IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අල්ලස් ගත්තැයි සහකාර පොලිස් අධිකාරී රිමාන්ඩ්

ප්‍රසාද් මුතුකුඩ 
 
රුපියල් තිස් දහසක අල්ලසක් ගත්තැයි අත්අඩංගුවට ගත් සහකාර පොලිස් අධිකාරී සමන් ජයතිලක බණ්ඩාර මහතා ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසුන්දර මහත්මිය නියෝග කළාය.
 
සම්බාහන ආයතනයක් ගැටළුවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා මෙම අල්ලස ඉල්ලා ලබා ගැනීමට උත්සාහ කළැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.



අදහස් (8)

අල්ලස් ගත්තැයි සහකාර පොලිස් අධිකාරී රිමාන්ඩ්

athula Tuesday, 27 February 2018 12:32 PM

මේක නම් පුදුම රටක් කෝටි ප්‍රකෝටි ගණන් අල්ලස් ගත්ත උන් එළියේ ආණ්ඩුවට කෝචෝක් කර කර අබියෝග කරනවා උන්ගේ කිසිම දෙයක් හොයන්නේ නැහැ මේ කීයක් හරි සුළු මුදලක් ගත්ත උන්ව ලෝකෙටම කෑගහල පෙන්වනවා මහා ...... හොරු විදිහට

:       1       120

SanathWednesday, 28 February 2018 12:23 PM

එහෙම හිතන්න එපා. මේක සංසන්දනාත්මකව සුළු මුදලක් වුණත් අපේ සාමාන්‍ය රටවැසියෙකුට පුද්ගලිකව මාස්පතා දරාගන්න බැහැ. මටත් බැහැ, ඔබටත් බැහැ කියලයි මට හිතෙන්නේ. පොලිස් නිලධාරීන් මේ විධියට අපෙනුත් මාස්පතා සල්ලි ගන්න අාවොත් ඔබ කැමතිවෙන එකක් නැහැ. මහබැංකු බැඳුම්කර මංකොල්ලය... ඒක පුද්ගලිකව බැලුවොත් ජීවිත කාලයටම රුපියල් 5000/- විතරයි. නමුත් හොරකම කොහොම කළත් දඬුවම් කලයුතුමයි.

:       0       0

වෙදමහතා Tuesday, 27 February 2018 02:19 PM

පොලිසියේ ගෝලයෙකුට කියලා ගත්තානම් ඉවරයිනේ

:       0       3

d.upul Tuesday, 27 February 2018 03:30 PM

පුදුමය කියන්නේ මාධ්‍යට මෙයාල තවමත් "මහත්තුරු". බඩගින්නට පොල් ගෙඩියක් කඩපු එකා නිකම්ම නිකං සයිමන්.

:       0       82

Sanath Tuesday, 27 February 2018 03:51 PM

වැටත් නියරත් ගොයම කයිනම් රටට දෙයියන්ගේම පිහිටයි.

:       0       86

Chanak Los angeles Wednesday, 28 February 2018 12:39 AM

අපේ රටේ සුළු රැකියාවක් කරමින් අසාධාරණ ලෙස පොහොසත් වීමට නොබලමින් ලැබෙන දෙයින් දිවිගෙවමින් වැදගත් ලෙස ජීවත් වන පුද්ගලයාට මහතා කියා අමතන්න නොකැමැති වුනාට මොකද මෙවන් දුෂණයන් වල යෙදෙන එවුනට නම් කටපුරා කියන්නේ මහතා කියලයි ... සියලුදෙනාගේම දැනගැනීම පිණිසයි... කෙනෙකුට මහතා කියා කිව හැක්කේ ඔහු ශීලාචාර ලෙස රටේ සමාජයේ ජීවත් වෙන කෙනෙක් නම් පමණයි.

:       1       11

hiran Wednesday, 28 February 2018 02:28 AM

කරලා තියෙන වැඩේ කැතයි තමයි ..........පොලිසියේ පහල සිට ඉහල තනතුර දක්වා තියෙන්නේ වංචාව සෙරකම ,,,,,,,,,.නමුත් කෝටි ගනනින් රජයේ මුදල් සොරකම් කල අය තවමත් නිදැල්ලේ ............සමහරුන්ට සිංගප්පුරුවේ ලිපිනයවත් නැති අයලු පව් අපි ,,,,,,,,,,,,,,,,,,

:       0       121

sumith Wednesday, 28 February 2018 07:48 AM

පොලිස් ප්‍රකාශක තුමා මොනවද කියන්නේ කියලා මම නම් බලාගෙන ඉන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 187 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 283 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 72 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 938 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 250 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 295 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site