IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අධ්‍යාපන ඇමැති සාපෙළ බර අඩුකරන්න යයි

(රේඛා තරංගනී ෆොන්සේකා)

ඉදිරි වර්ෂ වලදී සාමාන්‍ය පෙළ විෂයන් නවයෙහි වෙනස්කම් රාශියක් සමග විෂයන් 6ක් දක්වා අඩු කොට තොරතුරු තාක්ෂණය අනිවාර්ය විෂයයක් කොට දරුවන් පිට පටවා ඇති අනවශ්‍ය අධ්‍යාපන බර ඉවත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

මොරටුව වේල්ස් කුමර විදුහලේ අද(5) පැවැති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. 

ලොව දියණුම අධ්‍යාපන ක්‍රමය පින්ලන්තයේ පවතින බවත් එහි පවතින්නේ ප්‍රායෝගික හා වෘත්තිය අධ්‍යාපන ක්‍රමය බවත් එම ක්‍රමවේදයට ප්‍රමුඛතාවය දෙමින් වෙනස් කරන්නට සැලසුම් කර ඇති නව අධ්‍යාපන රටාව අප රටේ  දරුවන්ගේ අනාගතය ශක්තිමත් කරන බවත් ඔහු පැවසීය. 

එමෙන්ම පරිගණක යුගය සමග ගනුදෙනු කිරීමට ඉඩ ප්‍රස්තාව සලසාලමින් සෑම සිසු සිසුවියකටම ලැප් ටොප් පරිගණකද ගුරුවරුන්ට ටැබ්ද ලබා දෙන්නට කටයුතු කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

 



අදහස් (12)

අධ්‍යාපන ඇමැති සාපෙළ බර අඩුකරන්න යයි

රොෂාන් Tuesday, 05 December 2017 03:40 PM

අපිට නම්, සිංහලයි, ඉතිහාසයයි, බුද්ධාගමයි ඉගෙන ගත්තොත් ඒ හොඳටම ඇති. ඔය තුන තියනවා නම්, ජාත්‍යන්තරේ අපිව මල් මාල දාලයි පිලි ගන්නේ.

:       919       1129

gihanWednesday, 06 December 2017 06:51 AM

ජොබ් එකට ඔය තුන ඕනේ නැති වුණාට, රට රස්සාවකට මේවා ඕනේ නැති වුණාට මිනිහා කියන පදනම හැදෙන්නේ ඕකෙන්. මේ විෂයන් අවතක්සේරු කිරීමේ විපාක නිසා තමයි රට තාම එක තැන පල්වෙන්නේ....

:       0       2

HinnaWednesday, 06 December 2017 07:01 AM

පරගැති ජාතියක් බිහි කරන්න ලොකුම බාධාව ඔය ටික නේ.

:       4       14

Sathyayaa Tuesday, 05 December 2017 10:06 PM

ළමයින්ගේ "බර" මෙතෙක් බලයට ආ හැම රජයක් විසින්ම අඩුකර තිබෙනවා. සමහර පළාත්වල එය මන්දපෝෂණය දක්වා වර්ධනය වී තිබෙනවා. රජයක් විසින් අනිවාර්යෙන්ම කළ යුතුව ඇත්තේ දරුවන්ගේ දෙමව්පියන් විසින් දරන ජීවන බර අඩු කිරීමයි. වෙනත් වචනවලින් කියනවා නම්, ආණ්ඩු විසින් කර ඇත්තේ ජනතාවගේ ජීවන බර වැඩිකර ඒ තුලින් දරුවන්ගේ කායික බර කෙමෙන් පහත දමා තිබීමයි. මුසාවාද වලින් වැඩි හිටියන් රැවටීම තව දුරටත් කළ නොහැකි නිසා, පාසැල් සිසුන්ට නොමිලයේ ලැප්ටොප් ලබා දෙන්නත් ශිෂ්‍යයන් ගේ ගුරුවරුන්ට ටැබ්ලට් ලබා දෙන්නත් කරන කතා මිනිසුන් විසින් නොව යුගය විසින් ප්‍රතික්ෂේප කරන කාලය එළඹ ඇත.

:       0       1

Elvis Tuesday, 05 December 2017 10:13 PM

ඉතාමත් හොඳ අදහසක්. එත් ඒකටත් විරෝධය පාන කට්ටියක් නැත්නම් තමයි පුදුමේ.

:       0       0

නුමා Tuesday, 05 December 2017 10:27 PM

බොරුවට ලැප්ටොප්, ටැබ්ලට් දෙන්න කළියෙන් ඔයක්‍රමය වෙනස් කරන්න. පාසල් වල වැසිකිලියක් හදාගන්න යන්නෙ ඔය භාණ්ඩ 2,3 ක මුදල උනාට ඒක කරගන්න මුදල් නැහැ. එහෙව් එකේ ලැප්‍ටොප් දෙන බව කියා මිනිසුන් මුලාකරන්න අවශ්‍ය නැහැ. ෆින්ලන්ත අධ්‍යාපනය ආදර්ශයට ගන්නවනම් මුල් අවුරුදු වල දරුවන්ට හැදියාව, පිරිසිදුකම, අන්‍යයන්‍ය ගරු කිරීම (බිම පෙරලී වඳින්න නොව), තම ආරක්ශාව සලසා ගැනීම වැනි දේ උගන්වන්න. ෆින්ලන්තයේ අධ්‍යාපනයේ ඇති ලෙස අනවශ්‍ය තරඟය නැතින්කරන්න. ඔය සැම දෙයකටම ජනතාවගේ සමෘධිමත්භාවයද බලපානු ඇත, එබැවින් ආර්ථික දියුණුවද අත්‍යාවශ්‍යය. සියල්ලටම පෙර ගුරුවරුන් ගතානුගතික අධ්‍යාපන රටාවෙන් වෙන් කිරීමට වැඩසටහනක් ක්‍රීයාත්මක කරන්න. ආගම වැනි අනවශ්‍යය විශයයන් (අවශ්‍යමනම්) අවුරුදු 5,6 කට පසුව ආරම්භ කර ඒ වෙනුවෙන් සෞන්ධර්‍ය, ක්‍රීඩා වලට මුල්තැන ලබාදෙන්න. පුස්තකාල සංවර්ධනය කර යහපත් පොත පත පරිශීලනය කිරීමට අවස්ථාව, පුස්තකාල කළමනාකරණය සිසුන්ට පැවරීම වැනි දේ ආරම්භ කරන්න. යහපත් සමබර සමාජයක ආරම්භයකට හොඳ මූලාරම්භයක් වේවි.

:       0       2

sira Tuesday, 05 December 2017 10:59 PM

අනේ මෙහෙම වැඩ. අපිත් 1988 වැඩ 6 යේ ඔ ලෙවෙල් කරා. අවුරුද්දයි පින්ලන්තේ වැඩ 6 විතරක් නෙමේ. මොලේ තියෙන දේශපාලකයොත් ඉන්නව. එකයි වෙනස.

:       0       0

ajith Wednesday, 06 December 2017 02:22 AM

අධ්‍යාපනයත් ඉවර කරන්න වගේ ඒ පාර සැරසෙන්නේ.

:       0       11

Pensui ganapathi Wednesday, 06 December 2017 04:27 AM

ඇමැතිතුමනි, විභාගේ බර අඩු කිරීමට අර පාර්ලිමේන්තුව මගින් බලගන්වලා දුන්නා නම් ඉවරයිනේ... සියල්ලම ඉහළින් සමත් වෙනවා.

:       0       0

මේසන් බාස්ට බදාම සප්ලයිWednesday, 06 December 2017 01:44 PM

බලගන්වලා අර දියවන්නාවේ වෙද මහත්මයෙක් පෑනක් දෙනවා නොමිලේ... සාපෙ විභාගයට ගත්තොත් උඩින්ම ගොඩ, නොගෙන අසමත් නම් දියවන්නාව හරහා මුලු පවුලම ගොඩම තමයි

:       0       0

Wedamahathmayas Wednesday, 06 December 2017 06:36 AM

අපිටනම් දොස්තර මහත්තයගේ බෙහෙත් තුණ්ඩුව කියවලා තේරුම් ගන්න තිබුණොත් ඇති. නැතිනම් ෆාමසිවල දෙන බෙහෙත් හරිද කියලා බලාගන්න බැහැනේ..

:       0       1

සරණ Wednesday, 06 December 2017 07:10 AM

ඔතන ට ආපු හුඟදෙනෙක් කලේ ඒකමයි. රටේ ළමයින්ගේ ඉංග්‍රීසි කප්පාදු කරලා තමන්ගේ ළමයි පිටරට යැව්වා... මෙහෙ ළමයි නාකිවෙවී ඉස්කෝලේ යැව්වා. ළමයින්ගේ විභාගවල කඩයිම් වැඩිකළා... පාඩම් අප්ඩේට් වුණේ හරි අඩුවෙන්... අනවශ්‍ය දේවල් පාඩම් වල වැඩි කලා.. මේ ඇමැතිතුමා නම් වැඩක් කරන්න හදන්නේ... හොඳදේටත් දේශපාලනේ නිසා කෑගහන අය තමයි වැඩි..

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 130 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 279 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1183 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 154 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 361 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 332 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site