අයි.එස් සංවිධානය පරාජයට පත් කරමින් මොසුල් නුවරදී ‘ඓතිහාසික’ ජයක් ලැබුවද අයි.එස් සංවිධානයට එරෙහිව යුද්ධය තවමත් අවසන් නැතැයි ඉරාකයේ සිටින ඇමෙරිකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
බී.බී.සී පුවත් සේවය හා එක්වෙමින් ලුතිනන් ජෙනරාල් ස්ටීවන් තවුසන්ඞ් ඒ බව ප්‍රකාශ කළේය. තවමත් අයි.එස් සටන්කාමීන් ඉරාකය තුළ සිටින බව ද ඔහු එහිදි පැවැසීය.
ඉරාකය රජය අයි.එස් සටන්කාමීන්ගේ ඉලක්ක වෙත ළඟා වුව ද ජිහාද්වාදීන් නැවත සංවිධානය වැළැක්වීමට පියවර ගත යුතු බව ද කීවේය.
“අයි.එස් සංවිධානය පරාජය කළත් ඔවුන් නැවත නැගී සිටීමේ අවදානමක් තියෙනවා. එම නිසා අයි.එස් සංවිධානය නැවත නැගී සිටීම වැළැක්වීමට ඉරාක ආණ්ඩුව කඩිනමින් පියවර ගත යුතුයි” යැයි ඔහු කීය.
මොසුල් නුවර අයි.එස් සටන්කාමීන්ගෙන් මුදා ගත් ඉරාක අගමැති හයිදර් අල් අබාදි ඉකුත් දිනෙක ප්‍රකාශ කළේය. මොසුල් නුවර මුදා ගැනීමේ සටන මාස නවයක් පුරා පැවැති අතර නගරයේ බොහෝ ගොඩනැගිලි මේ වනවිට සුන්බුන් බවට පත්ව තිබේ. ගැටුම්වලින් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වූ අතර 920,000කට වැඩි පිරිසක් අවතැන්ව ඇතැයි වාර්තා සඳහන් කරයි.
මොසුල් නුවර යනු අයි.එස් සංවිධානයේ ප්‍රධානම බලකොටුවක් වූ අතර එය අත්පත් කරගත් බව ප්‍රකාශයට කරමින් ඉරාක අගමැතිවරයා එම ප්‍රදේශයේ සංචාරයක ද නිරත විය. එහිදි ඉරාක අගමැතිවරයා හමුදා එක්වෙමින් ඉරාක ධජය ද එසවීය.
ඉරාක හා ඒකාබද්ධ හමුදා ජනගහනය වැඩි ප්‍රදේශවලදී අනවශ්‍ය ලෙස ශක්තිමත් අවි භාවිත කර ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වාර්තාවක් නිකුත් කරමින් අඟහරුවාදා දිනයේදී සඳහන් කළේය.
දරුණු අපරාධ කළ බවට අයි.එස් සංවිධානයට ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ චෝදනා එල්ල වී තිබේ.
(ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරිනි 055)
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
’අයිඑස් සංවිධානයට එරෙහි යුද්ධය අවසන් නෑ’