IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘අලියා දෙනවනම් දෝතින්ම බාර ගන්නවා‘

( අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ අතහැර  එය නව සන්ධානයට නිත්‍යනුකූලව පැවරීමට සූදානම් නම්  දොහොත් මුදුන් දී  අලියා ලකුණ බාරගන්නට  සුදානම්     බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී  අජිත් පී පෙරේරා මහතා පැවසීය.
 
විපක්ෂ නායක කාර්යාලයේදී අද (11) පැවැති මාධ්‍ය හමුවකදී  මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
 
අලියා ලකුණ නව සන්ධානයට නිත්‍යනූකූලව පවරන්නේ නැතිව මැතිවරණයට ඉදිරිපත් වූවහොත් බලය පැවරෙන්නේ සන්ධාන මහලේකම්වරයාට නොව එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාට බවද  මන්ත්‍රීවරයා සඳහන් කළේය.   

ඡායාරූප - ශාන්ත රත්නායක

 

 



අදහස් (13)

‘අලියා දෙනවනම් දෝතින්ම බාර ගන්නවා‘

Bamunuarachchi Tuesday, 11 February 2020 10:42 AM

බලාගෙන සජිත්ට අලියා දීලා මේ සැරෙත් සජිත් පැරදුනාම ඉතිහාසයට යන්නේ අලියා මේ සැරෙත් පරාදයි කියලා. එම නිසා අලියා දෙන්නත් එපා හෙන්ඩුව දෙන්නත් එපා.

:       70       468

පහන් Tuesday, 11 February 2020 10:47 AM

මේ කට්ටිය එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැති කරන්නයි හදන්නේ. ලලිත් ගාමිණීටත් බැරිවුන වැඩක් සජිත් කොහෙ කරන්නද ? සජිත් මීට වඩා බුද්ධිමත් මිනිස්සු ටිකක් ලඟින් තියාගන්න ඕනේ.

:       27       351

BamunuarachchiTuesday, 11 February 2020 02:02 PM

ඒ කට එයා බුද්ධිමත් වෙන්න ඕනේ. එය එසේ විය යුතුයි කියා තේරෙන්නේ බුද්ධිමත් කෙනෙකුට. මේ දක්වා කල කතාවලින් එයාගේ බුද්ධිමත් කම රටට පෙන්නුවා.

:       0       0

Hafeel Tuesday, 11 February 2020 03:44 PM

ලලිත්, ගාමිණිලා හැප්පුනේ එවකට ශක්තිමත් නායකයෙක් සමග. ඒ නිසා තමයි බැරිවුණේ.

:       0       0

fasmy Tuesday, 11 February 2020 10:52 AM

අපිට අලියත් එපා. බුලත් කොළේ, අත පොහොට්ටුවත් එපා. මිට පස්සේ මාලිමාව තමා මාලිමාවටත් දීලා බලමු.

:       540       133

RaveendraTuesday, 11 February 2020 11:05 AM

ගැටලුව තියෙන්නේ මේ මාලිමාවේ ගොයියෝ ටික පසුගිය වකවානුවේ පෙන්නුවේ චුම්බක උතුරද නියම උතුරද කියලා ඒ අයත් දන්නේ නැහැ. ඒකනේ 300% ප්‍රතිඑල ඉහළින්ම ගත්තේ. කාලයක ගොන් අලින්ට හේත්තු උනා. එතනින් ඇනගත්තා. මේ සැරේ මොකට හේත්තු වෙනවද කියලා ඒ රතු හැට්ටකාරයෝවත් දන්නේ නැහැ.

:       0       164

yusuf Tuesday, 11 February 2020 11:04 AM

අනේ මෙහෙම මහා ජාතියක්. මේ අයගේ මෝඩ නායකත්වය නිසා අපටත් කාලා ඇඳල ඉන්න නෑ.

:       293       6

rohan Tuesday, 11 February 2020 03:57 PM

ඔබ හරි...

:       0       0

Mahesh Tuesday, 11 February 2020 11:23 AM

එජාපයට තියෙන ලොකුම හෙනේ අලියා. ඕක අවාසනාව ගෙනෙන ලකුණක්. දින්නත් බලේ වැඩිකල් රැකගන්න බෑ. අවාසනාව දෙගුණ වෙනවා රනිල් නිසා...........

:       0       0

සමන්ත Tuesday, 11 February 2020 11:50 AM

අජිත් ජී. පෙරේරා කියන ආකාරයට වැඩ කළහොත් හෙට අනිද්දා වනවිට එක්සත් ජාතික පක්ෂයක් නැතිවී සජිත්ගේ පක්ෂයක් බිහිවනු ඇත. අදූරදර්ශී, වැඩ බැරි අයෙකු එක්සත් ජාතික පක්ෂයට හෝ රටට මෙවැනි බරපතල උවදුරු සහිත කාලයක අවශ්‍ය නොවනු ඇත. අජිත් පෙරේරලාගේ ඉලක්කය සජිත් නොව, දුර්වලයකු ඉදිරියට ගෙනවිත් පක්ෂය විනාශ කර හෝ තමන්ට තැනක් හදා ගැනීමටයි. දේශපාලනයේ කන්නදුන් අත සපා කන කුහකයින්ගේ හැටි එහෙමයි. එහෙත් මෙතැනදී එකක් කිව යුතුයි. රනිල් වැනි නායකයෙකුගේ දුර්වලතා තිබුණද, ඔහුව එහෙම පක්ෂයෙන් එලවා දැමීමට ජනතාව ඉඩනොදිය යුතුයි. තවමත් කුසලතා සහිත, පරිපූර්ණ නායකයෙකු එක්සත් ජාතික පක්ෂයට බිහි වී නැත. හෙට, අනිද්දා වනවිට එය වඩා හොඳින් දැනගැනීමට ලැබෙනු ඇත. පක්ෂයට ද්‍රෝහී වූවන්ට හිමි වූයේ කුණු බක්කිය බව ඔවුන් දැනගත යුතුයි.

:       0       0

athura Tuesday, 11 February 2020 12:00 PM

රනිල් මහතා නැතුව කරයි....!!! එතුමා තමයි ලෝකයෙන්ම වැඩිම අත්දැකීම් තියෙන්නේ දේශපාලකයන් ගැන. සජිත්, රනිල් මහත්තයගේ කෙස්ගහක් තරම් වටිනවද? දැනුමක් තියෙනවද? කටට එන දේ ඔහේ දොඩවනවා. එච්චරයි.

:       0       0

Saman Tuesday, 11 February 2020 02:14 PM

පුලුවන්නම් ඩී එස් සේනානායක මැතිතුමාවත් යුඑන්පී එකෙන් එලවනවා. මම රනිල්ටවත් යුඑන්පී එකටවත් පක්ෂ නැහැ. හැබැයි මේ වගේ කලගුණ නොදත් රැලක් යුඑන්පී එකේ තියාගන්න වටින්නේ නැහැ. මේ හැසිරෙන්නේ හදපු අම්ම තාත්තාගෙන් දේපල ඉල්ලලා වදදෙන දරුවෝ වගේ.

:       0       0

sigithi Wednesday, 12 February 2020 04:31 AM

පක්ෂයේ සමගිය රැකගන්න බැරුව කොහොමද ? රටක් රකින්නේ. කළුතර ඡන්දෙ ඉල්ලගෙන ගෙවල්වලට නම් එන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1283 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 272 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1340 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1338 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1532 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1430 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1537 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site