IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අනුරාධපුරයට පානීය ජලය මහවැලියෙන්

( බී.ජී. චතුරංග )

වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූවන් සිටින අනුරාධපුර නගරයට බීමට ජලය තිබෙන්නේ තව සති තුනකට පමණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

“අද වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබෙන සියලු ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැස තිබෙනවා. මෙම පානීය ජල අර්බුදය හේතුවෙන් මා ඊයේ මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයා කැඳවා  කොත්මලේ සිට තිබෙන ජලාශවල ජල මට්ටම විමසා එතුමාට උපදෙස් ලබා දුන්නා කුමන ප්‍රශ්නයක් තිබුණත් ඉහළ ජලාශවල තිබෙන සුළු ජල මට්ටමෙන් හෝ අනුරාධපුරයට ජලය ලබා දී අනුරාධපුර නගරයේ තිබෙන පානීය ජල ප්‍රශ්නය විසඳන්න කියලා“

“පසුගිය සතියේදී මා අනුරාධපුරයට පැමිණ කැබිතිගොල්ලෑව, හොරොව්පොතාන ප්‍රදේශ වලට ගොස් දැනගත් තොරතුරු වලට අනුව තමයි තීරණය කළේ ලංකාවේ නියඟයෙන් පීඩාවට ලක්ව සිටින පවුල් ලක්ෂ 05ක් සඳහා වෙනම වියළි ආහාර සළාකයක් ලබාදෙන්න.“

සිසුවියකගේ ඉල්ලීම පරිදි අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයට බස් රථයක් ලබා දීමේ උත්සවයකට අද (4) සහභාගී වෙමින් ජනපතිවරයා මේ බව කීය.  

“මීට මාස දෙකකට පෙර මා අනුරාධපුරයට පැමිණ ශරීර සුවතා ඇවිදින මංතීරුවක් විවෘත කළ අවස්ථාවේදී නිවත්තකචේතියේ සිසුන්ද එම අවස්ථාවට එක්ව සිටියා. මම ඒ දරුවන් සමඟ කතා කරන විට එක් දියණියක් කිව්වා අපේ පාසලට බස් රථයක් ලබාදෙන්න කියලා. මම එම අවස්ථාවේදී එම දියණියට පොරොන්දු වුණා බස් රථයක් ලබාදෙන බවට. ඒ අනුවයි අද මෙලෙස බස් රථයක් ලබාදුන්නේ. “

පරිත්‍යාග කෙරුණු මෙම බස් රථයේ නැගී ජනාධිපතිවරයා නිවත්තකචේතිය විද්‍යාලයට පැමිණීම මෙහිදී විශේෂත්වයක් විය. ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීම කළ සිසුවියට බස් රථයේ යතුර ලබාදීම එම උත්සව අවස්ථාවේදි සිදු කෙරිණි.



අදහස් (7)

අනුරාධපුරයට පානීය ජලය මහවැලියෙන්

saman Friday, 04 August 2017 09:41 AM

මොකද මේ මිනිස්සුන්ගේ මුහුණු වල සිනා පොදක් වත් පේන්න නැත්තේ?

:       52       118

Sanjeewa Friday, 04 August 2017 03:25 PM

සමන් මිනිස්සු දන්නවා මෙයාගේ විසිල් විතරයි බල්ටි නෑ කියලා. ඒකයි මල ගෙදරක ගියා වගේ ඉන්නේ ....

:       36       202

wedage Friday, 04 August 2017 09:59 AM

බස් එකක් දෙන්න මාස දෙකක් ගියානම් රට හදන්න කොපමණ කලක් යාවිද?

:       51       161

vipula Friday, 04 August 2017 10:00 AM

ඔබතුමා රටට වැඩ කරන්න ආවත් අපු දවසේ ඉදන් ගංවතුර ආධාර, නියන් ආධාර, නාය යාම් සඳහා ආධාර , කුණු කදු වැටීම් සදහා ආධාර කදවුර ඇතුලේ බෝම්බ පත්තු වීම නිසා ආධාර ලබාදෙන්න සිදුවුණා. එය ජනතාවගේ අවාසනාව.

:       3       130

rajarata bayiya Friday, 04 August 2017 11:15 AM

අතිගරු ජනාධිපති තුමා ඉතා අවංකයි. හරිම සංවේදී චරිතයක්. කලබල වෙන්නේ නැහැ. රට දියුණුවට අවංකව වැඩ කරන බව පේනවා. ජය ශ්‍රී මහ බෝ සරණින් සියලු බාධක ඉවත්වේවි. අපි එතුමාට සුබ පතමු. සහය දෙමු. එකමුතුව මේ සියලු දුෂ්කරතා ජය ගනිමු. තෙරුවන් සරණයි.

:       579       1854

JEEWAFriday, 04 August 2017 01:46 PM

අවංක හින්දද අප්පේ කාලා තාප්පෙන් අනිත් පැත්තට පැන්නේ...

:       262       148

Senarath Saturday, 05 August 2017 03:28 AM

ඔමතුමා වාරිමාර්ග ඇමති වෙලා හිටපු කාලේ , ගම්ප්‍රදේශය වන රජරටට මොනවද කලේ ? අදටත් මිනිස්සු DS මහතාට CP සිල්වා මහතාට කොච්චර පින්දෙනවද . ඒ රජරට මිනිස්සු නෙමෙයි. එත් රජරට මිනිසුන්ට පිහිට උනා . දැන්වත් කොන්ද කෙලින් තියාගෙන රටට වැඩක් කරන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 109 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1690 1

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 427 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 941 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 133 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 90 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site