IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රටේ පිහිටීමේ අගයට අනුව ආර්ථිකය නන්වන මං සොයමු

සටහන - චමින්ද මුණසිංහ

ලංකාවේ ආර්ථිකය විවාදයට තුඩුදී ඇති මාතෘකාවකි. පසුගිය කාලය පුරාවටම මේ සම්බන්ධයෙන් ජනතා ප්‍රතිචාරය සුබවාදී වූයේ නැත. ජනතාව දැඩි ආර්ථික පීඩනයකට පත්වන ආකාරයෙන් කරුණු කාරණා රටතුළ සිදුවීම එයට හේතුවය. පාලකයන් අනුගමනය කළ ප්‍රතිපත්ති මෙයට බලපෑ ප්‍රධාන හේතුව වශයෙන් සලකන්නට ද පුළුවන. රටේ ඇතිව තිබෙන වෙනසත් සමග මේ තත්ත්වයේ වෙනසක් පිළිබඳව බලාපොරොත්තු තැබීමට හැකිය. ආයෝජකයන්ට ආර්ථිකයේ අනෙක් අංශවලට විශ්වාසයක් ඇතිකර ගැනීමට හැකි වාතාවරණයක් රටේ නිර්මාණය වෙමින් පැවතීම සුබවාදී තත්ත්වයකි. 

ආර්ථිකය සහ භූ දේශපාලනය ද මෙතැනදී අවධානය යොමුවිය යුතු කරුණකි. ආර්ථික වර්ධනය බටහිර සිට ක්‍රමයෙන් ආසියාව දෙසට ගමන් කරමින් පවතින ආකාරය එහිදී දැක ගන්නට පුළුවන. ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, වියට්නාමය, ඉන්දීයාව යන රටවල් තම ආර්ථික සැලසුම් වෙනස් කරගෙන ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට යොමුවීම එයට හේතුවය. චීනය මෙතැන දී ප්‍රමුඛ බව අමතක නොකළ යුතුය. වසර 2050 පමණ වනවිට ලෝකයේ බලවත්ම ආර්ථික වන්නේ චීනය බව විශ්ලේශකයන්ගේ අදහසය. දෙවැනි තැන ඇමරිකාවට හිමිවනු ඇතැයි ඔවුහු පවසති. තුන්වැනි ස්ථානය ඉන්දියාවටත් හතරවැනි ස්ථානය ජපානයටත් යනාදී වශයෙන් ආසියාතික රටවල් ඉදිරියට එන බවට ලක්ෂණ පෙන්නුම් කර තිබේ. 
මේ ආකාරයට ලෝක ආර්ථික කේන්ද්‍රය ආසියාවට යොමු වන්නේ ඉහතකී රටවල් ආර්ථික සැලසුම්වල කළ වෙනස්කම්ය. ඒ වගේම ඔවුන් සතු මානව සම්මත මේ වර්ධනයට බලපෑ අනෙක් ප්‍රධාන කරුණය. ලෝකය ගමන් කරන ආකාරය, දේශපාලනික, සමාජීය වශයෙන් හැසිරෙන ආකාරය බටහිරටම කේන්ද්‍රවී තිබුණි. ‘ලෝක බලවතුන්’ බටහිරින් ආසියාවට මාරුවන විට නැතිනම් ආසියානු  රටවල් ලෝක බලවතුන් බවට පත්වන විට ලෝක ක්‍රමවේදය (අදරකා දාැර) ද වෙනස් වනු ඇත. ආර්ථික සහ දේශපාලන බලවතුන් ක්‍රමයෙන් ආසියව දෙසට ගමන් කරනවිට එයට ගැළපෙන ලෙස අප වෙනස්විය යුතු ආකාරය සම්බන්ධව විශේෂ අවධානය යොමු කළ යුතුය. නවීකරණය යනු බටහිකරණය නොවන බව අප මීට පෙර ලිපියකින් සාකච්ඡා කළෙමු. එම කරුණ මෙමගින් තවදුරටත් තහවුරු වනු ඇත. නවීකරණය පිළිබඳව නැතිනම් මේ වෙනසත් සමග ඉදිරියට යාම සම්බන්ධව නිදහස්ව සිතීම අවශ්‍යය. 
ආසියාකරයේ ඇතිවන ශීඝ්‍ර ආර්ථික වර්ධනයෙන් ලංකාවට ප්‍රයෝජනයක් ගන්නේ කෙසේදැයි දැඩිව සැලකිල්ලට ගත යුත්තකි. ඉන්දියාව, චීනය, වියට්නාමය යන රටවල මිනිස් සම්මත සෑහෙන පමණ තිබේ. බංගලාදේශය ද මෙයට උදාහරණයකි. එහෙත් ලංකාවේ අපට එම මිනිස් සම්පත නැත. මෙතැන දී මිනිස් සම්පත වශයෙන් අදහස් කෙරෙන්නේ ජනගහනයයි. එනිසා අපේ මිනිස් සම්පත පවතින්නේ කුමන ආකාරයකින් දැයි සොයා බැලිය යුතුය. පවත්නා වාතාවරණය යටතේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ආසියානු වර්ධනයෙන් උකහා ගැනීමට නිෂ්පාදන කර්මාන්තය යොදා ගැනීමට හැකිවන්නේ නැත. එනිසා ඉන් ඔබ්බට ගිය ක්‍රමවේද කෙරෙහි අවධානය යොමන්නට සිදුවනු ඇත. 
දැනුම මුල් වූ ආර්ථිකයක් කරා යාමට අපට පුළුවන. ආසියාවේ අනෙක් ආර්ථික සමග ඉදිරියට යාමට අපට ඇති හොඳම ක්‍රමවේදයක් වන්නේ එයයි. ලංකාව කෙරෙහි සැමගේම අවධානය යොමුවී තිබෙන්නේ භූගෝලීය වශයෙන් බෙහෙවින්ම වැදගත් තැනක පිහිටා තිබීම නිසාය. භූගෝලීය වශයෙන් රටේ පිහිටීමේ වැදගත් කමේ ප්‍රයෝජනය උපරිමයෙන් ගැනීමටද වගබලා ගත යුතුය. ඒ අපේ ආර්ථිකය දියුණුකර ගැනීමටය. ආසියානු රටවල් දියුණුවීමත් සමග එම රටවල ධනය වැඩිවනු ඇත. මේ නිසා ධනවතුන් සංඛ්‍යාව ද වැඩිවන බව පැහැදිලිය. මධ්‍යම පංතිකයන්ද වැඩිවීම මෙහිදී අනිවාර්යෙන්ම සිදුවන්නකි. මේ පිරිසේ අවශ්‍යතා ආර්ථිකයේ ප්‍රමුඛ අංගයක්වීම වැළැක්විය නොහැක. මුල් කාලයේ බටහිර රටවල් දියුණුවන විට ඔවුන්ගේ සමාජ හැසිරීම ද වෙනස් වුණි. පරිභෝජනය ඉහළ යාම මධ්‍යම පංතියේ වර්ධනයත් සමග ජනිත වන අනිවාර්ය ප්‍රතිඵලයකි. සංචාරකයන් ඉහළ යනු ඇත. 
ආසියානු මධ්‍යම පංතියේ වර්ධනය අපේ ආර්ථිකය දියුණුවට යොදා ගන්නේ කෙසේද? මේ අයගෙන් ආර්ථික ප්‍රයෝජන ගන්නේ කෙසේද?
එය මේ පසුබිමේ අවධානයට ගතයුතු ප්‍රමුඛ සාධකයකි. අපේ රටේ සංචාරක කර්මාන්තය ඉහළම මට්ටමට දියුණු කිරීමට ආසියානු මධ්‍යම පංතියේ වැඩිවීම හොඳ අවස්ථාවකි. සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ක්‍රියාකාරකම් රැසකි. සංචාරකයන් සියලු දෙනාම පැමිණෙන්නේ රට නැරඹීමට පමණක් නොවේ. අපේ නිෂ්පාදන මේ අයට අලෙවි කිරීමේ අවස්ථාව ද තිබේ. ඒ වගේම සංචාරක හෝටල් ව්‍යාපාරය දියුණු වීමට ද මෙය රුකුලකි. වැඩි වශයෙන් මුදල් වියදම් කරන්නෝ මධ්‍යම පාංතිකයෝය. එම වියදම් කිරීමේ හැකියාව වැඩිවන සංචාරක පරිසරයක් ලංකාවේ නිර්මාණය කිරීමෙන් රටට ලැබෙන ආදායම් වැඩිකර ගැනීමට පුළුවන. ඇතැම් දේ සරළ කාරණා වන්නට පුළුවන. එහෙත් ඒවා සුළු කොට නොතකා උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි පරිදි හැඩ ගස්වා ගත යුතුය.
මේ සමගම මුලින් කී දැනුම් ආර්ථිකයට වැඩියෙන් බර තැබිය යුතුය. ආසියාවේ අනෙක් රටවල ආර්ථික දියුණුවන විට දැනුම් ක්ෂේත්‍රයේ අවකාශ පුළුල් වනු ඇත.  එම අවකාශය පිරවීමට අපට යම් දායකත්වයක් ලබාදිය හැකි පරිසරය සකසා ගන්නට පුළුවන. ඒ වගේම රට තුළද දැනුම් ආර්ථියකට පෙළ ගැසෙන ආකාරයේ ප්‍රතිපත්තිවලට ප්‍රමුඛත්වයක් දිය යුතුය. බොහෝ අංශ ඒ වෙනුවෙන් තවම හැඩ ගැසී නැත. තොරතුරු තාක්ෂණය පරිගණක දැනුම වර්ධනය යනාදී අංශවල නව්‍යතා හඳුනා ගනිමින් ඒවා අපේ ආර්ථික දියුණුවට ඉවහල් වන ආකාරයට යොදා ගැනීමට කටයුතු කරන්නට පුළුවන. දියුණුවන ආසියානු ආර්ථිකවල දැනුමට ඇති අවස්ථා අපේ රටට වාසිදායක වන ආකාරයට විවරකර ගැනීමට අවධානය යොමු කළ යුතුය.
භූගෝලීයව පිහිටීමේ වටිනාකමට නිවැරදිව වටහාගෙන ආර්ථික දෘෂ්ටියෙන් ඒ දෙස බැලිය යුතුය. සිංගප්පූරුව දියුණු වූයේ ඔවුන්ගේ පිහිටීමේ උපරිම ප්‍රයෝජන ලබාගෙනය. ඒ රට දියුණු කළේ වරාය යොදා ගෙනය. ඒ ආකාරයට ප්‍රයෝජන  ගත හැකි වරාය කීපයක් අපට ද තිබේ. කොළඹ, හම්බන්තොට ඒ අතර ප්‍රමුඛය. ත්‍රීකුණාමලය වරායද මෙහිදී වැදගත්කමක් දරන බව පැහැදිලිය. මේ වරාය තුන ආශ්‍රිත කර්මාන්ත පුර බිහි කරන්නට පුළුවන. විවිධ සේවා සපයන මධ්‍යස්ථාන බවට මේවා පරිවර්තනය කිරීමේ හැකියාව තිබේ. සෑම දෙයක්ම සිදු වෙමින් තිබෙන්නේ ලංකාවට වාසිවන ආකාරයටය. ආර්ථිකය බටහිරින් ආසියාවට මාරුවීමත් අපට ඇති සම්පත්, අවස්ථා පාවිච්චි කරන්නේ කෙසේදැයි ගැඹුරින් සිතා බැලිය යුතුය.
කර්මාන්ත කලාප හරහා නිමි භාණ්ඩ වෙළඳ පොළට සැපයීමට අපට පුළුවන. මධ්‍යම පාංතිකයා දියුණු වීමත්  සමග ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව වර්ධනය වන නිසා ඒ හරහා අපට සෑහෙන වාසියක් ලබාගත හැකිය. මේ අයට අවශ්‍ය භාණ්ඩ සපයන හොඳම මධ්‍යස්ථානය වන්නේ ලංකාවය. පුරාණයේ සේද මාවතෙන් වුයේද මෙම කරුණමය. භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් බවට ලංකාව පත් කළ හැකිය. ‘රෝඞ් ඇන්ඞ් බෙල්ට්’ සම්බන්ධව ලෝකය බියවී ඇත්තේ එයට ඇති චීන සම්බන්ධය නිසාය. එහෙත් අප බැලිය යුත්තේ එයින් අපට ගත හැකි ප්‍රයෝජන දෙසය. ආසියාවේ ඇතිවන වර්ධනයක් සමග අප නිසි ලෙස සැලසුම් කළොත් ඉහළම ප්‍රතිඵල ලබා ගැනීමේ අවස්ථාව තිබේ. එම අවස්ථාව ගිලිහී යාමට ඉඩ හැරිය හොත් වෙනත් රටවල් ඉන් ඵල නෙළාගනු ඇත. නිසි වෙලාවට නිසි සැලසුමට නිසි තීරණ ගතහොත් සාර්ථක ප්‍රතිඵල ලබන්නට පුළුවන. එනිසා මේ අවස්ථාවේ දී හරි ක්‍රමයට සිතා සැලසුම් සකස් කළොත් ආසියාවේ අනෙක් රටවල් සමග ඉදිරියට යන්නට පුළුවන.



අදහස් (6)

රටේ පිහිටීමේ අගයට අනුව ආර්ථිකය නන්වන මං සොයමු

Cisco Thursday, 01 November 2018 07:05 AM

ප්‍රායෝගිකව කරන්න පුලුවන්නම් හොද ආරම්බයක්.

:       4       106

shan saudi Thursday, 01 November 2018 10:39 AM

රටේ පිහිටීම අනුව ආර්ථිකය නන්වන ක්‍රමයක් විදිහට වෙන්න ඇති අැවන්ගාර්ඩ් එක පටන් අරන් රටේ ජනතාවගේ බදු මුදල් වලින් ගෙනාපු ආයුධ පිටරට වල නැවු වලට රෙන්ට් එකට දීල දවසට කෝටි ගණන් උපයලා පිටරටවල බැංකු පොත්වල පුරෝ ගත්තේ එක නියම ආර්ථිකය නන්වන පිලිවත මේවා කියන්නේ අපි බත් කන ගවයෝ කියල හිතාගන වෙන්න ඇති.............

:       112       327

ජයරත්න Thursday, 01 November 2018 10:55 AM

එතකොට ලක්ෂ පහළොවක රාජ්‍ය සේවය ගැන මොකද කරන්නේ. වෘතීය සමිති විරෝධය. දුෂණය සහ නාස්තිය. බදු පැහැර හැරීම. වාහන තදබදය. පරිසර විනාශය. යල් පැනගිය අධ්‍යාපන ක්‍රමය. මේවා තමයි අමාරු ප්‍රශ්න. ඒවා විසඳන හැටි නොකිය අරක දියුණු කරනවා මේක දියුණු කරනවා කිව්වට වැඩක් නැහැ. මේවා විසඳන්න ගියොත් මුලින්ම විරුද්ධ වෙන්නේ ඔය වටේ ඉන්න බලවේගම තමයි.

:       57       114

දුමින්ද Saturday, 03 November 2018 05:16 AM

ඇත්තටම මෙය ඉතාමත් වටිනා අදහස් ගොන්නකි. තවදුරටත් ලංකාව තුල ඉන්ධන භාවිතය අවම කල යුතුය ඒ සඳහා ජල විදුලිය සුර්්‍ය විදුලිය නිශ්පාදනය වැඩි කල යුතුය.සුර්්‍ය විදුලි නිශ්පාදනය සඳහා පුද්ගලික ව්‍යවසායකයන් දිරිමත් කළ යුතුය. නෙට් මීටර් ක්‍රමය වැඩාත් ප්‍රචලිත කිරීම මඟින් මෙය වඩාත් ප්‍රචලිත කිරීමට හැකිවනු ඇත. තවද HHO පද්ධති ලංකාව තුල නිශ්පාදනය කර අවම මිළගණන් යටතේ ලබාදිය යුතුයි. මේ තුලින් ඉන්ධන වියදම අවම කරගත හැක. තවද දිස්ත්‍රික් මට්ටමින් නව නිපැයුම් තරඟ සංවිධානය කර ඉන් වඩාත් ආර්ථික පළදායි නිපැයුම් නිශ්පාදනය කිරීම සඳහා දිරිමත් කිරිම් කල යුතුය. මෙවැනි තවත් බොහෝ දෑ මඟින් ලංකාවේ ආර්ථිකය හැකි බව මාගේ පුද්ගික අදහසයි.

:       0       2

Senaka Sunday, 04 November 2018 02:13 AM

කිසිම සැලසුමක් නැහැ. නිකන් වචන ටිකක් විතරයි. භාණ්ඩ හුවමාරු කරන්න යන්නේ හොර බඩු ද ? ලංකාව මොනවද නිෂ්පාදනය කරන්නේ? ලංකාවේ තියන සේවා රැකියා වලට වෙළඳපොළක් අවශ්‍යයි. විකිණිය හැකි තව එකක් තමයි අධ්‍යාපනය. රටට මුදල් එන ක්‍රමයක් ගැන හිතන්න. සල්ලි අච්චු ගහලා බොරුවට කොටස් වෙළඳපොල සංඛ්‍යා පෙන්නලා රටවල් දියුණු කරන්න පුලුවන්ද ?

:       0       14

Kumar (Gulf) Sunday, 04 November 2018 11:16 AM

තව අැවන්ගාඩ් දෙක තුනක් හදාගත්තා නම් පුළුවන් ලංකාවේ පිහිටීමට අනුව හොඳ ගානක් හොයන්න.

:       26       274

ඔබේ අදහස් එවන්න

මංපෙත

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ තවත් පැතිකඩක්
2019 මාර්තු මස 28 4248 0

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු නොවූ තවත් පැතිකඩක් මෙවර ලිපියෙන් ඉදිරිපත් කරන්නෙමු.


ලිබරල් සමාජය විවිධ විද්වත් ඇසින්
2019 මාර්තු මස 21 1393 0

ලිබරල්වාදය සම්බන්ධ ලිපිමාලාවේ තවත් කොටසට අපි පැමිණ සිටින්නෙමු. වහල්භාවය සහ එහි පසුකාලීන තත්ත්වය ෆැන්සිස් ෆුකුයාමා මැනවින් විග්‍රහ කර තිබේ.


පාලිත-පාලක අයිතියේ මූලික මූලධර්ම
2019 මාර්තු මස 14 1970 0

ලිබරල්වාදය ලිපි පෙළේ “ඉතිහාසයේ අවසානය” කොටසට අපි පිවිස සිටින්නෙමු.


ජාත්‍යන්තර මතවාද මාර්ගයෙන් අපේ ප්‍රගමනයට අත්වැලක්
2019 මාර්තු මස 07 1027 0

ලිබරල්වාදය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, ජාතිකවාදය, යථාර්ථවාදය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ පවත්නා මතවාද විවිධාකාරය.


ඡන්ද කල්දමා ඡන්ද අයිතිය නැතිකරද්දී නිහඬවුණේ කවුද
2018 දෙසැම්බර් මස 13 2121 4

ඉතිහාසයේ කෙදිනකවත් නොවූ තරමේ අවුලකට රට මැදිවෙලාය. උද්ගතව තිබෙන අවස්ථාව දෙස බැලීමෙන් පමණක් ඒ සම්බන්ධව යම් නිගමනයකට එළඹීමට නොහැක.


බුද්ධි අංශ අවශ්‍ය ඇයි
2018 දෙසැම්බර් මස 06 2670 6

ස්ථාවරත්වය ඕනෑම රටක මූලික අවශ්‍යතාවකි. රටේ ආරක්‍ෂාව ස්ථාවරත්වයට බලපාන ප්‍රධාන සාධකයයි. එනිසා සෑම ආණ්ඩුවක්ම, සෑම පාලකයකුම ආරක්‍ෂාව පිළිබඳ හොඳ අවබෝධයක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site