IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අගමැති රනිල් ශ්‍රීලනිපයේ ස්ථාවරය සොයයි

(අංජුල මහික වීරරත්න)
 

පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් ස්ථාවරය තමන් දිවයිනට පැමිණෙන විට විමසා දැනගෙන සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ට උපදෙස් දී ඇත.


අගමැති මේ උපදෙස් දී ඇත්තේ කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, අකිල විරාජ් කාරියවසම් සහ මංගල සමරවීර යන අමාත්‍යවරුන්ටයි.


කුමන තත්ත්වයක් යටතේ වුවද පළාත් සභා ඡන්දය කල් දැමීමට තමන් සූදානම් නැති හෙයින් නව ක්‍රමය හෝ පැරණි මනාප ක්‍රමය යටතේ හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුය යන දැඩි ස්ථාවරයේ සිටින බැවින් ඊට අදාළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අවසන් ස්ථාවරය කඩිනමින් දැනගත යුතුව තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දුන් උපදෙස්වල ස‍ඳහන්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා කර පළාත් සභා ඡන්දය පැවැත්වෙන ක්‍රමවේදය බදාදා (10) වනවිට දැනගැනීමට හැකිවෙතියි එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
 
 



අදහස් (4)

අගමැති රනිල් ශ්‍රීලනිපයේ ස්ථාවරය සොයයි

sirimal Monday, 08 October 2018 11:17 AM

හොයන්න දෙයක් නැහැ මහබැංකු කොමිසම පත් කිරීමෙන්ම පෙනුනේ මොකද්ද අරමුණ කියලා. ඕකට අපේ ගමේ මිනිස්සුනම් කියන්නේ "කන්න දුන්න අත් දෙකම හපා කෑමක්" කියලයි. දැන් කතා වෙන අන්දමට ආණ්ඩුවෙන් එජාපය පලවා හැර ඒකාබද්ධය සමඟ සභාග ආණ්ඩුවක් පිහිටුවිය හැකිවෙයිද? එම සියළුම කණ්ඩායම් එකට එකතු කළද ඇත්තේ 96 දෙනෙකු පමණකි. එක්සත් ජාතික පෙරමුණට පසුගිය මැතිවරණයෙන් ලැබූ ජනමතය අනුව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව106 කි. එසේනම් ශ්‍රීලනිප ඒකාබද්ධය සමඟ වෙනම ආණ්ඩුවක් හදනවා නම් එක්කෝ එජාපයේ 10 දෙනෙකුවත් මුදලට ගත යුතුය. නැත්නම් ජනාධිපති බලය යොදා ගත යුතුය. සමහරු නම් කියන්නේ දැන් ඉන්නේ මැතිවරණයේදී පොරොන්දුවූ "නිර්පාක්ෂික" ජනාධිපතිවරයකු නොව එකාබද්ධයේ පෙනුමට බයවී තැතිගත් ජනාධිපතිවරයෙක් කියාය. ඒ සත්‍ය එජාප කණ්ඩායම තේරුම් ගත යුතුය. එසේ නොවන්නේ නම් තමන් විසින්ම පරාජය කරන ලද ජනසතුරන්ට බිළිවීමට ඔවුන් හිත හදා ගත යුතුය. රනිල් එළවීමට ගෙනා විශ්වාස භංගය සහ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ කතාව මෙහිදී සිහිපත් වෙන්නේ නිකන්ම නොවේ. පොදු ජනතාවගේ හෘද ස්පන්දනය නොදන්නා කලිසම් කෝට් කාරයින්ට මැතිවරණ ජය ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව වටහා ගතයුතුය.

:       57       145

Bamunuarachchi Monday, 08 October 2018 12:12 PM

හලෝ විකාර නොකර ඡන්දයක් තියලා ජනතාවගේ ස්ථාවරය බලන්න. අපි නම් ඔහේව පළාතට ගන්නේ නැත..

:       1       20

SamwilMonday, 08 October 2018 01:15 PM

හරියට හරි... ඡන්දයක් තියමු.

:       0       5

lalith Monday, 08 October 2018 01:15 PM

එයා අර මහබැංකුවෙන් විදපු සල්ලි ඉවර වෙනකල් ලෝකේ වටේ ඇවිදිනවා. එහෙ ඉඳන් මෙහෙ ඉන්න අයට පණිවුඩ එවනවා.. පක්ෂය ආරක්ෂා කරගන්න. බලපුවහම කරඬුව ගෙනියන අලි වෙනයි, කොට අදින අලි වෙනයි කියන කතාව අැත්තක්...

:       2       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 70 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 293 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 568 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1005 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 705 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1559 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1456 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site