IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘අනුශාසනාවක් වුවද කළ යුත්තේ ප්‍රඥාවන්තයකුට පමණයි‘

(ලහිරු හර්ෂණ)

 ‘බුදුන්වහන්සේ දේශනා කර  ඇති පරිදි  අනුශාසනාවක් කළ යුත්තේ  තේරුම් ගැනීමට ප්‍රඥාවක්  ඇති මිනිස්සුන්ට බවත්, අනු නා හිමිගේ අනුශාසනාවේ තිබු  කරුණු මැනවින් තමා  අවබෝධ කරගත් බවත් එය නොතේරුම් ගත් පිරිසක් විසින් විවිධ ප්‍රකාශ කරන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.


තමන් ඉතා සාමාන්‍ය පුද්ගලයකු වන බවත් තමන්ගේ නිවසේ පැවැති  පිංකමකදී පෞද්ගලික පැවසු දේ පිළිබඳව දේශපාලනඥයින් ඇතුළු විවිධ පිරිස් විවිධ කතා මතු කරනුයේ අනු නා හිමට විරුද්ධව නම් එය ඉතාමත් නුසුදු ක්‍රියාවක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.


ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී  සිදු බව කියන මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සාක්කි ලබා දීම සඳහා අද (25)  මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ පිටව යද්දී  අස්ගිරි අනුනායක වෙඬරුවේ උපාලි හිමියෝ  පසුගිය දිනක කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රටේ මතු වී ඇති තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් විමසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේය.


ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වනවාද යන්න සම්බන්ධව හා ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව මාධ්‍යවේදී කළ විමසීමේදී හෙතෙම සඳහන් කළේ ඒ සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන තුරු තමන්ට දැනුම් දී නොමැති බවත් අවස්ථාවක් ලැබුණොත් ඒ පිළිබඳව සලකා බලන බවත්ය. එසේම පුරවැසිභාවය පිළිබඳව ගැටළුව විසඳා ගැනීමට  මාස දෙකක කාලයක් ප්‍රමාණවත් බවද පැවසීය.


අනු නාහිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වු රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.


‘මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ ඇයි කියලා දෙන්නේ නැහැ.අනු නාහිමි එවැනි ප්‍රකාශක් කළේ ඇයි කියන දේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළා. අනික මේක පෞද්ගලික අනුශාසනාවකදී කරපු කතාවක්. ජනාධිපති අගමැති ඇතුළු දේශපාලනඥයින් ඒ පිළිබඳව ප්‍රකාශ නිකුත් කරන්නේ මා ඒ තරම් වැදගත් පුද්ගලයෙක්ද කියලා මං දන්නේ නෑ. මොකද මම සාමාන්‍ය පුද්ගලයෙක්.ඔවුන් මෙවැනි ප්‍රකාශ කරන්නේ සමහර විට අනු නා හිමිට විරුද්ධව කරන ප්‍රකාශ වෙන්නැති.මම හිතන්නේ නැහැ ඒක සුදුසුයි කියලා‘

 



අදහස් (29)

‘අනුශාසනාවක් වුවද කළ යුත්තේ ප්‍රඥාවන්තයකුට පමණයි‘

Buddika Monday, 25 June 2018 10:12 AM

ඒක ඇත්ත. උප්පැන්න සහතිකයට විතරක් නෙවෙයි නියම බෞද්ධයෙක් ලෙස මම කියනවා අපේ රටේ අපේ උතුම් දහම රකින්නේ හරියට සිව්පසයවත් නොලැබෙන ඈත ගම් දනව්වල දුෂ්කර ගමනක යෙදෙන හිමිවරු නිසයි. මේ හාමුදුරුවරුන් සුර සැප විඳිනවා හැර මොකක්ද අර ආගම වෙනුවෙන් කරන්නේ... ළඟට එන වංචාකාරයින්ට උඩගෙඩි දීමයි. ආගම වෙනුවෙන් කඩේට වඩින්න. හොරුන්ට චරිත සහතික දෙන්න එපා. එක හාමුදුරු කෙනෙක් හිරේගියේ ආගම වෙනුවෙන්ද? ඒක හරිද? හතර වටේම නායක හිමිවරු ඉන්නවා. ආගම විකුණගෙන කෑම හොඳ නැහැ. කුමක්ද ගත්ත පියවර? මේ ගෝඨාභය නම් මාර නුවණැත්තෙක්...

:       428       649

Arjuna Ranawana Monday, 25 June 2018 10:13 AM

බුදුහාමුරුවන්ගේ අනුශාසනය වන්නේ දහම තේරෙන්නේ ප්‍රඥාවන්තයන්ට පමණයි. උපාලි හිමිගේ දහම තේරෙන්නේ උන්වහන්සේ කියන පාලකයින්ට පමණයි.

:       67       365

Sanath Monday, 25 June 2018 10:19 AM

ලංකාවේම ප්‍රඥාව තියෙන්නේ මැදමුලන රාජපක්ෂ පරම්පරාවේ කට්ටියට විතරයි කියල හාමුදුරුවෝ දැනගෙන තියෙනවා. සාධු! සාධු!! සාධු!!!

:       676       1346

එර්දි Monday, 25 June 2018 10:21 AM

හිටලරුත් මහා ප්‍රඥාවන්තයෙක් ඒ වුනාට සමූල ඝාතකයෙක්.අපිටත් ඕන ප්‍රඥාවන්ත හිට්ලර් කෙනෙක් සුදු වෑනුත් එක්කම. මැරිල ඉපදිච්ච එව්වන්ට කියන බැණ,

:       742       997

රවින් Monday, 25 June 2018 10:38 AM

මේ පිංකම පෞද්ගලික පින්කමක් නේ. එහෙ සිද්ද වෙච්ච දේවල් මෙහෙ දැනගත්තේ කොහොමද? ඒකියන්න අඟේ ඉදන් කණ කන එවුනුත් ඔය පින්කම් පොලේ ඉඳල තියනවා. කවුරුහරි බල ලෝභයෙක් ...........

:       31       101

sirimal Monday, 25 June 2018 10:41 AM

මෙතුමා අග මුල පටලවාගෙන වගෙයි පෙනෙන්නේ. අනුනායක හිමියන්ගේ අනුශාසනාවේදී උන්වහන්සේ " මේ රට හදන්න හිට්ලර් කෙනෙක් වෙලා හරි හමුදා පාලනයක් ඇති කරගෙන හරි කටයුතු කරන්න කියලයි මහා සංඝ රත්නය අනුශාසනා කරන්නේ " කියල පැහැදිලිවම ප්‍රකාශ කරනවා. එම ප්‍රකාශය කලේ "කලේපෞද්ගලික අනුශාසනාවකදී" නම් එම පෞද්ගලික වැඩ සටහනට මාධ්‍ය ගෙන්වා ගත්ත එක මෝඩ වැඩක් නේද? එදා උන්වහන්සේ ඒවගේ අනුශාසනාවක් නොකලානම් අද මේවගේ ජංජාලයක් ඇතිවී ජනාධිපති අපේක්ෂාවට කන කොකා හඬලන තරමේ වාතාවරණයක් උද්ගත වෙන්නේ නැහැ. රටේ ජනතාවට උන්වහන්සේ කල ප්‍රකාශය තේරුම් ගැනීමේ අපහසු තාවයක් නැහැ. නමුත් උන්වහන්සේ ඒවගේ දෙයක් වදාළේ වෙනත් දෙයක් හිතේ තියාගෙන කියා වටහා ගැනීමට හැකිවන තරමේ දිව්‍යඥානයක් ඇති කෙනෙක් අද ඉන්නවායයි කිව හැකිනොවේ. දැන් වෙලා තියෙන්නේ කට වරද්දාගෙන සිද්ධ උන අලාභය පිරිමසාගන්න කරන උත්සාහය නිසා එම සිද්ධියට තව තවත් ප්‍රචාරයක් ලැබීමයි. මේ බොහෝ අදහස් වල අඩංගුව ඇත්තේ අනුනායක හිමියන්ගේ ප්‍රකාශයේ ඇති බැරෑරුම් කම පිළිබඳවයි. එම තොප්පිය වෙනත් අය අශාවෙන් පළඳවා ගන්නේ මොකද කියන එකත් තව ජංජාලයක්.

:       56       336

Ay me gone palanaya bayawela ( unp ) bayawela Monday, 25 June 2018 10:54 AM

ඔව්

:       0       0

sampath pathirana Monday, 25 June 2018 10:57 AM

කොන්දක් නැති නායකයන්ගේ අනුගාමිකයෝ බයවෙලා වගේ...

:       456       444

Ajith NissankaMonday, 25 June 2018 02:54 PM

අර ස්වාමින්වහන්සේ කිව්වා හිට්ලර්ගේ වගේ හමුදා පාලනයක් මෙතුමා අරන් එනවා නම් කොන්දක් නැති නායකයන්ගේ අනුගාමිකයෝ නොවේ, හැමෝම බයවෙන්න විතරක් නොවේ, දුවන්න ලෑස්ති වෙලත් හිටියොත් ඇඟට හොඳයි !!!

:       54       71

මුස්තාෆා Monday, 25 June 2018 11:13 AM

සිංහලයන්ට තේරුම් ගන්න බැරිවුණු අනුනාහිමිගේ බණ අපේ මරික්කාර් මන්ත්‍රීතුමාට තේරුණා. සිංහලයෝ තමන්ගේ ආගමික නායකයන්ට මෙහෙම කියන විදිය ගැන කණගාටුයි.

:       622       582

විමලාවතී Monday, 25 June 2018 11:38 AM

මුස්තාෆා මහත්තයෝ, කණගාටුවෙන් වුණත් කියන්න ඕනෑ.. අපේ සිංහලයන් වැඩිදෙනෙක් මෝඩයි.

:       228       154

pathiranaMonday, 25 June 2018 11:39 AM

සිංහලයෝ කඩේ යන එකට මොකක්ම හරි හේතුවක් තියෙනවා කියමුකෝ... එ්ත් මුස්තාපා මහත්තයා කඩේ යනවා දකිනකොට බඩත් දඟලනවා.

:       152       319

විමලාවතීMonday, 25 June 2018 01:41 PM

මගේ බඩ දඟලනවා පතිරණ මහත්මයාගේ ප්‍රතිචාරය දැකලා.

:       131       46

lal suranjith Monday, 25 June 2018 11:20 AM

ඔබතුමා හිට්ලර් කළා වගේ වැඩ කලින් කළාද? සංඝයා වහන්සේට වචන පැටලිලා වත්ද? කෙසේවෙතත් හිට්ලර් වගේ කෙනෙක් නම් අපිට එපා. හොරකම, වංචාව, බල තණ්හාව, බොරුව නැති දක්ෂ පාලකයෙක් අපේ රටට ඉතා ඉක්මණින් බිහිවිය යුතුයි. නැතහොත් අපේ රටත් ඉතා ඉක්මණින් මිහිපිට තිබෙන අපායක් බවට පත්වෙන කාලය වැඩි ඈතක නොවෙයි.

:       1       1132

සමන්ත Monday, 25 June 2018 12:18 PM

මේවා මේ කලින් ලැහැස්ති වෙලා කරන සම්මුඛ සාකච්ඡා.. අනුශාසනාවක් කළේ පුද්ගලික තැනක වුවත්, පුද්ගලිකව වුවත් ඒ දේ මේ රටේ අනාගතය සම්බන්ධව කරන ලද භයානක සහ මිනිසුන් භීතියට පත් කරන ප්‍රකාශ නම්, දේශපාලනික ප්‍රකාශ නම්, හාමුදුරුවන්ගේ කටයුත්තට එහාගිය ත්‍රස්තවාදී අන්දමේ ප්‍රකාශනම්, ප්‍රජාන්ත්‍රවාදී පැවැත්ම, ජනතා අභිලාෂයන්ට හානි පමුණුවන ප්‍රකාශ නම්, ප්‍රඥාවන්තයන් විසින් එය ලත් තැනම ලොප් කරනවා. මෝඩ, තණ්හාවෙන් අන්ධවුවන්, පීඩකයන් විසින් දොහොත් මුදුන් දී පිළිගන්නවා. වැරදි ප්‍රකාශ කළා.. ඒ අනුව වැඩකළ ප්‍රභාකරන්ටත්, විජේවීරටත් මේ රටේ ඒ දේමවුණා. ජනතාව ප්‍රතික්ෂේප කළා. ඒ වගේම අනාගත පරපීඩකයින්ටත් ජනතාව එලෙසින්ම සලකාවි.

:       3       139

nishantha Monday, 25 June 2018 12:49 PM

හමුදාවෙන් යුද්දෙට බයේ පැනලා ගිහින් ඇමරිකාවේ පරිගණක දත්ත ඇතුළු කරන්නෙක් විදියට ඉඳල අයිය නිසා ඇවිල්ලා තව අවුරුදු දෙකක්ම ජනාධිපති වෙලා ඉන්න තිබ්බ අයියාවත් සුදු වෑන් ම්නිමරුම් නිසා පරාද කරගෙන දැන් එනවා අපිට ප්‍රඥාව ගැන උගන්නන්න.

:       314       720

shan saudi Monday, 25 June 2018 12:52 PM

බුදුහාමුදුරුවන්ගේ අනුශාසනය වන්නේ දහම තේරෙන්නේ ප්‍රඥාවන්තයන්ට පමණයි. උපාලි හිමිගේ දහම තේරෙන්නේ උන්වහන්සේ කඩේයන පාලකයින්ට පමණයි. දළදා මාලිගාව ඉදිරිපිට එදා කළ දේ නොතේරුණු මේ වගේ රැලකට අනුනාහිමියන්ගේ අනුශාසනය හොදට වැටහෙන්න ඇති...

:       132       321

සතයපාල Monday, 25 June 2018 01:02 PM

මේ නායක හාමුදුරුවෝ ධර්මඅශෝක අධිරාජයා හරි, මහා පරාක්‍රමබාහු රජතුමා හරි එහෙම නැත්නම් ලී ක්වාන් යු හරි, මහතීර් මොහොමඩ් හරි උදාහරණයට ගන්නේ නැතිව හිට්ලර්ව ගත්තේ ලොකු අර්ථයක් ඇතුවයි මගේ හිතේ... උන්වහන්සේ දන්නවා ගෝඨාභය බැරි වෙලාවත් ජනපති වුනොත් ඔය චරිත හතරෙන් එකකටවත් සමාන නොවන බව.... හැබැයි අනිවාර්යයෙන්ම තවත් හිට්ලර් කෙනෙක් මේ රටේ නිර්මාණය වන බව වගේම රටට විශාල විපතක් සිදුවන බවත් ඒක වළක්වා ගැනීමේ අරමුණින් හා අනාගතයේ එවැනි අනතුරක් ඇති වුවහොත් මම කළින්ම මේක වෙනබව කිව්වා කියලා තමන්ගේ නිවැරදි භාවය ගැන කථා කරන්න උන්වහන්සේට පුළුවන් විත්තිය අවබෝධ කරගෙන තමයි මේ ධර්ම දේශනාව කරලා තියෙන්නේ. ඒක නොදන්නා අනුවණ දනා උන්වහන්සේට චෝදනා කරති.

:       111       137

Ajith NissankaMonday, 25 June 2018 02:57 PM

උන්වහන්සේට වදාරන්න තිබුණේ අර පොල්පොට් වගේ මිල්ටරි පාලනයක් ගේන්න කියලා! මොකද මෙතුමාට කවදාවත් හිට්ලර් වගේ හමුදාවක් හදන්න බැහැ... අසල්වැසි ඉන්දියාව තියන කල්!

:       72       89

Chanak Los angeles Monday, 25 June 2018 02:29 PM

වැදිබණ නොකියා අවභාවිත කර තිබෙන මුදල් වංචාවන්ට මුහුණ දීලා නිර්දෝෂීභාවය ඔප්පු කර පුලුවන්නම් බේරෙන්න බැලුවොත් ඇඟට ගුණයි කියායි.... මට නම් හිතෙන්නේ..

:       23       61

Arjuna Ranawana Monday, 25 June 2018 02:29 PM

එ්ක ඇත්ත !. අනුශාසනාවක් කළ යුත්තේ ප්‍රඥාවන්තයකුට පමණයි? ඔබතුමා සිතන්නේ ඔබ ප්‍රඥාවන්තයකු කියලද? ඔය වගේ අනුශාසන අපට නොතේරුණාට දැන් ඡන්දයක් තිබ්බා නම් බලාගන්න පුළුවන් මෝඩයන්ගේ හැටි. අනික මේ දැන් මරණාසන්න මොහොතට ආවා නම් නම්, බලාගන්න පුළුවන්... යුද්ධයට අණ දුන් විපාකයට විඳින දුක...

:       97       113

rocky Monday, 25 June 2018 02:55 PM

අනුශාසනය කරන්නාත් ප්‍රඥාවන්තයෙක් වීම සුදුසුයි නේද? එක්කෝ මේ හාමුදුරුවෝ හිට්ලර් ගැන දන්නේ නැහැ. එහෙම නැත්නම් බුද්ධ ධර්මය දන්නේ නැහැ. හිට්ලර් කියන්නේ ජාතිවාදී උම්මත්තකයෙක්. යුදෙව්වන්ව මිලියන ගණනින් සමූල ඝාතනය කෙරුවා. දැන් ඕනෑ වෙලා තියෙන්නේ සුළු ජාතීන්ව ඝාතනය කරවන්නද? අපොයි, ශාසනයට ගිය කලක් ! මෙහෙම නායක හාමුදුරුවරුන්ගෙන් යහපතක් බලාපොරොත්තු වෙන්න අමාරුයි!

:       0       80

BamunuarachchiMonday, 25 June 2018 04:46 PM

ඔබලා වගේ අය ගැන ඝෝටාභය මහතගේ කතාවේ කියවුනා.

:       35       0

Ajith NissankaTuesday, 26 June 2018 08:21 PM

ඔබලා වගේ අය ඉන්නකල් ගෝඨාභයමහත්තය මොකට කලබල වෙනවද.?

:       0       0

Thilina Monday, 25 June 2018 04:04 PM

තස්ත්‍රවාදීන් වෙනුවෙන් වන්දි ගෙවන්න කැබිනට් පත්‍රිකාවක් දාලා කියලා දවස් කීපයකට කලින් පුවතක් පළවුණා. බොහොම ස්වල්ප දෙනෙක් අදහස් පල කළා.. රට වෙනුවෙන්... මේ කමෙන්ට් බලකාය එදා නිවාඩු ගිහින් ඉන්න ඇති.. මහත්වරුනේ ඇත්ත තිත්තයි..

:       0       0

rocky Tuesday, 26 June 2018 02:06 AM

"බමුණන් ගෙන් දුලද - වැඩක් වූයේ ලොවට කිකලද?" (බුදුගුණ අලංකාරය)

:       0       1

padmini Tuesday, 26 June 2018 04:56 AM

අනේ ; ඔය මහණුවන දැන් ඇතුන් ලවා වත් අද්දන්න බැරි වෙයි. තමන්ගේ ගෙදර සාමාන්‍ය අවස්ථාවකදී වෙච්ච කතන්දර මේ ලෝකේ හැම මුල්ලකම ඉන්න අපි දැනගත්තේ කොහොමද. නුවන එකෙන්ම පේනවා නේද. අද ඇවිල්ල තියෙන්නෙත් ඔය බොහොම නුවණ ඇති වැඩක් කරලා එකට සාක්කි කියන්නනේ. ලැජ්ජයි.

:       0       1

Sunil Tuesday, 26 June 2018 05:17 AM

මෙන්න කියුම්.. ධම්මචක්ක සූත්‍රයේ " පඥා උදපාදි " කිව්වෙ මේකට වෙන්නැති.

:       0       1

Bamunuarachchi Tuesday, 26 June 2018 06:06 PM

සිදුහත් කුමරු බුදුවන බව කීවෙත් බමුණෝ තමා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 291 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 138 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 93 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 337 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 354 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 635 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site