IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සෝෆා ගිවිසුම

පහත දැක්වෙන්නේ සෝෆා ගිවිසුමේ සිංහල පරිවර්තනයකි. මෙම ගිවිසුම සම්බන්ධයෙන් අවසන්වරට නිල වශයෙන් සාකච්ඡා පැවත්වුණේ පසුගිය මැයි මාසයේය. රටේ ආරක්ෂක කටයුතු පිළිබඳ සම්පූර්ණ වගකීම ආරක්ෂක අමාත්‍යාංශය සතුවුවත්, එම විෂයට අදාළ වන මෙම ගිවිසුම සම්බන්ධ සියලු සාකච්ඡා කටයුතු සිදුව තිබෙන්නේ කොළඹ ඇමරිකා තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතරය.

2018 අගෝස්තු 28

ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යංශය වෙත සිය සුභාසිංශන එකතු කරයි.එක්සත් ජනපද ආරක්ෂක අංශ සහ සිවිල් පුරවැසියන් (මෙතැන් සිට ඇමරිකා අයවලුන් ලෙස සඳහන් කරයි) අරබයා වන ගැටලු සම්බන්ධයෙන් ද, එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව හා ගිවිසුම් ගතව සිටින, මෙරටට පැමිණි නෞකාවල සිටින, පුහුණු කටයුතු සඳහා, වැඩසටහන් සඳහා, මානවවාදී ක්‍රියාකාරකම් සඳහා සහ අන්‍යොන්‍ය එකඟතාවය මත වන වෙනත් ක්‍රියාකාරකම් සඳහා, තාවකාලිකව ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජනපද කොන්ත්‍රාත්කරුවන් (ශ්‍රී ලංකා නොවන සමාගම් සහ ආයතන, ශ්‍රී ලංකා පුරවැසියන් නොවන ඔවුන්ගේ සේවකයන්) පිළිබඳව වන ගැටලු සම්බන්ධයෙන් ද, වර්තමානයේ අප දෙරටේ රජයන් අතර පැවැත්වෙන සාකච්ඡාවට අවධානය යොමු කිරීමට අප කැමැතිය. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ගිවිසුම්ගතව නොමැති සමාගම් සහ ආයතන, ඔවුන්ගේ සේවකයන්, මෙම ගිවිසුම යටතේ හිමිවන කිසිදු වරප්‍රසාදයකට යටත් නොවන අතර, ඔවුන් මෙම ගිවිසුමට අදාළ නොවේ.

මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපද අයවලුන්ට, රාජ්‍යතාන්ත්‍රික සබදතා සම්බන්ධයෙන් 1961 අප්‍රේල් මස 18 වැනිදා ඇතිකරගත් වියානා සම්මුතිය ප්‍රකාරව, තානාපති කාර්යාලවල පරිපාලන සහ තාක්ෂණික කාර්යමණ්ඩලයන්ට හිමි වරදාන, වරප්‍රසාදයන් සහ අවසරයන් ලබාදෙන ලෙසට තානාපති කාර්යාලය යෝජනා කරයි. එක්සත් ජනපද අයවලුන්ට තනිව හෝ කණ්ඩායමක් ලෙස ඇමරිකා හැඳුනුම්පතක් යටතේ ශ්‍රී ලංකාවට ඇතුලුවීමට සහ පිටවීමට අවසරය හිමිවනු ඇත.එක්සත් ජනපදය, එහි දේශපාලන උප අංශ සහ එක්සත් ජනපදයේ ප්‍රාන්තයන්, ඇමරිකා අයවලුන්ට නිකුත් කර තිබෙන වෘත්තිමය යැයි සැලකිය හැකි සියලුම බලපත්‍ර - බලයලත් ඇමරිකා අයවලුන්ට සේවා සැපයීම සඳහා වලංගු බවට ශ්‍රී ලංකා බලධරයින් සලකනු ඇත. රිය පැදවීම සහා අදාළ එක්සත් ජනපද බලධරයන් ඇමරිකා අයවලුන්ට නිකුත් කර තිබෙන රියදුරු බලපත්‍රයන් ශ්‍රී ලංකාව පිළිගනු ඇත. එය අයවලුන්ව රිය පැදවීමේ පුහුණුවලට හෝ රිය පැදවීම සඳහා වන බලපත්‍රයක් ලබාගැනීම සඳහා වන ගෙවීමකට හෝ යටත් නොකෙරෙනු ඇත. නිල රාජකාරිවල නියැලෙන අවස්ථාවන්හි දී ඇමරිකා පුරවැසියන්ට නිල ඇඳුමින් සැරසී සිටීම සඳහා, ලැබී තිබෙන නියෝගවල සඳහන් වන්නේ නම් ඔවුන්ට අවි රැගෙන යා හැකිවීම සඳහා, ඔවුන්ට අවසරය ලැබිය යුතු බවට තානාපති කාර්යාලය වැඩිදුරටත් යෝජනා කරයි.

එක්සත් ජනපද ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ විනය පාලන කටයුතු එක්සත් ජනපද ආරක්ෂක බලධරයින් යටතේ සිදුවිය යුතුවීමේ වැදගත්කම ශ්‍රී ලංකා රජය පිළිගනී. ඒ අනුව, එම පුද්ගලයින් ශ්‍රී ලංකාවේ ගතකරන කාලය අතරතුර ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු ඇත්තේ එක්සත් ජනපද රජයයි.

එක්සත් ජනපද අයවලුන් මෙරට ක්‍රියාත්මක බදු හෝ වෙනත් ගෙවීම්වලට යටත් නොවේ. ඔවුන්ගේ දේපළ, උපකරණ, වාර්තා සහ නිල මට්ටමේ වෙනත් තොරතුරු ආරක්ෂා කිරීම අරබයා වන පියවර ගැනීම සදහා එක්සත් ජනපද රජය සහ ශ්‍රී ලංකා රජය එකිනෙකා හා සහයෝගයෙන් කටයුතු කරනු ඇත. අපනයනය කිරීම්, ආනයනය කිරීම් සහ ඒවායේ භාවිතයන් කිසිදු අයුරක විමර්ශනයකට, බලපත්‍ර ලබාගැනීමකට, වෙනත් සීමාවකට, රේගු බදුවලට, බදු හෝ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනත් ගෙවීම්වලට යටත් නොවනු ඇත. ඇමරිකා අයවලුන්, දේපළ, උපකරණ, වාර්තා සහ නිල මට්ටමේ වෙනත් තොරතුරු ආරක්ෂා කිරීම අරබයා වන පියවර ගැනීම සඳහා එක්සත් ජනපද රජය සහ ශ්‍රී ලංකා රජය එකිනෙකා හා සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

භාවිතයට ගැනෙන හෝ අදාළ අවස්ථාවේ දී එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමෙන්තුවට විශේෂකොටම වෙන්කර දී තිබෙන යාත්‍රා සහ වාහනවලට ශ්‍රී ලංකාවෙන් පිටවීමට සහ මෙරට නිදහසේ සැරිසැරීමට අවසරය හිමිවිය යුතු බවට තානාපති කාර්යාලය යෝජනා කරයි.එවැනි වාහන ගෙවීම් හෝ අයකිරීම්වලට යටත් නොවේ. එම සියලු වාහන මාර්ග ගාස්තු ගෙවීම්වලින් නිදහස්ය. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් හෝ එම දෙපාර්තමේන්තුව යටතේ භාවිතයට ගැනෙන යාත්‍රා හෝ ගුවන්යානා, ශ්‍රී ලංකා රජය යටතේ පාලනය කෙරෙන ගුවන්තොටුපලවලට ගොඩබැස්වීමේ දී ගෙවිය යුතු වන ගාස්තුවලට, වරාය ගාස්තුවලට, නියමු ගාස්තුවලට, යටත් නොවේ.අයත් හෝ, භාවිතයට ගැනෙන හෝ, අදාළ අවස්ථාවේ දී එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට විශේෂකොටම වෙන්කර දී තිබෙන හෝ, යාත්‍රා හෝ ගුවන්යානා ශ්‍රී ලංකාවේ දේශසීමාව ඇතුළත සිදුකරන යාත්‍රා කිරීමකට, පියාසැරියකට, නවතා තැබීම්වලට, යනා දී කිසිදු කටයුත්තකට අදාළ කිසිදු ගෙවීමකට යටත් නොවනු ඇත. ඉල්ලා සිටින සහ ලැබෙන සේවාවන් සඳහා, එම සේවාවන්වලට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සිදුකරන ගෙවීම්වලට නොඅඩුව, සාධාරණ ගෙවීමක් සිදුකිරීමට එක්සත් ජනපදය කටයුතු කරනු ඇත. එක්සත් ජනපදයට අයත් ගුවන්යානා සහ යාත්‍රා ගොඩවීමෙන් සහ පරීක්ෂාවට ලක්වීමෙන් ද නිදහස්ය.

ඕනෑම වර්ගයේ අමුද්‍රව්‍යයක්, භාණ්ඩ, උපකරණයන්, සහ සේවාවන් (කොන්ත්‍රාත්තු ඇතුලුව) ලබාගැනීම සඳහා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව කොන්ත්‍රාත් කැඳවනු ඇත. මෙම කටයුතුවලට අදාළව කොන්ත්‍රාත්කරුවා, භාණ්ඩ සපයන්නා හෝ එවැනි අමුද්‍රව්‍ය, භාණ්ඩ හෝ සේවා සපයන්නා තෝරාගැනීමේ දී කිසිදු සීමාවකට යටත් නොවී එම තෝරාගැනීම් සිදුකිරීමට එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට අවසරය හිමිය. කොන්ත්‍රාත්කරුවා තෝරා ගැනෙන්නේ, කොන්ත්‍රාත්තුව පිරිනැමෙන්නේ සහ එහි කටයුතු පරිපාලනය කෙරෙන්නේ එක්සත් ජනපද රජයේ නීතිවලට යටත්වය. මෙම කටයුතු අරබයා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවෙන් ලබාගන්නා සේවා හා වෙනත් දේවල් මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවෙන් පනවන කිසිදු බද්දකට හෝ වෙනත් ගෙවීමකට යටත් නොවේ.

දෙපාර්තමෙන්තුව ඇතුළත් වන ගිවිසුම්වලට යටත්ව එම ගිවිසුම්වල සදහන් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා වන කොන්ත්‍රාත්කරුවන් සිදුකරන ආනයනයන්ට, අපනයනයන්ට, ශ්‍රී ලංකාවෙන් ඕනෑම පෞද්ගලික දේපළක්, උපකරණයන්, භාණ්ඩ, අමුද්‍රව්‍ය, තාක්ෂණය, පුහුණුව, හෝ සේවාවන් ලබාගැනීමකට කිසිදු බද්දක් හෝ එවැනි කිසිදු ගෙවීමක් නොපැනවිය යුතු බව තානාපති කාර්යාලය වැඩිදුරටත් නිර්දේශ කරයි.එවන් ආනයනය කිරීමක්, අපනයනය කිරීමක්, සාමාන්‍ය අවස්ථාවක දී ශ්‍රී ලංකාවේ අනුගමනය කැරෙන බලපත්‍රගත කිරීමකින්, රේගු බදු පැනවීමකින්, බදු හෝ වෙනත් ගාස්තු පැනවීමකින් හෝ වෙනත් සීමා කිරීමකින් නිදහස් වනු ඇත.

වෘත්තිකත්වය අඟවන බලපත්‍ර සහ රියදුරු බලපත්‍ර අදාළව එක්සත් ජනපද කොන්ත්‍රාත්කරුවන්ට, එක්සත් ජනපද අයවලුන් හා සමානවම සැලකිය යුතු බවට තානාපති කාර්යාලය යෝජනා කරයි.

මෙම ගිවිසුම යටතේ පවතින ක්‍රියාකාරකම්වලට අදාළව අන්‍යයෝන්‍ය වශයෙන් ඇතිකරගත් එකඟතාව යටතේ ප්‍රවාහන පහසුකම්, ගබඩා කිරීම් පහසුකම්, පුහුණු පහසුකම් සහ අනෙක් පහසුකම් භාවිතා කිරීමට සහ නිදහසේ ශ්‍රී ලංකාවේ සැරීමට එක්සත් ජනපද අයවලුන්ට අවකාශය තිබිය යුතු බවට තානාපති කාර්යාලය යෝජනා කරයි.

එක්සත් ජනපද ආරක්ෂක අංශවලට ඔවුන්ටම වෙන්වූ ගුවන්විදුලි සංඛ්‍යාතයක් තිබීමේ අවශ්‍යතාවයක් පැවැතිය හැකි බව ශ්‍රී ලංකා රජය හඳුනාගෙන තිබේ.එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමෙන්තුවට ඔවුන්ගේම තොරතුරු සන්නිවේදන උපකරණ භාවිතා කිරීමට අවසරය හිමිවනු ඇත (1992 අන්තර්ජාතික ජනසන්නිවේදන සංගමය විස්තර කර ඇති පරිදි). එම උපකරණවල ක්‍රියාකාරීත්වයට අදාළ වන ඉහත අවශ්‍යතාවය සහ වෙනත් සේවා සපුරාගැනීමේ අයිතිය ද මේ හාම ඔවුනට හිමිවනු ඇත. වෙන්කෙරෙන රේඩියෝ සංඛ්‍යාතයට එක්සත් ජනපද රජය කිසිදු ගෙවීමක් සිදුකළ යුතු නැත.

මෙම ගිවිසුම යටතේ වන ක්‍රියාකාරකම්වලට අදාළව එක් පාර්ශ්වයක දේපළවලට සිදුවන අලාභ, අහිමිවීම්, සහ එක් පාර්ශවයක ආරක්ෂක අංශවල සිටින හෝ සිවිල් අංශය නියෝජනය කරන පුද්ගලයකු මරණයට පත්වීම හෝ අදාළව අනෙක් පාර්ශවයට එල්ල විය හැකි චෝදනා සියල්ල ඉවත් කරගත යුතු බවට තානාපති කාර්යාලය යෝජනා කරයි (කොන්ත්‍රාත් කටයුතුවලට අදාළ චෝදනා හැර). එක්සත් ජනපද අයවලුන්ගෙන් තෙවැනි පාර්ශවයන්ට සිදුවන අලාභ හෝ අහිමිවීම් සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නීති හා රෙගුලාසිවලට යටත්ව එක්සත් ජනපද රජය අදාළ පරිදි කටයුතු කරනු ඇත.

1995 වසරේ මැයි මස 16 වැනිදා ඇති කොළඹ දී ඇති කර ගැනුනු දෙපාර්ශවය අතර සටහන් හුවමාරු කරගැනීමේ ගිවිසුමට ඉහළින්, මෙම ගිවිසුම, එය බලාත්මක වූවායින් පසුව, එක්සත් ජනපද ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සහ සිවිල් සේවකයින්ගේ මෙරට කටයුතු සහ වෙනත් නිල රාජකාරි සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු බවට තානාපති කාර්යාලය වැඩිදුරටත් යෝජනා කරයි. අපගේ රජයන් ද්විත්වය, හෝ එම රජයන් තමන් වෙනුවෙන් පත්කරන ලද නියෝජිතයින්, මෙම ගිවිසුමේ අන්තර්ගත ප්‍රසම්පාදනයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ආරම්භ කළ යුතුව ඇති බවට තානාපති කාර්යාලය යෝජනා කරයි.

මෙම කරුණු ශ්‍රී ලංකා රජයේ එකඟතාවය අනුව වේ නම් මෙම සටහන, මෙම සටහනට පක්ෂව අමාත්‍යවරයාගෙන් ලැබෙන ප්‍රතිචාරය හා එක්ව, රජයන් දෙක ගිවිසුමට එළැඹි බව තීරණය කරන්නක් වන බවට සහ අමාත්‍යවරයාගේ පිළිතුර ලැබෙන දිනයේ සිට බලාත්මක වන බවට තානාපති කාර්යාලය යෝජනා කරයි.

මෙම කාරණයට ඉහළම අවධානයක් යොමුකළ යුතුව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත සිහිපත් කරදීමේ අවස්ථාවක් බවට ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය මෙය පත්කර ගනී.

පරිවර්තනය - කෝවිද ගුණසේකර 



අදහස් (18)

සෝෆා ගිවිසුම

විජිත් Tuesday, 02 July 2019 09:56 AM

මේ ගිවිසුම මුල සිට අගට, අග සිට මුලට කියවන්න. ඊට පස්සේ එක ඡේදය ගානේ කියවලා තේරුම් ගන්න හදන්න. ඔබගේ දේශපාලනය නිල් පාට වේවා, කොළ පාට වේවා, රතු පාට වේවා ඒ කන්නාඩි පැළඳ ගන්නේ නැතිව නියම ජාති හිතෛශි ශ්‍රී ලාංකිකයෙකු ලෙස බුද්ධිමත්ව මේ උගුල තේරුම් ගන්න උත්සාහ කරන්න. ඇයි , කුමකටද, කොහෙටද , කවදාද මේ අය අපේ පොලොව ආධාර කරගෙන විනාශකාරී පහරදීමක් කරන්න හදන්නේ. අනිවාර්යයෙන්ම අපේම හිතවත් ආසියානු රටකට විය හැකියි. අපේ රට කරන අයට මේ ටික තේරුම් ගන්න බුද්ධියක් නැතිද එහෙමත් නැතිනම් දහසින් බැඳී පියලිවලින් ඇමෙරිකාව ඔවුන්ව මුලා කලාද. තීරණය බුද්ධිමත් ඔබ සතුයි.

:       457       417

BamunuarachchiTuesday, 02 July 2019 05:35 PM

රටේ ජනතාව වන අපි නොවෙයි මේ ගිවිසුම අත්සන් කරන්නේ 62 දෙලක්ෂයක් විසින් පත්කර ගන්නා ලද නායකයින් විසින් මෙය අත්සන් කරනු ලබයි. මේ ගිවිසුමට විරුද්දව ජනතා පෙළගැස්වීම කවුරු හෝ කරන්නේ නම් ඊට සහයෝගය දැක්වීම සඳහා ජාති හිතෛශී මිනිසුන් හැටියට සිංහල අපිට ඒ සඳහා ඉදිරිපත්විය හැක.

:       191       275

sarath Tuesday, 02 July 2019 11:03 AM

මේක අපේ රටේ ඉන්න සමහරක්ට තේරෙයිද දන්නේ නෑ.

:       30       21

d.upul Tuesday, 02 July 2019 11:41 AM

අනේ ලංකාව ඇමෙරිකාවේ යටත් ප්‍රාන්තයක් වීම මීට වඩා හොඳයි.

:       3       177

Shamali Tuesday, 02 July 2019 02:33 PM

මෙය ඉතා අනතුරුදායක ගිවිසුමක්. ශ්‍රී ලංකාව කියන්නෙ එක්සත් ජනපදයේ ප්‍රාන්තයක්වත් යටත් විජිතයක්වත් නෙමෙයි. මේ රට ශ්‍රී ලාංකික අපේ රට. දේශපාලන පක්ෂ පාට අතෑරලා මේ වෙන්න යන විනාශය වලක්වන්න සියලු දෙනාම පෙලගැසිය යුතු කාලයයි මේ. අද සිද්ධ වෙමින් පවතින දේවල් දිහා බලන විට සිංහලයාට ලැබෙන අවසන් අවස්තාව මෙය විය හැකියි. මොන දේශපාලකයා බලයට පත් උනත් අපට ලැබෙන පුද්ගලික වාසියක් නෑ. නමුත් අපට ජීවත් වීම සදහා රටක් අවශ්‍ය යි. සියලුම ශ්‍රී ලාංකික ජනතාවනි මෙය ඔබේ වාරයයි. එකා මෙන් පෙල ගැසෙමු.

:       137       186

AmalWednesday, 03 July 2019 07:31 AM

පෙළගැසෙන්න ලංකාවේ කීයෙන් කී දෙනාද මේ ගැන හරියට දන්නේ මේ රටවල් අල්ලන කුමන්ත්‍රණකාරී ගිවිසුම ගැන කියනකොට සමහරු හිතනවා මහින්දට කඩේ යනවා කියලා, ලංකාදීපයට ස්තුතිය හිමි වෙනවා මේගැන පලකලාට .

:       17       13

wijaya Tuesday, 02 July 2019 03:06 PM

අපට ලැබෙන්නේ මොනවද ? භයානක අනතුරක් විතරද ?

:       79       302

Tharka Tuesday, 02 July 2019 09:30 PM

මෙය කුමක් සඳහා අැති කර ගන්නා ලද්දක්ද? මේ හා සමානව ඔවුන්ගෙන් අපිට ලබා ගන්න පුළුවන්ද? නොහැකිය!!. අපේ වල අපිට කපා ගත නොහැකිය.

:       20       8

Arachchi Wednesday, 03 July 2019 02:12 AM

Iqbal Athas @SundayTimes ; ඔබට බොහොමත් ස්තුති මෙය හෙළිදරව් කලාට. ඔබ සැබෑ දේශප්‍රේමියෙකි. මෙය ඇමෙරිකාවට යුද්ධ කිරීමට, ශ්‍රී ලංකාව බිලි දීමේ ගිවිසුමකි. අපට ලැබෙන කිසිවක් ලියා නැති, ත්‍රස්ත ක්‍රියා සහ අඳුරු අනාගතයකට මග පාදන ගිවිසුමකි. පක්ෂ පාට අමතක කර මෙහි ඇති භයානක කම තේරුම් ගන්නා ලෙස සැමගෙන් ඉල්ලා සිටිමු. හැකි පමණින් අනෙක් අයත් දැනුවත් කරන්න. ඇමැතින් සමග සබඳතා ඇති අය, මෙය හකුලා ගන්නා ලෙස ඉල්ලා සිටින්න. මෙය වලකා ගන්නට හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන්න. අනතුර ඉතා ලඟට පැමිණ ඇත. අත්සන් කළහොත් නැවත හැරවූමක් නැත.

:       90       5

Lebbe Wednesday, 03 July 2019 03:21 AM

අත්සන් කරලා ඉල්ල ගන්න

:       0       0

නෙවිල් Wednesday, 03 July 2019 04:14 AM

මෙම ගිවිසුමෙ අවසාන වැකිය ලෙස " ඉහත කී වරප්‍රසාද සියල්ලම ශ්‍රී ලංකාවටද ඇමෙරිකාව තුළ හිමිවිය යුතුය" යන්න ඇතුළත් වියයුතුය.

:       0       222

K.j. premarathna Wednesday, 03 July 2019 11:49 AM

ශ්‍රී ලංකා පුරවැසියන්ට මේ ගිවිසුමෙන් ඇති ඵලය හෙවත් ප්‍රයෝජනය කුමක්ද? සහ ශ්‍රී ලංකා රජයට ලැබෙන වාසිය කුමක්ද?

:       0       10

Jagath Wednesday, 03 July 2019 11:58 AM

මේ රට කාලකණ්ණි දේශපාලකයින්ට ඕනෑ විදිහට විකුණගෙන කන්න දෙන්න බැහැ. මේක අපි හැමෝගෙම රට... මේක අපිට නිදහසේ ඉන්න දීලා උඹලා පලයල්ලා කාලකණ්ණි.. මේ ගිවිසුම කොහොම හරි නවත්වන්න සියලු දෙනාම එකතු වෙන්න ඕනෑ වෙලාවක් මේක..

:       57       9

chandima Wednesday, 03 July 2019 04:40 PM

ඔය ගිවිසුම අත්සන් කළත්, නැතත් මොවුන් 225දෙනා අපිව තව ටික දවසකින් බංකොලොත් ජාතියක් බවට පත් කරනවා කරනවාමයි. සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ සමයේ රුපියල් 6ක්වූ ඩොලරය රුපියල් 175 දක්වා නංවා ජනතාව අත තිබූ මුදල් වල වටිනාකමත් සූරා කා, එදා මේදාතුර රටේ වැඩිවූ අාදායමත්, කාබාසිනියා කළ මේ පාදඩයන් පලවා හරින්නේ නැතිනම්, මේ ගිවිසුම අත්සන් කොට හෝ වෙනත් ගිවිසුමක් අත්සන් කොට දියුණු රටක වහලුන් වීම වඩා වටී..

:       3       118

rasika Wednesday, 03 July 2019 04:42 PM

මෝඩයින්ව, හොරුන්ව, මංකොල්ල කාරයින්ව, බැංකු හොරුන්ව පාර්ලිමේන්තු යැව්වහම තව මොනවද බලාපොරොත්තු වෙන්නේ...? මෙයාලා ඔය අැමෙරිකාවෙන් ඉඳන් අරන් ගෙවල් හදාගෙන ඇති දැනටමත්. ලංකාවේ ඉන්න ඔබත් මමත් මේ සුන්දර රටේ අසුන්දර අනාගතයකට මුහුණ දේවි... ඇමෙරිකාව එක්ක ආරක්ෂාව සම්බන්ධව ගිවිසුමක් ගහන එකට මගේ නම් විරුද්ධත්වයක් නැහැ. නමුත් බලන්න මේ ගිවිසුමේ ලංකාවට, ඔබට-මට ලැබෙන්නේ මොනවද කියලා... ඇමෙරිකන් හමුදාවට අයුධත් අරන් ලංකාවේ ඕනෙම තැනක යන්න එන්න පුළුවන්... නමුත් ලංකාවේ පොලිසියට පරීක්ෂා කරන්න බැහැ. ඒ වගේම ඔවුන් ලංකාවේ පුරවැසියෙක්ට වෙඩි තිබ්බොත්, ඒ ගැනත් ලංකා රජයට මුකුත් කරන්න බැහැ. අඩුම තරමේ හයිවේ එක අධිවේගී මාර්ගයේ භාවිතා කරනකොට අපි ගෙවන මුදලවත් මෙයාලට ගෙවන්න ඕනේ නැහැ... මෙයිලාට බදු රහිතව ඕනෙම දෙයක් ලංකාවට ගේන්න පුළුවන්... මෙයාලට ඕනේ වුනොත් විකිරණශීලී, අමුද්‍රව්‍ය ලංකාවේ ගබඩා කරන්න එකත් පුළුවන්... ඕනෑම භයානක ආයුධයක් හෝ ශරීරයට අහිතකර අපේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය වුණත් මෙහෙ ගෙනත් දාන්න පුළුවන්. අනෙක මේ ගිවිසුමෙන් කිසිම ආකාරයකින් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව ගැන හෝ ලංකාවට කිසිම ආකාරයකින් අාදායමක් ලැබෙන ක්‍රමයක් ගැන සඳහනක් නැහැ...

:       27       102

නවරත්න, එම්. කේ. Thursday, 04 July 2019 12:49 PM

ජීවත් වීම දුෂ්කර වුවත් නිදහසේ සුවය විඳිමින් ස්වාධීනව සිටින අප ජනතාව සහ ආදරණීය මව්බිම විදේශීය බලවතුන්ගේ බලයට යටත් කරන්න හදන්නෝ අපට සිටින ස්වදේශික හතුරෝය. කුමන හරි උගුලකට හසු කරන්න මාන බලන්නේ විදේශීය හතුරෝය. මෙවන් ගිවිසුමකින් අප රටට ලැබෙන සියලු දෙයට වඩා දැනට අප විඳින නිදහස් ජීවිතය හා සංහිඳියාව නැතිවෙන එක ඉතා බරපතල වේ. නිදහසේ අගය දැනෙන්නේ එය නැති වුණුදාටය. මේ ගිවිසුමින් අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න යන බවක් තමයි හැඟෙන්නේ. මගේ ප්‍රාර්ථනාව මේ දුෂ්ට ප්‍රයත්නය ව්‍යර්ථ වේවා යන්නයි...

:       29       1

Geethal Friday, 05 July 2019 06:51 AM

අනේ අපිට ඇමරිකාවට යන්න හම්බෙනවා නම් ඕන මගුලක් වුනාවේ ලංකාවට... අපිට ඔබෙන් වීසා හම්බවෙයි නේද?

:       0       0

Anjana Tuesday, 23 July 2019 10:35 AM

මේක ගිවිසුමක් නම් ඒ අයගේන් අපට ලැබෙන ප්‍රයෝජනත් තිබිය යුතුයි. මේ එන්න යන්නෙ ලිබියාවට, සිරියාවට, හයිටියට දුන්න පන්නයේ තවත් දෙයකට.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 129 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 100 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 195 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 196 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 652 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 912 1

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1668 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site