IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකට බාර දෙයි

(ඩයනා උදයංගනී) 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට  එරෙහිව  විශ්වාසභංග යෝජනාව ඒකාබද්‍‍‍ධ විපක්‍ෂය විසින් අද (21)  කතානායකවරයාට බාර දෙනු ලැබීය.

කතානායක නිල කාමරයේ දී බාර දුන් එම යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතරව ආණ්ඩු පක්ෂයේ හතර දෙනකු ද අත්සන් තබා තිබේ. රාජ්‍ය ඇමැති ටී බී ඒකනායක, නියෝජ්‍ය ඇමැතිවරුන් වන නිශාන්ත මුතුහෙට්ටිගම, සුසන්ත පුංචිනිලමේ සහ මන්ත්‍රී කාදර් මස්තාන් ඔවුහුය.



අදහස් (44)

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකට බාර දෙයි

Nandalal DE SILVA - France Wednesday, 21 March 2018 08:04 AM

ඒකාබද්ධ විපක්ෂය ආයෙත් වරක් පස්ස බිම ඇන ගන්න සූදානම් වෙනවා වගෙයි! අනේ ඇත්තට මොනවද අගමැතිතුමා කරපු වැරදි? ඉස්සර අපේ පැරැණ්නන් මේවගේ දේවල්වලට කිව්වේ "හොට බිම ඇන ගන්නවා" වගේ කියලයි.... දැන් ඒකත් වෙනස් වෙලා...

:       6088       6199

sirimal Wednesday, 21 March 2018 08:38 AM

පාර්ලිමේන්තුවේ උතුම් කාලය නාස්තිකරන තවත් වැඩකට නැති වැඩක්...

:       1603       1719

නාමල් Wednesday, 21 March 2018 08:42 AM

ඉතාමත් හොඳ තීරණයක්...!!! පක්ෂය ආගාධයට දැමුවා නම්... බල පෙරේත කමේ එල්ලී සිටින්නේ නැතිව දැන්වත් ගෙදර යනවා නම් කොච්චර එකක්ද....? සජිත් ප්‍රේමදාස මහතාට දීලා.... දැන්වත් පව් නොදී ගෙදර යන්න.

:       4437       5129

sahanWednesday, 21 March 2018 10:04 AM

සජිත් පක්ෂ නායකයා කළාම හරිද? ඒ කාලේ හොරකම්, විනාශ වීම්, ඝාතනය වීම් සිදුවුණා. එහෙම ඡන්දෙ දුන්නොත් තියෙන ඡන්ද ටිකත් නැතිවේවි... !!!

:       667       539

පොහොට්ටු උපහාරය Wednesday, 21 March 2018 08:49 AM

රනිල් වෙනුවෙන් කරන උපහාරය සහ ඔහු මීළඟ ජනපති කරන පොහොට්ටු සැලැස්ම ඇරඹේ. පොහොට්ටුව රනිල්ට වඩා කැමතියි. විශ්වාස භංග පරදින බව දැන, එලෙසම කරයි.

:       467       418

gunarathanWednesday, 21 March 2018 10:07 AM

ඔබේ අදහස හරියටම හරි. පොහොට්ටුවේ ඉලක්කය රනිල්ව ආරක්ෂා කිරීම. මේ විශ්වාස භංගයට සියලුම එජාප කාරයින් රනිල්ට පක්ෂව ඡන්දෙ දෙනවා. ඉන්පසුව රනිල් පක්ෂ නායකත්වයේ දිගටම ඉන්නවා. හේතුව සියලුම එජාප කාරයින් රනිල් හොඳ විශ්වාසී පුද්ගලයෙක් කියලා මුළු රටටම පෙන්වනවා. එහෙම නම් පාක්ෂිකයෝ රනිල්ව දිගටම තියාගන්නට කැමති වෙනවා. අවසානයේදී රංගේබණ්ඩාර, වසන්ත සේනානායක වගේ අයගේ බෙල්ල කැපිලා යනවා. රනිල්ගේ ළඟම කට්ටියට හොඳ ඇමතිකම් ලැබෙයි. අවසානයේදී හැමෝටම සිදුවෙනවා රනිල්ව ජනාධිපති ඡන්දෙට ඉදිරිපත් කරන්නට. අවසානයේදී මුළු එජාප එකම දියවෙලා යනවා.

:       727       1263

මි ලග ජනපති Wednesday, 21 March 2018 10:54 AM

දියවෙන හැටි බලමු 2019 අගද‍ී. ගොඨාගේ සුදු වෑන් ක්‍රමයට සියයට 50 ට වැඩි ප්‍රමාණයක් බයයි. 2019 තරගයට පොහොට්ටුවට ගෝඨා හැර වෙන කෙනෙක් නැත. රනිල් නිකම්ම ගොඩේ ගොඩ. එජාපයේ නායකයා රනිල් බව 105 දෙනා දැනටමත් තීරණය වී හමාරයි. රනිල් තරමට විදෙස් වලින් පිළි ගන්න සහ සියලු ජාතින් පිළි ගන්න, රටේ සිටින වෙනත් වෘත්තීමය දේශපාලකයකු නැත.

:       4559       3116

gunarathnaThursday, 22 March 2018 01:24 AM

අපිට විදෙශ රටවල් වලින් පිළිගන්න නායකයෙක් නෙමෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ රට පිලිගත්ත නායකයෙක්. රනිල් කියන්නේ තමුන්ගේ පක්ෂේ අයවත් පිළිගන්න ජාතියේ නායකයෙක් නෙමෙයි.

:       259       151

Ranil Wednesday, 21 March 2018 09:46 AM

මේකෙන් රනිල් පැරදිලා ගෙදර යනවා වෙනුවට මහ බැංකුව හොරා කාපු එකට වැලිකඩ අරන් ගිහින් ජම්පරේ අන්දවලා කූඩුවේ කුරු ගනිනවා දකින්න ආස මම විතරද?

:       2477       2374

anulWednesday, 21 March 2018 10:05 AM

ඔයා විතරයි ඉන්නේ මේ වැඩේට...

:       561       604

sadunWednesday, 21 March 2018 10:28 AM

නැහැ නැහැ.. මමත් ඉන්නවා...බහුතරයක් එහෙමයි.

:       798       707

sena Wednesday, 21 March 2018 09:54 AM

ඵල ඇති රුකට ගල් ගහනවාලු

:       1724       1795

gunapala Wednesday, 21 March 2018 10:14 AM

මේ වැඩෙන් පොහොට්ටුව පරාජය වෙනවා. මේක දිනන්ට නම් පොහොට්ටුවේ කට්ටිය එජාප එකේ කට්ටියට අවබෝධ කරන්නට ඕනේ.. මේක රනිල්ව ඉවත් කරන්ට මිසක් ආණ්ඩුව පෙරළන්ට කරන වැඩක් නෙමෙයි කියලා. එසේම බහුතරයක් ඉන්න එජාපයට ඉඩ දෙන්න ඕනේ.. තමුන්ට කැමති කෙනෙක් අගමැති කරගෙන ඉදිරි අවුරුදු එකහමාර ආණ්ඩුව කරගෙන යන්නට. එහෙම කළොත් විශ්වාසභංගය අනිවාර්යයෙන් දිනනවා.

:       1046       162

සෙනෙවි Wednesday, 21 March 2018 10:26 AM

සේන, ගල් ගහලා බේරෙන්න පුළුවන්ද?

:       0       34

සතයපාල Wednesday, 21 March 2018 10:27 AM

මේ විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන්ම පරාජය වෙනවා එතකොට අගමැතිවරයා පාර්ලිමේන්තුව තුළ හා පක්ෂය තුළ තම බලය තහවුරු කරගන්නවා විතරක් නොව ජනාධිපතිවරයා පවා තම අනසකට නතුකර ගැනීමට හැකි වාතාවරණයක් ඇතිවෙන අතර එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායම විශ්වාස භංගයක් ගෙන ඒමට පෙර ඒකාබද්ධය විශ්වාස භංගයක් ගෙන ඒමේ දේශපාලන අරමුණ වන්නේම රනිල් ආරක්ෂා කිරීම වන අතර ඊළඟ මහමැතිවරණයේදී රනිල්ගේ නායකත්වයකින් යුත් එ.ජා.ප.ආණ්ඩුවක් පහසුවෙන් පරාජය කිරිමට හැකි බවට ඒකාබද්ධයේ විශ්වාසය වගේම දේශපාලන යතාර්ථයද වේ. (එ.ජා.ප.ය තුළින් ගෙනඑන විශ්වාස භංගයකදී රනිල් පරාජය වුවහොත් පක්ෂ නායකත්වය අහිමි වීම මගින් වඩාත් ශක්තිමත් නායකත්වයක් එ.ජා.ප.ය තුළ බිහිවීමේ අවධානම තුළ)

:       52       119

wedage Wednesday, 21 March 2018 10:38 AM

තේරුමක් නැති කතා කියා අගමැති කම බාල්දු කළනිසා දැන් අගමැතිකම අතහරින එක හොඳයි පොදු මහජනයා මෝඩයන් හැටියට සිතා කියන බොළඳ කතා නිසා තමයි මේ සියලුම ගැටළු

:       11       1

niluka Wednesday, 21 March 2018 10:49 AM

මෙය මෛත්‍රිගේ ගුණ්ඩුවක් මහින්ද ගිල ඇති බව පෙනේ...

:       2       11

Raveendra Wednesday, 21 March 2018 10:51 AM

හුරේ....."අම්බරුවන්ගේ තවත් සුන්දර දර්ශන" පෙළක් ශ්‍රී ලංකාවාසීන්ට නොමිලේ දැකගැනීමට හැකිවෙනු ඇත. සියල්ලෝම දියවන්නාඔය මඩවගුරට පැමිණෙත්වා..

:       1       118

මෝඩ වැඩ Wednesday, 21 March 2018 10:56 AM

පොහොට්ටුව රනිල්ට ප්‍රසිද්ධියක් දෙන්නේ ඇයි? මෝඩ වැඩ...

:       57       5

කල වැරදි මෙන්න Wednesday, 21 March 2018 11:13 AM

රජයේ රු. 10000/= පඩි වැඩි කළාම පෙදරේරුවන්, වඩුවන් ගේ දිනක වැටුප රු. 2500/= කුලී කරුවන් රු. 1800. බිල්ඩින් හැදීමට ඕන තරම් රැකියා ඇත. රාජිත ගේ බෙහෙත් මිල අඩු කිරීම (නුතන සේනක බිබිලේ), ලේ බලන අඩු මිල, පහසු පාසල් රෙදි කුපන් ක්‍රමය, සිසුන්ට නාටාමි පොත් පිටේ දමාගෙන යනු වෙනුවට ඉදිරියේදී ටැබ්, පසුගිය කාලයේ සෙලින්කෝ වසා ඉතිරි කරපු මුදල් ගසාගෙන කන ක්‍රමයට තිත, පාර්ලිමේන්තුවේ කෝප් නායක ලෙස ජවිපෙ පත් කර මහා බැංකු හොර හෙළි කිරීම, සුදු වෑන් ක්‍රම වෙනුවට නිදහස දීම, රජතුමා ගත් ණය ගෙවීම, කලිසම් ඇද කොට් දමා ස්මාර්ට් වීම, ... තව බොහෝ ඇත.

:       2403       1555

SLWednesday, 21 March 2018 08:06 PM

තව මහා බැංකු මංකොල්ලය, නවතහනවා කියපු පොර්ට්සිටිය හැදීම, බෙහෙත් කිහිපයක් විතරක් මිල අඩුකර පසුව සියලුම බෙහෙත් වල මිල වැඩි කිරීම, නුතන බිබිලේ ප්‍රතිකාර සදහා සිංගප්පුරු යාම, පාතාලය නැගිටීම, රට වටා කුණු කඳු ගොඩ ගැසීම, ආර්ථික සංවර්ධනය 2.7% බැසීම, රණවිරු දඩයම, රෝයල් පාසලේ ගජ මුත්රන් විතරක් ඇති පාසල් පාලනය.

:       149       7

Raveendra Wednesday, 21 March 2018 11:39 AM

දැක්කා හීනයක් මම ජනපති වෙනවා... කෙරුවා ඇතිපදම් වැඩ නිරත වෙලා... දැනම් තේරුනා වැඩ යහමින් අවුල් බව ......

:       0       0

dhamneth Wednesday, 21 March 2018 11:53 AM

සමහරු කියනවා ආණ්ඩු පක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් අගමැතිට විරුද්ධව ගෙන එන විස්වාසභංගයට අත්සන්කර ඇතිනිසා එක්සත් ජාතික පක්ෂයත් ජනාධිපතිට විරුද්දව දෝශාභීයෝගයක් ගෙනායුතුය කියා. මේ යෝජනා රටට ආදරයට ගෙනෙන යෝජනානම් නොවේ. බල තණ්හාවට ගෙනෙන යෝජනා. එන්න සිටින අයෝජකයන් පසු බසිනවා. කාටද පාඩුව? ජනතාවට නොවේද?

:       0       34

SKA Wednesday, 21 March 2018 12:04 PM

රනිල් මහතාට පුදුම බයක් තියෙන්නේ.. මේ ඒකාබද්ධයට 2020 වනවිට රටේ ජනතාව නිසි පිළිතුරු දෙනවා. 08.01.2015 සිට රට කරන්න දෙන්න නැහැ... නොම්මර එකේ පින්පඩි කාරයින් රටට කරපු වැඩක් නම් නැහැ.

:       2418       1828

රත්නායකThursday, 22 March 2018 12:48 AM

මහලොකු මොලේ රටට කරල තියෙන හරිය මදෑ. තාමත් හොඳටම නින්දෙද ඉන්නෙ. රටට හෙන ගැහුවත් මට මොකෝ. එ්ව අපිට දැනෙන්නෙ නෑ. නේද.?

:       64       70

සමරනායක Wednesday, 21 March 2018 01:19 PM

30 වාරයක් පැරදිලා මහජන අප්‍රසාදය පලවෙච්ච අය පාර්ලිමේන්තුවේ ඉන්න හදන්නේ ජනතාවට ආදරේටද ???

:       7       30

Ajith Nissanka Wednesday, 21 March 2018 01:54 PM

අගමැතිතුමා කරපු ලොකුම වැරැද්ද උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවේදී මහබැංකු හොරකම කරපු අර්ජුන් මහතා පිළිබද වගකීම ඔහු බාරගැනීමයි! එම වගකීම අමු අමුවේ උල්ලංඝනය වූ පසු ඔහුට එම තනතුරේ සිටීමට සදාචාරාත්මක අයිතියක් නැහැ! විශ්වාස භංගයක් ගෙන ඒමට පෙර ඔහු මහත්මයකු ලෙස එම වගකීම බාරගෙන අයින්විය යුතුයි!

:       66       765

Aluthgama A. Samathasena. Wednesday, 21 March 2018 03:17 PM

" අගමැති රනිල් විශ්වාසභංගයට නොමැත බය. භංගය ගෙනෙන අය භංගය නොමැත ජය. පෙර කළ දේ සඟවා නැවත ජය. ගන්නට පොර බදයි නැසුමට රටද දැය..."

:       356       435

Aluthgama A. Samathasena. Wednesday, 21 March 2018 04:40 PM

අගමැතිතුමාට විස්වාස බංග ගේන අය අතර චෝදනා තිබෙන අයත් ඉන්නවා නේද ? එතකොට මෙවැනි අයට මෙවැනි දෙයක් ගේන්න සදාචාරාත්මක අයිතියක් තිබෙනවාද ?

:       1       38

Aluthgama A. Samathasena. Wednesday, 21 March 2018 04:54 PM

"අගමැති රනිල් භංගයකට නොමැත බය.භංගය ගෙනෙන අය භංගය නොමැත ජය.පෙර කළ දේද සඟවාගෙන නැවත ජය.ගන්නට පොර බදයි නැසුමට රටද දැය."

:       0       14

Shaa Wednesday, 21 March 2018 06:22 PM

මේවා මේ රටට විහිළු සපයන ඩ්‍රාමා. ඔක්කොම එකතු වෙලා රටේ මිනිස්සු රවට්ටනවා.. කවද්ද දෙයියනේ අපේ රට සහ මිනිස්සු ගොඩ එන්නේ.

:       0       1

surath Wednesday, 21 March 2018 08:25 PM

අහම්බෙන් ලැබුණු නායකත්වයට තියෙන්නේ පුදුම කෑදර කමක්. අගමැති කමත් එහෙමමයි . හිටපු ජාතික නායකයෝ ඇතුලත්මුදලි, ගාමිණී, ප්‍රේමදාස අකාලයේ ඝාතනය වුන නිසා මෙයාට තැනක් ආවේ.

:       5       12

lalith Wednesday, 21 March 2018 09:43 PM

බයවෙන්ද එපා. එය මොනවත් කරන්නේ නැහැ. විස්වාසවන්ත නිසානේ ඔතනට දැම්මේ.

:       0       0

chandima Wednesday, 21 March 2018 09:48 PM

පව් අනේ. එදා Mr . ක්ලීන් අද බැංකු ක්ලීන් .

:       6       39

nishan Wednesday, 21 March 2018 09:48 PM

ඔබතුමා සම්පුර්ණ ඇත්ත කියලා තියෙන්නේ. ඔබතුමා කිව්වා දේට අකමැති අයගේ නායකයාත් අත්සන් කරලා නෑ. විහිළුවක් නේද ???

:       0       1

nimal Thursday, 22 March 2018 12:02 AM

කරුණාකරලා රනිල් මහත්තයෝ ඕක කරගන්න කෙනෙකුට දීල යන්නකෝ ගෙදර , මොන එහෙකටද තවත් ඔ්කේ රිංගල ඉන්නේ. ඔයා හෙන වාතයක් වුනන්නේ , අයියෝ පක්ෂයත් ඉවරයි රටත් ඉවරයි , පොඩ්ඩක් හිතන්නකෝ අනෙක් අයත් ගැනත් ඔබතුමානම් මර අපලයක්

:       4       47

Rohana Thursday, 22 March 2018 01:28 AM

මේ විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ පරාජය කරන්නට මහින්ද රනිල්ට පක්ෂව අනිවාර්යෙන්ම ඡන්දය දෙනවා.

:       0       16

Gayan Thursday, 22 March 2018 02:07 AM

මේ රුකේ පල තියෙනවද? දනනේ නැති නිසා ඇහුවේ ?

:       0       1

kithsiri Thursday, 22 March 2018 02:27 AM

නිකන් මිනිස්සුන්ට කතා කර කර ඉන්න මාතෘකා සපයල අපේ කාලේ, රටේ ධනය දෙකම කල දානවා... පාර්ලිමේන්තුව වහල දාල, රටේ පාලනය පෞද්ගලික කොම්පැනියකට බදු දෙන්න පුළුවන් නම් හරි.

:       0       47

Chanak Los angeles Thursday, 22 March 2018 02:40 AM

විස්වාස බන්ගයකින් ජනතාවට ඇති පලේ කිම? මේවා දෙසපලකයන්ගේ බල අරගලයන් මිස ජනතා ශුභ සිද්ධියට අබමල් රේණුවක තරම් වත් ප්‍රයෝජනයක් නැත . එකම දේසපාලන පක්ෂයකින්වත් රටේ සංවර්ධනයක් වී නැත .. ඒක පැහැදිලිවම පෙනෙනවා රුපියලේ අගය සීග්‍රයෙන් පහලටම වැටෙන විධියෙන් ...

:       0       4

Saman Thursday, 22 March 2018 03:16 AM

මහින්ද දන්නව රනිල් හොරෙක් නොවන බව , ඒකනෙ අත්සන් කරලවත් නැත්තෙ.. මේක විමල් , දිනේෂ් වාගෙ හොර දෙටුවන්ගෙ උවමනාවට ගෙනාපු එකක්.

:       1       38

vidya Thursday, 22 March 2018 03:20 AM

අර කාගම සිරිනන්ද හාමුදුරුවෝ කීවා වගේ 55 පන්පුඑවුන් එලවල දමන්න ඕනේ .

:       0       1

vipula Thursday, 22 March 2018 05:40 AM

මේ විශ්වාස බන්ගයට රහස් චන්දයක් තිබ්බොත් , රනිල් පරදිනවා. ඒ නිසා මේ අය මේක විවාද කරන්නේ නැතිව කල් මරාවි. මහබැංකු මගඩිය වගේම සිදුවූ සියලු අනිකුත් රටට අහිතකර දේවල් මිනිසුන්ට අමතක කර දැමීමට මෙයම උදවු වේවි .. අවසානයේ ඉතිරි වසර දෙකද මෙලෙසම ගෙවා සියල්ලෝම සතුටු සිතින් විසිරගොස් , තවත් චන්දයක් පැමිණේවි ... රටක් විදියට , අපි හරි පව් නේද ..

:       3       43

Rasi Thursday, 22 March 2018 06:48 AM

ඔතන ඒකාබද්දය දන්නවා පරදිනවා කියල නමුත් ඔතන තියෙන්නේ වෙන මෙහෙයුමක්. මොකද ජවීපෙ සහ ශ්‍රීලංකා ජනධිපතිගේ සෙට් එක අනාත වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 6774 4

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3715 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3057 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11731 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7999 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3052 2

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site