(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා භාවිතා කළ විද්‍යුත් සන්නිවේදන උපකරණ සියල්ලම විමර්ශන නිලධාරීන්ට බාර දෙන ලෙස බැඳුම්කර කොමිසම අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට අද(26) නියම කළේය.
2015 සිට මේ දක්වා අර්ජුන් මහේන්ද්‍රන් භාවිතා කරන ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට්, පරිගණක ඇතුළු සියලු ඩිජිටල් තාක්ෂණ උපකරණ ඩිජිටල් වෝහාරික පරීක්ෂණයකට ලක් කළ යුතුයැයි කියමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කරන ලද ඇයැදුමක් පිළිගනිමින් අදාළ උපකරණ කොමිසම බාරයට පත් කරන ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්ට කොමිසම නියෝග කළේය.
බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීමට පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා වැඩිදුරටත් කොමිසම අමතමින් ‘‘මෙම ඉල්ලීම කිරීමට මා ප්‍රමාද වැඩිද කියලත් මට හිතෙනවා. තමන් භාවිතා කළ ඩිජිටල් උපකරණ බාර දෙන ලෙස සමහරුන්ගෙන් ඉල්ලූ විට ඔවුන් තමන්ගේ ජංගම දුරකථන විනාශ වී ඇති බවද තවත් සමහරුන් තමන්ගේ ජංගම දුරකථනය සිංගප්පුරූවේ නාන තටාකයට වැටුණු බව ආදී නොයෙක් දේවල් කිව්වා. සත්‍ය සොයා ගැනීම සඳහා මෙවැනි ඩිජිටල් උපකරණ වල ඇති තොරතුරු ඇත්තටම වැදගත්. අර්ජුන් ඇලෝසියස් මෙම කොමිසමට ලබා දී තියෙන්නෙත් ඔහු මීට මාස හයකට පෙර භාවිතා කළ ඩිජිටල් උපකරණ වල තොරතුරු පමණයි‘‘ යැයි කීවේය.
හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ චානක ද සිල්වා මහතා කොමිසම අමතමින් මෙසේ කීවේය.
‘‘නීතීපතිවරයා වෙනුවෙන් කරන මෙම ඇයැදුම්පත සම්බන්ධයෙන් හා එහිදී පැවසු කරුණු සම්බන්ධයෙන් මා පුදුමයට පත් වෙනවා. මෙවැනි ඉල්ලීමක් කරන විට අපක්ෂපාති විය යුතුයි. මෙවැනි කරුණක් ඉදිරිපත් කරන විට අනවශ්‍ය එක් එක් කුණු එකතු කරන්න බැහැ‘‘ යැයි ද ඔහු කීය.
‘‘මේක මහජන කොමිසමක්. මහජනතාවගේ ඉල්ලීම මතයි මෙවැනි කොමිසමක් පත් කරන්නේ. මෙම කොමිසමේ සිදුවන දේ මහජනතාව දැනගන්නේ මාධ්‍ය හරහායි‘‘ යැයි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කීවේය.
එවිට නීතීඥ චානක ද සිල්වා මහතා විමසා සිටියේ කොමිසමට අදාළ නැති අමතර කරුණු පැවසූයේ මාධ්‍ය වල පළ වෙන්නද යනුවෙනි. එවැනි කරුණු තමා නොකී බව ලිවේරා මහතා කීය.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අර්ජුන් මහේන්ද්‍රන්ගේ විද්‍යුත් සන්නිවේදන උපකරණ පරික්ෂාවට අවසර
de silva Thursday, 27 July 2017 07:46 AM
මේ වගේ පුද්ගලයන්ට දෙන්න ඕනේ සෞදියේ දෙන දඬුවම්... අතපය කැපීම, ගල්ගසා මරාදැමීම වැනි දේවල් බඩ ගින්නට කොස් ගෙඩියක්, පොල් ගෙඩියක් හොරකම් කරන මනුෂ්‍යයෙකුගේ ක්‍රියාව තේරුම් ගන්න පුළුවන් වුණත්, ප්රකෝටිපතියන් වන මොවුන් කොටි ගනනින් ජනතා මුදල් සොරකම් කිරීම අනුමත කල නොහැක. ඉහත සඳහන් කල අසරණයන් කුදලා ගෙන ඇවිත් හිරේ දැම්මත් මෙච්චර සාක්ෂි තිබෙද්දීත් මොවුන් අත්අඩංගුවට නොගන්න එක ඉතා නින්දිතය.. සිංගප්පුරුවේ මෙවැනි දෙයක් කලා නම් මොහුට මෙලහකටත් මරණ දඩුවම දීලා...
SARATH Thursday, 27 July 2017 10:19 AM
මේ සියලු දේවල් හොයලා දඬුවම් කරන්න ඕනෑ..