ප්‍රංශයේ වෙසෙන ලාංකික තරුණ සම්මානලාභී සිනමා අධ්යක්ෂවරයකු වන රෙෂාන් ප්‍රනාන්දු ඔහුගේ නවතම කෙටි චිත්‍රපටය Untold Thoughts හෙවත් ‘නොකියූ සිතුවිලි’ නමින් පසුගියදා එළිදැක්වූවා. මේ ඔහුගේ සිනමා ගමනේ එළිදැක්වුණු 8 වැනි කෙටි චිත්‍රපටයයි.
විවිධ තේමාවන් යටතේ චිත්‍රපට නිර්මාණය කෙරුණු ඔහුගේ මෙම නවතම කෙටි චිත්‍රපටය හොල්මන් තේමාවක් යටතේ අැති නිර්මාණයක්. මෙය ළමුන් සමගින් මුලුමනින්ම ප්‍රංශයේ නිර්මාණය වූ ඔහුගේ 4 වැනි කෙටි චිත්‍රපටයයි.
මෙහි ප්‍රධාන චරිත සඳහා ප්‍රංශ ජාතික 8 හැවිරිදි මාර්ලෝ ත්‍රොපේ (Marlo Torpee) කුඩා දැරිය හා ශ්‍රී ලාංකික එනමුත් ප්‍රංශයේ ඉපදී හැදී වැඩුණු 11 හැවිරිදි දිනුග ඩයස් (Dinuga Dias) කුඩා දරුවා තිරයට හඳුන්වාදෙමින් මෙහි ප්‍රධාන චරිතවලට පණපොවයි.
රටවල් කීපයකින් සැදුම්ලත් කාර්ය මණ්ඩලයක් මෙහි පසුපස සිටින අතර කැමරාකරණයෙන් ශිතිල සමාධි සහ චමුදිත මදුසංක සහය අධ්‍යක්ෂණයෙන් සොචන්දා පිච්, විශේෂ ප්‍රයෝග වේෂ නිරූපණයෙන් රන්දි පීරිස්, වේශ නිරූපණයෙන් තමිදු ජයසේකරය ත්‍රිමාණ සජීවීකරණයෙන් ග්‍රේෂන් කුලරත්න, හඬ පටිගත කිරීමෙන් සෑම් හා ඩෝරා, සංගීත ඕඩිෙය් නෙට්වර්ක් සමාගම ඇතුළු තවත් විශාල පිරිසක් දායක වී ඇත.
කුඩා ළමුන් දෙදෙනෙකු වටා ගෙතුනු අපූරු භයංකාර කතාවක් එයින් ඉදිරිපත්වන අතර මෙහි කාර්ය මණ්ඩලය සඳහා ප්‍රංශය, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයක සිනමාවේ නිරත පිරිස් සහභාගි වූ බව රෙෂාන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කරයි.
ඔහුගේ 7 වැනි කෙටි චිත්‍රපටය ‘A Gold Star Kid’ හෙවත් ‘රන් තරුවක් වූ ළමයා’ හට රොමේනියාවේ පැවති 12 Month Film Festival 2018 හිදී රඟන ප්‍රංශ හා ඩෙන්මාක් ජාතික නිරූපණ ශිල්පී ළමා නළු නිල්ස් බෙන්තො කොනල්ට් හොඳම නළුවා රිදී සම්මානය ද හොඳම පූර්ව ප්‍රචාරකපටය සඳහා වන රිදී සම්මානය ද දිනාගැනීමට සමත් වී තිබෙනවා.
එමෙන්ම ප්‍රංශයේ පැරිස් නුවර ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඉන්දියානු ආපනශාලාවක් වන රෝයල් බොම්බේ (Royal Bombay) වෙත නිර්මාණය කළ ස්පයිසි (Spicy) වෙළෙඳ දැන්වීම සඳහා හොඳම සිනමා කැමරාකරණයට හිමි රිදී සම්මානය ද ඇතුළු සියලු සම්මාන ත්රිත්තවයක් දිනාගැනීමට රෙෂාන් ප්‍රනාන්දු සමත් විය. ඒ සමගින් උලෙලේ සම්මාන ත්‍රිත්වයක් දිනාගත් එකම සිනමාකරු ද ඔහු වේ.
මින් පෙර ‘A Gold Star Kid’ සමඟින් ලොව වටා සංචාරයේදී ලොස් ඇන්ජලෙස් හි සිනමා සම්මාන උළෙලක් වන සුප්‍රසිද්ධ Los Angeles Cine Fest හි තරග විනිසුරුවරයකු ලෙස සහභාගි වන්නට ලැබීමත් සමගින් විදේශ සිනමා උළෙලක විනිශ්චය සඳහා සහභාගි වූ ළාබාලතම ශ්‍රී ලාංකික සිනමා අධ්යක්ෂවරයා බවට ඔහු පත්වූවා.
රෙෂාන් ප්‍රනාන්දු පසුගිය වසරේ (2017) එළිදැක්වූ ‘රන් තරුවක් වූ ළමයා’ ‘A Gold Star Kid’ ප්‍රංශයේ කාන් අන්තර්ජාතික සිනමා උළෙල (Canes Film Festival) ඇතුළු ජාත්‍යන්තර සිනෙමා උළෙලවල් කීපයක් නියෝජනය කරමින් තවමත් ලොව වටා සංචාරයේ සිටියි. එහි පූර්ව ප්රචාරක පටය (Trailer) ලොව සුප්‍රසිද්ධ සිනමා එකතුවක් වන Film Shortage වෙබ් අඩවියෙහි ද පළවී තිබීම විශේෂත්වයක්.
ලබන මස ඔහු නිර්මාණය කෙරුණු ග්ලූමි බෝයි (Gloomy Boy) නමැති කෙටි චිත්‍රපටය කැනඩාවේ ටොරොන්ටෝ අගනුවර පැවැත්වීමට නියමිත 7 වැනි ජාත්‍යන්තර ස්මාර්ට් ෙෆා්න් චිත්‍රපට උළෙලේ (Toronto International Smart phone Film Festival) තරගකාරී අංශයෙන් ප්‍රදර්ශනය වේ. රටවල් 18කින් චිත්‍රපට 33ක් තේරී පත්වී ඇති අතර රෙෂාන් ප්රනාන්දුෙග් සිනමා නිර්මාණයක් ද ඒ අතර වෙයි.
ඉහතදී නිර්මාණය කෙරුණු කෙටි චිත්‍රපට සඳහා ජාත්‍යන්තර සම්මාන 5ක් මේ වන විට දිනා ඇති ඔහු නාම යෝජනා වී ඇති වාර ගණන 20ට ආසන්නයි. ශ්‍රී ලංකාවේ අභිමානය ලොවට කියාපාමින් ඔහු ලාංකේය සිනමාව ජාත්‍යන්තර වෙත ගෙනයමින් සිටියි.
හේමා කටුකුරුන්ද
පැරිසිය
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට මිනිස් ජීවිත දහස් ගණනකට මරු කැඳවමින් තවත් ලක්ෂ ගණනක් අසාධ්‍ය තත්ත්වයට පත් කරමින් ලෝකයේ 150 කට අධික රටවලට ව්‍යාප්ත
ඉතාලියේ කොරෝනා වෛරසය ඇති බව පසුගිය පෙබරවාරි මස විසි වැනිදා හෙළිවීමත් සමගම උතුරු ඉතාලියේ මිලානෝ නගරය මූලික කරගත් ලොම්බාර්දියා ප්‍රදේශය ඇතුළු උතුරේ ප්
රෝම නගර සභා සීමාවට අයත් ප්‍රදේශය තුළ නේවාසික විදේශිකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදෙදහස් පන්සීයකි. මෙය රෝමයේ මුළු ජනගහණයෙන් 13.4% ක ප්රතිශතයකි. රෝම නගර සභ
මේ වනවිට ලෝකයේ විවිධ රටවල සමහර ප්‍රදේශවල පැතිර යන කොරෝනා නොහොත් කෝවිඩ් 19 ලෙස හඳුන්වන මාරාන්තික වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවද ආක්‍රමණය කොට ඇත්තේය.
මේ වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මාධ්‍ය සහ තොරතුරු සනාථ කරයි. චීනය මූලික
රෝම අධිරාජ්‍යයට අයත්ව තිබුණු වර්ග කි. මී. හතළිස්හතරලක්ෂයක වපසරියක් වසා පැතිර තිබුණු විජිතයෙන් බදු ලෙස සියල්ල ලබාගනිමින් අධිරාජ්‍යයා සහ පාලක පැලැන්ති
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලාංකික සිනමාකරුවා අතින් ප්‍රංශයේ දී නිර්මාණය වූ නවතම කෙටි චිත්‍රපටය