IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘අපේ ජනබලේ මන්ත්‍රී ධුරය කොල්ලකන්න දෙන්නේ නෑ‘

(*** නිමල කොඩිතුවක්කු)

අපේ ජන බල පක්ෂයට ජාතිය වෙනුවෙන් ලැබුණු මන්ත්‍රී ධුරය කොල්ලකෑමට නොදී සියලු දෙනා එක්ව රැක ගත යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කොළඹ දී ඊයේ (11) පැවසූහ.

මෙම මන්ත්‍රී ධුරය යොදාගෙන ජාතියට මගහැරුණු ජාතික අභිලාෂය ඉටු කිරීමට තමන්වහන්සේ  කැපවන බවද උන්වහන්සේ සඳහන් කළහ.

මේ ප්‍රශ්නයේදී කාටවත් ගේම් ගහන්න ඉඩ නොදී කඩිනමින් ගැටලුව විසඳා ගන්නා බවද රාජගිරියේ සද්ධර්මරාජිකා විහාරස්ථානයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඥානසාර හිමියෝ පැවසූහ.

ඥානසාර හිමියෝ මෙසේද පැවසූහ.

“2020 මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න අපිටම පක්ෂයක් තිබුණෙ නැහැ. පක්ෂයක් ලියාපදිංචි කර ගැනීමට අපි විශාල උත්සාහයක් දැරුවත් එම උත්සාහය අසාර්ථක වුණා. මහ මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ ගණනාවක් එක්ක  අපි සාකච්ඡා කරද්දී  දේශපාලන පක්ෂයක් ලැබූ බවත් එම පක්ෂයත් එක්ක දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගමු කියා රතන හිමියන්ගෙන් ආරාධනාවක් ලැබුණා.

මේ පක්ෂය කාගේද, තනතුරුවලින් ඉන්නේ කවුද, ව්‍යවස්ථාව පිළිබඳ අපි එහිදී විමසා සිටියා. කිසිදු ගැටලු‍වක් නැහැ මහමැතිවරණයට ඉදිරිපත් වෙන්නේ කියලා උන්වහන්සේ එහිදී පැවසුවා.

රතන හිමියන් කියන්නේ අවුරුදු පහළොවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ජාතික අර්බුදවලට මැදිහත් වූ අත්දැකීම් සම්භාරයක් සහිත හිමිනමක්. මෙහිදී උන්වහන්සේගේ පරිණත නායකත්වයක් අපි බලාපොරොත්තු වුණා.

මහ මැතිවරණයේදීත් ඊට පෙරත් අපි රටේ රට ජාතිය, ආගම වෙනුවෙන් එළියේ විශාල සටනක් ගෙන ගියා. රටේ අණ පනත් සකස් කරගත් රටට වගකියන, පාර්ලිමේන්තුවේ  අපට නියෝජනයක් ලැබුණොත් අපේ සටනට විශාල ශක්තියක් ලැබෙනවා. අපි රට පුරා ගිහිල්ලා කෑගහලා කියපුවා වැදගත් විදියට සංවාදශීලීව සාකච්ඡා කරන්න මැති සබේ ඉඩක් ලැබුණොත් අපිට හැකියාවක් තියෙනවා.

මුලින්ම මම මැතිවරණයට කිසිම දිස්ත්‍රික්කයකින් තරග නොකර රට වටා ගොස් ජනතාව දැනුවත් කිරීමට තීරණය කළා. නමුත් බහුතර ජනතාවගේ අදහස වුණේ මම තරග කළ යුතුයි කියන මතයයි. ඒ අනුව මම කුරුණෑගලින් තරග කිරීමට තීරණය කළා. නමුත් කොළඹ, කුරුණෑගල, කළුතර දිස්ත්‍රික්කවල අපේ නාමයෝජනා ප්‍රතික්ෂේප වුණා.

අපිට ඡන්දය ලබා දීපු ජනතාවට අපි ස්තූතිවන්ත වන ගමන්ම මේ ප්‍රශ්නය අපි වහාම විසඳාගත යුතුයි. අපේ ප්‍රාර්ථනාව සිංහල ආණ්ඩුවක්. දැන් රටට ලස්සන ආණ්ඩුවක් ඇවිත් තිබෙනවා. ඒ නිසා මෙතැන කලබල වෙලා කුලල් කාගන්න අවශ්‍යතාවක් නැහැ.
අපි ගේම්කාරයෝ නෙවෙයි. අපි පපුව දෙන්නේ අවංකවමයි. ඒ නිසා තමයි ජනතාව අප විශ්වාස කරලා වැඩ කරන්නේ. සිවුරට තියෙන ගෞරවය අහිමි වෙන්න දෙන්න බැහැ. ඒ නිසා අපි ඇත්ත ප්‍රකාශ කළ යුතුයි.

මහ මැතිවරණයට පසුවදා අපට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබුණු බව දැනගෙන මම රතන හිමියන්ට දුරකථනයෙන්  කතා කළා. පසුව උන් වහන්සේ  සිටින සදහම් සෙවණටත් ගිහින් මේ ගැන සාකච්ඡා කළා. මේ මන්ත්‍රී ධුරය උන්වහන්සේට ලබා ගත්තොත් හොඳයි කියන අදහසක තමයි උන් වහන්සේ හිටියේ.  මන්ත්‍රී ධුරය උන්වහන්සේ තියා ගන්නම්, අනෙකුත් වරප්‍රසාද උවමනා නම් ගන්න කියලත් කිව්වා. මන්ත්‍රී ධුරය නෙමෙයි වැදගත් ජනතා අභිලාෂයට වීම තමයි වැදගත් කියලා මම එතනදි කිව්වා.

මගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණහම මට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය යෙදෙනවා කියලා තමයි අපේ මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේ.
ඒ නිසා මේ අවස්ථාව මට ලබාදෙන්න කියලා මම රතන හිමියන්ගෙන් ඉල්ලා සිටියා.  ඒක තමයි මිනිස්සුන්ගේ අපේක්ෂාව. මම අවුරුදු  15ක් පාර්ලිමේන්තුවේ හිටියා. මගේ  ආශීර්වාදය ඇතිව ඥානසාර හිමිට මෙම අවස්ථාව ලබාදෙනවා කියලා ඔබවහන්සේ මාත්  එක්ක වාඩිවෙලා රටට කියන්න කියලා මම  රතන හිමියන්ගෙන් ඉල්ලා සිටියා.  මම කිව්වා මට මේක අවුරුද්දක් දෙන්න  ඊට පස්සේ ඕන දෙයක් කරගන්න කියලා.

රතන හිමියන්ගෙන් මම ඇහුවා  කෝ දැන් ලේකම් හිමියන් කියලා.  උන්වහන්සේ කිව්වා මම එන්න කිව්වා උන්වහන්සේ නැහැ කියලා. ඊට  පස්සේ මම ඇහුවා  ලේකම් හිමියන් ඔබවහන්සේගේ විශ්වාසවන්තයෙක් නෙමෙයිද කියලා.  මොකද මම ඔය ලේකම් හිමියන් එක්ක විනාඩි පහක් මූණට මූණ සාකච්ඡා කරලා නැහැ.  දැක්කෙත් සදහම් සෙවණේදී. අපිට ඕන වුණේ මේ වැඩපිළිවළ දිනවන්නයි.

ලේකම් හිමියන්ගේ පාර්ශ්වයෙන් දැන් කියනවා මට දෙනවලු, රතන හිමියන්ට දෙනවලු සභාපතිතුමන්ට දෙනවලු. කාලය මරමින් ඉදලා  මමත් නොවන රතන හිමියනුත් නොවන ජාතික ලයිස්තුවේ කවුරුත් නොවන  කෙනෙකු ජාතික ලයිස්තුවේ  දිවුරුම් දෙනවා කියලා දැන් අපිට ආරංචියක් ලැබිලා තියෙනවා.

මේක මෙහෙයවන්නේ ප්‍රංශයේ ඉඳල. මේකෙ  ඉන්නවා කිහිප දෙනෙක්.  මේවා පිටිපස්සේ ඉන්න මෙහෙයුම්කාරයෝ කවුද කියලා හොයාගන්න එක රටේ ආරක්ෂක අංශවලට බාරයි.

ජාතික ව්‍යාපාරයත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නැහැ. මේක බොක්කෙන්ම කරන්න ඕන. මට මන්ත්‍රීකම් ඕන නැහැ. මොන පීචං වැඩක්ද මේ.

රතන හිමියන් එක්ක සියලු‍ සංවාද ගොඩ නැගුනේ අපි වැඩ කළේ විශ්වාසය මතයි.  දැන් මේ පක්ෂයේ ලේකම් හාමුදුරුවෝ අපි ඔක්කොම එක මිටට අරගෙන. එයා වැඩකාරයෙක්, එයාගේ අතේ තමයි මේ ජාතික වැඩපිළිවෙළ දැන් තියෙන්නේ.

දැන් ලේකම් හිමියන්ගෙ නියෝජිතයෙක් අපිත් එක්ක සාකච්ඡා කරලා කොන්දේසි තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව උන්වහන්සේගේ පන්සලේ ප්‍රශ්න විසඳන්න, අධිකරණයේ තිබෙන නඩු විසඳන්න, ආරක්ෂාව තහවුරු කරන්න කියන කොන්දේසි දාලා තියෙනවා. 67000 කට අධික ජනතාවක් ඡන්දය දුන්නේ උන්වහන්සේගේ පෞද්ගලික ප්‍රශ්න විසඳන්න නෙමෙයි කියලා උන්වහන්සේ තේරුම් ගත යුතුයි.

දැන් මේ අය කියන විදියට රතන හිමියනුත් මමත් අතර අර්බුදයක් නැහැ. සංවාදයක් පමණක් ඇති වුණා. දැන් රතන හිමි එක පැත්තක, මම තව  පැත්තක, ඡන්දය දීපු මිනිස්සු අහනවා මොකද වෙන්නේ කියලා.  අපිට ඡන්දය දීපු මිනිස්සුන්ට අපි වගකියන්න ඕන. අද හෝ හෙට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය මට දෙන්න කියලා ඉල්ලන්න මට අයිතියක් නැහැ. අපේ පක්ෂයේ සියලු‍ම දෙනා එකට එකතු වෙලා සාමූහිකව මෙම තීරණය ගත යුතුයි.

මේ ප්‍රශ්නයේදී කාටවත් ගේම් ගහන්න දෙන්නෙ නැහැ. මේ ඡන්ද 67000 අපිට ලක්ෂ හැට හතක් වගේ. ඒ නිසා මේ ගැටලු‍ව හොඳ විදිහට අපි විසඳ ගන්නවා” යැයිද උන්වහන්සේ පැවසූහ.



අදහස් (13)

‘අපේ ජනබලේ මන්ත්‍රී ධුරය කොල්ලකන්න දෙන්නේ නෑ‘

රට වැසියා Wednesday, 12 August 2020 09:54 AM

යස්ස ඡත්තිංසති සොතා මනාපස්සවණා භූසා වාහා වහන්ති දුද්දිට්ඨං සංකප්පා රාගනිස්සිතා - දිය පහරවල් සතිසකින් යුක්ත වූ තෘෂ්ණා නදිය යමෙකුගේ අරමුණුවල වේගයෙන් ගලා බසීද, ඒ නදියට අයත් රාග නිශ්‍රිත වූ විතර්ක නමැති ජල පහරවල් විපරිත බුද්ධිය ඇති ඒ පුද්ගලයා අපායට ගෙන යයි.. _ ධම්මපදය - තණ්හා වග්ග...

:       2       149

siri Wednesday, 12 August 2020 10:10 AM

දේශපාලනයට අනුගත වී ඉන්න සමහරුන්ගේ සභා අරමුණ මේ ප්‍රශ්නයේදී හොඳින් පෙනීගියා. ඉතුරු හරිය කියන්නේ නැහැ. කැමැති විදිහට හිතාගන්න.

:       0       189

Kamal KoyralaWednesday, 12 August 2020 10:48 AM

හරි කොකාගේ සුද පෙනෙන්නේ ඉගිල්ලිලා යන විටනේ...

:       173       254

Kamal Koyrala Wednesday, 12 August 2020 10:13 AM

ඔන්න ජාතික සමගිය ඇතිකරන්න එන අයගේ සමගිය ජාතික නායකත්වය හරියට හවුලේ ජාතික ආණ්ඩුවක් හැදුවා වගේ...

:       175       267

VajiraWednesday, 12 August 2020 11:31 AM

ඡන්ද ලක්ෂ හතරහමාරක් ගත්ත ජාතික ජනබලවේගයටත් ඒක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයයි. 67000ක් ගත්ත මෙයාලටත් එකයි. අපරාදෙ මේකත් ඔවුන්ටම ලැබුණා නම් හඳුන්නෙත්තිවත් පාර්ලිමේන්තු යවන්න තිබුණා.

:       481       939

ගල් බමුණා Wednesday, 12 August 2020 12:46 PM

මීට කලිනුත් පාර්ලිමේන්තු ඇවිත් ගුටි ගහගත්තා ජාතික ලැයිස්තුව බෙදාගන්න බැරිව, දැන් ආයෙමත් එ්කම වෙලා තියෙනවා... මේවා මහා විහිළු. බුදුදහම නැති කරන්නේ අන්‍යාගමිකයෝවත්, ආගමක් අදහන්නේ නැති අයවත් නොවේ...

:       24       243

Mangala Wednesday, 12 August 2020 01:29 PM

මන්ත්‍රීධුරය ඥානසාරහිිමියන්ට ලැබිය යුතුයි. ඥානසාරහිමි කළ මෙහෙවරට සහ ඒ වෙනුවෙන් හිරබත් කැම සහ අනෙකුත් කැපකිරීම් වලට ඥානසාරහිමි හැර වෙන කිසිම කෙනෙක් මෙම මන්ත්‍රීධුරයට සුදුසු නැහැ.

:       607       1032

කමල් Wednesday, 12 August 2020 01:34 PM

සිවුරට තියෙන ගෞරවය අහිමි වෙන්න දෙන්න බැහැ... භික්ෂුවක් වෙලා පාර්ලිමේන්තුවට ගියොත් කොහොමත් වෙන්නේ සිවුරට අගෞරවයක්නේ....

:       20       218

GalaparaThursday, 13 August 2020 04:57 AM

රෙජීමය කරන වැඩ නවත්වන්න මේ හාමුදුරුවෝ පාර්ලිමේන්තු ගියා නම් හොඳයි. එතකොට සුද්ද සිංහලෙන් කියලා ඒ හොර වැඩ නවත්වයි.

:       0       233

Manjula Wednesday, 12 August 2020 11:40 PM

මොවුන්ට ඡන්දෙ දුන්නු අය දැන් පසුතැවිලි වෙනවා ඇති. ආයෙමත් කවදාවත් චීවරධාරීන්ට ඡන්දෙ දෙන්න හිතන්නවත් එපා.

:       0       0

Ana Thursday, 13 August 2020 12:30 AM

අනේ මෙහෙම තණ්හාවක්...

:       0       0

තම්බි Thursday, 13 August 2020 01:05 AM

අවසරයි.. පක්ෂය ගොඩදාන්නවත් බැරි ඔබ වහන්සේලා මේ එන්නේ රට ගොඩදාන්නද..?

:       0       0

Champa Thursday, 13 August 2020 06:36 AM

ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යනවා නම් යන්න එකම සුදුස්සා ඥාණසාර හාමුදුරුවෝ විතරයි. හාමුදුරුවෝ එක්ක මට සමහර දේට එකඟ වෙන්න බැරි වුණත් සිංහල බෞද්ධයින් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තියෙන විශාල රික්තය පුරවන්න ඥාණසාර හාමුදුරුවන්ට ලැබුණු මේ අයිතිහාසික අවස්ථාව වෙනුවෙන් සම්පූර්ණ සහයෝගය දෙනවා. වෙල්ලස්සේ සිංහල බෞද්ධ හඬ - පද්ම උදයශාන්තවත් ඉවත් කරලා, අනිත් ගිහිපැවිදි දේශප්‍රේමීනුත් නිර්වින්දනය කරලා වගේ ඉන්න වෙලාවක, පාර්ලිමේන්තුවට අලුත් දේශප්‍රේමී හඬක් අවශ්‍යයි. අනික විශාල වංචාවක් කරලා පාර්ලිමේන්තු යන්න හදන අර ලේකම් හාමුදුරුවෝ නම් ශාසනයටත් නින්දාවක්... දැන්ම මෙහෙම නම්, මී වදේ රස වැටිලා පස්සේ පක්ෂයත් පාවා දීලා සිවුරු අරින්නත් ඉඩ තියෙනවා. රට, ජාතිය ගැන කතා කරපු සමහරු ඡන්දෙන් පස්සේ විස්සෝප වෙලා කළකිරිලා පැත්තකට වෙන්න හදනවා. යහපාලන එන්ජීඕ කාක්කන් ටිකක් ව්‍යවස්ථාව වෙනස් කරන්න හදපු එකට රටම විරුද්ධ වෙලා යන්තම් ඒක නවත්තගෙන හුස්ම ටිකක් ගන්න ලැබුනේ නැහැ... දැන් මේ ජනාධිපතිත් ඒ අඩි පාරේම ගිහින් මුස්ලිම් ජාතිකයෙක්ට පවරලා අපේ ව්‍යවස්ථාව හදන්න. ඒ හින්දා අනිවාර්යයෙන්ම සිංහල බෞද්ධයින් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ප්‍රබල හඬක් තියෙන්නම ඕනේ...

:       0       103

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 138 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 670 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 446 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 73 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1486 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 3314 8

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site