IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නරකාදියක් වූ ඉරාකයේ අලුත් අගමැති මොහොමඞ් තවුෆීක්

 

කලක් ඔවූහු මැදපෙරදිග සිටිනා බලවන්තයින් වූහ. ඒ අනූව දශකයේ එහි සිටි ඒකාධිපති පාලකයෙකු නිසාවෙනි. ඊටත් එකල ඔවුන් බලවන්තයින් ලෙස සිටියේ ලොව බලවත් මානව ශිෂ්ටාචාරයක් වූ මෙසපොතේමියා ශිෂ්ටාචාරය ලොවට දායද කළා වූ රාජ්‍යය ලෙසිනි. නමුත් වසර විස්සකට ආසන්න කාලයක් තිස්සේ ඉරාකය රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යනු ලබන්නේ දැඩි අවුල් වියවුල් මධ්‍යයේය. අරාජික රාජ්‍යයක් බවට පත්ව තිබෙන ඉරාකයට පසුගිය මාස හතරකට ආසන්න කාලයක් තුළ පාලක අගමැතිවරයෙක් නොමැතිව තව තවත් ආගාධයට වැටුණි. මොහොමඞ් තවුෆීක් අලාවි නැමැති නව ඉරාක අගමැතිවරයා වෙනුවෙන් මෙවර දියත  වෙන්වේ.


දේශපාලන අවුල් වියවුල් මැද මාස හතරකට පසුව ඉරාකයට නව අගමැතිවරයා ලෙස එරට හිටපු සන්නිවේදන අමාත්‍යවරයෙකු වූ මොහොමඞ් තවුෆීක් අලාවි මහතා පත්කරනු ලැබුවේ ඉකුත් සතියේදීය. ඉරාකයේ ජනාධිපති බර්හාම් සාලිහ් විසින් මෙම පත්කිරීම සිදුකර ඇත. අගමැතිවරයාව සිටි අඩෙල් අබ්දුල් මෙහෙදි පසුගිය නොවැම්බර් මාසයේ ඉල්ලා අස්වීමෙන් පසුව ඉරාකයේ දැවැන්ත විරෝධතා පැවැත්විණි. සිව් මසක් පුරා පැවති විරෝධතා වලින් පසුව නව අගමැතිවරයාගේ පත්කිරීම සිදු වු අතර එම විරෝධතා වලදී සිය ගණනක් පිරිස් ඝාතනය වූ බව වාර්තා විය.


ඉරාකය පිහිටියේ බටහිරින් ජෝර්දානය, වයඹට සිරියාව, උතුරට තුර්කිය, නැගෙනහිරට ඉරානය සහ කුවේටය, දකුණට සවුදි ආරාබිය, ඇතිවය. උතුරු පර්සියානු බොක්කෙහි කි.මී. 58 ක් දිග පටු වෙරළ තීරයක් ද ඉරාකය සතුය. අගනුවර වන බැග්ඩෑඞ් නුවර පිහිටා ඇත්තේ රටෙහි නැගෙනහිර මැද කොටසෙහිය. 


ඵෙතිහාසිකව සලකා බැලීමේ දී ඉරාකය හඳුන්වනු ලබන්නේ ‘සභ්‍යත්වයේ සමාරම්භය යනුවෙන්ය. එවැනි ඉතිහාසගත ඉරාකය මෑත කාලයේදී කලක් ඒකාධිපති පාලක සදාම් හුසේන් ගෙන් බැට කෑවේය. ඊටත් පසුව 2003 ආක්‍රමණයත් සමඟ ඉරාකය, බහුජාතික (ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව සහ බි්‍රතාන්‍යයද ඇතුළත්) හමුදා සංවිධාන පාලනයෙන් බැට කෑවේ මුස්ලිම් ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමේ නොනවතින අරගලය නිසාවෙනි. 2004 ජුනි මස ඉරාකයේ ස්වෛරීත්වය අතුරු ආණ්ඩුවකට මාරු කරන ලදි. අනතුරුව ජනමත විචාරණයක් හරහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා ලද අතර, මැතිවරණයෙන් නව රජයක් තෝරා පත්කර ගන්නා ලදි. 2010 මාර්තු වන විට රට තුළ රැදී සිටි අනූ දහසකට වැඩි ඇමෙරිකන් භටයෝ 2001 දෙසැම්බර් 31 වැනි දින සම්පූර්ණයෙන්ම ඉරාකයෙන් ඉවත් වූහ.


වර්තමානයේ ඉරාකය බැටකන්නේ විරැකියාව, රජයේ දූෂණ අක්‍රමිකතා සහ පොදු සේවාවන් වල පවතින දුර්වලතා හේතුවෙනි. මෙය විරෝධතා කරුවන්ගේ පොදු චෝදනාවන්ය. ඉරාක ජනාධිපති බර්හාම් සාලී එරට නව අගමැතිවරයා ලෙස මොහොමද් තව්ෆීක් අලාවි පත් කෙරුණේ ඉරාක පාර්ලිමේන්තුවට ඒ සඳහා ලබාදුන් කාලය ඉකුත් වූ බැවිනි.
විරෝධතාකරුවන්ගේ ඝාතනයන්ට සහ දූෂණයට එරෙහිව සටන් කරන බවට නව අගමැතිවරයා පොරොන්දු වී තිබේ. ඉරාකයේ දේශපාලන අර්බුදයක් ආරම්භ වූයේ මීට මාස කිහිපයකට පෙරය. ජනතාව ඉරාක රජයට එරෙහිව විරෝධතා පවත්වන අතරේ ඉරාකයේ සන්නිවේදන අමාත්‍යවරයා ලෙස දෙවතාවක් සේවය කර ඇති අලාවි මහතා පත්කරනු ලැබුවේ ඉරාක ජනාධිපතිවරයා නව අගමැතිවරයෙකු පත්කර ගන්නැයි පාර්ලිමේන්තුවට දන්වා එය නොකර සිටි අවස්ථාවකදීය. ජනාධිපතිවරයා ඔහුගේ බලතල අනුව තෆීක් අලාවි පත්කර ගත්තේය.

 

 


අලාවි ෂියා මුස්ලිම්වරයෙකි. ඔහු 2003 වසරේ ඉරාක දේශපාලනයට අවතීර්ණ වීමට පෙර ලෙබනනයේ සහ බි්‍රතාන්‍යයේ අධ්‍යාපනය ලබා ඇති අතර එම රටවල සේවයෙහි ද යෙදී ඇති අයෙකු වේ.


ඉරාකයේ නව අගමැතිවරයාට එරෙහිව බැග්ඩෑඞ් අගනුවරදී දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබේ. එහිදී විරෝධතාකරුවන් හා තවත් පාර්ශවයක් අතර ගැටුමක්ද හටගෙන ඇතැයි සඳහන් වේ. ඉරාක රජයට එරෙහිව පැවති අඛණ්ඩ විරෝධතා හේතුවෙන් එරට හිටපු අගමැති අදෙල් අබ්දුල් මහ්දි එම ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඉකුත් නොවැම්බර් 30 වැනිදාය. අනතුරුව ජනාධිපතිවරයා විසින් මොහොමඞ් තව්ෆික් අලාවි නව අගමැතිවරයා ලෙස පත් කරනු ලැබීය.


මේ වන විට නව අගමැතිවරයාටද ජනතාවගෙන් විරෝධය එල්ල වෙමින් තිබේ. නව අගමැතිවරයාට එරෙහි විරෝධතාවක් බැග්ඩෑඞ් අගනුවරදී පැවැත්වුණේ දහස් ගණනකගේ සහභාගිත්වයෙනි. රටේ අගමැතිවරයා ජනතාව විසින් පත්කළ යුතු බවයි විරෝධතාකරුවන් එහිදී පෙන්වා දුන්නේ.


අගමැති තව්ෆීක් අලාවි ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද ඔවුහූ පෙන්වා දුන්හ. මේ අතර විරෝධතාකරුවන් විසුරුවාහැරීමට අගමැතිවරයාට හිතවාදී කණ්ඩායමක් උත්සහ දරා තිබුණි. එහිදී දෙපාර්ශවය අතර ගැටුමක්ද හටගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. මේ කාරණා හේතුවෙන් ඔහුගේ ඉදිරි ගමන් තීරණය කළ යුත්තේ ලෝ වැසියන් වන අප නොව ඉරාක වැසියන්මය.

 

තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

නරකාදියක් වූ ඉරාකයේ අලුත් අගමැති මොහොමඞ් තවුෆීක්

ඔබේ අදහස් එවන්න

Foreign

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ
2023 නොවැම්බර් මස 14 3067 1

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත


ඉන්දියාව කුල්මත් කළ මිසයිල මිනිසා
2020 මාර්තු මස 28 12654 3

මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 826 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 756 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී
2020 මාර්තු මස 28 414 0

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
2020 මාර්තු මස 28 566 0

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1526 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site