IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


අධ්‍යාපන රැකියා ප්‍රදර්ශනයට සහභාගීත්වය අනිවාර්ය නොකරන්නැයි ඉල්ලීමක්

(බිඟුන් මේනක ගමගේ )
 
අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කරන 19+ අධ්‍යාපනික රැකියා ප්‍රදර්ශනයට උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් අනිවාර්යෙන් සහභාගී වන්නැයි ද ඊට අවශ්‍ය ගමන් වියදම් පාසල් සංවර්ධන ගිණුමෙන් ලබාගන්නැයි ද දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශය ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ට ලිඛිතව නියෝග කර ඇතැයි ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට පැමිණිලි කර ඇත.
 
අධ්‍යාපන අමාත්‍යංශයේ විෂය පථයට කිසිසේත් අදාළ නොවන කාර්යක් සම්බන්ධයෙන් විශාල මූල්‍ය පිරිවැයක් හා කාලයක් යොදාගැනීමක් මෙමගින් සිදුවන්නේ යැයි ද අමාත්‍යංශයේ අතිරේක ලේකම්(අධ්‍යාපන) විසින් නිකුත් කරනු ලැබ ඇති මෙම නියෝගය වහා ආපසු හකුලාගන්නැයි ද එම සංගමය සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.
 
කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේදී ලබන 3 වැනිදා සිට 7 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙමගින් උසස් අධ්‍යාපන අවස්ථා සඳහා පාසල් සිසුන් ගොනුකර ගැනීමට පෞද්ගලික අංශයට ඉඩ ප්‍රස්ථා විවර වන්නේ යැයි ද එවැනි දෙයකට අතගැසීම අධ්‍යාපන අමාත්‍යංශයේ කාර්යක් නොවන්නේ යැයි ද එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.
 
පාසල් අධ්‍යාපනයෙන් බැහැර අවුරුදු 19 ඉක්ම වූ සිසුන්ගේ උසස් අධ්‍යාපන හෝ වෘත්තිය අධ්‍යාපනය සම්බන්ධව වගකීම් දරණ අමාත්‍යංශයක් හා ඊට අනුබද්ධිත රජයේ වෘත්තිය පුහුණු ආයතන ක්‍රියාත්මක බව දැන දැනම අධ්‍යාපන ඇමැතිවරයා මෙවැනි කටයුතු කරන්නේ පටු දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට යැයි ද ලංකා ගුරු සේවා සංගමය වැඩිදුරටත් චෝදනා කරයි.
      



අදහස් (8)

අධ්‍යාපන රැකියා ප්‍රදර්ශනයට සහභාගීත්වය අනිවාර්ය නොකරන්නැයි ඉල්ලීමක්

laksman Sunday, 30 September 2018 02:01 PM

අධ්‍යාපන හා රැකියාවන් ගැන ජනතාව දැනුමෙන් සන්නද්ධ වුණාම දේශපාලකයින්ගේ රැස්වීම්වල පෝස්ටර් ගැසීමට කැන්වසින් යාමට කෙනෙක් නැතිවෙනවානේ...

:       1       20

සනත් Sunday, 30 September 2018 03:09 PM

උසස් පෙල පන්තිවල ඉන්න ගොඩක් පිරිමි ළමයි රක්ෂාවක් කරන්න ආසයි. පුද්ගලික අංශයේ ආයතනත් මෙයාලා පුහුණු කරලා අවම වැටුපකින් උපරිම සේවයක් ලබාගත හැකිබව දන්නවා. නමුත් මේ ක්‍රියාවලියෙන් සිද්ධවෙන්නේ පිරිමි ළමයින්ගේ ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු නතරවීමයි. සංඛ්‍යා ලේඛනවලට අනුව විශ්වවිද්‍යාලවලට ඇතුළත්වන පිරිමින්ගේ ප්‍රතිශතය 35%ක් පමණයි.

:       4       297

tdMonday, 01 October 2018 12:34 AM

සංඛ්‍යා ලේඛනවලට අනුව විශ්වවිද්‍යාලවලට ඇතුළත්වන පිරිමින්ගේ ප්‍රතිශතය 35%ක් පමණ නම් ඉතිරි පිරිමි ළමයි රක්ෂාවක් කරන්න ආසනම් පාසල් අධ්‍යාපන පසු විශ්වවිද්‍යාලයට නොතේරෙන සිසුනට තාක්ෂණ පුහුණුවක් ලබාදීම කල යුතුමය. පාසලින් පාරට වැටි කුඩුකාරයකු වී හෝ වෙනත් නොහොබිනා සමාජයම පිළිනොගන්නා දුෂිත පුද්ගලයකු වීමට පෙර, පාසලේදීම තාක්ෂණ පුහුණුවක්, දැනුමත් ලබාගෙන පාසලින් පිටව යන්නේ ඔහුගේ මනසත් දෑතත් ශක්තිමත්වය. ඔහුට පමණක් නොව ඔහුගේ පවුලේ සියලු දෙනාටම මෙම පුහුණුව ශක්තියකි. රටක් දියුණුවන්නේ රටේ අධ්‍යාපන ගුණාත්මක බවින් සක්තිමත් වීම මතය.

:       0       1

td Sunday, 30 September 2018 11:11 PM

අධ්‍යාපන රැකියා ප්‍රදර්ශනයට සහභාගීත්වය අනිවාර්ය කළද, නොකළද ඒ සඳහා පාසල් සිසුන් උද්යෝගිමත් කිරීම දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වගකීමක් මෙන්ම යුතුකමකි. අද වර්තමාන ජාතික රජයේ අගමැතිවරයා එදා මෙන්ම අදත් පාසල් අධ්‍යාපනයට මුල් තැනක් දෙන, පාසල් අධ්‍යාපනයට නව යුගයට සරිලන ආකාරයට සකස් කර ඇතිබව පෙනේ. අධ්‍යාපනය යනු රටක තිබෙන ශක්තියයි. රට සංවර්ධනය කරා ගෙනයන්නට නම් ලෝකයේ දියුණු ප්‍රබල රටවල් සමග එක්ව සිටීමට නම් අධ්‍යාපනය අත්‍යාවශ්‍යයි. ලෝකයේ දියුණු රටවල මැනවින් අත්හදා වැඩිදියුණු කරන ලද තාක්ෂණ අධ්‍යාපනය ලංකාවේ පාසල් සිසුන්ට ලබාදීමේ කිසිම වරදක් නැත. උසස් අධ්‍යාපනය ලබන පාසල් සිසුන්ගෙන් සියලුදෙනා විශ්ව විද්‍යාල කරා යන්නේ නැත. ලංකාවේ විශ්වවිද්‍යාල පමණක් තිබෙන ලෝකයේ කොහේවත් නැති අමානුෂික මාෆියා සමග සටන් වැදීමට පවා සිසුන්ට සිදුව තිබේ. විශ්ව විද්‍යාලවලට වරම් නොලබන බොහෝ සිසුන්ට ඔවුන්ගේ දක්ෂතා මත ලොව පිළිගත් තාක්ෂණවේදියකු වී තමන්ගේම රැකියාවක්, විදේශ රැකියාවකට යාමට අවස්ථාව නව රජය යටතේ උදාකර දි තිබේ. ලංකා ගුරු සේවා සංගමය හෝ මාෆියාව ලංකාවේ විස්වවිද්‍යාල සිසුන් මුහුණදෙන නවකවදය ගැන මුනිවත රකින්නේ මන්ද?

:       0       1

suranga Monday, 01 October 2018 03:10 AM

වෘත්තිය මාර්ගෝපදේශනය අධ්‍යාපනයට සම්බන්ධ නැහැ කියන්නේ කොහොමද?.

:       0       2

nimal Monday, 01 October 2018 03:42 AM

සිසුන් ද්විතීක අධ්‍යාපනය අවසන් කළ පසු වෘත්තීය අධ්‍යාපනයට යොමු විය යුතු ය. නැති නම් ඔවුන්ට නුපුහුණු ශ්‍රමිකයින් ලෙස අඩු වැටුපට සේවය කරමින් ඉන්න වෙනවා. අපේ දරුවන් මේ සම්බන්දව දැනුවත් බව අඩු යි. ඒ නිසා මෙම දරුවන් මෙවැනි වැඩ සටහන් මගින් දැනුවත් වීම.වැදගත්.

:       0       0

ඩොනල්ඩ් Monday, 01 October 2018 04:05 AM

අවුරුදු විස්සකට කලින් කරන්න තිබුණ දෙයක් නේ.

:       0       1

DUMINDA Monday, 01 October 2018 04:24 AM

විරෝධය පදනම් විරහිතයි , රැකියා වෙළඳ පොළ ගැන දැනුවත් කමක් නැති නිසා හුගක් ළමයි වැරදි විෂයන් තෝරා ගන්නවා , අද උසස් පෙළ විෂය ධාරාවට අලුත් විෂයන් එකතු වෙලා තියනවා නමුත් ළමයි තාමත් විද්‍යා , කලා වාණිජ වලට හිර වෙලා

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 526 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 226 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 859 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 630 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 637 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 1838 5

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 141 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1349 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site