IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


සහෘදයාණනි! ඔබට සුබ ගමන්

‘ලංකාදීප’ නිවහනේ විසූ තවත් සොඳුරු සහෘදයකුගේ නික්මයාම සම්බන්ධ වේදනාබර පුවත වාර්තා වූයේ ඉකුත් සඳුදා රාත්‍රියේය. දිනපතා ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙසත්, ඉරිදා ‘ලංකාදීප’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙසත් දීර්ඝ කාලයක් ලංකාදීප නිවහනේ විසූ ඔහු ඒ.එල්.කේ. පෙරේරාය. රෝගී තත්ත්වය නිසාම සේවයෙන් විශ්‍රාම ගත්ත ද ඔහු අප සමග සිටින්නේයැයි සිතෙන තරමට ඔහුගේ මතකයන් ප්‍රබලය.

ටයිම්ස් ආයතනයෙන් මුද්‍රණය කළ ‘ලංකාදීප’ පුවත්පත ඒ.එල්.කේ. ගේ පත්තර රස්සාවේ තිඹිරිගෙය විය. මුලකුරුවලින් ඇමතිය හැකි පිරිස අවමය. ඒ අතින් ඒ.එල්.කේ. ප්‍රමුඛය. ඔහු අපට ඒ.එල්.කේ.ය තවත් අයට ඔහු ඒ.එල්.කේ. මහත්තයා විය.

ටයිම්ස් ආයතනය වසා දැමෙන විට විජය පුවත්පත් සමාගම ආරම්භ කර ‘ලංකාදීප’ පුවත්පත පාඨකයන් අතට පත්කර තිබිණි. ටයිම්ස් ආයතනයේ ‘ලංකාදීප’ පුවත්පත වසා දැමුණු පසු එම පුවත්පතේ සේවය කරමින් සිටි කිහිප දෙනෙක් විජය නිවහනට පැමිණියහ. ඒ.එල්.කේ., ලයනල් යහම්පත්, දුෂ්‍යන්ත සමරසේන හා හැරිසන් සුවාරිස් ඒ අතර වූහ. මේ සියල්ලෝම පත්තර රස්සාව සිය ජීවිතය කරගත්තෝ වූහ. එපමණටම ඔවුහු පත්තර රස්සාවට ආදරය කළහ. එහෙයින් විජය නිවහනේ කා සමගත් සමීප මිත්‍රත්වයක් ඇති කර ගැනීමට ඔවුන්ට අපහසු නොවීය. ඇතුළතින් කුණු වී නොසිටීමත් එයට හේතුවකි.

‘ලංකාදීප’ පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකු ලෙසින් දෙවැනි ජීවිතය ආරම්භ කළ ඒ.එල්.කේ. පුවත් සොයා හඹායාමේ රුසියෙක් විය. “පත්තරකාරයකුට හොඳ නහයක් තිබිය යුතු” යැයි කියමනකි. ගඳ–සුවඳ  දැනෙන්නේ නාසයටය. හොඳ නාසයක් තිබිය යුත්තේ හොඳ ප්‍රවෘත්ති ඉවකර හඳුනා ගැනීමටය. ඒ.එල්.කේ. යනු එබඳු හොඳ නාසයක් තිබූ පත්තරකාරයෙකි. පත්තර කලාවේ මහගිරිදඹ තරණය කිරීමට ඔහුට අපහසු නොවූයේ එහෙයිනි.

ඒ.එල්.කේ. හොඳ රසවතෙකි. නිතරම සතුටෙන් සිටින කෙනෙකි. තවකෙකු සමග මිත්‍රත්වය ගොඩනගා ගැනීමට ඔහුට මහ ලොකු කාලයක් ගත නොවේ. මිත්‍ර සමාගමට ඔහු ජීවිතයේ වැඩි අගයක් ලබා දුන්නේය. එමෙන්ම මිතුරන්ට බොහෝ සෙයින් උපකාර කළේය. අවමංගල්‍ය පුවතක් වාර්තා වූ විට දුර ප්‍රමාණය ඔහුට ප්‍රශ්නයක් නොවීය.

‘ලංකාදීප’ පත්තරේ වගකීම් පැවරුණ විට අන්‍යයන්ගෙන් වැඩ කරවා ගැනීමටද ඔහු පෑවේ අති මහත් දක්ෂතාවයකි. ප්‍රවෘත්ති වාර්තාකරුවන් අමතා ‘‘අද හොඳ ලීඩ් එකක් ඕනෑ’’ යැයි කියන  ඒ.එල්.කේ. පැයෙන් පැයට ‘‘කෝ නැද්ද තාමත් එකක්’’ යැයි විමසයි. අවසානයේදී හවස් වන විට ‘ලීඩ්’ එකට හෙවත් ප්‍රධාන ප්‍රවෘත්තියට ගත හැකි තරමේ ප්‍රවෘත්ති රැසක් සොයා ගැනීමට ඔහු දක්ෂ වේ. ලංකාදීප පුවත්පත මෙරට පත්තර ලොවේ මුදුනතටම ඔසොවා තැබීමට සම්මාදම් වූ අය අතර ඒ.එල්.කේ. ද ඉස්සරහින්ම සිටියේය.

ඔහු බිරිඳට දයාබර ස්වාමිපුරුෂයෙක් විය. දරුවන්ට සෙනෙහෙබර පියෙක් විය. සහෝදර–සහෝදරියන්ට හා ඥාතීන්ට නොමසුරුව යුතුකම් ඉටුකළ මහත්මා ගුණයෙන් පිරිපුන් කෙනෙක් විය.

එහෙත් ඒ සියල්ලම අතීතයට අයිති දේය. ඔහු ජීවත් වූයේ වසර 74කි. ජීවිතයේ ස්වභාවය එයයි. ලෝ දහමට අප යටත්ය. කඩුවෙල පහළබෝමිරිය නිවෙසින් ඔහු අද මළහිරු බැස යන සන්ධ්‍යාවේදී අවසන් ගමන් යයි.

මිතුර ඔබට සුබ ගමන්!

(***)
සිරි රණසිංහ

 



අදහස් (2)

සහෘදයාණනි! ඔබට සුබ ගමන්

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 01 December 2021 02:00 PM

නියෝජ්‍ය කතෘ තුමනි, ඔබතුමාට නිවන් සුව අත්වේවා ... !!!

:       0       7

කරුණාරත්න ගමගේ Wednesday, 01 December 2021 11:41 PM

නික්මයාම සැබැවින්ම සංවේගයට කරුණකි, මිතුර ඔබට සුබගමන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 88 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 89 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 268 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 507 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 572 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 94 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site