IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අමෙරිකාවේ දෛනික වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වෙයි

අමෙරිකා එක්සත් ජනපදයෙන් දෛනික වැඩම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබේ.

ඒ අනුව ඊයේ දිනයේ එරටින් අලුතෙන් හඳුනාගැනුණු රෝගීන් සංඛ්‍යාව 40,000 කට අධිකය.

ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් ටෙක්සාස්, ෆ්ලොරිඩා හා ඇරිසෝනා ප්‍රාන්ත යළි විවෘත කිරීමේ සැලසුම් අත්හිටුවා තිබේ.

මීට පෙර අමෙරිකාවේ වැඩිම දෛනික ආසාදිත රෝගීන් පිරිස පසුගිය 24 වැනිදා වාර්තා වූ අතර එම සංඛ්‍යාව 36,400 කි.  

නිවැරදි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත මට්ටමට වඩා 10 ගුණයකින් පමණ වැඩිවිය හැකි බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

අමෙරිකානුවන් මිලියන 20 කට පමණ  වයිරසය ආසාදනය වී තිබිය හැකි බව රෝග පාලන මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

රට පුරා පුද්ගලයින්ගෙන් ලබාගන්නා ලද රුධිර සාම්පල ඇසුරෙන් මෙම ගණනය සිදුකර තිබේ.

මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව  2,424,454 ක් වන අතර වයිරසය හේතුවන් සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 124,468 කි.

 

-226-

(බීබීසී ඇසුරෙනි)

 



අදහස් (3)

අමෙරිකාවේ දෛනික වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වෙයි

මුණසිංහ Saturday, 27 June 2020 02:00 AM

මේ තත්වයට ඇමරිකා ජනාධිපති විතරක් නෙමෙයි. එරට සියළු පුරවැසියන්ද වග කිවයුතු වෙනවා. මුහුණු ආවරණ පැළඳිය යුත්තේ තමන්ගේ ආරක්ෂාවට බව අමතක කරලා. දුරස්ථ බව රැකීමෙන් තමන්ගේ සෞඛ්‍යාරක්ෂාව ඇතිවන බව අමතක කරලා. මෙය ඇමරිකාවට විතරක් නෙමෙයි ලෝකයටම තර්ජනයක්..! වෙනත් රටවල 2වැනි...3වැනි රැළි මතුවීමේ අවදානම තියෙනවා. ඇමරිකාව තහනම් දේශයක් බවට පත් කරලා එරට වැසියන්ව වෙනත් රටවලට ඇතුළුවීමත් එරටට ඇතුළුවීමත් තහනම් කළ යුතුයි. දැනටත් යුරෝපය ඊට පියවර අරන්..!

:       0       144

AsankaSunday, 28 June 2020 08:11 AM

ඔබ හිතනවාද කෝටි ගණනක ජනතාවක් මෝඩයෝ කියලා මුහුණු ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කරන්න. ඔබ නොදන්න දෙයක් ඒ මිනිස්සු දන්නවා. ඔය ලෝක ජනමාධ්‍ය මේ වෙලේ පෙන්වන සංඛ්‍යා ලේඛන බොරු. මෙම වෛරසයේ මරණ ප්‍රතිශතය 0.04%ක් වේ. මීට වඩා ඉන්ෆ්ලුවන්සා වෛරස් එක භයානකයි. ඔබ තව සොයාබලන්න රෝහල්වල සිදුවන ඕනෑම මරණයක් කොරෝනා මරණයක් ලෙස දක්වමින් රෝහල්වලට 19000$ ගානේ ලැබෙන බව දන්නවාද?

:       0       0

Namal Saturday, 27 June 2020 09:57 PM

මුණසිංහ මෝඩ කතා කියන්න එපා... ඇමරිකාවේ දවසකට කොරොනා පරීක්ෂණ ලක්ෂ 3ක් පමණ කරනවා. අනික ඇමරිකාව තහනම් කරන්න ලොකෙට...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 333 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 686 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 816 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 613 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 171 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1788 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site