IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අයවැයට පෙර ආණ්ඩුවෙන් සහන පැකේජයක්

අජන්ත කුමාර අගලකඩ
 
විශේෂ සහන පැකේජයක් හෙට (08) දිනයේ රජය විසින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැති මංගල සමරවීර මහතා හෙට ප්‍රකාශයට පත් කරන සහන පැකේජය ගැන සඳහන් කර ඇත.
 
ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයකට එමගින් සහන සැලසෙනු ඇතැයි වාර්තාවේ.
 
රජයේ අයවැය ලේඛනය අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර ඊට පෙර මෙම සහන පැකේජය ප්‍රකාශයට පත් කිරීමට රජය සැලසුම් කර ඇත.



අදහස් (31)

අයවැයට පෙර ආණ්ඩුවෙන් සහන පැකේජයක්

indra Tuesday, 07 November 2017 06:48 PM

මේ සහන සියල්ල තාවකාලිකයි ,යහපාලන රජය දැන් ජනතාවට තිත්තයි.....

:       584       279

Appuhami Tuesday, 07 November 2017 06:58 PM

අපි තණකොළ කනවා කියලා හිතනවා ඇති.....

:       18       218

පිටිගල මිලානෝ Tuesday, 07 November 2017 07:36 PM

අයවැයට පෙර? නැහැ නැහැ චන්දයට පෙර කියලා අවංකවම කියන්න. මේවාට අපි කියන්නේ චන්ද ගුණ්ඩු කියල.

:       39       244

Upul Tuesday, 07 November 2017 08:57 PM

අයවැයට පසු ඕවා බෑ....

:       0       11

Nandalal DE SILVA - France Tuesday, 07 November 2017 10:26 PM

"විශේෂ සහන" පැකේජයක් හෙට 08 වැනිදා ඉදිරිපත් කරාවි. 09 වැනිදා බජට්ටුව ඉදිරිපත් කරාවි. 10 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් "විශේෂ අසහන" බඩු මිල වැඩිකිරීම් සිදු නොවුනොත් බස්නාහිරෙන් පසුදා හිරු පායාවි. ඕක නේ හැම බජට්ටුවකට පස්සෙම වෙන්නේ !!!!

:       49       204

Perakum Tuesday, 07 November 2017 11:22 PM

මේ තමයි සැබෑ ශ්‍රී ලාංකික මානසිකත්වය ප්‍රසිද්ධියේ එළිදැක්වීම. ජනතාවට සහන සැලසීම රජයක යුතුකමයි. ඒ සඳහා අය වැය හෝ මැතිවරණ ඉලක්ක කර ගත යුතු නොවේ. මෙවැනි චන්ද ගුණ්ඩු වලට රැවටෙන ජනතාවක් සිටින තෙක් දේශපාලුවෝ ජය ගනී.

:       0       125

KAVINDANA Wednesday, 08 November 2017 12:37 AM

මොන සහනද..?? නිදහසින් පසු පත්වූ අසාර්ථකම, අගතිගමීම සහ අකාර්යක්ෂමම ආණ්ඩුව තමයි මේ. නිවසකත් අම්මා සහ තාත්තා බොරුකරන විට, අනාචාරයේ යනවිට, හොරකන් කරනවිට දරුවන්ට හිමිවන්නේ හරිහමන් කෑමක් බීමක්, අධ්‍යාපනයක්, වාසස්ථානයක් නොමැතිව නන්නතාර වීමටය. සිරි ලංකාවත් එවැනි අගාදයකට මේ ආණ්ඩුව අද දමා පත්කර අවසන්ය.....!!!! දළදා සමිඳු පිහිටයි සියලු රට වැසියන්ට.......!!!!!!!!!!

:       94       443

wasantha Wednesday, 08 November 2017 12:54 AM

මංගල ඇමතිතුමනි අයවයෙනුත් පොඩි සහනයක් දෙන්ඩ .පඩි වැඩි වීමකුත් ලැබුනොත්.හොඳයි.

:       12       27

Jayanath meedeniya Wednesday, 08 November 2017 01:12 AM

කොච්චර කාලෙකටද

:       0       22

prakaash Wednesday, 08 November 2017 01:40 AM

රට පාවා දී කුමන්ත්‍රණ කරමින් බොරුව වපුරන මේ නිවට ද්‍රෝහීන් ගැන කල්පනාවෙන් සිටිය යුතුය.

:       274       202

Lakvidu Wednesday, 08 November 2017 02:30 AM

අයවැයට පෙර සහන පැකේජ් එන්නේ...අයවැයෙන් පස්සේ අසහන පැකේජ් එකක් එන්න වගෙයි.

:       75       191

PA-RA Wednesday, 08 November 2017 02:33 AM

හාල්, පොල්, කිරිපිටි, සිනි, කරවල, මාළු, කුකුල් මස්, තුනපහ, මිරිස්, එළවලු, පාන් පිටි, පරිප්පු, අපොයි දෙයියගේ පිහිටයි...... විමල් වීරවංශ කලක් කෑගැහුව පාන්පිටි කන්න එපා, පාන් එපා, එහෙම කියල හාල් පිටි වලින් පාන් හදලත් පෙන්නුව, දැන් ඔහු යන්නේ පිකප් එකෙන් නෙවෙයි, ලක්ෂරි කාර් එකෙන්, මහජතාවට දැන් මංගල පිහිටයි, දෙයියන්ටම පෙනීයන්.......

:       303       117

Upali Wednesday, 08 November 2017 03:13 AM

අනේ මන්දා. දැන්නම් මොන සහන දෙනව කිව්වත් ජනතාව ඉන්න අසහනය නැති කරන එක බොරු.

:       34       107

silva Wednesday, 08 November 2017 03:19 AM

ඉස්සෙල්ලා පෙට්‍රල් දීල හිටහන්...

:       23       405

Senarath Wednesday, 08 November 2017 03:23 AM

මේක පුංචි චන්දෙට අල්ලසක්ද ? ඒ උනාට කතාකරන්නේ යහපාලනය ගැන.

:       71       258

දිලුම් Wednesday, 08 November 2017 04:01 AM

අපිට සහන එපා. අපි ආයේ ඕවට රැවටෙන්නෙත් නෑ. ඔහෙලම තියා ගන්න එකෙන් පිනට කන්න දරුපවුලත් එක්ක. අයවැය එනකම්ම ඉන්න ඕන වුනා මුන්ට අපි විදින දුක පේන්න. අනේ පව් අපිට දැන් හිඟා කාල හොදට පුරුදු වුනා. ඒකටත් බොලාගෙ ආන්ඩුවට පින්. අපි හිඟාකාල හරි බොලා නඩත්තු කරන්නම් අපිට සහන දෙන එක ගැන හිතන්න එපා බොලා අපේ බදු සල්ලි අරන් විපක්ෂෙට පගාව දීල මංගල ඉදිරිපත් කරන අයවැය දිනා ගනිල්ලා

:       186       801

Ajith Wednesday, 08 November 2017 04:07 AM

ඔන්න අපි රැවටූනා.... , හා ද...?

:       1       215

thelbaalaa Wednesday, 08 November 2017 04:11 AM

තව නම් පැකේජ් එපෝ... තෙල් වලට ලැබිලා තියෙන සහන පැකේජ් එක හොඳටම ඇති.

:       0       113

Lapaya Wednesday, 08 November 2017 04:24 AM

සිනි බෝල රුපියල් 2 සිට රුපියල දක්වා අඩු කරනු ලැබේ. යහපාලන 62 ලක්ෂය කට අරගෙන සිටිනු මැනවි.

:       19       260

athuraWednesday, 08 November 2017 05:43 AM

යහපාලනයට ඡන්දෙ දුන්න හැමෝම දුන්නේ අඩුවට කන්න බලාගෙන නෙමෙයි මහත්තයෝ.

:       405       8

Kumar (Galf)Wednesday, 08 November 2017 07:10 AM

අතුරා, යහපාලනෙට ඡන්දෙ දුන්නෙ අඩුවට කන්න නෙමෙයි බව නම් හොදටම තේරෙනවා මේ ඉල්ලන් කන කෑමේ හැටියට.

:       2       150

athuraWednesday, 08 November 2017 10:34 AM

කුමාර් ඒක ආණ්ඩු කරන අයගේ දෙයක්... හැබැයි බහුතරයක් මිනිස්සු හිටපු ආණ්ඩුව ගෙදර යැව්වේ පවුලේ කට්ටිය හවුලේ කාපු නිසා.

:       0       2

NuwanWednesday, 08 November 2017 07:45 AM

කාගේ අතිනුත් වැරදි වෙනවා. 62 ලක්ෂයක් එදා ගත්ත තීරණ ගැන පසුතැවී පලක් නැත. ජනතාව එවෙලේ හැටියට හොදම තීරණය ගත්තා. හෙට තව හොද තීරණයක් දෙවි මේ පාලනයට. අපි අපිටම අපහාස කිරීම නවතා අනාගතයේ මොකද කරන්නේ කියල එකට එකතු වීම නේද හොද?

:       64       24

Nimal Wednesday, 08 November 2017 05:16 AM

අනේ තවත් සහන එපා දුන්නු සහන හොදොටෝම ඇති !

:       0       221

suranga Wednesday, 08 November 2017 05:34 AM

අනේ මොනවත් එපා... පලයල්ලකෝ මේ රටෙන්ම...

:       0       157

SAMANWednesday, 08 November 2017 06:44 AM

දුන්න පැකේජය ගන්න තාමත් අහිංසක මිනිස්සු පෝලිම්වල ඉන්නවා. එක හොදටම ඇති.දැන් වත් පලයල්ලා අපිට අපේ රටේ ඉන්න දීල.....

:       0       126

Hafeel Wednesday, 08 November 2017 05:38 AM

කලින්ම පෙට්රෝල් අර්බුදය වහාම විසඳන්න. බලයට ආපු දවස ඉඳන් රට පුරා නොයකුත් උද්ගෝෂණ, කුණු කන්ද, සයිටම් අර්බුදය, වැඩ වර්ජන, හාල් හිගය, දැන් පෙට්රෝල් හිගය. මේ සේරම බලයට එන්න කලින් දන්නවනේ.

:       2       160

pubu Wednesday, 08 November 2017 06:28 AM

මේවා චන්ද ගුණ්ඩු

:       0       106

Kumar (Galf) Wednesday, 08 November 2017 06:58 AM

සහන දෙන්න කතා කරන්නේ. එත් මුන්ට පෙට්‍රල් ටික වත් හරියට රටේ බෙදා හරින්න බැහැ. ඉතින් තව මොන කතාද සමනළයින්ගේ.

:       1       56

purawasiya Wednesday, 08 November 2017 09:31 AM

යහපාලනයට ඡන්දෙ දුන්නේ ලාබෙට කන්ද හෝ නිකන් කන්ද නෙමේ. එ්කාධිපතිත්වයෙන් රට බේරාගෙන දූෂණයට තිත තබන්නයි. හිටපු ජනාධිපතිතුමාව බේරා ගැනීමටයි... දූෂණය සීමා කිරීමටයි.

:       1       1

සෙනෙවි Wednesday, 08 November 2017 05:09 PM

මෙව්ව සිල් රෙදි වගේ කේස්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 19 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 28 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 105 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 370 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3203 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 655 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site