IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයා රිමාන්ඩ්

(  එම් .සුසිල් ප්‍රියන්ත )

ජීව අත් බෝම්බයක් සමග වැරැල්ලැන වෙරළ  තීරයේදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කළ  මිනි මැරුම්, ගෙවල් ගිනි තැබීම් හා මත් පෙති ජාවාරම් කිරීම් ඇතුලු දරුණු ගනයේ අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ගාලු දිසාවේ ප්‍රබල පාතාල කණ්ඩායම් නායකයකු ලෙස හංවඩු ගැසී ඇති මෝල් අමියා නමැති පාතාල කණඩායම් සාමාජිකයා ජුනි 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කලේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මීටියාගොඩ කොරොට්ටෙගොඩ පදිංචි ලද්දු අමිල සංජීව නොහොත් මෝල් අමියා නමැත්තාය.

මේ සැකකරු බලපිටිය මහාධිකරණයේ විභාග වෙමින් පවතින මිනීමැරුම් දෙකක ප්‍රධාන සැකකරුවකු   බවත් බටපොල ප්‍රදේශයේ නිවසක් ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් මේ සැකකරු  බටපොල  පොලීසියට අවශ්‍යව සිටින අයෙකු බවත් සැකකරු අත් අඩංගුවටගත් මීටියාගොඩ පොලීසියට කරුණු ගොනු කළේය.

මේ කරුණු සියල්ල සැලකිල්ලටගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු ජුනි මස 25 වැනිදාතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු සන්තකයේ තිබී අත් අඩංගුවට ගැනුනු ජීව අත් බෝම්බය පොලිස් විශේෂ කාර්‍ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය ගෙන්වා නිෂ්ක්‍රීය කරවන ලෙසත් නියෝග කළේය .

මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අජිත් ජයසිංහ,අපරාද අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පූජිත වරුෂවිතාන ,පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍ර කුමාර (58406 )බණ්ඩාරිගොඩ (40180), පොලිස් සැරයන් රියදුරු කරුණාරත්න(33647 )පොලිස් කොස්තාපල්වරුන් වන චතුරංග (68136 )මයුර (92941) යන නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.



අදහස් (0)

අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 26 0

චිත්‍රපටයක් නිෂ්පාදනය සඳහා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක් වංචා කළැයි විශ්වාසය කඩකිරිමේ චෝදනාව යටතේ හිටපු උපකාරක පන්ති ගුරුවරයකු වූ උපුල් ශාන්ත සන්


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 7 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 7 0

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 551 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 188 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 254 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site