(කාංචන කුමාර ආරියදාස)
අලුත උපන් බිළිඳිය වළ දැමූ බවට සැක පිට අත්අඩංගුවට ගත් දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ තිදරු මවක් දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි තිදරු මවකි.
පසුගිය දිනෙක නිවසේදී දරුවකු ප්‍රසුත කර වළදමා ඇතැයි ලැබුණු ආරංචියකට අනුව ගිය පොලිස් නිලධාරීන්ට මේ මව අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.මව අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසු අනාවරණය වු තොරතුර මත සිරුර වළ දැමු ගෙවත්තට පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි.
අනතුරුව දඹුල්ල පොලිසිය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට මේ පිළිබඳව කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඊයේ (20) දින පස්වරුවේ දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහත්මා සහ මාතලේ දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍යරත්න යන මහත්වරු පැමිණ ස්ථාන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නිවස පිටුපස වළ දමා තිබුණු බිළිදියගේ මළ සිරුර ගොඩ ගනු ලැබීය.
අඩි දෙකක පමණ වළක් කපා රෙදි කැබැල්ලක ඔතා බිළිඳිය වලට දමා ඊට උඩින් ලෑලි කැබලි දමා පස් වලින් වසා තිබිණි .
ගොඩගත් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතලේ මහ රෝහලට රැගෙන යාමට නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් සමරකෝන් මහතා ඇතුළු කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වයි.
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අලුත උපන් බිළිඳිය වළදැමු මව රිමාන්ඩ්