IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මැදියම් යාමයේ සීතලේ ගැයෙන වසන්ත ගීතය

වසන්තේ නිදාවුන්
යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී
වසන්තේ ලපල්ලෙන්
වැසී උන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේදී

විලාපෙන් විඩාවී රැඳි මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං මුළාවේ
වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
ඔබෙන් නෙත් ලැබුයේ හේමන්ත කාලේ

සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ
එපාවී සියල්ලන් පලා ආ වෙලාවේ
තුෂාරෙන් උදාවූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදුවේ හේමන්ත කාලේ

ගායනය : විශාරද නන්දා මාලනී
ගේය පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : එච්.එම්. ජයවර්ධන

 

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ධිවනිතාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද එච්.එම්. ජයවර්ධනයන්ගේ ප්‍රතිභාසමිපන්න සංගීතයෙන් ද නන්දා මාලනීයන්ගේ සුගායනීය ස්වර මාධුර්යෙන් ද සුරංජිත වූ මේ ගීතයේ සැබෑ අරුත කුමක් දැයි ⁣ අද  අපි ගී විනිස තුළින් සොයා බලමු.

දශක ගණනාවක් සහෘද රසික සිත් සතන් අමන්දානන්දයට පත්කළ මේ අපූරු ගීතයෙන් පමාවී පැමිණි වසන්තයකට පෙමි බඳින මැදිවියේ කාන්තාවකගේප්‍රේම ප්‍රහර්ෂය සුවිශද කරයි.
 මේ ගීතයේ කතානායිකාව මහලුවියේ තාරුණ්‍යය ගත කරන මැදිවියේ කාන්තාවකි. ඇය පමාවී ආ වසන්තයකට පෙමි බඳින්නීය. එහෙත් ඇයට වසන්තය හමුවන්නේ හේමන්ත කාලේදීය.

හේමන්ත යනු ශීත සෘතුවයි. ශීත කාලය වසන්ත සමය මෙන් නොව කටුකය. දුෂ්කරය. සමකයට ආසන්න රටක් වන අපේ රටේ සෘතු විපර්යාසයක් නැත. තරමක් හෝ ශීත කාලගුණයක් පවතිනුයේ උඳුවප් දුරුතු මාසවල පමණි. එහෙත් එංගලන්තය වැනි යුරෝපීය රටවලට සෘතු භේදය  තදින්ම බලපාන බව අපි දනිමු.

ඔවුන්ට සෘතු සතරකි. spring (වසන්තය) Autumn (සරත් ) winter (ශීත) සහ summer (ගිම්හාන) යනුවෙන් ඒවා හැඳින්වේ.

වසන්ත කාලයට තුරු අතු අග මල් පුබුදමින් ඵල දරති. හරියට අපගේ සිංහල ⁣අලුත් අවුරුදු කාලය  මෙනි. සරත් සමය උදාවෙත්ම ගහ කොළ මැලවී තුරුපත් හැළී යයි. ශීත කාලය වඩාත් අමිහිරිය. කටුකය. මුළු පරිසරයම හිමෙන් වැසී ගොස්ය. ගිම්හානය කාලයේදී අධික රශ්මියෙන් හිරු තාපයෙන් සියල්ල දැවී හළුවී යයි. මේ වූ කලී සොබාදහමේ අපූරු දායාද නොවේද?

ප්‍රේමය වූ කලී සදාකාලික තාරුණ්‍යයයි.

ප්‍රංශයේ මහා ගත්කරු වික්ටර් හියුගෝ වරක් තාරුණ්‍ය යපිළිබඳ අපූරු විග්‍රහයක් කළේය.
Forty is the old age of youth. Fifty is the youth of old age. (අවුරුදු හතළිය තාරුණ්‍යයේ මහලුවියයි. අවුරුදු පනහ මහලුවියේ තාරුණ්‍යයයි ) වික්ටර් හියුගෝට අනුව මිනිසාගේ තාරුණ්‍ය අවුරුදු හතළියේදී අවසන් වේ. අවුරුදු පනහේදී එළැඹෙනුයේ මහලුවියේ තාරුණ්‍යය හෙවත් ප්‍රඥා දශකයයි. මේ ගීතයට විෂය වන්නේ ද මෙවැනි අත්දැකීමකි.⁣

භදු යෞවනයේදී උදානොවූ වසන්තය ඇයට උදාවන්නේ ශීත සෘතුව හෙවත් හේමන්ත කාලයේදීය. කාලය ගතවිය. අයාලේ ගිය වලාවක් බඳු ජීවිතයට වසන්තය ගෙනාවේ ඔබය. නිසි කලදී ජීවිතයට වසන්තය උදාකරගත්තෝ වාසනාවන්තයෝය. එහෙත් ඇතැමුන්ට වසන්තය උදාවන්නේ මධ්‍යම යාමයේදීය.

වසන්තේ නිදාවුන්
යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙමි ගීත හේමන්තයේදී
වසන්තේ ලපල්ලෙන්
වැසී උන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේදී

ගැහැනියකට ප්‍රේමය මහමෙර තරමි වටී. එහෙත් අප ජීවත්වන වත්මන් සමාජයේ නිර්ව්‍යාජ නිර්මල ප්‍රේමය කෙනකුට හමුවන්නේ කලාතුරකිනි. රැවටිලිකාර සමාජයක ස්ත්‍රි -පුරුෂ ප්‍රේමය මායාවකි.

මේ යුවතිය ද ඇගේ ⁣හිරිමල් යෞවනය ගෙවා දැමූවේ නිද්‍රාශීලිවය. සාමාන්‍යයෙන් කෙවිළියන් ගී ගයන්නේ වසන්ත සමයේදීය.

එහෙත් මේ කෙවිළිය  නිදි දැහැන් බිඳ සුපෙමි ගීත ගයන්නේ ශීත සෘතුව හෙවත් හේමන්ත කාලයේදීය .මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ ගීතයට අපූර්වත්වය මතු කරන්නෙ ද හේමන්තය නමැති පද යෙදුමෙනි. ශීත සමයේදී හිමෙන් වැසී යන මල් ⁣වසන්තයේදී මෙන් පිපී ලෙළදෙයි.

මේ නම් කුමන විකාරරූපී සිතුවිල්ලක් දැයි ඇතමකුට සිතිය හැකිය. 

එහෙත් ලෝකයේ මෙබඳු ප්‍රේමයන් අනන්තවත් ඇත. යෞවනයේදී  උදාකර ගැනීමට නොහැකි වූ වසන්තය අවුරුදු පනහේදී හෝ ඔවුහු උදාකර ගනිති. ලතින් ඇමෙරිකානු ලේඛක ගබිරියෙල් ගර්ෂියා මාර්කේස්ගේ "කොලරා කාලේ ආලේ" (Love in the time of cholera) නමැති අපූරු ප්‍රබන්ධ ප්‍රේම වෘත්තාන්තයේදී ද අපට මෙබඳු ප්‍රේමවතුන් යුවළක් හමුවේ. එම නවකතාවේ පෙම්වතාට තම පෙමිවතිය මුණගැසීමට අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ දින රෑ 11 ක් බලාඉන්නට සිදුවිය.

හැට පැන්න මිත්තණියකගේ දත් හැළුණු රැලි වැටුණු මුහුණ දකින්නට ඔහු පෙරුමි පිරුවේ ප්‍රේමය  නිසාය. කවදා ආලය කළත් කොතැනක ආලය කළත් ආලය කවදත් ආලයම වෙි.

විලාපෙන් විඩාවී රැඳි මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං මුළාවේ
වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
ඔබෙන් නෙත් ලැබුයේ හේමන්ත කාලේ

ප්‍රේමය විවාහයෙන් කෙළවර විය යුතුයැයි ඇතමෙක් සිතති. එහෙත් අවංක ස්ත්‍රියකට ගුණවත් පුරුෂයකු ලැබුණ ද මේ දුෂ්ට සමාජයේ  සතුටින් ජීවත්විය නොහැකිය.

නා නා අශීලාචාර බාධක හිරිහැරවලට ඔවුහු ගොදුරු වෙති. මේ යුවතිය ද තම පෙම්වතා හමුවනතුරු එබඳු අතෝරයන්ට මුහුණපා ඇති බව පුර්වෝක්ත පද පෙළෙන් ගම්‍යවේ.
 
වාලාවක් ලෙසින් අයාලේ ඇදුණු ඇයට ලෝකය දකින්නට නෙත් පෑදුවේ ඔහු නොවේද? දැන් ගෙවී යන්නේ හේමන්ත කාලය වූව ද ඇයට මේ ප්‍රේමයෙන්  ඔහු උදාකරදී ඇත්තේ වසන්තයයි.

 

සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ
එපාවී සියල්ලන් පලා ආ වෙලාවේ
තුෂාරෙන් උදාවූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදුවේ හේමන්ත කාලේ

මේ පද පෙළෙන් හැඟවෙන්නේ⁣ ජීවිතයේ මධ්‍යම යාමයේ ප්‍රේමයෙන් වෙළුණු ඇයට තම ප්‍රේමවන්තයා ගැන උපදින සිතුවිලි උත්කර්ෂයයි. වේදනාවෙන්,මානසික පීඩයෙන් තනිව විසු ඇයට ජීවිතේ සියල්ල එපාවී පලා ආ මොහොතක අවසානයේදී ඔහු හමුවිය.

"තුෂාරෙන් උදාවූ සඳක් සේ නිශාවේ" යන්නෙන්  පෙමිවතිය තුළ පෙමිවතා කෙරෙහි උපන් භක්ත්‍යාදරය ප්‍රකට වෙයි. ඇය තම පෙමිවතා දකින්නේ නිශා යාමයේ පිනි බිඳුවකින් උදාවූ සඳක් ලෙසය.  කර්කෂ අමිහිරි ශීත සෘතුවෙන් බැටකෑ මේ අහිංසකාවියට දැන් පෙමිවතාගේ ආගමනයෙන් ජීවිතය දකින්න, විඳින්න අලුත් කවුඵවක් විවර වී ඇත.


විවරණය - ශෂී ප්‍රභාත් රණසිංහ



අදහස් (3)

මැදියම් යාමයේ සීතලේ ගැයෙන වසන්ත ගීතය

Chandani Monday, 08 August 2022 09:32 PM

මං කාලයක් තිස්සේ ආදරය කරන ලස්සන සින්දුවක්. විශාරද නන්දා මාලනීයන්ගේ මධුර හඬත්, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගී පදත් එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතයත් ගීතයට විශාල ආලෝකයක් ලබාදී තිබෙනවා. ඒත් අද තමයි මං මේ ගීතයේ නියම අර්ථය දැන ගත්තේ... මේ විචාරය ඉතාම විශිෂ්ඨයි. ගැඹුරින් කළ ඇති විචාරය නිසා මම ගීතය දෙස වෙනත් ඇසකින් බලන්නට පෙළඹුණා. සිංහල ගීතයේ ප්‍රගමනයට මෙබඳු අර්ථ පූර්ණ විචාර අවශ්‍යයි.

:       0       4

randil Wednesday, 10 August 2022 09:30 AM

සුන්දරත්වය වචනයට නැඟිය නොහැකි සිතුවිල්ලක් පමණයි සත්තකින්ම සුන්දර නිර්මාණයක්

:       0       3

saman Saturday, 13 August 2022 07:00 AM

මේ පද පෙළෙන් හැඟවෙන්නේ⁣ ජීවිතයේ මධ්‍යම යාමයේ ප්‍රේමයෙන් වෙළුණු "ඇයට" තම ප්‍රේමවන්තයා ගැන උපදින සිතුවිලි උත්කර්ෂයයි. වේදනාවෙන්, මානසික පීඩනයෙන් තනිව විසූ ඇයට ජීවිතේ සියල්ල එපාවී පලා ආ මොහොතක අවසානයේදී ඔහු හමුවිය. රැළකින් තනි වී වන මැද සරණා මෙවැනි ආකාරයටම ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්, ගී තනු: රෝහණ වීරසිංහ සහ ගී හඬ: අබේවර්ධන බාලසූරිය ගයන කරන ලද "ඔහුගේ " ගීතය ප්‍රේමකිර්තිගේ ඉතාම ජනප්‍රිය අතරින් ජනප්‍රිය ගීතයකි.. රැළකින් තනි වී වන මැද සරණා කැකුළු තුරුණු යාමේ ඇතෙකුට ඇත්දළ යුවලක් වාගෙයි මට ඔබගේ ප්‍රේමේ හබල බිඳී ගොස් පෙරලුණු ඔරුවක් ලෙස පාවෙන දිවියේ රුවල් මසා දී ගොඩගනු රිසියෙන් වෙහෙසෙන මියුලැසියේ.. තුඩ තුඩ තබමින් නෙක නෙක පලවැල කවාපොවා සනහා පෙරුම් පුරනවා ද මතු බුදු වන්නට මට දී රැකවරණා...

:       0       1

ඔබේ අදහස් එවන්න

ගී විනිස

සොඬින් නෙළුම් මල ගෙනියන
2024 අප්‍රේල් මස 23 29 0

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද අතුල අදිකාරිගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වර රචනාවෙන් ද යුතු මෙි ගීතය වත්මන් කාන්තා


කවුරුවත් නෑ
2024 අප්‍රේල් මස 16 66 0

හේමසිරි කුලතුංගයන්ගේ ධ්වනිතාර්ථ පූර්ණ ගේයපද රචනයෙන් ද අමරසිරි පීරිස්ගේ කර්ණරසායන ස්වර මාධූර්යෙන් ද ප්‍රේමසිරි කේමදාාසයන්ගේ මියුරු මියැසියෙන් ද සු


පැණි කුරුල්ලනේ
2024 අප්‍රේල් මස 07 209 0

ලූෂන් බුලත්සිංහලයන්ගේ ධ්වනිතාර්ථ පූර්ණ ගේය පද රචනයෙන් ද මිල්ටන් මල්ලවාරච්විගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකරණයෙන් ද සුපෝ


නින්ද නැති රැයේ
2024 අප්‍රේල් මස 01 260 0

සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේය පද සුරචනයෙන් ද ගුණදාස කපුගේ ගේ ඉගැඹුරු හඬ පෞරුෂයෙන් හා ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ විප


කුඩාගමෙි මද්දහනේ
2024 මාර්තු මස 25 347 0

ධර්මසිරි ගමගේ සූරීන්ගේ භාවපූර්ණ ගේය පද රචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ මියුරු මියැසියෙන් ද සුපෝෂ


වියෝ වූ පසුවයි දැනෙන්නේ
2024 මාර්තු මස 18 452 0

බන්දුල නානායක්කාරවසම්ගේ ගේය පද සංරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද මනෝහර මෙි මහඟ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site