IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇන්දවීමේ ඇඳගැනීමේ දේශපාලනය

 

පසුගිය දිනවල මෙරට මාධ්‍ය ලෝකය තුළ නව මාතෘකා කීපයක් ම ඇවිළී ගියේ එක පෙළට සහ එකකට එකක් දෙවැනි වෙන්නේ නැතිව ය. වන්දි ලබා දීමේ අරමුණින් මෙරට ප්‍රධාන නැව්තොට අසලට පැමිණ ගිනිබත්ව මුහුදුබත් වූ නැව පිළිබඳ පුවත ඉන් එකකි. එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය තුළ නගරාධිපතීන් ඇතුළු පිරිස් අශිෂ්ටව හැසිරීම පිළිබඳ පුවත තවත් එකකි. නිරෝධායන නීති එක එක අයට එක එක විධියට ක්‍රියාත්මක කරනවා යැයි කියමින් නගරාධිපතියකුත්, ඇන්දිලි ක්‍ෂේත්‍රයට අදාළ පිරිමියකු සහ ගැහැනියකුත්, පොලීසිය භාර ඇමති සමඟ පොලීසියත් මුල් කරගත් පුවත තවත් එකකි. කාබනික පොහොර ආනයනය පිළිබඳ කාරණය මුල් කරගෙන ගොඩනැගුණු තවත් පුවතකි. පාර්ලිමේන්තුකාරයන් සඳහා අධි සුඛෝපභෝගී ජීප් රථ ගෙන්වීම තවත් පුවතකි. ඉන්ධන මිල ඉහළ දැමීම ඊළඟට ගිනිගත් පුවතය. මේ කරුණ අරබයා පොදුජන පෙරමුණේ ලේකම් සහ බලශක්ති ඇමැති අතර වූ ගැටුම තවත් පුවතකට පදනමකි. බස් එකෙන් එන පාර්ලිමේන්තුකාරයන් ද සිටින නිසා සුඛෝපභෝගී වාහන ගෙන්වීම ගැන ද්වේශයෙන් තොරව දයාවෙන් බලන්න යැයි කියන උගත් ඇමතියකු මුල් කරගත් තවත් පුවතකි.

මුද්‍රිත, රේඩියෝ සහ රුපවාහිනී මාධ්‍යවල මේ පුවත් දවසින් දෙකින් ගැලවී ගියත් සමාජ මාධ්‍ය තුළ දිනපතා රැව් පිළිරැව් දෙන්නේ මේ පුවත් අරබයා මතුකරන නිර්දය විවේචන ය. සමාජ මතය මතුකිරීම සහ හැසිරවීම සඳහා ඒ විවේචන අදාළවන ආකාරය තීරණාත්මක වන්නේ සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන්ගේ සංඛ්‍යාව සහ එහි බලපෑම ශීඝ්‍රයෙන් වර්ධනය වන නිසා ය. 2010 සහ 2015 අතර කාලයේදීත් 2015 සහ 2019 අතර කාලයේදීත් සමාජ මාධ්‍ය හැසිරීම සහ එහි බලපෑම පිළිබ ඳ අත්දැකීම් සහ මතකය ඇති බොහෝ අය මා කියන දෙය සැකයකින් තොරව පිළිගනු ඇත. අගතියකට නොවැටී කිව හැකි දෙයක් වන්නේ මේ මොහොතේ සමාජ මාධ්‍ය ප්‍රතිචාර අති බහුතරයක් ආණ්ඩුවට අවාසිදායක ඒවා බවය. පෙර කී කාලවල තත්ත්වය ද මේ හා සමානය.

මේ සමාජ මාධ්‍ය ප්‍රතිචාරවල මා දකින ප්‍රධාන ගැටලුවක් වන්නේ, ඒවා ප්‍රබල සහ දැඩි ක්ෂණික ප්‍රතිචාර මිස රටකට වැරදීමේ නියම මූලයන් හඳුනාගෙන සිදුකරන ඒවා නොවීමය. මන්ද ඒ ඇවිළෙන ප්‍රතිචාර ආණ්ඩු මාරුවකින් පසු ටික කාලයකට නිවී ගොස් නැවත ඇවිළෙන්නේ තවත් ආණ්ඩු මාරුවකට පාර කපමින් මිස මෙරට සමාජ දේහය මත රජයන දේශපාලන ක්‍රමයට අබමල් රේණුවකින්වත් හානියක් නොකරය. ඒ නිසා කප්පිත්තන් වෙනස් වූවා මිස නැවේ ගමන වෙනස් වූයේ නැත. අබලන් නැව පිළිසකර වූයේ ද නැත. ඒ මත පදනම්ව මා මෙවර ‘කිවි දා දැක්මෙන්’ උත්සාහ කරන්නේ මේ ජරබර නැව් ගමනේ ඉතිහාසය ට අදාළවන එක් සාධකයක් පිළිබඳව විවරණයක් කිරීමට ය. ඒ සඳහා මෙතැන් සිට මේ ලිපිය ‘ඇන්දිල්ලේ සහ ඇඳ ගැනීමේ දේශපාලන ඉතිහාසය’ නමින් නම් කිරීමට මා කැමති ය.

මෙරට පාලකයන්ට සියයට හැත්තෑවක බලයක් සහ වැඩිහිටි ජනයාට ඡන්ද අයිතිය සහිත ලංකාවේ නියෝජන දේශපාලන ඉතිහාසය ඇරඹෙන්නේ 1931 වීම නිසා දැන් වනවිට එහි වයස අවුරුදු අනූවකි. සමහර අමාත්‍යාංශවල වයස ද ඒ හා සමානය. එනම්  කෘෂිකර්ම සහ ඉඩම්, පළාත් පාලන, සෞඛ්‍ය, කම්කරු, කර්මාන්ත සහ වෙළඳ, අධ්‍යාපන යන ක්ෂේත්‍රවලට අදාළ අමාත්‍යාංශවල වයස ද අවුරුදු අනූවකි.

ලංකාවේ ඇන්දිල්ලේ දේශපාලනයට ද ඒ හා සමාන වයසක් ඇත. 1953 හර්තාලයට හේතු වුයේ ලෝක බැංකුව විසින් ඩඩ්ලි සේනායක සහ ජේ. ආර්. ජයවර්ධන ඇන්දවීමේ හේතුව නිසා ය. ජන සමාජයට වන පීඩනය නොතකා ලෝක බැංකු නියෝග ක්‍රියාත්මක කරන්නට යෑමේ ප්‍රතිඵලය වුණේ ඩඩ්ලි සේනානායකට අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන තැනට වැඩ සිදුවීම ය. එසේම 1956 දී එජාපය අන්ත පරාජයකට පත්වීම ය. 56 ජයග්‍රහණය කළ බණ්ඩාරනායක අගමැතිට වෙඩි උණ්ඩයකින් ජීවිතය අහිමි වුණේ ස්වදේශික යැයි කියාගත් බලවේගවල ඇන්දිලිවලට හසුවී ඔවුන් අනවශ්‍ය ලෙස විශ්වාස කළ නිසා ය. 1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ අගමැති ධූරය දැරූ ජාත්‍යන්තර දේශපාලන චරිතයක් වූ සිරිමා බණ්ඩාරනායක වැඩ වරද්දා ගත්තේ ප්‍රතිගාමී බලවේගවල ඇන්දිලිවලට හසුවී ඇන්. ඇම්. පෙරේරා සහ කොල්වින් ආර් ද සිල්වා ඇතුළු වාමාංශික නායකයන් ආණ්ඩුවෙන් එළවා දැමීම නිසා ය. එය සිදු වූයේ 1975 දී ය. ආණ්ඩුව පරාජයට පත් වී එජාපය ආණ්ඩු බලය ලබා ගන්නේ 1977 දී ය.

1977 ආණ්ඩුවේ නායකයා කලක සිට අපමණ පාඩම් උගත් අයකු වූ ජේ. ආර්. ජයවර්ධනය. නැවත නම් තමාව  අන්දවන්නට කිසිවකුට නොහැකි බව ඔහු ඔප්පු කළේ සිය පළමු කැබිනට් මණ්ඩලය පත්කිරීමේ දී කාර්යශුර සහ අදාළ ක්ෂේත්‍ර පිළිබඳ බුද්ධිමය සහ විශේෂ දැනුමක් ඇති නවකයන් ඊට පත් කිරීමෙනි. කැබිනට් මණ්ඩලය සඳහා වූ කාර්ය ක්ෂේත්‍ර නැවත සංශෝධනය කිරීමෙනි. වෙළඳ ඇමති වූ ලලිත් ඇතුලත්මුදලි ට නාවික කටයුතු ද වාරිමාර්ග, බලශක්ති සහ අධිවේගී මාර්ග ඇමති වූ ගාමිණී දිසානායකට මහවැලි කටයුතු ද පැවරෙන්නේ ඒ අනුව ය. තම බෑනෙකු වූ රනිල් වික්‍රමසිංහට ලබා දුන්නේ කැබිනට් ඇමති ධූරයක් නොව නියෝජ්‍ය විදේශ ඇමතිකම ය. ජේ. ආර්. ඇඳ ගත්තෙත් නැත, තමාව අන්දවන්නට කිසිවකුට ඉඩ දුන්නෙත් නැත. එහෙත් ඔහු අනිත් අයට අන්දවා ඔවුන් සනසවා නිහඬ කොට තැබුවේ තම ආර්ථික, දේශපාලන දැක්මට කරදරයක් නොවන පරිදි ය. ඒ නිසාම 1977 සිට 1989 දක්වාම එනම් වසර දොළහක් පුරා ඔහු පක්ෂයේ කෘතහස්ත නායකයා ද රටේ බලවත් ම නායකයා ද ක්‍රම වෙනසක පුරෝගාමියා ද විය.

ජේ. ආර්. ගේ ආර්ථික දේශපාලන දැක්මට සහ වැඩපිළිවෙළට මූලධාර්මිකව මා විරුද්ධය. එහෙත් තමා අගය කළ අරමුණක් ඔස්සේ රාජ්‍යය මෙහෙයවීම සඳහා සුදුසු පිරිසක් තෝරා ගැනීමට සහ පත් කළ අය මත නායකත්වය පිහිටුවීමට ඔහු දැක් වූ උපායශීලිත්වය අගය කිරීමට මා පැකිලෙන්නේ නැත. 53 දී ඇඳගත් සහ ඒ නිසාම පරාජය වූ ජේ. ආර්. 77 සිට 89 දක්වා නම් ඇඳගත්තේ නැත. අදටත් ජේ. ආර්. ව්‍යාපෘතිය ජීවමාන වී තිබෙන්නේ ඒ නිසා ය.

එහෙත් ඉන් පසුව බලයට පත් සියල්ලෝම එක එක අය විසින් අන්දවනු ලැබූහ. ඒ නිසාම ජේ. ආර්. ගෙන් පසු ලංකාව වනාහි අන්දවන්නන්ගේ සහ ඇඳගන්නන්ගේ රජදහනක් ය. ඛේදවාචකය වන්නේ රට ගොඩ නැගීමට අරමුණක් සහිතව පොදු ජන ප්‍රසාදයක් සහිතව බලයට පත් වූ නායකයන් කීප දෙනකුම මෙම ඇන්දවීමේ දේශපාලනයට හසු වී අපේක්ෂිත අරමුණු ඉටුකරගත නොහී අසරණ වීම සහ ඒ නිසාම රට අසරණ වී අපේක්ෂා භංගත්වයට පත්වීම ය. එහෙත් අන්දවන්නන් කල් ගෙවන්නේ සතුටින්ය. නියෝජිතවරණ ප්‍රචාරක සමයේ දී අන්දවන්නන්ට අනුව ඇඳගත් බව පෙන්වීම උපායශීලීව අවශ්‍යය ය. එහෙත් ඉන් පසුව ඒ අන්දන්නන්ගෙන් ගැලවී රටේ පාලනයට ඔවුන් ගාවා නොගෙන සහ තරහා නොකරගෙන උපායශීලීව ඔවුන් ඈත් කළ යුතු ය. එසේ නොකොළොත් ඒ කල්ලි යහපත් අරමුණකින් රට මෙහෙයවන්නට දෙන්නේත් නැත. එසේම අන්දවමින් ලබා ගත් තනතුරු සහ නියෝජිතකම් යොදවා රටට වැඩකරන්නට ඔවුන් දන්නේ ද නැත. අර රට ගැන යහපත් අරමුණකින් වැඩ කරන නායකයන්ට උදව් කරන්නේ ද නැත. බලය සහ තනතුර ගැන අර්චනකාමයකින් දිවි ගෙවා ඊ ළඟට කවරෙකු හෝ ඇන්දවීමට මාන බලනවා පමණි.

වෙළෙන්දන්, උගතුන් (වියතුන්) වෘත්තිකයන්, ආගමික නියෝජිතයන්, වාර්ගික ඡන්ද පදනම් ඇතැයි කියාගත්තවුන්, ඡන්ද මැෂින් යැයි කියාගන්නා වුන් පෞද්ගලිකව සහ විවිධ සංවිධාන පිහිටුවා ගනිමින් මේ ඇන්දවීම කරන ආකාරය ඉතාම සුක්ෂ්මය. ජේ ආර් ගෙන් පසු සියලු‍ම නායකයෝ මේ අන්දවන්නන් විසින් මුළාවේ දමා විවිධ උපක්‍රම යොදාගෙන අන්දවනු ලැබූහ. එහි ප්‍රතිඵලය වූයේ රට හැදීමට ආ බොහෝ අයට වැඩ වැරදී යාමය. එසේම විවිධ සුදුසුකම් කියාගෙන මැතිවරණ වේදිකා සැරසූ උගතුන් (වියතුන්) වෘත්තිකයන් යනාදී  අන්දවන්නන් මෙලෝ දෙයක් නොදන්නා නිකමුන් ය කියන කාරණය ඔප්පුවී ඒ නින්දාවත් අවංක වුවමනාවක් සහිත නායකයන්ගේ කරපිටින් යාමය.

බොහෝ නායකයන්ට අවංක වුවමනාවක් තිබුණත්, රට හැදීමට දැනුමක් සහ වුවමනාවක් තියෙන සහ රටට ආදරය කරන ඇමතියන් සහ ඉහළ සුදුසු තනතුරු දරන්නට පිරිසක් නොසිටීම බරපතළ ප්‍රශ්නයක් විය. පුරුද්දට සහ ධන බල නිල ආර්චනකාමය සහිත රංචුල ඇමතීන් බවට පත්වුණා මිස ඔවුන් සතුටින් සිටියා මිස ජාතික අභිලාෂ අනුව රටක් හැදීමට සිය නායකයාට සහය වීම ඔවුන් අතින් සිදු වුණේ නැත. දැන් සිදුවන්නේ ද නැත.

 එහෙත් නායකයන් ඇන්දවීමට නම් මොවුහු උපන් හපන් රුසියෝ ය.

මේ මොහොතේ ඇමති මණ්ඩලය ගත්ත ද ඊට ගැළපෙන සුදුස්සෝ නම් අතක ඇඟිලි ගණනටත් වඩා අඩුය. ඉතින් නායකයකුට මොවුන් සමඟ ජනතාවා දී ගමනක් යා හැකි ද යන්න විමසිය යුත්තක්ම ය.

ජේ. ආර්. ගෙන් පසු ශ්‍රී ලංකාව වනාහි ඇන්දවීම සහ ඇඳ ගැනීම නිතර ප්‍රතිනිෂ්පාදනය වන රටකි. රට හැදීමට අවැසි නායකයකු වේ නම් මේ අන්දවන්නන්ගේ උගුල්වල නො වැටී ඇඳගන්නේ නැතිව විචක්ෂණශීලී මනසකින් අලු‍ත් පියවරකට යා යුතුය. ‘ඇමතිවරු නැති පාර්ලිමේන්තුවක්’ යන ශීර්ෂය යටතේ පෙර දිනක මා ලියු කිවි දා දැක්මක’ සඳහන් වූයේ ඒ එක පියවරක්ය. හොඳ හමුදාවක් නොමැතිව හොඳ හමුදාපති කෙනෙක් සිටියාට එය ඵල රහිතය.

අන්දවන්නන්ගෙන් ගැලවීමට නම් මේ ගැන නැවත නැවත සිතන්න. සෙස්ස පස්සට.

(***)

 



අදහස් (2)

ඇන්දවීමේ ඇඳගැනීමේ දේශපාලනය

hesa Saturday, 19 June 2021 04:49 PM

ඔබතුමා හරි.. තමා අවංක නම්, තමාට අවංකමයි සිතෙන අය ලං කර ඒ අන්දවන්නන් නොමැතිව, රට පාලනය කල හැකි බව, ඔබතුමා අදහස් කරනසේ.මේ රට පාලනය කල හැකිද..

:       0       1

NM Saturday, 19 June 2021 05:27 PM

ඇන්දවීමේ ඇඳගැනීමේ දේශපාලනයට යට නොවු නායකයන් අතර ජේ ආර් ජයවර්ධන සහ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛස්ථානයේ සිටි. නමුත් ඔවුන් දෙදෙනාගේ එම දේශපාලන ක්‍රමවේදය අනුගමනය කරන නායකයන් වර්තමාන දේශපාලනයේ නැත. ජනතාවට සමීප වූ සෑම දේශපාලකයකු යැපෙන්නෙත්, විනාශ වන්නේත් අන්දවන්නන් නිසායි. ලංකාවේ දේශපාලකයින් ඔවුන්ට සියල්ල කලහැකිබව යන මතයේ රැඳී සිටියි. ඇන්දවීමේ ඇඳගැනීමේ දේශපාලනය නිසා ලැබෙනුයේ තවකාලික දේශපාලන සුවයක් ලබා අවසානයේ විනාශවීම පමණි. බුද්ධිමත් නායකයින් ඇන්දවීමට නොහැකියි. මක්නිසාද යත් ඔවුන් ප්‍රතිපත්ති මතම දේශපාලනය කිරීම සහ ඔවුන් අදහස් ලබාගනු ලබන්නේ සහ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනු ලබන්නේ විස්ලේශකයින්ගේ උපදෙස් මත මිස අන්දවන්නන්ගෙන් අදහස් අනුව නොවේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

කිවිදා දැක්ම

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 355 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


සීරුවෙන්! නැව මාරයෙක්
2024 අප්‍රේල් මස 05 1479 2

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට සිදුවී තිබෙන්නේ පරිසර ප්‍රශ්නයක් පිළිබඳවය. නිකම්ම නිකං පරිසර ප්‍රශ්නයක් ගැන නොව මෙරට මුහුදු තීරණයට බරපතළ හානියක් සිදුව


සත්‍යයට පිටුපෑමේ ආදීනව
2024 මාර්තු මස 29 594 4

“රාජපක්ෂල ගැන ආපහු කතා කරල වැඩක් නැහැ. රාජපක්ෂල ඉවරයි” මෙය මේ දිනවල බොහෝ දේශපාලනඥයන් විසින් කරනු ලබන ප්‍රකාශයකි. රාජපක්ෂලාගෙන් ගොඩගිය අය මෙන්ම එසේ නොව


​බලයේ තත්වයේ හෑල්ලුව
2024 මාර්තු මස 22 512 0

මේ සතියේ කිවිදා දැක්ම තුළ සාකච්ඡා කළ යුතු යැයි සිතෙන කරුණු කීපයක්ම තිබේ. මෝදු වෙමින් පවතින ජනාධිපතිවරණ සාකච්ඡාව එවැනි එකක්ය. ඉදිරියට එන්නේ ජනපතිවරණයක


කුමන්ත්‍රණ කතාවට එකතුවක්
2024 මාර්තු මස 15 1199 3

“ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නැමැති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් ලියැවුණු කෘතිය පැති කිහිපයකින් රටේ අනාගතය ගැන සිතීමේ දී වැදගත් වන්නේය.


මූල්‍ය විනය අවුල්කළ තීන්දුවක්
2024 මාර්තු මස 08 1068 2

මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ මතුවී තිබෙන එක් මාතෘකාවක් වන්නේ මහ බැංකුවේ කාර්ය මණ්ඩලයේ අති විශාල වැටුප් වැඩි කර ගැනීම පිළිබඳවය. 2023 වර්ෂයේ සිට මහ බැංකුව ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site