දුෂ්කර තත්වයනට මුහුණදීමට සිදුවේ . එමනිසා රජයෙන් මෙවැනි රක්ෂණ ක්‍රමයක් හදුන්ව දුනහොත් හදිසි අසනීපයකදී ඔවුනට ශක්තියක් වේ.

:       0       0

Raveendra Wednesday, 03 April 2019 01:13 PM

අම්මපා පුංචාගේ ටෝක් නම් හිතාගන්නවත් බැහැ... ලබන සැරේටත් " පිස්සු බල්ලන් තෝරන මහා තරගෙට " ලක ලැහැස්ති වෙනවා.. හා හා ම්ම්..ම්ම්..

:       126       214

CYRIL WIMALASENA Wednesday, 03 April 2019 01:14 PM

අැයි ඕයි දැන් මන් සිංහල භාෂාවෙන් ලියලා එව්වේ?

:       77       132

රවින් Wednesday, 03 April 2019 01:14 PM

මොනයම්ම ආගමක පූජකත්වය යනු මිනිසුන් යහමගට ගැනීම හා කෙටි කලකදී මෙලොව ඇති සම්පත් අතහැර පරලෝකය වෙත යාමයි. රක්ෂණාවරණයක් ඕනේ මෙලොව සැප සම්පත් වැඩි කර ගැනීමට නොවේද?

:       8       39

Nuwan Wednesday, 03 April 2019 01:42 PM

මෙව්වට හිනා වෙන්නේ කොහෙන්ද කියන්න ආයුබෝවන්?

:       2       79

sanath Wednesday, 03 April 2019 02:04 PM

අපේ අගමැතිට, මොලේ ටිකක් දෙන්න කව්රුත් නැද්ද?

:       1       111

Sunil milano Wednesday, 03 April 2019 02:13 PM

මේ මනුස්සයා මොනවද කියන්නේ කියලා.., මේ මනුස්සයාමද දන්නේ නැහැ..

:       2       156

Amila Wednesday, 03 April 2019 02:31 PM

රටේ පාලකයා තෝරන තරගෙට කඩි මුඩියේම ලෑස්ති වෙනවා වගේ. ඒත් ඉතින් ඔලුවෙන් හිටගෙන ඉල්ලුවත් මෙයාට නම් සියයට 30ක් වත් ඡන්ද වැටෙන්නේ නෑ.

:       59       162

Hafeel Wednesday, 03 April 2019 03:00 PM

ඔයාගේ මහේන්ද්‍රන්ට රක්ෂණාවරණ කරන්න. සමහරවිට සිංගප්පූරුවෙන් පිටුවහල් කළොත්....

:       0       70

Sisira Wednesday, 03 April 2019 03:02 PM

සාමාන්‍යයෙන් රක්ෂණයක් ඕනෙ වෙන්නේ තමන් මියගියොත් යැපෙන්නට ජීවත් වෙන්න. අනේ අපේ නායකයන්ගේ බුද්ධිය...

:       0       80

MP Wednesday, 03 April 2019 03:05 PM

බුදුහාමුදුරුවෝ දේශනා කළේ ධර්මයෙහි පිහිටිවිට ධර්මය විසින් ඒ පුද්ගලයා ආරක්ෂා කරන බව. ඉතින් තවත් රක්ෂණයක් මොකටද?

:       0       56

ravi Wednesday, 03 April 2019 03:30 PM

ඕනවට වැඩිය ජනතාවගේ මුදල් මෙවැනි දේවල් වලට නිෂ්ප්‍රයෝජන කලොත් අපි ඡන්දය දීමෙන් වැළකී සිටින බව කරුණාවෙන් සලකන්න !!!

:       0       14

Kumar Wednesday, 03 April 2019 04:31 PM

කෙනෙක් ජීවිත රක්ෂණයක් ලබා ගන්නෙ තමාට ආපදාවක් සිදුවුනොත් තමාගෙන් යැපෙන අයගේ ආරක්ෂාව සඳහා බවයි මම දන්නෙ. පූජ්‍ය පක්ෂයට නම් මෙවැනි වගකීම් නැහැ නේද? ඉතින් පූජ්‍ය පක්ෂයට රක්ෂණ අවශ්‍යද?

:       0       41

chandima Wednesday, 03 April 2019 04:39 PM

මොකද මීළඟ ඡන්දෙට පූජක පක්ෂේ නැගී උන්නොත් චෙන් පාරවල් පොලු පාරවල් එහෙම දෙන්න හිතාගෙන ඉන්නවද?

:       1       22

chinthaka Wednesday, 03 April 2019 05:22 PM

කොහොමද කොමිස් එහෙම? අති විශිෂ්ටද?

:       1       19

prabha Wednesday, 03 April 2019 05:24 PM

කොහොමත් අසනීපයක් වෙච්ච ගමන් සිංගප්පුරුවේ දුවන එකේ මොන රක්ෂණද?

:       0       27

ලුම්බිණි Wednesday, 03 April 2019 11:04 PM

මොනවද මේ කරන වැඩ? ආගමික නායකයන්ට කියන්නේ මල්වතු අස්ගිරි වගේ පන්සල්වල හිමි වරුන්ටද? මේ අයට පවුල් දරුවන් නැති එකේ රක්ෂණ මොකටද?

:       0       0

ශාන් Thursday, 04 April 2019 01:59 AM

පූජකවරුන්ට රක්ෂනය ලැබෙන්නට ඕනෙ හරිනම් දෙවියන් ගෙන්, ලොව මිනිසා වෙනුවෙන් අතර මැදි සේවයක් කරන පූජ්‍ය පක්ෂයට මොන රක්ෂනාවරනයක්ද? කොහොම වෙතත් ගාමිණී ජයවික්‍රම ගේ මැරයන්ගෙන් බැට කන අහින්සක මිනිසුන්ට රක්ෂනාවරනයක් දුන්න නම් මීට වඩා හොඳයි, උගෙ මැරයෝ අහිංසක මිනිසුන්ට ඇවිදගන්න බැරිවෙන්න ගහනව, කුඩු, කසිප්පු, ගංජා විකුනනව, ගිරිඋල්ල පොලිසිය මේව නොදැක්කා වගේ ඉන්නව මේ අහිංසක මිනිසුන් වෙනුවෙන් මේව රටට හෙලි කරල රස්සාව වගේම රට හදන්න, අහිංසක ජීවිත බේරගන්න රටට සේවයක් කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 276 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 170 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 781 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 53 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2140 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 398 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site