IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අධිකරණයට අපහාස කිරීමේ වරදට නිවැරදිකරු යැයි රංජන් කියයි

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
 
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත‍්‍රය සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය  රංජන් රාමනායක මහතා වෙත අද (08)  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බාර දෙන ලදී.

 
අධිකරණයට අපහාස කරන ලදැයි සදහන් චෝදනා වලට තමා නිවැරදිකරු යැයි නියෝජ්‍ය අමාත්‍ය  රංජන් රාමනායක මහතා එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.
 
ඒ අනුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් වන විභාගය ලබන සැප්තැම්බර් 05 වැනිදා දින සිට සිදු කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
 
ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාර ප‍්‍රදීප් මහමුතුගල මහතා විසින් විත්තිකාර නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහි චෝදනා පත‍්‍රය විවෘත අධිකරණය හමුවේ කියවා බාර දෙන ලදී.
 
එම චෝදනා පත‍්‍රයේ මෙසේ සඳහන් වේ.
 
විත්තිකරු ශ්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටිමින් සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරමින් 2017 අගෝස්තු 21 වැනි දින අග‍්‍රමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේදී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමකදී මාධ්‍ය වෙත ලබා දුන් ප‍්‍රකාශයක් මඟින්  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය අනුව ශ්‍රේෂ්ටාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට නුගේගොඩ , ගංගොඩවිල ,වලව්වත්ත පාර් ,අංක 43 /11 දරණ ස්ථානයේ පදිංචි රණවක සුනිල් පෙරේරා නැමැත්තා සහ මාගල්කන්දේ සුදන්ත හිමි විසින් ශ්‍රේස්ඨාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර ඇත.මෙම පැමිණිල්ල 2017 නොවැම්බර් 21  සහ දෙසැම්බර් 14 යන දිනයන්හී අධිකරණය හමුවේ කැඳවා ඊට අදාළව එම්.ටී.වී චැනල් පෞද්ගලික සමාගම කැඳවා අදාළ වීඩියෝපට විත්තිකරු හමුවේ අදාළ ප‍්‍රකාශ පෙන්වා ඇත.
 
ඒ අනුව ඒ අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ මතය වී ඇත්තේ පැමිණිලිකාර පාර්ශවයේ ප‍්‍රකාශ අදාළ වීඩියෝ පටයේ සඳහන් වන බවය.
 
ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 යන වගන්තිය යටතේ විත්තිකාර නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.
 
මෙයින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය ප‍්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කොට විත්තිකරුට දඬුව්ම නොකිරීමට හේතු දක්වන ලෙසට නියෝග කරමින් මෙම ආඥාවක් නිකුත් කරමි.

ඡායාරූප - ළහිරු හර්ෂණ

 



අදහස් (17)

අධිකරණයට අපහාස කිරීමේ වරදට නිවැරදිකරු යැයි රංජන් කියයි

amila Wednesday, 08 August 2018 01:07 PM

ඔය එහෙම කිව්වට අධිකරණයට අපහාස කරලා කාටවත් බේරෙන්න බෑ. අධිකරණයේ අවසාන තීරණෙන් වැරදිකරු උනොත් යහපාලන නාමෙන් හිරේ යන්න.

:       62       122

channa Wednesday, 08 August 2018 04:38 PM

කව්ද හරි, කව්ද වැරැදි නොව මොකක්ද හරි? මොකක්ද වැරැදි කියලා හොයලා බලන්න.

:       0       74

dias Wednesday, 08 August 2018 07:53 PM

රන්ජන් රමාණයකට ජය වේවා!

:       0       0

gayan Wednesday, 08 August 2018 10:57 PM

අධිකරණයට අපහස කිරීමේ එස්. බී ගෙ උත්සහය හා ඥාණසාර හිමිගෙ උත්සාහයට වඩා මෙය වෙනස්. මොකද රන්ජන් මතු කරන්නෙ නීතිය හා සම්බන්ධ ආයතනික පද්දතිය ඇතුලෙ පවතින ජරා ජීර්ණ මහජන පීඩක ස්වභාවය පිළිබඳවයි. එහි ඉලක්කය වඩා මහජනහිතවාදී නව අධිකරණ ක්‍රමයක අවශ්‍යතාවයයි. එය මේ රටේ මහජන නියෝජිතයින් හා ජනතාව කථා නොකර වෙන කවුද කථා කරන්නෙ. එය අධිකරණයට අපහස කිරීමක් ලෙස අර්ථ දැක්වුවොත් හෙට දවසෙ නීතිය කෙරේ මහජන වි්‍ස්වාසය නැතිව යාම වලක්වන්න බෑ.

:       0       16

Wadhisinghe Thursday, 09 August 2018 01:38 AM

රන්ජන්ගෙ ප්‍රකාශයේ සත්‍යාසත්‍යබව සොයනවනම් කරන්න තියෙන්නෙ විනිසුරුවන්ගේ සහ නීතිඥයින්ගේ ක්‍රියා කලාපය සෙවීමට පූර්ණ බලැති කොමිසමක් පත් කිරීමයි. එයාලගෙ වත්කම් , බැංකු ගිණුම් සම්බන්ධතා පරික්ෂා කළොත් වෙන්නෙ මොනවද බලන්න පුළුවන්.

:       0       0

sathya Thursday, 09 August 2018 01:45 AM

අවශ්‍ය වන්නේ අදිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීමට දඩුවම් දීම නොව එහි ඇති අඩුපාඩු සකස් කර ගැනීම. මෙය අප රට දුප්පත් රටක් ප්‍රදානම හේතුව වී තිබෙනවා. තවද මෙය පොලිසිය සහ පාර්ලිමේන්තුව දක්වා පැතුරුණු තත්වයක්. රටේ උතුම් විය ස්ථාන වල නුසුදුසු මිනිසුන් යාම නිසා මෙම සෝචනීය තත්වය අපගේ මාත්තු බුමියට හිමිවී ඇත.

:       0       6

ranga Thursday, 09 August 2018 03:15 AM

ඔව් ඔව් ඔබ නිවැරදිකරු අපි වැරදි කරු

:       11       0

ranga Thursday, 09 August 2018 03:15 AM

ඔව් ඔව් ඔබ නිවැරදිකරු අපි වැරදි කරු.

:       4       0

Dasun Thursday, 09 August 2018 03:57 AM

දේශපාලන කෝණයෙන් නැතිව උසාවිය දූසිතද නැද්ද කියලා බලන්න.

:       0       49

Bamunuarachchi Thursday, 09 August 2018 04:04 AM

නමින් පමණයි නළුවා. ඇඳුම් පලන්දුමෙන් ඇමරිකන් නළුවන්ගේ අහලකටවත් එන්න බැහැ

:       211       130

සිසිර Thursday, 09 August 2018 04:38 AM

එදා හිටපු ජනාධිපති මහින්ද මහත්තයා ගේ කාලේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා පෙට්‍රල් රුපියල් 100 ට දෙන්න කියලා. එයා ඒක ක්‍රියාත්මක කලේ නැහැ. ඒක අධිකරණයට කරපු අපහාසයක් නෙවෙයිද?

:       35       94

sameeraThursday, 09 August 2018 08:40 AM

රටේ ව්‍යවස්තාව කියවලා එන්න. එතකොට තෙරේයි.

:       3       0

Mahee Thursday, 09 August 2018 06:02 AM

නඩු දෙක පැවරුව ඉත්තන් දෙන්නා කාගේ බළල් අත් ද කියලා අපි දන්නවා. ඒ වගේම කලුකෝට් සංගමේට රන්ජන් වගේ යුක්තිය අගයන මිනිසුන් නිහඬ කරන්නට උවමනා බවත් අපි දන්නවා. රන්ජන්, අපි ඔබ සමගයි.

:       92       165

sanath Thursday, 09 August 2018 07:27 AM

ලජ්ජාවෙන් බේරෙන්න ඔයාව ඕනෙනම් , මාසයක් දෙකක් හිරේ යවල ගනියි. හාමුදුරුවෝ වගේ අවු 6 ක් , යවන්නේ නැහැ.

:       0       0

de silva Thursday, 09 August 2018 08:12 AM

කලුකොට් කාරයෝ දුෂිත බව ඉස්කොලේයන පොඩි එකා පවා දන්නවා , දිනපතා පත්තරේ බලනවා නම් ඕනේ තරම් උදාහරණ තිබෙනවා.

:       0       5

Nandaka Thursday, 09 August 2018 08:23 AM

කරුණාකරලා වික්ටර් අයිවන් මහත්තයහේ "නොනිමි අරගලය" පොත් කියවල ඉන්නවද අපේ හිටපු අගවිනිසුරුගේ ඉඳල ඔය නීති ආයතනවල සම-හරක් අප්පුහාමිලාගේ විස්තර ටික දැනගන්න .... පුලුවන්නම් අයිවන් මහත්තයටත් නඩු දාන්න පුළුවන්නේ .... ඔය එයාගේ නමින්ම පොතක්ම තියෙන්නේ ............!

:       0       10

Saman Friday, 10 August 2018 12:55 AM

හොඳ තර්කයක්.....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 788 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 962 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 549 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1482 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 76 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2599 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site