IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අාවා‘ කල්ලියේ දෙපිරිසක් අතර ගැටුමෙන් අයෙක් රෝහලේ

 (රොමේෂ් මධුෂංඛ)
 අාවා කල්ලියේ දෙපිරිසක් අතර යාපනය කොකුවිල්හිදී  ඇති වූ ගැටුමකින් එක් ආවා කල්ලි සාමාජිකයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි  යාපනය පොලීසිය පවසයි.

දේවරාසා හර්සන් නැමති 27 හැවිරිදි තරුණයකු මෙසේ තුවාල ලබා ඇත. ඔහු කොකුවිල් ප්‍රදේශයේ  ඔහුට අයිති නිවසේ සිටින අවස්ථාවේදී  එහි පැමිණි තවත් ආවා කල්ලි සාමාජිකයින් 6 දෙනෙකු සමඟ ඇති වු බහින් බස් වීමකින් අනතුරුව  ඊයේ (26)  සවස  මෙම ගැටුම ඇති වී තිබේ.

එම පිරිස යතුරුපැදිවලින් පැමිණ ඇති අතර ඔවුන් දේවරාසා හර්සන්ට තියුණු ආයුධ වලින් පහර දී ඇති බවට පොලිස් මූලික පරික්ෂණ වලින් හෙළි වී ඇත.

ඔහුට පහර දුන් 5 දෙනෙකුම මුහුණු ආවරණය කරගෙන සිට ඇති  අතර එක් අයෙකු මුහුණ ආවරණය කරගෙන නොසිටි හෙයින් එම පුද්ගලයා හඳුනාගෙන ඇති අතර ඔහු ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් බන්ධනාගාරගතව සිටි අයෙක් බවත්  තුවාල ලැබු පුද්ගලයාද එවැනි සිදුවිම් සම්බන්ධයෙන්ම  බන්ධනාගාරව සිටි අයෙක් බව පොලීසිය පවසයි.

 ඔහු  යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර හඳුනාගත් පුද්ගලයා හරහා සෙසු පුද්ගලයින්ද අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.
 



අදහස් (0)

අාවා‘ කල්ලියේ දෙපිරිසක් අතර ගැටුමෙන් අයෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 126 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 266 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1140 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 150 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 350 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 321 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site